loku ptha

loku ptha

Tuesday, April 23, 2013

මට අද හිතෙනවා ආදරේ කියන්නේ ජීවිතයම වුනාට ජීවිතය කියන්නේ කවදාවත් ආදරයම නෙමේද කියලා ඔයත් පොඩ්ඩක් හිතලා බලන්න


අවුරුද්දත් උදා එරබදු මල් පිපුනා රතින්ඥ පිපුරුනා එත් පුරුදු විදිහටම මේ අවුරුද්දත් ගෙවිලා ගිහිල්ලා හැමෝම ගමේ ගියත් අන්තිමට  මම අද මේ කොන්ක්‍රීට් නගරේ තනි වෙලා වෙනද නැති පාළුවක් තනිකමක් මගේ වටේට කැරකෙනවා කවුරුත් නැති විදියකදී අහම්බෙන් හරි ඔයාව මට මුණ ගැහෙයි  කියලා මට හිතෙනවා එත් දහවල ගෙවිලා ගිහින් රාත්‍රිය උදාවෙලා ඇත සිතිජයෙන් ඉර බැහැල ගිහින් රාත්‍රිය උදා  වෙලා මගේ හිතටත්  හරියට ඒ රාත්‍රිය වගේ අදුරුයි පාලුයි ඇත අහසේ තිත් වගේ තරු තිබුනට මගේ හිත් අහසේ තියන මතක ඒ තරු වගේ නිමි නිමි පත්තු වෙනවා 

මට ඔය තරු ඇස මතක් වෙනවා ඇහි  පිය සාලි සැලි මගේ දිහා බලන් හිටපු හැටි කලේ සමහර විට අද ඔයාගේ ගෙදර අවුරුදු හිනාවෙන් පිරිලා ඇති එත් මම ඔය ගැන මතක් කර කර මේ කොන්ක්‍රීට් නගරේ පාරක ඔය දුක හිතන්නත් එපා වෙනසක් වෙන්නත් එපා මොකද හැමෝගෙම සතුට වෙනුවෙන් මම දුක හංගන්න හිනා වෙන හිනා වෙන නිසා

දවසක් ඔයා මට කිව්වා ඔයා කෙනෙක් හින්දා ගොඩක් දුකෙන් ඉන්නේ කියලා

ඔයා ඇගෙව්වේ මම හින්දා ඔයා දුකෙන් ඉන්නේ කියලා මම දන්නවා ඔයා මොන දේ කරත් මට අදරේ ටිකක් හරි තිබ්බා මට ඔයා කිව්වා මලිත් ඔයා ඔය බොන එක නවත්තන්න කියලා මම කිව්වා මන් ගැන හිතන්න එපා ඔය සතුටෙන් ඉන්න කියලා ඔයා ........

ඔයා එක්ක මම ගොඩක් වෙලා chat ඔයා මට එදා කිව්වා දවසේ ඉදන් මම කිසිම දෙයක් බිව්වේ නෑ ඔයාව මට මවි මවි පේනවා 
එදා ඉදන් හැමදාම ඔයාව මතක් වෙන එක නවතින්නේ නැති උනා එක හින්ද අමාරුවෙන් වුනත් විද දරා ගත්තා  දවසක් මම ගියා පොත් ප්‍රදර්ශනේ බලන්න ඔයත් එදාම එකට ගිහින් ගෙදර අයත් එක්ක මම පොත් ගන්නවා වෙනුවට කරේ ලක්ෂයක් මිනිස්සු අස්සේ ඔයාගේ ඇස දෙක හෙව්ව එක 

හ්ම්ම්ම්ම්ම්ම්ම් ඔයාගේ ආදරේ වැස්සක් වගේ එත් දවසක් ඔයා කිව්වා මට ප්‍රේමවන්තයෙක් ඉන්නවා කියලා එදා මම ගොඩක් ඇඩුවා එදා ඉදන් මම ගොඩක් ඇහුවේ විරහ ගීත හරියට මගේ ජීවිතෙත් විරහා ගීතයක් වගේ හැබැයි එකට තනුවක්වත් වචනයක්වත් නෑ  තියෙන්නේ නිකම්ම නිකන් නිශ්ශබ්ද තාවයක් විතරයි මේ ඔක්කොම සිදු වෙලා දැන් අවුරුදු 2ක් ගත වෙලා 
එහෙම කියල හිස් බැල්මකින් බලාගෙන ඉන්නවා අයෙමත් එකම එක වතාවක් හරි එයාව මට මුණ ගැහුනොත්  මම එක ප්‍රස්නයක් අහනවා ඇයි ඔයාට එකම එක පාරක් මට ආදරේ කරන්න බැරි වුනේ කියලා සමහර විට ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැති වේවි එත් ප්‍රස්නේ ඉතුරු වේවි 
 දැන් ගොඩක් රැ වෙලා හැමෝම කැමති තමන් කැමති හිනත් එක්ක නින්දට යන්න මම දන්නවා ඔයත් එහමයි එත් මට එහෙම බැ ඇස් වලට කදුළු පිරෙනවා ඔයා මගේ හිතට ආව  නිසාද කොහෙද දැන් ගොඩක් ලස්සන උනා එත් හෙට උදේට දැනෙයි අද රැයේ වේදනාව 
පුළුවන් කමක් තියනවනං මගේ මුණ ඔයාගේ මතකෙට නගා ගන්න සමහර විට ඔය හිතට මාව අමතක වෙලා ඇති කොහොම උනත් දැන් මම යනවා මේ අන්දකාරයට දිය වෙලා නොපෙන්නඩම යනවා ඉර හද තරු වහෙම මම ඔයාට කරපු ආදරේ ඉර හද තරු යටම මැකිලා ගිහින් මේ අවුරුද්ද වගේම තවත් අවුරුදු කියක්නම් ගෙවිලා යාවිද අපි අපිටම නැතුව යන 

මට අද හිතෙනවා ආදරේ කියන්නේ ජීවිතයම වුනාට ජීවිතය කියන්නේ කවදාවත්  ආදරයම නෙමේද කියලා ඔයත් පොඩ්ඩක් හිතලා බලන්න