loku ptha

loku ptha

Wednesday, October 23, 2013

හරක් ඔලුව හා චමිල ඇත්තෝ

බණ්ඩාරනායකේ X BAN කිව්වාම ඉතින් ඕකට අපේ කොල්ලෝ මාර මහන්සියක් තමා දරන්නේ මුකුත් නෙමේ මේක පුළුවන් උපරිම මට්ටමින් තියන්න ඒක පැවතගෙන එන්නේ ආදී බන්ඩාරනායකයන්ගේ ඉදින් මේ දක්වා අපේ කරගෙන ආවා මේ පාරත් ඉතාම සාර්ථක විදිහට X-BAN ප්‍රදර්ශනය අපේ මල්ලිලා එකතු වෙලා කරලා තිබ්බා. 

ඉතින් මම මේ තටමල තටමලා කියන්න යන්නේ එකේ අපේ චමිලයා හරි හිත හොද එකා ඉදලා ඉදලා සුපිරිම වර්ගයේ ගොන් කතාවක් කිව්වොත් මිසක් එහෙමට කියන්න වරදක් නෑ චමිලයා ගහන්න බලාගෙන කෙල්ලෝ ගොඩක් පාරේ රැකන් ඉන්නවා කියලා විශ්වාසදායි ආරංචි මාර්ග ගොඩක් අවරණය කරා වෙන මොකවත් නෙමේ දන්නෝ දනිති. අනිකා සච්චා 2011 අපි තමා මේකේ ගොඩක්ම ලොකු බරක් ඇද්දේ ඉතිං මම සච්චා තිබහට පවා ගොඩ වැදිලා බැහැදැක්කේ චමිලායා ලක්ෂාන් ( ලකියා ) ඉතින් වෙනදා වගේම සුපුරුදු පරිදි දවසේ වැඩ කොටසක් නිමා කරලා කාරිය අපේ සච්චානං මන්ගච්චලා බද්දට ඔන්න ඉතින් කාරිය බැද්ද ලොකුම ලොකු දෙඩවිල්ලක් මොකටවත් නෙමේ හරක් ඔලුවක් සම්බන්දව.
මේ ඉන්නේ චමිල සහ සච්චා
චමිලයලා හැදුවා වැදී ගම්මානයක් ඕකේ වැදී ලූක් එක එන්න කියලා හරක් ඔලුවක් හොයලා හොයන්න දෙයක් නෑ චමිලයාගේ බෙල්ල කපලා එල්ලුවනන් හරක් ඔලුව එල්ලනවටත් වඩා පට්ට ලුකක් එනවා ආයේ මක්ක බොරු දොඩන්නේ ඔන්න ඇත්තම දෙඩුව


කැකුලියෙක් සමග චමිල 




ඉතින් ඔන්න හැමතැනම හරක් ඔලුවක් හොයල හොයලා තුඩැල්ලේ මල්ලි කියලා කුකුලෙක් ඉන්නවා පොර රජා වගේ වැඩේ බාර ගත්ත චමිලයා පව්නේ නැත්තන් අවන්කවම කට්ටිය සෙට්වුනේ උ නිදා ගන්නකන් ඉදලා උගේ බෙල්ල කදින් වෙන් කරලා ගම්මානේ එල්ලන්න එහෙම උනොත් ඉදලා හිටලා හරි ගොන් කතාවක් අහන්න තියන එක නැතිම වෙලා යනවා අර මලයා හරක් මරණ තැනකින් ඔලුවක් ගෙනත් ගෙදර තියලා අරන් යන්න එන්න කියලා චමිලයත් ඉතිං අරුණගේ ගෙදර යවලා ගෙන්න හරක් ඔලුව චමිලය හැමදාම කරේ උ යන්න ඕනේ ගමනට පොඩි එකෙක් කඩේ යවන එක මේ පාරත් එකම කරලා පොඩි එකෙක්ව කඩේට මන්ගච්චුව පස්සේ ඉතින් අරුන් කට්ට කළා ගිහින් හරක් ඔලුව ගෙනල්ලා



 දැන් කතිකාව තිබුනේ මේක නරක වෙලා පට්ටම ගදයි X BAN එකට තව දවස් 3යි අපේ සච්චා ඉන්නවනේ උත කොච්චර හරි චමිලයට බැන බැන චමිලයා එක්කම ඉදලා හිටපු ගමන් ගොන් කතාවක් කියනවා

සච්චා ; ඕක වැලලුවොත් මොකද චමිල කියන්නේ

චමිලා ; උබත් මං වගේ ගොං කතා කියන්න එපා බන් අනිද්දා මේක පටන් ගන්නවා

මම කිව්වනේ චමිලයා කිව්වොත් කරන්නේ කියන්නේ ගොන් කතාවක් කියලා එදත් අනේ ඇස් වහක් කතාවක් නෑ උ වෙනදට වඩා හොදට ගොන් වැඩක් කරන්න අදහස් පාර මන්දු කරා

චමිල ; මොකද කියන්නේ අපි මේක පුච්චමු කට්ටිය කියන්න බලන්න

ලකියා , චමිල සහ සච්චා



ඔතන අපේ සච්චා ලකියා ඉදලා මුන් දෙන්න ඉතින් හොද වැඩ්ඩෝ දෙන්න රසායනික විද්‍යාවට එහෙම කියලා උන් දෙන්න විතරක් ඉතින් හිතාගෙන ඉන්නවා එත් ඔන්න උන් දෙන්න විතරක් එහෙම හිතන් ඉන්නේ අපි දන්නවා 

සච්චත් මුකුත් නැ ඇරියා රසායනික විද්‍යා පාඩමක් වියෝජන අරවද මේවද උන් දන්නෙත් නැ එත් කිව්වා එකට දෙවැනි නෑ චමිලය උත් අතෑරියේ නැ අරකයි මේකයි කියලා කිව්වා මේවා අහන උන්න ලකියා බයවෙලා ඔලුව වනලා

ලකියා ; ආආ..... ඔව් ඔව් එහෙම කරමු කියලා

මේ ඔක්කොටම බය උනා අපේ අහිංසක වැදී කොල්ලෝ ටික මේක පුච්චන්න කොටයක් ගෙනත් එක ඇතුලට මේක දාලා තිනර්ද භුමි තෙල්ද අරවද මේවද දන්නා තියන ඔක්කොම දාලා ගිහි තියලා
මොන කරන්නද කට කියන්නද

යකෝ ගිනි තිබ්බම එක යම්කිසි උෂ්ණත්වයකදී කුඩු වෙලා අළු වෙලා යනවා කියලා මුන්ට කියලා දීලා නැ අනේ අර කොල්ලන්ගේ මහන්සිය චමිල ඇත්තා හා සච්චා හෙවත් සුදු පුසා අළු ගොඩක් බවට පත් කර ඔලුව සුද්ද කරන්න කියලා හදනකොටම එක දිරලා කුඩු වෙලා ගියා

අපරාදේ අපේ කොල්ලන්ගේ මහන්සිය හනේ හපුච්චේ කියලා උන් එන තියන් කල්පනා කරනකොට චමිලය කිව්වා

චමිල ; ඔහොම උන එක හොදා නැත්තන් ඕකේ ගද යන්නේ නැ

කියනකොටම එතන උන්න තුඩැල්ලේ මල්ලි කෙටේරිය ගත්තා චමිලයා හෙමිට වැඩක් තියනවා කියලා එතනින් මාරු වෙලා ගියා ඔන්න ඕකයි චමිලයයි හරක් ඔළුවයි අතර කතන්දරේ ඕක ජනප්‍රවදයටත් එකතු වෙයි

Monday, October 21, 2013

මම යම් තැනක ඉන්නවනං ඒ ඔයා මගේ හිත උඩින් තියල ගිය වේදනාව නිසා මගේ හිතේ උපන් ධෛර්ය නිසයි.අමතක කරන්න එපා පරණ දේවල් ආයෙමත් විවෘතව කතා කරන්න පුළුවන් ජීවිතේ අවන්කවම ආදරේ කරපු අයට විතරක්ම පමණක් බව.

21 October 2013 at 21:21

ජීවිතෙ ජීවිතෙ තිත්ත වෙලා ඉන්න මොහොතක කවුරු හරි එයි කියලා මග බලන් ඉන්න මොහොතක බොන්න ගත්ත තේ එක සීතල වෙලා ඇල් වෙලා කූබිත් වහලා ඉන්නකොට ජනේලේ එන සීතල හුලග ඇගේ වැදිලා කොහේ හරි යං කියලා කියනකොට වෙලෙන් එන හුලග ඇගෙ වැදි වැදි යනකොට මුලු පරිසරයටම මොකද්ද කියන්න හදනකොට තට්ට තනියම ඉන්න මට ඔයාව සිහි නොවි තියෙන්නෙ කොහොමද???එතකොට මම දුවගෙන යනවා. අතීතයට යාන්තමට වගේ පරණ වීගෙන යන ඒ අතීතය යාන්තමට වගේ පරණ වෙලා යන ඒ මතකයන් මට ආයෙත් සිහි වෙනවා.

මම ඉන්නවා ගුවන් පාලම උඩ හැමෝම එක එක වැඩ වලට කුබියෝ වගේ එහෙ මෙහෙ දුවනවා.

මම නිකන් යෝධයෙක් වගේ ඉන්න තැනක ඉදන් මන් දිහා බලලා හිනා වෙන්න එපා. මට ඔය හිනාව පෙන්නේ නැනේ
මම එහෙම කිව්වම ඇස වල කදුළු පුරවා ගන්න එපා. ඇත්තම කියනවනං මම ආසම කරන දේ තමා ඔයා මේ ලෝකේ කොහේ ජීවත් උනත් සතුටින් ජීවත් වෙන එක අමාරුවේ වැටෙන්නේ නැතුව.

සමහර විට මට ඔයාව මේ ජීවත් වෙන කාලය පුරාවට දකින්න ලැබෙන එකක් නැ ඒ හින්ද මම මගේ ඇස් දෙකේ තියාගෙන ඉන්නේ ඔයාව අන්තිමට දැක්ක රුපය ඒ විදිහටම තියාගෙන ඉන්නවා.

මම ඉස්සර කවදාවත් හිතුවේ නැ මට පෙම්වතෙක් වෙන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම පලවෙනි පාරටම මට ආදරේ කරන්න හිතුනේ ඔයාට නෙමේ දිලුනි කියලා 10 වසරේ හිටපු කෙල්ලෙක්ට ඒත් එයාට මගේ හොදම යාළුවා ආදරේ කරා හ්ම්ම්ම්ම්ම්ම්............

මගේ යාළුවා මගෙන් ඇහුවා

" මලියෝ කවද හරි දවසක උබ ආදරේ කරනවානං මොන වගේ රුපෙකටද ආදරේ කරන්නේ"කියලා

මගෙන් ඇහුවා ඒත් මට ඒක මගේ යාලුවට කියන්න බැරී වුනා මොකද මම ආදරේ කරන රූපෙටම එයත් ආදරේ කරපු නිසා........ මම හිත නිහඩ කර ගත්තා ඊට පස්සේ තමා ඔයා ආවේ හිතට කොහෙද මන්ද ඉදලා ඒ අලුත් යාලුවෝ ටිකක් අලුත් ලෝකයක් එක්ක



දවසක් භූ ගෝලය පංතියට නිප්පා ඇවිත් මට කිව්වා ඔයාලා ගැන facebook ඉන්නවා. මම සතුට වැඩි කමට නිප්පව බදා ගත්තා නිප්පත් ඇහුවා
"මොකෝ මලියෝ උනේ" කියලා

මම " මුකුත් නැ බං "

දවසක් ඔයා යනකොට මන් අපි දිහා බලලා හිනා වුනා. නිප්පා මට ඔච්චන් කරා ඉස්සර මම ඔයා එනකන් කියලා නිප්පා එක්ක ගුවන් පාලම උඩ ට වෙලා බලගෙන උන්නා ඔයා එන්නේ බිම බලාගෙන මම photo එකක් ගහලා facebook දැම්මා ඔයාට මතකද???

ඔයාට දෙන්න කියලා ලිව්මක් ලිව්වා එතකොට මට ලියුම් තියා එක කවි පද වැලක් ලියන්න බෑ. ඔයා ඒක කියවලා මට ගොඩක් හිනා වෙලා තිබ්බා. මම තරහා නෑ. ඔයාගේ යාලුවෝ ඔක්කොම මට හිනා වෙලා තිබ්බා. මාව නිකන්ම නිකමෙක් වෙලා. ඔයාට අදටත් මතක ඇති ඒකේ ලියලා තිබ්බ ඒවා...

මට ලාවට මතකයි තාරුකා facebook ඇවිත් මට නොසැහෙන්න බැන්නා එතකොට මම තාරුකාව දැකලා තිබ්බේ නැ දන්නෙත් නෑ බැනලා බැනලා නතර කරාම

මම තරුකාගෙන් ඇහුවා "ඉවරද කියලා???"

තාරුකා "ඔව් ඇයි තමුසෙට පිස්සුද ඕයි ඇත්තටම" කියලා ආයේ බනින්ඩ පටන් ගත්තා පපුවේ කොහෙවත් ලේ නහරයක් නැති ගානට

ඒවා ඔක්කොම මම save කරලා තියා ගත්තා ඇයි කියලා අහන්න එපා දවසක මම ඒවා ආයේ බලනවා මොකද වර්තමානයට වඩා මම ගොඩක් කැමති අතීතයට කටුක දුක වැඩි පුර තිබ්බාත් ඒ හැමදේකම ඔයාත් ඉන්න හින්දා....

ඔයා මාත් එක්ක කතා කරලා ගියා දවසේ මම ගෙදර ඇවිත් ගොඩක් ඇඩුවා එදා මට හැමදෙයක්ම එපා වුනා ඒ දුක තාමත් මගේ හිත ඇතුලේ දොංකාර දෙනවා

හෙමිහිට....

මට තාමත් අඩන්න හිතෙනවා කෑ ගහලා ඔයා සමහර විට තාමත් දන්නේ නැතුව ඇති මම ඔයාගේ ආදරේ වෙනුවෙන් ගොඩක් අඩපු විත්තිය

ගොඩාක් දුක් වින්ද මම ඒ දුකම ජීවිතයට වටිනාකමක් දෙන්න යොදා ගත්තා අද මම යම් තැනක ඉන්නවනං ඒ ඔයා මගේ හිත උඩින් තියල ගිය වේදනාව නිසා මගේ හිතේ උපන් ධෛර්ය නිසයි. සමහර විට මේ ඇත්ත අහනකොට ඔයාට ගොඩක් දුක හිතෙයි නැත්තං සතුටක් දැනෙයි. ඔයා හින්දා මගේ ජීවිතේට අහිමි උන දේවල් මොනවද??? හිමි උන දේවල් මොනාද??? අහිමි උනාට වඩා හිමි උන කියලා හිත කියනවා ඒත් ඒවත් එක්ක ඔයත් උන්නනන් ගොඩක් සන්තෝසයි කියලා හිත කියනවා

අද මම කෝච්චියේ එනකොට ඉස්සරහ හිටපු කෙනාගේ ඇස් දිහා බැලුවා ඒ ඇස් වල කිසිම හැගීමක් තිබුනේ නෑ ඒත් ඒ ඇස් මොකද්ද වේදනාවකට දිය වුන කදුළු පිරිලා තිබුනා සමහරු හිතවා ආදරේ ඉක්මනට ලස්සනට ලියන්න පුළුවන් කියලා ඒත් කොහොමද තවත් කෙනෙක්ගේ ආදරයක් කොලේක ලියන්න එදත් කාටවත් පෙනුන නෑ අදත් කාටවත් පෙනුනේ නෑ මොකද මම ඒ ආදරේ පෙන්නනේ නැති හින්දා ඒක හැමෝටම පෙන්න මෙහෙම ලිව්වා.


ඔයා ලග හිටියානන් මගේ මුණ දිහා බලයි ඔයා දන්නේ නැති උනාට මේ හැමදේම ලිය වෙන්නේ කියා වෙන්නේ ඔයා මතක් වෙනකොට මට ඕනේ උනේ ඔයා හිතනවා වගේ හොද තැනකට එන්න. ඒත් ඔයත් හිතුවේ නෑ මම අද මේ සමාජේ ඇතුලේ වැදගත් තැනක ඉදිවී ඇත්තටම ඇත්තක් මම අද මමත් හිතුවට වඩා හොද තැනක ඉන්නවා. ඔයත් කවදාවත් හිතන්න නැතුව ඇති.

ඔයා එදා හිතන්න ඇති මේ සංසාරේ ආයේ මාව මුණගැහෙන්නවත් එපා කියලා

කොහොම උනත් අපි දෙන්න ආයේ මුණ ගැහෙන්නේ නැති වෙයි ඒ කොහොම උනත් කවදා හරි ඔයාට එකම එක වතාවක් මාව මුණ ගැහෙන්න ඕනේ කියලා හිතුනොත් මම මග බලන් ඉන්නවා කවදා හරි....

අමතක කරන්න එපා පරණ දේවල් ආයෙමත් විවෘතව කතා කරන්න පුළුවන් ජීවිතේ අවන්කවම ආදරේ කරපු අයට විතරක්ම පමණක් බව

Wednesday, October 16, 2013

X BAN ප්‍රදර්ශනේට ඕල්ඩ් බෝයිස්ලා විදිහට මොනවාහරි දෙයක් කරන්න කියලා හිතාගෙන ඉස්කෝලෙට එකතු වුනා.

ඔන්න ඉතින් x-ban ප්‍රදර්ශනෙත් අහවර වෙලා පොඩියට relaxing පාරක් දාල එහෙම blog එකේ සටහනක් දන්නා කියලා ගොඩ වැදුනා 2013 ඔක්තෝම්බර් 9-13 වෙනකන් 2011 උ/පෙ ආදී ශිෂ්‍යයෝ විදිහට 2011 අපි සංගමය බැහැලා වැඩ කරා

X BAN ප්‍රදර්ශනේට ඕල්ඩ් බෝයිස්ලා විදිහට මොනවාහරි දෙයක් කරන්න කියලා හිතාගෙන ඉස්කෝලෙට එකතු වුනා. ඔන්න ඉතින් දිව රෑ නොබලා අපි ඉස්කෝලෙට වෙලා X BAN කරන මල්ලිලට ලොකුවට බකප් එක දුන්නා

ඔන්න ඉතින් අපේ සෙට් එකට පැවරුනේ පිට්ටනියේ තියන මෙව්වා වලට ටිකට් කඩන්න අපේ සංගමේ සභාපතිතොමොනන් පේන්නවත් උන්නේ නෑ බන්ඩගාරික  නං බැහැලාම වැඩ ඌත් ඉන්නේ ගෙයක් දොරක් නැති ගානට ඒ තරං බැහැල වැඩ ඉතින් ආයේ බොරු කියන්නේ මක්කයි
උ නං බැහැලාම වැඩ කරා  X BAN එකට

ඔන්න අපි ඉතින් අපේ ටිකට් වැඩේ ගොඩක් බරපතල විදිහට බරපතල කියන්නේ සැහෙන්ට මහන්සි වෙන්න වුනා ඒ තරං වැඩ වැඩ කියන්නෙත් ඒවා මෙලෝ යකෙක්ට කරන්න පුළුවන් වැඩ නෙමේ මම උන්න හින්ද ගානට line එක ගහල වැඩේ දුන්නා

අපි ඉතින් ඔහොම ටිකට් කඩ කඩ ඉන්නකොට අපේ සෙට් එකේ උන්න ලක්ෂාන් කියල කොල්ලෙක් ඌ උන්නේ වැඩි ගම්මානේ ඉදල අපේ ටිකට් වැඩේට ආවා පොඩි හෙල්ප පාරක් දෙන්න කියලා හැමටම මහන්දී ඇයි ඉතින් උදේ 9ට වැඩි උන පාර ආයේ නැගිටින්නේ කන්නයි බොන්නයි විතරයි එකත් ඉතින් කන්න විතරයි බොන්න ඉතින් අපි ලගට ආවා මින්ට් මෙට් දොඩන් බෝතල් එහෙම කෙස් පිටිං අපිට අරන් ආවේ අපේ මාලිංග සහෝදරයා තමා අන්තිමට උට මින්ට් මෙට් බීලම එපා මින්ට් මෙට් එකක් ගකිනකොට මු අහක බල ගන්න තැනට පත් උන එක නෙමේනේ කියා
ලක්ෂාන් හෙවත් ලකියා අපි ආදරේට ඌට කිව්වේ ලකියා කියලා ඔන්න ලකියා ආවා ටිකට් කඩන තැනට ආවා ගමන් අපේ සච්චා කිව්වා

 සච්චා: ආ...ලකියෝ ලොකූ....හෝල්ස්. ඕනේ මේ ඔය රොකට් එකේ ටිකට් ටික කඩපන්කෝ එක ටිකට් රු 100 ඒ ටිකට් එකෙන් පොඩි ළමයි දෙන්නෙක්ට යන්න පුළුවන් ලොකු අය නං 100 ගනිං

ඔන්න ලකියා බැස්සා ගේමට ඔන්න එතකොටම ආවා පොඩි ළමයි 3දෙනයි අම්මයි

පොඩි එකා : මාමේ මාමේ මට මේකේ ටිකට් දෙකක් දෙන්නකෝ

ලකියා : මොකේටද මල්ලි ඕනේ

පොඩි එකා : අර කෝච්චියට

ලකිය : ඔයා කාත් එක්කද ආවේ???

පොඩි එකා :  අම්මා එක්ක

ලකිය : අම්මට එන්න කියන්නකෝ මල්ලි

පොඩි එකා ගිහින් අම්මයි මල්ලිලා 2නයි එක්ක ආවා

                                                                   ලකිය : ඇන්ටි එක ටිකට් රු 100 ඒ ටිකට් එකෙන් පොඩි ළමයි දෙන්නෙක්ට යන්න පුළුවන් ලොකු අය නං 100 එහෙම උනොත් එක ටිකට් දෙකක් කඩන්න වෙනවා මේ ළමයි 3න්දෙනම අන්ටිගේද ??? එහෙම නං ටිකට් දෙකක් කඩන්න වෙනවා එක අපරාදේ ඇන්ටි මෙතන ළමයි 3න්දෙනයි එක හින්ද තව එක ළමයෙක් හදාගෙන එන්න

ඇන්ටි : මෙහෙ එනවා යන්න
මේ ඉන්නේ ලකියා 

කියලා තද වෙලා මුණ රතු වෙලා යන්න ගියා අපිත් ලකියගේ මුණ දිහා අපිත් එක පාරට බැලුව උටත් තේරුමක් න මොකද වුනේ කියලා උට ඒ තරං මහන්සිය අපි අයෙත් හිනාව තද කරන ටිකට් කඩන එක කර හිනා වෙන්න ටයම් නෑ ඒ තරං සෙනග ඔක්කොම ඉවර උනාට පස්සේ තම අපි නං හිනා වෙන්න පටන් ගත්තේ.......
ලකියා