loku ptha

loku ptha

Tuesday, April 15, 2014

ඒත් මම එක දෙයක් දන්නවා මම නැති දවසකදී කවදා හරි ඔයා මාව හොයන විත්තිය.

ඔයා කොතැනක සිටියත් ඔයාට සුබම සුබ අවුරුද්දක් වේවා

ආදරය අසනී වර්ෂාවක් වී
දෝවනය කරද්දී
ජීවිතය
කිමද ??? නොහැගුනේ
මේ අහසම දිනක
සැඩහිරු උදා කර
දවන බව ජීවිතය .............

ජීවිතය ගැන ලොකු බලාපොරොත්තු නැතුව ගිහින් ජීවත් වෙන්න ඉඩක් නැති තැනක මම හිර වෙලා . ඔයා ආයෙමත් එයි කියලා. මම ඇස් දෙක රිදෙනකන් බලාගෙන උන්නා. ඒත් ඔයා ඇරෙන්න අනිත් හැම කෙනෙක්ම ආවා..........
ඔයාගේ ලස්සන පුංචි හිනාව ඇරෙන්න අනිත් හැම හිනවක්ම මන් ලග නතර වුනා . සමහරු තමන්ගේ දුක මගේ දුක ලගින් තියලා දුක නිවෙන්න මන් එක වචනයක් කියනකන් බලාගෙන හිටියා . මම හිතින් දුක් විදිමින් ඒ හැමෝගෙම හිත සතුටු කරා. මේ වෙලාවේ ඔයා සුවබර අසුනකට ලං වෙලා හොද සීරුවට නිදි ඇති. එත් අන්තිමට මගේ හිත රිදුනා විතරයි. ඒත් අන්තිමට මගේ හිත රිදුනා විතරයි. සතුටක් පෙන මානෙක නැ.

මතකද ඔයා දවසක් කිව්වා "ඔයාට තිබ්බේ මට ආදරේ නොකර ඉන්න" සත්තකින්ම එක එහෙම නං ලස්සන එරබදු මල් වලට පුළුවන් වෙයි මාව හිනා ගස්සන්න එත් මගේ හිනාව එකෝමත් එක දවසක මගේ හිනාව ගම්පහ කළු පාලම ගාවින් එලියට දැම්මා ඔයා හිතනවා ඇති ඇයි දැන් මම හිනා වෙන්න නැද්ද කියලා . ඇත්තම කිව්වොත් මම අඩන්න බැරි නිසා හිනා වෙනවා

ඔයාගේ රූපේ මගේ හිත ගත්ත කිසි දෙයක් තිබ්බේ නැ. එත් මොකද්ද අමතක කර ගන්න බැරි තරමේ ආකර්ශනයක් තිබ්බා. ඒක ඇත්තටම අමතක කරලා පාඩුවේ ඉන්න බැරි තරමේ ආකර්ශනයක් ඇති වුනා . 

මම ලියුම දීලා ගෙදර යන ගමන් කප්පරක් උසට හීන මැව්වා ඒ හිනා හරියට නැමුණු කුල කන්ද වගේ උසයි. ගෙදර ඇවිත් facebook එකේ ඔයාගේ යාලුවෝ දෙන්නෙක් එක්ක චැට් එකක් දැම්මම . පස්සේ මට තේරුනා මට ඒ හීන කන්ද නගින්න බැරි බව ඒ නිසාම හීන කන්ද පාමුල බලාගෙන හිටියා.

මම මගේ හීනෙ අතින් අල්ලගෙනම ප්‍රේම ගීත මිමිනුවා යාලුවෝ නං කිව්වේ මම පෙම්වත් වෙලා කියලා. ඒත් මට හිතුනේ ආදරයක් හිතට ආවම පෙම්වතියක් නැතුවම පෙම්වත් වෙන්න පුලුවන්ද කියලා.

මන් ඔයාට මගේ ආදරේ තේරුම් කරලා ලිව්මක් ලිව්වා. එක දිගයි 4ට පහට නමුවහම පුංචි පොතක් වගේ. ඒක ඔයාට දීලා ආවේ කොටා. පස්සේ ඔයා එකට මට උත්තරක් එවනවා එකේ ලියලා තිබ්බේ

"ඔයාට ආදරේ කරන්න තරං පිස්සුවක් මට නැ" කියලා එත් එක කියවපුවම මට හිතුනේ මට පිස්සු හැදෙයි කියලා මම අඩන්නේ නැතිව ඉන්න උත්සහා කරා ඒත් මට දුක දරා ගන්න බැරි වුනා මම වෙලේ ගෙදර බැංකු ගාවට වෙලා ඇත අහසෙන් ඉර හැංගිලා යනකන් බලාගෙන හිටියා . පස්සේ වින්කි ඇවිත් තමා මාව ගෙදර එක්ක ගියේ.
ආයෙත් මේ ජීවිතෙන් සමු ගන්න කලින් මට ඔයාව මුණ ගැහෙයි කියල හිතන්න අමාරුයි කවදා හරි කොටනකදී හරි මාව දැක්කත් ඔයා මාව මග ඇරලා යනවා කියලත් මම දන්නවා ඒත් ඉතින් මේ ජීවිතේ ඔයාව නොදැකම නිවිලා යාවි .......

ආයෙත් මම ඔයාව දකින්නවත් බලන්නවත් උත්සහා කරේ නැ මම පස්සේ නොසැහෙන්ට මහන්සි උනා හැමතැනකම හැම වැඩක්ම කරා හිතේ දුක තියාගෙන දුක් වින්දා ඒත් අද මම හිතේ දුක තියාගෙන සන්තෝස වෙනවා එකට එක හේතුවක් ඔයා.

මට වෙලාවකට හිතෙනවා නුවර වැව අද්දරට වෙලා බලාගෙන ඉන්න කාලයත් එක්ක එකට කරන්න තියන ඉඩ මග අහුරනවා කාලය හැම දෙයක්ම මගෙන් ඇතට යවනවා එක හින්දම අද නුවර වැව වගේම ඔයාත් මට දුරයි ඒත් මම එක දෙයක් දන්නවා මම නැති දවසකදී කවදා හරි ඔයා මාව හොයන විත්තිය.

ගෙවිලා ගියා හැම දවසකදිම මම ඔයාගේ ආදරේ වෙලා ඉන්න ඇති නැත්තන් ඔයාගේ දුක කදුල වෙලා ඉන්න ඇති ඒත් නැත්තන් ඔයාගේ සුසුමක් වෙලා මැවී මැවී මැකිලත් යන්න ඇති

වෙලාවක ලග නැතත් මම පෙණ දුරක ඉන්නවනේ කියල හිත හදා ගන්න ඇති

මේ හැමදෙයක්ම අරං
ඔයාට පුලුවන්ද එකම එක වතාවක්
එකම එක සැරයක් එකම එක හිනාවක්
එකම එක වචනයක්
ආදරයක් නැතුව උනත් කියලා යන්න එන්න පුලුවන්ද??

ඒ එනකොට අමතක නොකරම මල් පොකුරක් අරං එන්න මගේ ලගින් තියලා යන්න ..