loku ptha

loku ptha

Sunday, October 19, 2014

අපේ සීයා

              
             අද මම නිට්ටබුවේ පොලේ ඒ කියන්නේ මම මේ දවස්වල වැඩ කරන තැන. තැන කිව්වට අලුතෙන් පොළ හදන තැන ඉතින් ඔහොම ඉන්න කොට ඒ පාරේ හිටියා සීයා කෙනෙක් පොඩි ළමයෙක් ගේ අතින් අල්ලාගෙන. බස් එක එනකං බලාගෙන අද ඉතිං කරන්න කියලා දේකුත් නැති නිසා මම මෙසේ ඇන්දට ඔලුව තියාගෙන මගේ පොඩි කාලේ ගැන මතක් කළා .

සීයා දෛවya කෙනෙක් කියල තම ඕන කෙනෙක්. දන්නේ වේයන්ගොඩ අපේ සීයට ගහන්න පොරක් හිටියේ නැ අ තරං වැඩ කාරයා එකට සාක්ෂි මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා දුමිදු සහ නිපුන උන් දෙන්නා අදටත් සීයා කියපු අනාවැකි ගැන මතක් කරනවා. සීයා හම්බෙන්න එන ගොඩක්  සීයට කිව්වේ වෙද මහත්තයා කියලා. ඒ තරං මිනිස්සුන්ට සේවයක් කරා අද වගේ නෙමේ ඒ කලේ එයාලගේ සේවය මුදලට පාවලා දෙන සමාජ ක්‍රමයක් තිබ්බේ නැ එත් අපි නං සීයා වගේ නොමිලේ වැඩ කරන්න යන්නේ නැ එත් අපේ සීයලා අන්න ඒ දේ කරා එකෙන් අපිට වඩා සමාජ පිලි ගැනීමක් සීයට තිබ්බා අදටත් අපි ට තියෙන්නේ සීයාගේ රැස් තමා කව්රුත් මාව දන්නේ වෙද මහත්තයාගේ මුණුබුර කියලා 



එයාගේ ඒ තිබ්බ ගුණයට අදටත් මිනිස්සු ගරු කරනවා. අපේ සීයාට තිබ්බා පට්ට තට්ටයක් හැබැයි අපිට ගොඩක් ආදරෙයි ඒ වගේම වසයි සීයට යහමින් සල්ලිය තිබ්බා කවදාවත් පස් එක නං හිස් වුනේ නැති තරං. අපේ සීයාගේ සිරිතක් තමා උදේට මල් කඩාගෙන පන්සල් යන එක ගිහින් එනකොට අනිවා කන්ඩ දෙයක් ගෙනවමයි ගෙනත් දෙන්නෙත් පොඩි දුවට ඒ කිව්වේ අපේ නංගිට නංගි ඉපදෙන්න කලින් තමා සීයා මට දෙනාවේ එත් එහෙමත් නැ

"ආ.... උබත් කාපන් "

සීයා කන්න බොන්න ලොස් පොරක් නෙමේ කන වෙලාවට කනවා බොනවා 
අපිට වඩා හොදට  හිටපු ගමන් සීයට අඩියක් ගහන්න හිතුනොත් සීයා බාර් එකට ගිහිං කාලක් අරං එනවා. දවසක් මං සීයට බැන්නා 

"හොරෙන් බොන්න ගේනවා නේද "කියලා 

සීයාත් මට බැන්නා "උබ උබේ වැඩක් බලා ගනින් පැහෙන්නේ නැතුව" කියලා 

මමත් ඉතින් මට මොකෝ කියලා ගියා මෙන්න සීයා මට කතා කරනවා 

"පොඩි පුතේ මෙහෙට වරෙන්කො" මමත් ගියා බලන්න මෙන්න බොලේ සීයා කැඩුව මුඩිය හැලුවා බෝතලේ බිම හලලා මට කිව්වා "ඔන්න අද ඉදං මම කටේ තියන්නේ නැ" මටත් ඉතිං හැපී මොකද සීයා මං කිව්වා දේ ඇහුව හින්ද අද වගේ නං මම අ ගෙන එකෙන් ෂොට් එකක් හොරෙන් දා ගන්නවා 



ඔහොම කාලයත් එක්ක ටික ටික ඇතට යනකොට අපේ සීයා මට පට්ට දවල් හද පෙන්නන්ඩ හදලා තියනවා ඒ කතාව මෙහෙමයි අපේ තාත්තා ඉස්සර වැඩට යනවට මම ෆුල් ගෙමලු ඒ කියන්නේ තාත්තා යනකොට තාත්තා ට යන්න දෙන්නේ නෑලු අඩනවවලු ඉතින් අපේ සීයා මොකද කරලා තියෙන්නේ "අන්න පුතේ හද මාමා කෝ බලන්න හදමාමා කොහෙද කියලා" ම්ම්ම්ම්ම්ම් කියලා හදමාමා හොයලා කොහෙද ඉතිං මමත් සීයා එක්ක හදමාමා හොයලා ඔය අතරේ තාත්තා රුං ගාල මාරු වෙනවා ඔන්න මම ආයේ අඩන්න පටන් ගන්නවලු

 



ඔහොම ඔහොම සීයා ගැන කතා නං ගොඩයි අපේ සීයාගේ තිබ්බා පට්ට කතා ටිකක් ඒවා කියන්න ගියොත් නං අද නිදියන්න වෙන්නේ නැ හෙටත් නැ ඒ තරං එකින් එක කිව්වොත් නරියයි හාවායි ලැබූ කිරිබත්, සීයාගේ සිරිපද ගමන අපේ සීයාගේ නෙමේ වෙන කෙනෙක්ගේ , ජබ්බුක් පටස්, හා ඉබ්බන් වටසුල කතාව ඕවගෙන් අපි ආසම කරපු කතාව තමා සීයාගේ සිරිපද ගමන ජබ්බුක් පටස් ඔය කතා දෙක අපිට වඩා ඕකට ආස කරපු තව දෙන්නෙක් උන්න ඒ තමා හැමපව්ලකම මොන්ගලයෝ දෙන්නෙක් ඉන්නවනේ අන්න ඒ වගේ අපෙත් හිටියා ලොකු අයියා සහ පොඩි අයියා උන් දෙන්නට හිනා යන්නේ නැති ඒවටත් හිනා යන මහා පිස්සෝ දෙන්නෙක් අදටත් අන්න ඒ වගේ




මම කියන්න ගියේ අපිට සීයාගේ කතා වලට ගොඩක් අසා කරා සීයා අපේ අම්මට තාත්තාට ගොඩක් ආදරෙයි කොහෙවත් ගිහින් නවතින්නේ න අපි තනියම කියලා ඇත්තටම සීයා නැත්තන් ගෙදරත් කිසිම කික් එකක් නැ සීයා හැමදාම පන්සල් ගිහින් එනකොට අපි බලන් ඉන්නේ ආප්ප කන්න ඉතින් සීයා මෙහෙම ආප්ප අරන් එනකොට හිතුනොත් මට කොත්තුවකුත් අරන් එනවා. ඔන්න එදාටම කව්රු හරි එකෙක් අපේ ගෙදරට එනවා එකෙක් නං කමක් නැ ඉතින් තනි හීනෙ බොද මිදුම් වගේ මමත් ඉතින් ඒවා කන්න බලාගෙන ඉන්නවා .

සීයාට ලස්සන තට්ටයක් තිබුණා. මම කලිනුත් කිව්වේ ඒ තට්ටේ ආරෙට යන එකක් කියලා අපේ ගෙදර අය කියනවා . මොකද අපේ මහප්පා, ඒ කිව්වේ සීයාගේ ලොකු පුතා සහ අපේ තාත්තා , එයාටත් එහෙමම තිබුන නිසා . සීයාගේ තාත්තත් එහෙමලු .

ගෙදරට ගාලා දුන්නෙත් සීයා . රෑට ගේ අතු ගලා පහනත් පත්තු කරේ සීයා . සීයා අපිත් එක්ක හිටියේ . 2013 සැත්තැම්බර් 16 වෙනිදා සීයා අපිව දාලා යන්න ගියා .

සීයට පපුවේ අමාරුවක් හැදිලා අසනීප උනාම කොටින්ම සීයා මැරුණා මම තමා සීයාට කෘතීම ස්සනය දීලා ගොඩ ගත්තේ ගෙදර අය එකතුවෙලා සීයාව හොස්පිටල් එක්ක ගිහින් ෆුල් චෙකප් එකක් දැම්මා . සීයට ලෙඩක් මුකුත් තිබ්බේ නෑ . එදා ගොඩ ආවත් අපේ සීයා නැති උනේ ගොඩක් කල් ගිහිං



සීයාගේ මතකයන් ගොඩක් තියනවා ඒවා ගොඩක් සුන්දරයි අද වෙනකොට අපි ආදරේ කරපු අපිට ආදරේ කරපු අය අපිව දල ගිහිං ඒ අතරේ අපේ සීයාත් ඉන්නවා මට සීයා කිව්වා එකක් තමා කවදාවත් කව්රු හරි ගහන්න ඇවිත් ගැහුවත් උබ වැරදි හරි හරි වුනත් ඒ ආව කෙනාව සතුටු කරලා බොන්න කන්න බොන්න දීලා ආපහු යවපන් කියන එක ඒ නොකියා කිව්වේ හැමෝටම හොදින් සලකපන් කියන එක.