loku ptha

loku ptha

Friday, January 29, 2016

පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව.

පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව.

කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත්
 දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.

ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’.

මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා.

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත්.
ආදරෙන්

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා.
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා.
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා.
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා.

නුහුරු නුපුරුදු හීන අරන්.
ළඟට ඇවිදින් තුරුළු වෙමින්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා.
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා.
ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා.
අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා.

ඉතින් එලෙස ලියූ මෙම ගීතය ආත්මාගේ ලියතඹරා ගීතයෙන් පසුව ගායනා කල හොදම ගීතය බවයි රසිකයන්ගේ අදහස..

ඒ වගේම විශ්ව විද්‍යාලයේ නිවාඩුව අවසන් වෙලා ආ රචිතා කලා පීඨයට ඇතුල්වන මාවත දිගේ ඇවිදගෙන එනකොට ඒ ගීතය මුලු පරිසරයම වෙලාගෙන බවක් හැගී ගියා.. ඒ මොකද බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් එම ගීතය තම තමන්ගේ ජංගම දුරකතන නාදවීමට යොදාගෙන ඇති හින්දා..

ඒ වගේම ඔබ දන්නවාද මේ ගීතයේ සත්‍ය කතාව ඒ ආකාරයෙන් සිත් කවියේ රචනා කල පෙම්වතුන් යුවලට ඉන්පසු වූයේ කුමක්ද කියලා ?

මේ ගීතය ඇසූ ඔවුන්ගේ දෙමවුපියන් හා නෑදෑයින් එම යුවලට සදහටම එක් වන්නට ආශිර්වාද කරලා..

එක් සින්දුවක් අපගේ හිතට ඇති කරන්න පුලුවන් බලපෑමක් වගේම එම දෙපලට එක්වන්නට ලැබීමත් කෙතරම් අපූරුද..

(උපුටාගැනීමකි)

Wednesday, January 13, 2016

ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ තුරක් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා

මගේ ඈස් මටත් හොරෙන් මොනවද හොයමින් ඉන්නවා.
මම මොනවද හොයමින් ඉන්නේ. මම මටත් වඩා ආදරේ කරපු ඔයාවද??
මට හම්බුනා දින පොතක් යාළුවෙක්ගෙන් එයාගේ ප්රෙමවන්තියට දෙන්න කියලා. එයා ඒ පොත ගෙනත් දුන්නේ තාවමත් ආදරේ ඒ ඇස් වල පුරෝගන. මම ඒ දින කියෙව්වා. ඒ පොතේ එක පිටුවක මෙන්න මෙහෙම ලියලා තිබ්බ. "මම දන්නේ නැ ලියන්නේ ඇයි කියලා " සිත හොදටම අසනීප වෙලා වගේ දන්නෙම නැති වුනත් කදුළු කැට ඇස බොද කරන්න ඇවිත් ඇස් වලට. මම කියවද්දී මට මතක් උනේ ඔයාව හරියට ඔයා හිනා වේගෙන මන් දිහා බලාගෙන ඉන්නවා වගේ මන් මහා පව් කාරයෙක්  සමනලයෙක් වගේ තිබ්බ පුංචි හිත මන් ආදරේ කියලා අසරණ කරලා දැම්මා. මන් කොහොමද මටම සමාව දෙන්නේ.

ඒ අහිංසක මුළු ලෝකෙම ගොඩ නැගිලා තිබ්බේ සිහින කුමාරයෙක් වගේ. සිහින කුමාරයෙක් උනත් කුමාරයෝ තරන්වත් ලස්සන නැති මම ඇයි මෙහෙම කරලා ඔයාට දුකක් දුන්නේ. හ්ම්ම්....  ඉතින් මන්  ඇයි ඒ කුරුළු පැටියාව තවත් හඩවන්නේ..

දැන් මගේ හිත හොදටම රිදිලා ඉරිතලා හරියට මගේ අතපය පවා වැඩ කරන්නේ නැ වගේ

අනේ මට අපහු කතා කරලා ආදරේ කියලා යන්න. නැත්තන් මේ පිස්සා මැරිලා යැයි.

මම දින පොත කියවන එක නැවැත්තුව. මම සිහිපත් කරේ ආදරේ ගැන ඔයා කියපුවා..

මට මතකයි ඉස්සර ගම්පහ ගාඩර් එක ලගදි ඔයාව හම්බෙලා කතා කරනවා. ඔයාටනන් ඒ ගැන පුංචිම මතකයක්වත් නැතුව ඇති.. එත් අමාරුවෙන් හරි පොඩ්ඩක් මතක් කරලා බලන්න..

මේක ලොකු රහසක් ඔයා කාටවත් කියන්න එපා.. හරි ජොලි නේ දැන් හොරා වගේ හිනා වෙන්නේ.
එත් ඇත්තටම මට ඔයා එක්ක කියන්නේ කතා කරන්නේ මොකද්ද කියලා හොයන්න වුනා

එක දවසක් මට ඔයාට මොනවා හරි දෙන්න ඕන වුනා. ඒත් ඔයා හැම වෙලේම එක ප්‍රතික්ෂේප කරා..... ඔයාගේ ආදරේ විතරක් ඉල්ලුවා හ්ම්ම්ම්....

සිහින කොච්චර ලස්සන උනත් එක හරියට පෙනිලා නොපෙනිලා යන දේදුන්න වගේ සිහින ගැන වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා. ඒවා බොද වෙලා යනවකොට හිතට දුක වැඩි මේක ලියලා හොදටම ඇඩුවා කියලා ඔයා දන්නවද?? මොකද බිම බලා ගත්තේ දුක හිතන්න එපා මන් එකට කැමති නැ. අපේ  ආදරෙත් දැන් දැන් කදුළු නැති ප්‍රේමයක වගේ. හදවත වේලිලා ඉරිතලල ඇස වල කදුලුත් එන්නේ ලේ පාටට....

හිතේ දුක නැතිකර ගන්න ආදර ගීයකට වඩා දුක් ගීයකින් කොච්චර පුලුවන්ද??
ඔයා දිහා බලන හැම තත්පරෙකම මගේ දැසම කදුළු හෙළුව හදවත කීරි ගැහුනත් සෙනෙහසට නෙත් රතු වෙයි නොදැනීම නැවතත් මට ඔබ දැක ගන්නට තවත් බොහෝකල් ඉන්නට සිදුවෙනු ඇත...  

බොහොම කාලෙකට ඉස්සරදි මම ලිව්වා නිසදැසක් කියවද්දී මට ඇඩුනා මට හිතුනා ඔබ තරං මව තේරුම් ගත්ත මගේ හිතේ අහු මුළු වලට පවා යන්න පුළුවන්  කෙනෙක් මට කිසි දා හමු වී නැති බවයි. මගේ දුකේදී මගේ සතුටේදී ඔයා මාව ලගට අරන් කියපු හැම වචනයක්ම හරි වටිනවා

 මෙහෙම ලියලා තිබ්බ පිටුව කියවද්දී මට ඇඩුනා. සමහරු ජීවිතේට ඇවිත් නොකියම යන්න යනවා තවත් සමහරු අපේ ජීවිතේට ලොකු ලොකු අඩි තියලා යන්න යනවා.



එත් මේ දින පොත දුන්න සහෝදරයාගේ ආදරයත් අතීතයේ වැළලිලා ගිහින් ඇති..

සිනමා හලකට වෙලා ඔහු චිත්‍රපටයක් නරබමින් ඉන්නවා එතකොටම ඇය එනවා වෙනත් පෙම්වතෙක් සමග පේලියක් ඉස්සරහින් ඉදං චිත්‍රපටය බලනවා යද්දී ඇය අහනවා " ආආ.. ඔයා තනියමද ආවේ" කියලා ඔහු හිනා වෙලා යන්න යනවා. ඔහුගේ හිත මට දැනෙනවා හරියට ඔයා මාව ඇත ඇරියා දවස වගේ මට ඔයාට ආදරේ කරන්න බෑ කිව්වා දවස වගේ මට දැනෙනවා. ඔහුත් එක්ක ආදරෙන් හිටපු ඔහුව ආදරේ කරලා අත ඇරලා ගියපු ඇයගේ නම මට කිව්වා ඇයගේ නම .........

මම දන්නවා ඔයා මේ සේරම දිහා බලන් ඉන්නවා ඉකිබිදමින් මේක කියවනවා කියලා මම දන්නවා. හ්ම්ම්.... අඩන්න එපා මම කැමති නැ ඒකට. අපි දෙන්නට අයෙත් දවසක මුණ ගැහිලා මුණ ගැහිලා ගෙවී ගියා අතීතය වෙනුවෙන් අඩන්නත් පුළුවන් මුනෙන් මුණ බලාගෙන හැබැයි මගේ ෆොටෝ එකට කදුළු එන්නේ නැ.. ඔයාගේ කදුළු වලින් තෙමන්නත් එපා ඔය ෆොටෝ එක පිච්චුනොත් ඔයාට ආයේ දකින්නවත් බලන්නවත් ෆොටෝ එකක් නැති වෙයි. ජීවමානව ඉන්නද්දී ගත්තට ෆොටෝ අජීවී වස්තු වල ෆොටෝ ගන්න තරං අපේ රට දියුණු වෙලා නැ තාමත්.....