අද මම එලියට වෙලා ඉන්නකොට ඉබේටම වගේ අහස දිහා බැලුනා. බැලුනා නෙමේ බැලුවා කිව්වොත් තමා හරි එක වලාකුලක් වැහි බින්දුවක් වට්ටන්න හිතන අහසක් නෙමේ තද ඉර එලිය හින්ද මුළු පරිසරයම මොකද්දෝ මන්ද නිහඩ බවක් වෙලා. එතකොටම මට හිතුනා අහසත් එයා වගේ නේද කියලා ඔව් ඔයා වගේ.. අදොරත්ත කිරණ වගේ ඔයත් හිටපු ගමන් ඔයාගේ දුක පෙරලා චුටි හරි සතුට එවනවා මට මාව සතුටින් තියන්න, එත් ඔයා දැන උන්නේ නැති තාමත් දන්නේ නැති එක ඇත්තක් තියනවා. දැන් අහන්න එපා නහය මෙව්වා කරලා නළල රැලි ගන්නලා මොකද්ද ඒ ඇත්ත කියලා නොදන්නවා වගේ... හොදට හිතන්න
ඔයාගේ සතුට මගේ සතුට ඇයි දැන් හිනා වෙන්නේ බොරුවට එකවත් මතක නෑ ඔන්න මුණ කළු උනා ඔයාට මුකුත් කියන්න බෑ අහසේ පා වෙලා යන වලාකුළු වගේ මොහොතින් මොහොතින් වෙනස් වෙනවා දන් ඇයි ඇස් වල කදුළු පිරිල්ලා හ්ම්ම්ම්ම්.....
මට මතකයි ඔහොම ඔයයි මමයි කොච්චර නම් කතා කර කර හිටියද ඉන්නවද එත් මම දන්නේ නැ දැනුත් ඔයා ඉන්නේ සතුටෙන්ද දුකෙන්ද කියලා. මම මට පුළුවන් උපරිමේටම හදන්නේ ඔයාව සතුටු කරන්න. කළු වෙලා අකුණු ගහන අහස වගේ මන් කියන ඒවාට තරහ ගිහින් වහින්න හදන වැස්ස වගේ. ඔය ඇස වලින් කදුළු එද්දී වැහලා පොලව තෙමන වැස්සට වඩා ඔය ඇස වලින් වැටෙන කදුළු බින්දු වලට මම බයයි. ඇයි හොරෙන් හිනා වෙන්නේ මම කිව්වේ ඔයාට බයයි කියලා නෙමේ ඔයාගේ ඇස වල වැටෙන්න ඔන්න මෙන්නේ තියන කදුළු වලට බයයි කියලා. හ්ම්ම්ම්ම්ම්
වෙලාවකට මට හිතෙනවා මේක අහස නෙමේ පොලව කියලා හැමෝම දාන කොහෙවත් යන කුණු ගොඩක් ඔලුවේ දා ගෙන එකට තරහෙන් භුමි කම්පා කරන්නේ මාත් එක්ක. හැමෝටම වගේ මම දැන් දන්නවා. ඔයා ඔයා අහස වෙලාවකට මහා පොලව තවත් වෙලාවකට පායලා පායලා ඉරි තලපු මහා පොලවට වැටෙන පිනි වැස්ස. මම දන්නවා මේක කිව්වම ඔයා මට බනි ඔයාට ඕනේ මට ලැජ්ජා කරන්නද කියලා. එත් මගේ හිතේ ඔයාට කියන්න කරන්න කිසිම ලැජ්ජාවක් නැ. ඇත්තටම දවසක මාව දාල ගියත් ඉඩෝරෙට අහු උන ගසුත් කැමතියි. එක පාරක් හරි වැහැපු වැස්සට මමත් ඒ වගේ ඔයාගෙන් ලැබුන ලැබෙන ආදරේට හැමදාම ආදරේ කරයි කරාවි ගිහින් එන්නන් ඔබට සතුටුද දැන්