හැමදාම අතීතයට යනවා ඒ අතීතය අදුරුයි කණගාටුදායකයි මගේ ජීවිතේ එන්න එන්න හුදකලා වෙනවා මගේ වටේ තියන හැමදේම හිස්. ඔයා ඉන්න තැනක ඉදන් කලබල වෙයි මොනවා හරි කියන්න වචන හොයයි. ඔයාට එහෙම කියන්න හිතෙනවනන් නොකිය ඉන්න මොකද ඔයා කියන වචන වලට මට දුක හිතෙයි. මතකද දවසක් ඔයා මට කිවුවා " ඔයා ගැන හිතලා දුක් වෙන්න එපා" කියලා එදා ඉදන් අද මේ මොහොත වෙනකන් ඔයා සතුටින් ජීවත් වෙනවා කියලා මම ජීවත් වෙනවා. ඒත් එකට කියන්නේ ජීවත් වෙනවා කියලානං ඇත්තටම ජීවිතේ කියන්නේ විදවන එකද??
ඒ වගේම එකම එක අත්තක් තියනවා කියන්න මම ඔයා වෙනුවෙන් හීනයක් මැව්වා හැමදාම. හීන හරියට බොද මිදුම් වගේ
ඔයා මට කැමති නොවුනෙවත් මම ඔයාට කැමති වුණේවත් මොකද කියලා ඇයි කියල කියන්න මම තාම දන්නේ නෑ එත් යන්තම්ට බිත්තිය මුල්ලෙන් ඔයාව දැකපු මට ආදරයක් ඇති උනා කියලානන් කියන්න පුළුවන්.
ඊට පස්සේ ඔයා පන්තියේ මට ඉස්සරහ ඩෙස් ඉද ගත්තා මන් හීනයක් දකිනවද කියල මට හිතුනේ ඒ දවස්වල හැමදාම හීන මැව්වා කෙල්ල ඔයාද කියලා??
ඔයා පන්තියෙන් ගියාට පස්සේ ඔයාගේ මුණ හිතින් මවාගෙන ඔයාගේ අතින් අල්ලන් ගොඩක් දුර ගියා මන් දැක්කා කුඩයක් යටින් ඔයා යාලුවත් එක්ක ඇවිදන් එනවා.
මම බර ගණක ලිව්වා ලිවුමක් ලියන ඔයාට දෙන්න ආවා දීගන්න බැරි වුනා. මම ගෙදර එද්දී ලියුම දාරලුවේ ඇනිකට් එක ගාවින් පහලට දැම්මා.
ටික දවසකට පස්සේ මන් දන්නා උපරිම බර වචන දාලා ඔයාට ලියුමක් ලිව්වා පස්සේ දවසක කොටට දීලා ඔයාට දුන්නා. පස්සේ දවසක ඔයා දිල්හානි අතේ ඔයාගේ උත්තරේ එවලා තිබ්බා.
එකේ තිබ්බ දේ ඔයා දන්නවා මං ලැප් එක ඔෆ්ෆ් කරලා හොදටම ඇඩුවා. ඒ හැමදේකටම පස්සේ මම මගේ හිත හදන් ජීවත් වෙන්න උත්සහා කරා.
මන් දන්නවා ඔයා අද මේ ලියන කිසිදෙයක් දන්නේ නැ ඒත් මමත් හැමදාම ලියනවා එත් ඔයා දන්නවද හැම ඇත්තක් පිටිපස්සෙම තියෙන්නේ රිදෙන තිතක් කියලා. ඔය දැන් හරි නපුරු වෙලා කියලා ඔයාට හිතෙයි ඒත් ඇත්තම කතාව ඉස්සර වගේම තාමත් මට නපුරු වෙන්න විදිහක් නෑ ඔයා කදුළු වලදී අහක බැලුවට මට කදුළු දකිද්දී කදුළු එනවා
මේ ලගදි දවසක මගේ යෙලියක් කිව්වේ ආදර වදන් තිබ්බට ඒවා බොරුවට කියන්නේ කියලා ආදරේ කරන්න දන්නේ නෑ කියලා. එත් ඔයා තාමත් මගේ හිතේ ජීවත් වෙන නිසාම මගේ හිත තාමත් දෙගිඩියාවෙන් ගැහෙනවා. ඔයාට හිතෙයි තාමත් මම ඔයාට ආදරේ කරනවා කියලා. නෑ එහෙම දෙයක් නෙමේ හැමදාම ඔයාගේ මතකය මගේ ලග තියනවා මේ ජීවිතේ ගෙවෙනකන් ඇස දෙක පියවෙනකන් තවත් එකම එක සැරයක් හරි ඔයාව දකින්න මගේ හිතේ හීනයක් තියනවා අද වෙනකන් කාටවත් නොකියපු ගිහින් එන්නං.
No comments:
Post a Comment