කවුරු මොන බයිලා කිව්වත්
ලොකු son
අපේ ජීවිතවල බොහෝ දේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිදු වුණා. යලි යළි ඒ දේ දේවල් කතා කිරීම අනවශ්‍යයි. ජීවිතය පිරෙන්නේ ආදරයෙන්. ඒ නිසා ආදරයෙන් අපි මේ කෙටි ජීවිතයට මුහුණ දෙමු. දවසක මේ සියල්ල අතහැරලා යන්නම යන්න සිදු වෙනවා. බැඳීම් යනු දුකක් මිස සතුටක් නෙමේ.
loku ptha

Thursday, August 4, 2022
Tuesday, May 31, 2022
යලිත් නොඑනා බව කියන්නයි, මේ කවිය මම ලියන්නේ……
කියන්නට කිසිවෙක් නැති
අසන්නට කිසිවෙක් නැති
අසන්නෙකුට කවුරුත් නැති..
ඉතිං මම යන්නෙමි...
ප්‍රශ්න පිළිතුරු නැතිව
හැම දෙම හිර කරන්
හිත ඇතුලෙ තෙරෙපමින්.
ඉතිං මම යන්නෙමි...
නිමාවු ඒ වසන්තේ
යලිත් නොඑනා බව කියන්නයි,
මේ කවිය මම ලියන්නෙ
Monday, June 14, 2021
ඉවසලා බැරිම තැනත් අන්තිම තත්පරේ පිරිමියෙක් අතඅරිනවා මොන තරම් වටින දෙයක් උණත් ජීවිතේ
ඉවසලා බැරිම තැනත් අන්තිම තත්පරේ
පිරිමියෙක් අතඅරිනවා මොන තරම් වටින දෙයක් උණත් ජීවිතේ
මේ ලෝකයේ බොහෝ පිරිමින් සියදිවි නසා ගන්නේ එකයි.
කොල්ලෝ ඉන්නවා තමන්ගේ
කෙල්ලගේ වැරදි මුළු ලෝකෙන්ම හංගන
මොන අඩු පාඩු තිබුණත් පපුවේ
තියාගෙන පරිස්සම් කරන කෙල්ලෝ හිතන්නෙ
අත අරින්නම ඕන තැන්වලත්..
ගිළිහෙන්න නොදී අල්ලගන්න
දන්නවද...?
සමහර කොල්ලෝ ඉන්නවා
කව්රු අකමැති වුණත්..කෙල්ල වෙනුවෙන් හැමතැනකම පෙනී ඉන්න... ඒ කෙල්ලට තනි වෙන තැන් වල ඒ කොල්ල නැත්තන් ඒ කෙල්ල මැරිලා නැත්තන් අසරණ වෙලා පාරට වැටිලා. එහෙම වැටුන අය කොච්චර ඉන්නවද?
තමන් එකම ඇදුම ඇදලා හරි
කෙල්ලට ලස්සනම ඇදුම අරන් දෙන
හිත රිදුණු හැම වෙලාවකම..
කෙල්ලගේ කටහඩ අහලා ආත්මෙම නිවාගන්න හදන
මොන තරම් දුරක හිටියත් බලන්න හිතුණම දුවගෙන ඇවිත් යන.
ඒ කතා කරන වෙලාවට නැත්තන් chat කරන වෙලාවට ඒ කෙල්ල කොල්ලව තේරුම් නොගෙන බොරුවට රණ්ඩු කරනවානං ඒ බලන්න එන වෙලාවට අඩු පාඩුම කියනවනං ඒ කොල්ල තරං අසරණ වෙන කෙනෙක් වෙන නැතුව ඇති.
සමහර කොල්ලෝ ඉන්නවා
කෙල්ල වෙනුවෙන් හැමදෙයක්ම අත අරින...
වෙනදා බීපු සිගරැට් එකින් එක අඩු කරලා
නිතරෝම යන රස්තියාදු ගමන් හෙමි හෙමින් නවත්තළා
කොහෙන් හරි ජොබ් කට්ටක්
හොයාගෙන..දවසම නැහිලා
ඇත්තමයි සමහර කොල්ලෝ ඉන්නවා
කෙල්ලගේ පවුලේ අයත් පෝෂණය කරන ❤
ප්‍රේමයට ජීවිතේම ලියලා
හීන එකින් එකට කොහොමින්
කොහොම හරි පාට පුරවලා
ජීවිතේ පිටුව පිටුව පිළිවෙලට අඩුක් කරලා ගොඩ යන්න
පට්ට ම කට්ටක් කන එත් කෙල්ලට ඕනේ එක රැයෙන්
අහසේ තරු අල්ලන්න නං......
සමහර කොල්ලෝ ඉන්නවා
මං,හැදුනේ ඒකී හින්දා බං කියලා ආඩම්බරෙන් කියන
තමන්ගේ අම්මා අප්පච්චී ට
කෙල්ලව පෙන්නන්න
පාරකදි උණත්,අතින් අල්ලන්
තුරුල් වෙන්න
ජීවිතේ උඩින්ම කෙල්ලවත් තියාගන්න
හැම කොල්ලෙක්ම ආස ඇති
කෙල්ලව දෙවැනි අම්මා කරගන්න
ඒ තරම් කැපකිරීම් කරපු පිරිමි පපුවට
බලාපොරොත්තු පොදි ගහගත්තු
රළු අත් දෙකකට
වංචාවක් කරලා එහෙමත් නැත්තන් අත අරින්න හේතු හොයනවනන්..
කදුළු පුරවද්දී
ඇස් දෙකට
උන්,සාධාරණයි කෙල්ලෝ
විශ්වාස නොකරන එකට...
අයියේ අම්මත් ගෑණියෙක් නේද
ඇහුවට වැඩක්ද
මොන අම්මද බොරුවට ආදරේ කරන්නේ තමන්ගේ පුතාට
Friday, May 14, 2021
බැඳීම්
ලංවිමෙන් විදුලිය විසඳි කරපු වෙලාවක
හැංගිලා තිබ්බ ඉටිපන්දම හොයලා පත්තු කරලා අඳුර නිවපු
ඒ ගිනි කූරම අරන්
පහන් දල්වපු
මිනිස්සුත් හිටියා...
උනුත් තෙල් හොයං තමයි
පහන පත්තු කරේ
එයාලට ඕනි වුණේ
හැමදාම නැති වුණත්
පුළුවන් ලොකු කාලයක්
අපේ ළඟ ඉන්න...
ඒ බැඳීම් අදටත්
මතකයි මා නැලවුවා
Saturday, October 24, 2020
අපේ ජීවිතේට සමහර පුද්ගලයන් ඉතා විශේෂයි..
අපේ ජීවිතේට සමහර පුද්ගලයන් ඉතා විශේෂයි..මගේ ජීවිතේ එවැනි පුද්ගලයන් අතරින් ඉහලින්ම සිටින කෙනෙක් තමයි මගේ ලොකු අම්මා මං දන්නා කාලේ ඉදන් අපේ ඔයා ගැන තිබ්බ හැගීම මට මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ ඔයාට මොකද වුනේ කියලා ඇත්තටම අද අපේ අම්මට නෙලුම් අක්කා කතා කරපු වෙලේ මන් තනියම කල්පනා කරා හිතට එකගව පිලි ගන්න බැරි වුනත් එක තමයි අපිට තිබ්බ එකම පොදු ධර්මතාවය කියලා හිත හදා ගන්නවා ඇරෙන්න කලයුතු කිසිවක් නෑ ඔයා නැති වෙලා අදට මාස දෙකක් වෙන්න එනවා කියලා දැනුනේ නැති එකම පුදුමයි මට තාමත් ඔයා ඉන්නවා ඉන්නවා වගේ
අපි පුංචි කාලේ ගොකරැල්ලේ ගිහාම ඔයා අපි එනකන් මග බලන් ඉන්න හැටි මතක් වෙනකොට ඇස් දෙක තෙත් වෙනවා ඔයාට මම හැමදාම බනිනවා ලෙඩ වලට බෙහෙත් ගන්නේ නෑ පණ්ඩිතය වෙන්න එපා කියලා. ඔයා හිනා වෙනවා මගේ බඩ ඇත ගාලා ඔයා "බන්ඩිය අඩු වෙන්න පොඩ්ඩක් දුවන්න උදේට රන්ජි එක්කලා සුදා මේ මලිත් ගේ ඇග හොදටම වැඩි මොනවා හරි කරන්න කියන්න " ඔයා අපිට උපදෙස් දීලා තියෙන්නේ ඔයාගේ ඇගෙ ලෙඩ ගොඩක් තියාගෙන කියලා දැන ගද්දි අනේ අපි පරක්කු වැඩි මන් කොච්චර කිව්වද ඔයා වැටුන වෙලාවේ අපේ ගෙදර එන්න අපි හොද දොස්තර කෙනෙක්ට පෙන්නමු කියලා. ඔයාගේ වෙලාවද මන්ද ඔයාට එකට හිත දුන්නේ නැත්තේ.
මොකක් හරි එකකට මන් ඔයාට කතා කරලා බොරු කියලා ඔයාව කොච්චර අවුස්සනවද ඔයා ඉතින් හිනා වෙලා මේ බොරු කියවන්නේ නැතුව ඉන්නවා කියලා ඇත්තද කියලා විස්වාස නැති හින්ද ආයේ අපේ අම්මගෙන් කතා කරලා ඇත්තද අහනවා එත් ඔයා අපිව අවිස්ස්වාස කරේ නෑ මං දන්නේ නෑ ඇයි දෛවය මේ තරම් අකාරුණික කියලා ආයේ අපි එනකන් මග දිගට කතා කර කර අහන්න කවුරුවත් නැ කතා කරලා අව්ස්සන්න කවුරුවත් නෑ
අපි කියන කතා වලට හිනා වෙන්න කවුරුවත් නෑ අපි එක්ක ට්‍රිප් යන්න ඔයා නෑ නිවන්සුව නං මම පතන්නේ නෑ ඔයාට මොකද ආයේ ආයේ මේ සංසර ගමනේදී නිවන් දකිනා තුරා හම්බෙමු
Sunday, July 5, 2020
වේයන්ගොඩ තැපැල් කන්තෝරුව ඉස්සරහ හරියටම
" මුව හදන්න බෑ මු වැඩ කරන්නේ නෑ" එහෙම හය හත් වතාවක් වුනා. ඉතින් ඒ වගේ බනිනකොට නං වැටුන වාර අනන්තයි. එත් ළගදි කිර්ති සර් ඇවිත් මගෙන් වැඩක් කරන් මට රු 20000ක් දීල යද්දී මට කිව්වා " පුතේ මට උබ ගැන ගොඩක් සතුටුයි කියලා "
මන් මම ගැන පන්පොරි ගහනවමත් නෙමේ අද හිතට දැනුන දෙයක්. සාපෙලත් කෙලොගෙන මම දේපාරක් සාපෙල කරා දෙවෙනි පාර නැන්දගේ පුතත් එක්ක කරලා ඌ A විතරක් ගද්දී මං යන්තමට B3 C3 S3 දාලා ගොඩ ගියා ඉදල මන් ගම්පහ බණ්ඩාරනයකෙට යද්දී උසස් පෙළට. සමහර අයට ඉරිසියවටත් කතා කියවුණා එත් කව්රුවත් හිතුවේ නැති විදහට මගේ උපේ විභාගේ එක පාරින් පාස් උනාම අම්මා මාව ඉම්බා මතකයි තාමත්. ගොඩක් අය මගේ ෆේල් ප්‍රතිපලේ ගැන හිතුවට කොරසේ ලොකු අයියා විතරයි කිව්වේ මලිතා විභාගේ පාස් වෙනවා කියලා කැම්පස් යන්න තරං නැති උනත් මන් ජීවිතේ ගේමක් ගහන්න ඕනේ කියලා ඉගන ගත්තේ එදා එත් මම කුඩු ගහයි කියල බලන් හිටපු ගුරුවරු මම කෙල වෙයි මන් සාමාන්‍ය ජොබක් කරයි කියල හිතපු නෑදෑයන් හිතවතුන් හා ඒ අයගේ ළමයි අද කුඩු ගහනවා නැත්තන් ඔහේ කාගේ හරි යටතේ වැඩ සමහර අයට තාම අම්මගෙන් නැත්තන් තාත්තාගෙන් යැපෙන්නේ ඔය අතර කාලේ මම ආදර කල මට ආදරේ නොකල කෙල්ලො 6ක් නැත්තං 7කගෙන් ආදරේ ගැන ජීවිත අත්දැකීමක් එකතු කර ගන්නවා. ඒවා ගැන ගොඩක් දන්නේ මගේ යාලුවො තමයි. ආදරේ මහ පුදුම දෙයක් ඒ මගේ දෛයිවයේ සරදම ලියලා තිබ්බ කෙල්ල හම්බෙන්නෙ 2015 මුහුණු පොතෙන් ඒත් අපි කලින් හම්බෙලා තිබ්බේ 2010 පොඩි අමනපකම් එක්ක අයේ හම්බුනෙ 2015 ඒත් ඒ වෙනකොට
මම උසස් පෙල කරලා ඉවර වුනාට පස්සේ ගෘහ නිර්මාණය තාක්ශනවේදය හැදෑරීම කරන්න තාත්තාගේ අඩිපාරේ යන්න පටන් ගත්තා තාත්තා කරපු දේ නොකලොත් නොට්ටිගේ පුතා කියනවා වගේ මම තාත්තා කරපු දේවල් තාත්තා කරාට වඩා තවත් නවීන තාක්ශනය එකතු කරලා වැඩ පටන් ගත්තා. 2014, 2015 විවිධ ගොඩනැගිලි ඉදිකිරීම් කම්පැනි වල ගත්ත දැනුම ප්‍රායෝගිකත්වය එක්ක මේ කාලේ වෙනකොට මම මුහුණු පොතේ එක්තරා විදිහක පොරක් අපි එක එක සංගම් හදාගෙන අමුමිරිස් අභියෝග කර කර හිටිය කාලයක් ඔය කාලේදී අපි මුහුණු පොතේ කට්ටියක් එකතු වෙලා විල්පත්තුවේ සංචාරයක් යනවා මම පීටර අයියා, සුරංග අයියා සුනලි අක්කා තිස්ස අයිය ප්‍රියන්ත අයියා මේකට ආව අලුත් මුණක් සමන් අනදරවැව කියලා මමත් ඉතින් ඒ කලේ පිස්සෙක් වගේ කොන්ඩේ වවාගෙන හිටියේ සමන් අයියා මගේ විස්තර අහලා කිව්වා "මොකද්ද බන් උබ හොද කොල්ලෙක්ගේ හොදට ඉගන ගෙන තියනවා මොනාද මේ කොන්ඩේ වවන් ඕක කපල අර බලපන් සුරංග ඉන්නවා පේනවනේ උබ ඔය කොන්ඩේ කපන්න ඕනේ " මේ කිව්වා කතාව මට වැදුනා සැරටම මට හිතුනා ඔව් ඇත්ත තමයි එදා තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වගේ මම යන්න හිටිය ගමන වෙනම පැත්තකට කැරකුණේ
පස්සේ මම 2016 මගේම ගොඩනැගිලි ඉදිකිරීම් හා නිර්මාණය කරන්න ආයතනයක් ආරම්භ කරනවා.
අද මට ගොඩක් සතුටු දවසක් අවුරුදු දෙකකට කලින් ගත්ත ඔෆිස් එක හරියම 2018.05.03 තමයි කට්ට කාලා මහන්සි වෙලා වැලි සිමෙන්ති ගල් එක්ක ඔට්ටු වෙච්ච මහන්සි ප්‍රතිඵල වලින් මම වේයන්ගොඩ ටවුන් එකේ කඩයක් ගන්නවා. ඒත් මට ඒක ලස්සන හදන්න සල්ලි තිබ්බේ නෑ එකතු කරපු හැම සතේම දාලා තමයි ඒක ගත්තෙ. කන්න ආස දේවල් තිබ්බා කෑවේ නෑ අදින්න ආස ඇදුම් තිබ්බා ඇන්දේ නෑ යන්න ආස කරන්න ආස ඒවා මුකුත් කරේ නෑ. මාර දුකක් වින්දා නය ප්‍රශ්න උඩට උඩට ආවා. රෑට නින්දෙනවත් හීන බලන්න බය වුනා. එහෙම මහන්සි වෙලා අරගෙන මම ඒක මගේ ඔෆිස් එක දැම්මා. ඒ කාලේ තුල කාගෙන්වත් මට කිසිම දෙයක් කරන්න කියලා උදව් ඉල්ලලා නෑ. ඒත් මම අද මගේ ඔෆිස් එක ලස්සනය හදලා ඉවර කරා. අවුරුදු දෙකක් ඉවර වෙද්දි. එත් එක ගන්නකොට අපේ තාත්තත් බය වුණා මන් එකෙනුත් ෆේල් වෙයි කියලා. අවුරුදු දෙකටම ගත්ත කඩ කාමරේ ලෝන් එක ගෙවා ගන්න මාර දුකක් වින්දේ පෙළක් මාස වල අම්මගෙන් තාත්තාගෙන් ඉලක්කන් හයක් ගානක් ඉල්ලන් ලෝන් එක ගෙව්වේ. මේ වෙනකන් ගත්තට එක අලුත් වැඩියා කර ගන්නවත් මට සල්ලි තිබ්බේ නෑ එත් අද වෙනකොට මන් ඒ සියලුම අභියෝග එකින් එක ගොඩ දාල තියෙන්නේ මේ හැම දෙකටම මට උදව් කරේ වේයන්ගොඩ ලංකා බැංකුවේ කාර්යමණ්ඩලය ඒ අයට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ ඊළගට මගේ හැම ගේමකම පෙරගමන් කරු මගේ හිතාදර රෝහණ බාප්පා බෑ කිව්වෙ නෑ නෑ කියලා අත ඇරියේ නෑ. හරි කරමු විතරයි කිව්වේ සමහර වෙලාවල් තිබ්බා තාත්තටත් වඩා ශක්තියක් වුන. ඊළගට මගේ අම්මා තාත්ත නංගි සහ ඇනයක් වගේ උපදෙස් දෙන හිතදරී නැත්තන් දිනුෂි ඊළගට මගේ කාර්යමණ්ඩලය මුලින්ම හිටිය නයනා ශෂිකලා සහ නයනතරා දැන් වැඩ කරන්න චතුරිකා භාග්යා සහ අලුතින් එකතු වුන චතුසි කවීශ හා මගේ යටතේ වැඩ කරන මගේ 25කින් වගේ සමන්විත කම්කරු ජනතාව. අද වෙන කොට මගේ ආයතනය ලංකාවේ ප්‍රධාන පෙලේ ආයතනයක් බවට පත් වෙමින් යනවා ඒ නිසා මම මේකන් ඒ අයට ස්තුති කරන්න අවස්ථාවක් කර ගන්නවා. අන්තිමට කල නොහැක්කක් නොමැත.