loku ptha

loku ptha

Tuesday, October 21, 2025

ආදරේ කියන්නෙ මේ වගේ මනුෂ්‍යත්වයයි.

මාස හයයි — බබාගේ හුස්ම ඇහෙන මොහොත,
ඔබේ බඩ තුළ ජීවිතයක් නටන රහසක්.
ඔයා නටන විට, මට හිතෙන්නේ ආදරේ සංගීතයක්,
සන්සුන් රාත්‍රියක නෙත් දෙකේ බැබලෙන තාරකාවක්. 🌙
ජීවිතේ නව ගමනක සිතුවමක්.
එක් බැලීමකින්ම මට සිතුනේ,
ඔයාත් බබාත් — මගේ ලෝකේම බවක්. 💞
ඔයා මගෙ පෙම්වතියක් විතරක් නෙවෙයි,
මව්වරුන් අතරේ එකක් වෙලා.
ඔයාගේ නටන බඩ දැක්කම,
මට හැඟුණේ — මමත් අම්මාවරුන්ට ආදර කරන තාත්තාක් වෙලා. 🤍
අද මට පෙනෙන රූපය —

ඔබ නටන බඩත් එක්ක සිනාසෙන මනාවි,

ඒ රූපය මට කියනවා —
"ආදරේ කියන්නෙ මේ වගේ මනුෂ්‍යත්වයයි." 🌼
ඔබේ බඩේ රැලි — කලාපටයක් වගේ,

Monday, October 20, 2025

ලංකාව – කදුළු හඬක් අතරේ

රටක් ඉපදිලා ලක්දූපතක් වුනේ,
සුන්දර විට පුරා සිනා මල් විඳිනෙ.
අද ඒ සිනා, කදුළැලි මගින් වසන්,
මැතිවරුන්ගේ කතා විහිළි වදන්.

ආර්ථිකය මැරෙලා — පොකුරේ අන්තේ,
අත් අතර හිස්වී යන රැයද පන්තේ.
කොහේද ඈතේ, රැස් නොවන උදාව,
සිහිනයක් වගේ — රටක හුස්ම හඬාව.

සමාජය බෙදලා පිරිස් පිරිස්,
ආදරය වත් පක්ෂ ලයිස්තුවක් විසිස්.
එත් තවමත් හදවතේ රැඳෙලා එකම බලාපොරොත්තුවක් —
"ලක්දිව සරසවියක් වගේ නැවතත් මල් පිපෙන දවසක්."


Friday, November 24, 2023

හැකිද හිස පිරි මදින්න.

 ඉඩක් ලද විට 
නුඹත් මං ගැන
පුංචි කවියක් හරි
ලියන්න....

මාත් ආසයි
හැඩම කවියක 
පද පෙලක් හෝ
වී හිඳින්න....

දවස කවදදා 
යන්න වෙයි මට
දිනේ කවදද
නොදන්න

වචන නොවුනට
හදවතේ බර 
තිබ්බෙ නෑ මම
දැනෙන්න

මියෙන දවසක 
එපා නුඹෙ නෙත
කඳුළළු බිඳුවක් 
තියන්න....

දුවන් ඇවිදින් 
ළඟින් ඉඳගෙන 
හැකිද
හිස 
පිරිමදින්න......

Thursday, August 4, 2022

ඒකෙ රගේ

 කවුරු මොන බයිලා කිව්වත්

ඒ වේදනාව දන්න එකයි දන්නෙ
ඒකෙ රගේ
අඬන්න ඇති ගොඩක්
හිතන්නත් ඇති ඒ වගේම
හැමෝම ලොරි ටෝක්ස් දුන්නත්.

Tuesday, May 31, 2022

යලිත් නොඑනා බව කියන්නයි, මේ කවිය මම ලියන්නේ……


කියන්නට කිසිවෙක් නැති 

අසන්නට කිසිවෙක් නැති 

අසන්නෙකුට කවුරුත් නැති..

ඉතිං මම යන්නෙමි...

ප්‍රශ්න පිළිතුරු නැතිව 

හැම දෙම හිර කරන්

හිත ඇතුලෙ තෙරෙපමින්.

ඉතිං මම යන්නෙමි...

නිමාවු ඒ වසන්තේ

යලිත් නොඑනා බව කියන්නයි,

මේ කවිය මම ලියන්නෙ


 

Monday, June 14, 2021

ඉවසලා බැරිම තැනත් අන්තිම තත්පරේ පිරිමියෙක් අතඅරිනවා මොන තරම් වටින දෙයක් උණත් ජීවිතේ


ඉවසලා බැරිම තැනත් අන්තිම තත්පරේ
පිරිමියෙක් අතඅරිනවා මොන තරම් වටින දෙයක් උණත් ජීවිතේ

මේ ලෝකයේ බොහෝ පිරිමින් සියදිවි නසා ගන්නේ එකයි.
කොල්ලෝ ඉන්නවා තමන්ගේ
කෙල්ලගේ වැරදි මුළු ලෝකෙන්ම හංගන
මොන අඩු පාඩු තිබුණත් පපුවේ
තියාගෙන පරිස්සම් කරන කෙල්ලෝ හිතන්නෙ 
එයාල පට්ටම හරි එකවත් තේරුම් යන්න 
ඉඩ නොතියන තැන ගොඩක් තියනවා.

අත අරින්නම ඕන තැන්වලත්..
ගිළිහෙන්න නොදී අල්ලගන්න
දන්නවද...?
සමහර කොල්ලෝ ඉන්නවා
කව්රු අකමැති වුණත්..කෙල්ල වෙනුවෙන් හැමතැනකම පෙනී ඉන්න... ඒ කෙල්ලට තනි වෙන තැන් වල ඒ කොල්ල නැත්තන් ඒ කෙල්ල මැරිලා නැත්තන් අසරණ වෙලා පාරට වැටිලා. එහෙම වැටුන අය කොච්චර ඉන්නවද?

තමන් එකම ඇදුම ඇදලා හරි
කෙල්ලට ලස්සනම ඇදුම අරන් දෙන
හිත රිදුණු හැම වෙලාවකම..
කෙල්ලගේ කටහඩ අහලා ආත්මෙම නිවාගන්න හදන
මොන තරම් දුරක හිටියත් බලන්න හිතුණම දුවගෙන ඇවිත් යන.
ඒ කතා කරන වෙලාවට නැත්තන් chat කරන වෙලාවට ඒ කෙල්ල කොල්ලව තේරුම් නොගෙන බොරුවට රණ්ඩු කරනවානං ඒ බලන්න එන වෙලාවට අඩු පාඩුම කියනවනං ඒ කොල්ල තරං අසරණ වෙන කෙනෙක් වෙන නැතුව ඇති.

සමහර කොල්ලෝ ඉන්නවා
කෙල්ල වෙනුවෙන් හැමදෙයක්ම අත අරින...
වෙනදා බීපු සිගරැට් එකින් එක අඩු කරලා
නිතරෝම යන රස්තියාදු ගමන් හෙමි හෙමින් නවත්තළා
කොහෙන් හරි ජොබ් කට්ටක්
හොයාගෙන..දවසම නැහිලා
ඇත්තමයි සමහර කොල්ලෝ ඉන්නවා
කෙල්ලගේ පවුලේ අයත් පෝෂණය කරන ❤
ප්‍රේමයට ජීවිතේම ලියලා
හීන එකින් එකට කොහොමින්
කොහොම හරි පාට පුරවලා
ජීවිතේ පිටුව පිටුව පිළිවෙලට අඩුක් කරලා ගොඩ යන්න
පට්ට ම කට්ටක් කන එත් කෙල්ලට ඕනේ එක රැයෙන්
අහසේ තරු අල්ලන්න නං......

සමහර කොල්ලෝ ඉන්නවා
මං,හැදුනේ ඒකී හින්දා බං කියලා ආඩම්බරෙන් කියන
තමන්ගේ අම්මා අප්පච්චී ට
කෙල්ලව පෙන්නන්න
පාරකදි උණත්,අතින් අල්ලන්
තුරුල් වෙන්න
ජීවිතේ උඩින්ම කෙල්ලවත් තියාගන්න
හැම කොල්ලෙක්ම ආස ඇති
කෙල්ලව දෙවැනි අම්මා කරගන්න
ඒ තරම් කැපකිරීම් කරපු පිරිමි පපුවට
බලාපොරොත්තු පොදි ගහගත්තු
රළු අත් දෙකකට
වංචාවක් කරලා එහෙමත් නැත්තන් අත අරින්න හේතු හොයනවනන්..
කදුළු පුරවද්දී
ඇස් දෙකට
උන්,සාධාරණයි කෙල්ලෝ
විශ්වාස නොකරන එකට...
අයියේ අම්මත් ගෑණියෙක් නේද
ඇහුවට වැඩක්ද
මොන අම්මද බොරුවට ආදරේ කරන්නේ තමන්ගේ පුතාට

Friday, May 14, 2021

බැඳීම්

පට්ට කළුවර වෙලාවට
ලංවිමෙන් විදුලිය විසඳි කරපු වෙලාවක
හැංගිලා තිබ්බ ඉටිපන්දම හොයලා පත්තු කරලා අඳුර නිවපු
ඒ ගිනි කූරම අරන්
පහන් දල්වපු
මිනිස්සුත් හිටියා...
උනුත් තෙල් හොයං තමයි
පහන පත්තු කරේ
එයාලට ඕනි වුණේ
හැමදාම නැති වුණත්
පුළුවන් ලොකු කාලයක්
අපේ ළඟ ඉන්න...
ඒ බැඳීම් අදටත්
ගොඩාක් ආදරණීය යි...