අවුරුදු ගාණකට පස්සෙ ඔයාව දැක්කම මගෙ හිත ආයෙම අතීතයට ගියා.අමතක කරන්න හැදුවට අමතක කරන්න බැරි ඒ දවස සිතුවමක් වගේ දිගහැරෙන්න වුනා.අපේ ආදරේ වෙනුවෙන් මම මොනාද නොකලේ......
"අපි මේක නවත්තමු.."
" මොකක්ද ?...."
"අපේ සම්බන්ධය..."
"ඇයි ඒ?..."
"අපේ ගෙදරින් කැමති නෑ..."
"හේතුව කියන්න පුලුවන්ද ?.."
"ඒක අහන්න එපා මගෙන්.."
"කියන්නකො..."
"අයියේ,තේරුම් ගන්න.ගෙදරින් අහන දේවල් වලට මම මොනවද කියන්නෙ.අනික.....ඔයාල කොහෙද අපි කොහෙද?.."
"හ්ම්.....ඒ කියන්නෙ මම දුප්පත් කියලනෙ .එහෙනම් ඇයි අපි මේ තරම් දුරක් ආවෙ.ඇයි මට ඔයාව තේරුම් ගන්න බැරි වුනේ...."
එදා එහෙම කියල ගිය ඔයාව අද දැක්කට මහා ලොකු වෙනසක් නෑ ඔයාගෙ.මම වාහනේ පාර අයිනෙ නවත්තලා බලන් උන්නෙ ඔයා දරුවත් එක්ක පයින්ම යන දිහාව.මම හැමවෙලාවෙම මගෙ හිතට කියන්නෙ ඔයා දැන් මගෙ නෙවෙයි කියල.ඔයගෙ හිතේ මා ගැන ආදරයක් නෑ කියලා.ඒත් හිත පිලිගන්නෙ නෑ ඒක. මට මගෙ අතින්ම බෙල්ල හිරගන්න බෑ නැත්නම් අද ඔයාව මෙහෙම දකින්න මම නෑ.
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැදලනු හැදුවා.....
පූජාසනයක සදුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට හැදුවා....
කාටත් වරදින එකම වෙලාවක
නැතිබැරිකම ආදරයට පැරදී.....
මමත් රැවටුනා මමත් පැරදුනා
තේරුම් ගන්නට බැරි හදවතකට....
කීවත් මොන දේ සිතට දැනේවිද
සෙනෙහස නැතිනම් කුමටද ලතැවී...
ඔබෙන් වියෝවුනු සිතින් කියනුයේ
සියතින් ගෙලසිඳ මියයනු බැරිකම...
උපුටා ගැනීමකි
No comments:
Post a Comment