අමු දිවුල් ගෙනත් හිරමනේ දා ගාගෙන
දිවුල් සම්බල් හැදූ
ඇඹරැල්ලා, අඹ, වෙරළු විනාකිරිත් සමඟින්
ගල් වංගෙඩියේ දා කොටා අච්චාරු හදා
හැමෝටම කැන්ද කොලේට ටික ටික බෙදූ උඹ . .
සෙල්ලන් ගෙදර බත් මුට්ටියේ බත් උයලා
පරිප්පු එක්ක බත් කෑවා
මාව දමා ගිය දවසේ
මහ පොලොව හෙල්ලුම් කන තරමට
ඊට අවුරුදු එකකට පස්සෙ වුනත්
එලියට ඇහෙන්නේ නැති වුනාට
එදා තරමටම කෑ ගසා අඬන බව
උඹ දන්නෙවත් නෑ අක්කේ . . .
මහා පොලොව දුක් උහුලනවා වගේ
හැම දුකක් වේදනාවක්ම හිනාවෙන් උහුලාන
කිසිම කෙනෙකුට වඩා මාව ලැජ්ජාවක් වුණ
තරහ කාරයටත් මෛත්‍රී කරන
උඹේ හිනා මූන දකින හැම මොහොතකම
මම ඒත් තවමත් දුකෙන් අක්කේ . . .
No comments:
Post a Comment