loku ptha

loku ptha

Tuesday, July 12, 2011

ආදරණිය මහප්පේ


ලස්සනට ටයි එකක් දාලා හැඩ වෙලා නිසලව බලා හිටිය ඔයාව දැක්කම මට අදහ ගන්න බැරි උනා.බලාපොරොත්තු උනේ ඔයා ඔය වගේ එයි අකියල නෙමේ මහප්පේ ඔයා ගොඩක් ආදරේ කරපු අපි හැමෝම ඔයා අසරණ කරා අපේ කොල්ලෝ සෙට් එකේ හැමෝටම හීනයක්ම වෙලා.ඔයා කාටවත්ම නොකියා යන්න ගිහින්.


නිකමටවත් හිතුනෙ නෑ ඔයා අපිව දාලා ආයේ නො එන්නම ගිහින් කියලා.වෙනදා වගේම යාන්තමට හිනා වෙන ඔයාගේ මුහුණ අදත් ඒ වගේමයි.ඔය පරවෙලා කියලා නිකමට වත් හිතුනෙ නෑ.
ඉස්පිරිතලේ ගිහින් ආව ගමන් අම්ම තාත්තා ඇස් වල කදුලු පුරෝගෙන කිව්වා ඔයාට හුගක් අමාරුයි කියලා.ඒත් හිතාගන්න බැරි උනා ඔයාට මොකක් වෙලාද කියලා.
කතා කරන්නේ නෑලු නිදිලු දවස් දෙකයි ගියේ ඔයා ගිහිල්ලා දිවිය ලෝකේ
පොඩි අයියගෙයි නදුන් මල්ලිගෙයි කතාවෙන් තේරුනා ඔයා අපිව දාලා ගිහින් කියලා.එතකොට මම උන්නේ ක්ල්ස් එකේ මටත් නොදැනීම මගේ ඇස් වලට කදුලු ආවා. ක්ලාස් එකෙන් සර්ට කියලා පැන්නා ක්ලාස් එකෙන් ආවා හැටිත් මට මතක නෑ. මට හිතුනෙ නෑ මෙච්චර ඉක්මනට ඔයා අපෙන් සමුගනීවි කියලා.

අපි ඔක්කොම එකතු වෙලා ඔයාට හොද වෙන්න කියලා බෝධි පූජා තිබ්බා.ඒත් ඒ හැම බලාපොත්තුවක්ම අපේ ඉස්සරහ බිදිලා ගිහින්.
ඔයා ආස කරේ මහප්පේ ඉක්මනට ඇවිදින්නනේ මහප්පේ .

මහප්පේ ඔයාට නිවන් සුව මම ප්‍රාර්තනා කරන්නෙ නෑ.ඒ ඔයා අසාවෙන් දැකපු,මවපු ඔයාගේ කොල්ලෝ සෙට් එක රජවෙන දවස දකින්දනේ ඒ හීන මොන ආත්මෙදි හරි ඔයා හැබෑ කරගන්න ඕන නිසා.
මතු හමු වෙනා හැම බවයෙකම මගේම මහප්පා වෙලා ඉපදෙන්න,මේ වගේ අකල් මරණයකට ගොදුරු නොවෙන්න කියලා පතන්නම්.

මීට මාස තුනකට පෙරාතුව ඔයා සදහටම මේ ලෝකෙන් නික්ම යන්න පෙර ඔයාව බලන්න ගිහින් ඇවිත් තමා මේ සටහන් මගේ දිනපොතේ තිබ්බේ.

මහප්පේ ඔයා අපෙන් සමුගෙන මාස 3k වෙලා.මගේ දින පොත අරගෙන ඒකෙන් උපුටගෙන මේ විදියට ඔයාගැන පුන්චි සටහනක් තියන්න හිතුනා FB එක අදටත් මට හිතෙන්නෙ නෑ ඔයා අපි අතර නෑ කියලා.
ඔයාගේ වියෝවීම දරාගන්න බැරිව අඩපු හැමෝටම වඩා මම ඇඩුවා හැමෝටම තාමත් ඔයාව ඔයාගේ ලස්සන හිනාව ඔයාගෙ දගකාරකම් මතක් කරනවා අපේ තාත්තාත්.

1 2 ගණන් කරා ගන්න දන්න කාලේ ඉදන්ම ඔයා ගැන මට තිබුනේ බක්තියක් එක වෙනස් වෙන්නේ නෑ මහප්පේ ඔයාට මාව unsure උනාට මට ඔයා sure ම sure.ඔයා අපි අතරින් සමුගෙන මාස 3ක් වෙලා.එත් ඔයා තාමත් ජීවත් වෙලා ඉන්නවා වගේ මට දැනෙන්නෙ.සුව කරන්න බැරි රෝගයකින් ඔයා දුක් විදලා අන්තිමට අපිටත් නොකියාම ගියා.

මේ ලෝකේ කාටවත්ම මේ වගේ දරුණු ලෙඩක් හැදෙන්න එපා කියලා ප්‍රාර්තනා කරනවා.එක පාර මිය යනවා වගේ නෙවෙයි මැරී මැරී ජීවත් වෙන එක.ඒක දරාගන්න අමාරුයි.
අපේ ජීවිතේ සොදුරුතම කාලයේදි අපි අතරින් සමුගත් ආදරණීය මහප්පේ සිටිනා ලොවක සතුටින් ජිවත් වෙන්න කියලා අදත් මම ප්‍රාර්තනා කරනවා