loku ptha

loku ptha

Wednesday, June 25, 2014

ගොඩක් අය කියන්නේ චුලා කියලා කෙල්ලෝ ආදරේට කියන්නේ චුල් කියලා උගේ කැල්ල ආදරේට කිව්වේ මගේ ආදර බොලේ කැටේ කියලා

නිකංම නිකං මේ කතාවක් නෙමේ මගේ හොද යාලුවෙක් උන්න දුමිදු කියල ගොඩක් අය කියන්නේ චුලා කියලා කෙල්ලෝ ආදරේට කියන්නේ චුල් කියලා උගේ කැල්ල ආදරේට කිව්වේ මගේ ආදර බොලේ කැටේ කියලා මොකද කැල්ල ක්‍රිකට් වලට පට්ට අසයි එක හින්ද කියල තමා එහෙම කියන්නේ කියලා චුලම තමා අපිට එහෙම කිව්වේ ආදරේට එයාට එහෙම හරි හිතුනනං ඉතිං ඒකෙත් වරදක් නැහැ.. එත් ඔය චුලා කියන name එක හැදුනා විදිහ ඔයාලා දන්නේ නෑ මම අද මේ කියන්න දගලන්නේ අන්න කතාව ඔන්න බලාපොරොත්තුවෙන් ඉන්නකෝ 

ඒක වෙන්නේ මෙහෙමයි ඕං...

මගේ යාළු චුලා ඉන්නවා. පොර මාර කියන්නේ මාරයි.භූගෝල විද්‍යාව ඌට දෙයක්ම නැ සමහර දවස්වලට උ දෙන උත්තර වලට අපිට උගන්නපු ලතා ටිචත් බය වෙලා බලන් ඉන්නවා ඒ විතරක් නමේ අපිට අදහගන්න බෑ ඒ උත්තර අපි එහෙමනං කොර වෙනවා ඇයි ඒ තරමට උට පුළුවන් අපේ ආර්ට් අකේ උන්න දක්ෂම දක්ෂයෙක් උ දුන්න උත්තර වලට අනිවා උ cmpaz යන්න ඕනේ උගේ කරුමෙද රටේ වාසනාවද මන්ද එහෙම වුනේ නෑ ඔන්න ඕක පිටිපස්සේ අපි ඉතින් වැටිලා හිටිය මොකෝ මේ වගේ පොරක් එක්ක ඉන්න එක AL වලදී උත්තරයක් හරි අහ ගන්න පුළුවන්නේ කියල හිතලා


මොන තරං ලතා මිස් ආදරේද කියලා කියන්නේ දෙමව්පිය රැස්වීමේදී භූ ගෝලය මිස් "ඒකනායකගේ අම්මයි තාත්තයි කෝ මාව අනිවාර්යෙන්ම හම්බෙන්න කියන්න " කියා කියා හොයනවා අයි ඉතින් මු මාරම පොරක්නේ එත් හොදම කතාව කියන්නේ අපිට එදා තිබුනේ lab එකේ ඉගන ගන්න ඉතින් අපි එකට ගිහින් ඔන්න එනවා පපුකුහරේ පත්තු වේවි වෙන මොනවත් හින්ද නමේ අද අම්මලා තාත්තලා ඇවිත් ඇති ඔක්කොගෙම කියල කියලා එක ළමයෙක්ගේ ගෙදරින් අම්මා හෝ තාත්තා අපෙත් අවේ තාත්තා ඔන්න හෙමින් අඩිය තිය තිය අපි ගියා පන්තියට චුලාගේ ඇස දෙකම තිබ්බේ මිහිපිට නෙමේ ක්ලාන්ත වෙන්න ඔන්න මෙන්න මම හෙමිට කිට්ටු කරලා ඇහුවා මොකෝ චුලෝ ඇස දෙකම උඩ ගිහින්" චුලා ගේ ඇගේම දාඩිය ගලනව " මලියෝ අපේ අම්මයි තාත්ති දෙන්නම ඇවිත් බන් " අනේ අනිච්චේ සංසාරේ කියලා අපි ඔක්කොටම සතුටු හිතුනා අයි ඉතින් චුලගේ අම්මයි තාත්තයි භූ ගෝලය මිස් හම්බුනොත් අපිට දානයක් අනිවා සෙට් වෙනවා වෙනවා වෙනවආආආආමයි චුලාගේ රේල් පාරේ වැටුන කාසිය වගේ ගැහෙනවා ගැහෙනවා ගැහෙනවා

අපි ඉතින් ඔහොම ඉන්නවකොට භූ ගෝලය මිස්

කෝ මේ ඒකනායකගේ ගෙදරින්
ඇවිල්ලද යන්න කලින් මාව හම්බෙන්න කියන්න එත් වැඩේ කියන්නේ චුලා අම්මලාව කොහොම හරි හරවල ගෙදර යවලා එදා බැරිවෙලාවත් අම්මයි තාත්තයි හම්බුනනන් භූ ගෝලය මිස් ව ගෙදරින් බත් කන්න වෙන්නේ නැ

ඔහොම අපේ ජීවිතේ සුන්දරම කලේ සුන්දර විදිහට ගෙවන ඒවගේ අත්දෙකිම් මතකයන් කවදාවත්ම අමතක වෙන්නේ නැ ඒ තරං පිස්සු ජීවිතයක්

චුලා මේ චුලාට චුලා කියලා නම හැදුන විදිහ ඔන්න එකෝමත් එක කලෙක අපි ගියා භූ ගෝලය පන්තියකට ඔන්න ඉතින් අපි ඒ භූ ගෝලය පන්තියට ගිහින් එන්නකොට දුමිදුට ඕනේ උන සින්දුවක් ( චු බරක් අවම අපි ක්ව්වෙ සින්දුවක් කියන්න යනවා කියලා ) කියන්න එලියට යන්න ඉතින් කොහේ යන්නද මොන කියල යන්නද මේ යකෝ අමාරුවෙන් දත්මිටි කාගෙන ඉන්නවා දෙපෙත්තේ ඉන්නේ මමයි ආසනයයි චුලා කෙදිරි ග ග මොනවදූ කියන්න හදනවා කියා හදනවා හදනවා කියා ගන්න බෑ ඒ තරං අමාරුයි මෙහෙම අමාරුවෙන් චුලා කියනවා මලියෝ මට ඉන්න බැ කියල පස්සේ අපි සර් ට කතා කරලා ගිය චුලා හෙනම හැපී පොර වගේ නැගිටලා ගියා ගිහින් සින්දුව කියල එනකොට අපි ඔක්කොම එළියේ චුලත් එනවා රටක් රාජ්ජයක් හම්බුනා වගේ ගෙදර වැඩ කරන් අවේ නැති උන් ඔක්කොම එළියේ පස්සේ ඔන්න තුලට ගත්ත ටිකක් වෙලා ගිහින්

ආවා ඇවිත් වාඩි ඉන්නකොට සර් ඇහුව " චුලා පුතා " අමාරුව සනීපද කියලා
මුළු පන්තියේ උන්න කෙල්ලෝ ඔක්කොම වගේ චුලා දිහා
බලනවා පොලව පලාගෙන යන්න තරඟ හිත එත් මේ අවනඩුව කාට කියන්නද චුලා එදා ඉදන් චුලා උනා අදටත් උ චුලම තමා

මු ගැන කියන්න ගියොත් පිටු මදි ඒ තරං කතා හ්ම්ම්ම්ම්ම්ම් දැන් අයේ ඒ කාලේ එන්නේ න චුලා ජපානේ අපි ලංකාවේ අපි අපේ ලෝක වල තනිවෙලා මතකයන් මතක් කර කර එකට එක හිනා වෙනවා තනියම අනේ අපිට එකම එක දවසක් හම්බුනොත් පරණ කතා මතක් කර කර හිනා වෙන්න දොඩමලු වෙන්න එකට එකා කපා ගන්න අයේ

ජීවිතේ හරිම සුන්දරයි

Monday, June 23, 2014

ජීවිතයම හීනය කැයි කියා හිතෙනවා

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..//
සරලත්වය තුලින් අති විශිෂ්ට ගී පද බිහි කල ප්‍රේමකීර්ති මහතාගේ ජනප්‍රිය ගීත ලයිස්තුවේ පෙරමුණේ තිබෙන ගීතයක් ලෙස “මේ නගරය” ගීතය පෙන්වා දිය හැකිය. ගීතය තුල යෙදී ඇත්තේ අතිශය සරල පද මාලාවකි. ගීතය තුලින් කියවෙන්නේ පේරාදෙණිය සරසවිය තුල දළුලා වැඩුණු ප්‍රේම වෘතාන්ත්‍රයක දුක්මුසු අවසානයක් පිළිබඳවයි. සැබවින්ම එකී ප්‍රේමයට මහනුවර නගරයේ සීමාවෙන් ඔබ්බට යන්නට මොනයම් හෝ හේතුවක් නිසා අවසර ලැබී නොමැත. ඔවුන් මුන ගැසුණු නගරයේම ඔවුන්ගේ වෙන් වීමත් සිදුව ඇත.
වැව් ඉවුරේ දිය රළ
පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතිවත්
නව දලු ලනවා
සරසවි බිම කඳුරැල්ලෙන්
එතෙර පේනවා
ඔබත් එක්ක ආයෙත් එහි
යන්න හිතෙනවා
ඔවුන්ගේ ප්‍රේමය අවසන් වූ නමුත් නගරය තුල ඔවුන්ගේ මතක අතර ඇති කිසිවක් නොවෙනස්ව පවතියි. පෙම්වතා සිය අතීත ප්‍රේමය තුල තනි වී මතක අතර සැරිසරයි. පෙර පෙම්වතිය හා යලිත් සරසවි බිම තුල පියමන් කිරීමට, දොඩමලු වීමට ඔහු තුල අහිංසක ආශාවක් මැවෙයි.

ඔබ අතගෙන ගිය වීදියෙ
ඈ හා යනවා
පුංචි පුතා අතැඟිල්ලේ
එල්ලී යනවා
ඒ කාලේ පැතූ පැතුම්
යළි සිහි වෙනවා
ජීවිතයම හීනය කැයි
කියා හිතෙනවා
මේ පෙම්වතා දැන් විවාහකයි. ඔහු පියෙක්. අතීත පෙම්වතිය හා ගිය වීදියේ ඔහු දැන් සක්මන් කරන්නේ සිය බිරිඳ හා කුඩා පුතු සමගින්. එකල ඇය සමග පැතූ පැතුම් ඔහුට සිහි ගැන්වෙනවා. ඒ පැතුම් ඉටු නොවීම තුල ඔහුගේ සිතේ ඇති වෙන්නේ අපරිමිත දුකක්. ජීවිතයම හැබෑවක් නොවෙයි සිහිනයක් යැයි සිතමින් ඔහු සිය දුක තුනී කර ගන්නට උත්සහ කරනවා.
ගීතය අසන්නෙකු සැබවින්ම මේ ගීතය තුල මොහොතකට හෝ අනිවාර්යයෙන්ම ජීවත් වනවා. ගීතය තුල පෙම්වතාගේ අත්දකීම් රසික අත්දැකීම් හා මුසු වන්නට ප්‍රේමකීර්ති මහතාගේ සරල පදවැල් ප්‍රධානතම හේතුවක් වනවා.
ගායනය හා සංගීතය : මර්වින් පෙරේරා
පද : ප්‍රේමකීර්ති ද අල්විස්

Saturday, June 21, 2014

ඉන්නකොට පේනකොට අගයක් නොදැනෙන හිස් තැනක් මැද්දේ අපි එකට කිව්වේ ජීවිතය කියලා

                 අතීතය වගේම වර්තමානෙත් මන් ගැන මටම කල කිරෙනවා ජීවිතේ ගැන සතුටෙන් හිතන්න හදනකොටම කොහේදෝ ඉදන් කල කිරීමක් හිතට එනවා කණගාටුවක්. මම ඒ කනගාටුවත් එක්ක අතීතය සැරිසරනවා. එහෙම අතීතෙට යද්දී එක තැනක මන් නතර වෙනවා. ඔයා මට හිනා වෙනවා මගේ ඇස් වලින් පල යන්න හදනවා ඔයා හිනා වෙනවා. දවසක් මන් ඔයාගේ ෆොටෝ එකක් හොරෙන් ප්‍රින්ට් කරලා. ලග තියා ගත්තා පස්සේ ඒ ෆොටෝ ඔක්කොම ගම්පහ සරසවිය උඩදී ඔයාට දීලා මන් සරසවියෙන් එන්න ආවා.

දැන් ඔයාට හිතෙයි මට සමාවෙන්න කියන්න ඒත් දැන් සමාව අරං මොනවා කරන්නද ඒ හැමදෙයක්ම වෙලා හුගක් කල් අදටත් මගේ හිතේ ඇදිච්ච ඔයාගේ රුපයක් නිසා පින්තුරයක් මං ලග නැ. එහෙම උනයි කියලා කවදාවත් මන් ඔයාව අමතක කරේ නැ හැබැයි මන් තෙරුන්ගත්තා. මන් තෙරුන් ගත්තා. ඔයා කවදාවත් මට ආදරේ නොකළ බව ඔයාගේ අවශ්‍යතා වලට විතරක් මාව ලගින් තියා ගන්න උවමනා කර බව එත් ඔයා ජීවිතේ කවදාවත් අමතක කරන්න එපා මන් ඔයාට ආදරේ කල බව මන් ඔයාට හැමදාමත් ආදරේ කල බව අදටත් මන් ඔයාව නිරන්තරයෙන් මතක් කරනවා.
ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් මොහොතවල් උදාවෙන්නේ කියන්නෙත් නැතුව මන් ඔයාව පංතියකදී මුණ ගැහුන දවසේ තමා මගේ ජීවිතේ වෙනස් වුනේ. මගේ හිත ආදරයක් වෙනුවෙන් ඉඩක් ඉල්ලුවේ
හැමදාම මන් හිතුවේ මන් ආදරේ කරන්න ඕනේ හිනා වෙනකොට මුණ වල ගැහුනා හිනා වෙන ඇස් දෙකක් තියන කෙනෙක්ට කියලා ඒ හැමදෙයක්ම ඔය ලග තිබ්බා
එකපාරට එක දවසක් අපි හිටිය පන්තියට හිකි හිකි ගා ගා කෙල්ලෝ තුන්දෙනෙක් කඩාගෙන පාත් වුනා. එක්කෙනෙක් දිල්හානි අනිත් කෙනා දුහානි අනිත් කෙනා තමා ඔයා

පන්තියේ එක එක පාඩමෙන් පාඩම උගන්නනකොට ඔයාගේ ඇස් මාව හින ලෝකෙකට එක්කගෙන ගියා.
මන් ලොකු හීන ගොඩක් දැක්කා එත් ඒ එකම හීනේ ඔයා සතියකට දවසක් ගානේ ඔයාව මට අවුරුද්දක් දෙකක් පුරාවටම මුණ ගැහුනාඅපි හැමදාම ආවේ එකම පන්තියට නිසා නිතර නිතර මුණ ගැහෙන්න පුළුවන් වුනා. ඔයා ඉතිහාසේ පන්ති ඉවර වෙන වෙලාවල් ඔයාගෙ යාලුවගෙන් අහගෙන හැමෝටම හොරෙන් පංති ඉවර වෙලා යනවා බලන් හිටියා අදටත් මං එක නොකියපු කතාවක්.එක කව්රුත්ම දන්නේනැති කතාවක්
ඇත්තටම මන් දැන් නින්දක් නැතුව තුන්තිස් පැයේම වැඩ කරනවා කරා ඒ හැමදේම ඔයාව හිතෙන් අයින්ම කරලා දන්නා කියලා එත් තාමත් ඒක කර ගන්න බැරි උනා ඒත් එක දවසක් ඔයා මාව මුහුණු පොතෙනුත් අයින් කරලා තිබ්බා මට ගොඩක් දුක හිතුනා මන් ඔයාව block කරලා දැම්මා.
මටත් ඕන වුනේ ඇස් රිදෙන හිත රිද්දන ඇගේ රූපේ මගේ ඉස්සරහ නිතර නිතර පෙන එක නවත්ත ගන්නයි එත් හිත ඇතුලෙන් ආදරේ හඩා වැටේවි
අද රෑ පායලා තියන තරු දාහක් මැද්දේ මම හැමදාම දැකපු තරුවක් වෙලා තනි තරුවක් වෙලා හිත රිදුනත් යන්න කලේ ඇවිත් සමහර වෙලාවට මන් ගියාට පස්සේ ඔයාට පුළුවන් මේක බලලා හිත රිදුනේ නෑ වගේ හිනා වෙන්න
මන් එච්චර නපුරු නෑ ඔයාට හිතෙයි එහෙම එත් මම කවදාවත් කියලා නෑ ඔයා නපුරු නෑ කියලා කොහොම උනත් වෙන් වෙන්න කලේ ආවම වෙන් වෙන්න වෙනවා එත් මන් අද වෙන් වෙන්නේ එදා වගේ කදුලකින් සුසුමකින්වත් හිත රිද්ද ගන්නේ නැතුව
ඉන්නකොට පේනකොට අගයක් නොදැනෙන හිස් තැනක් මැද්දේ අපි එකට කිව්වේ ජීවිතය කියලා