loku ptha

loku ptha

Wednesday, May 28, 2014

සංසාරේ තවත් එක දොරටුවක් බලා

හැමෝටම ජීවත් වෙන්න
හැමෝටම ජීවිතේ දකින්න
කියලා දුන්න මට
අද ජීවිත් වෙන එකත්
ජීවිතේත් එපා වෙලා
මේ බව දුකෙන් මිදිලා
සංසාරේ තවත් එක දොරටුවක් බලා
ගමන් අරබන්න මන් පෙත් හොයන ගමන්
කදුලට සිනහවෙන් පිළිතුරු ලිව්වා
කාටත් හොරා කාලය එලබිලා
නික්මෙන්න ජීවිතෙන් නොව බව කතරින්
පිළිතුරු ලියන්න හිනාවට අදහස් වචන කල අයටත්
කල උදව්ට අමතක කර
ප්‍රචණ්ඩත්වයෙන් ගිනි අමෝරා කළගුණ සැලකු
සියල්ලන්ට තුති පුදමි
පිහිටක් නැති
සරණක් නැති
මේ සසර දනව්වේ......
අපි අසරණ වෙලා වගේ
හිතට දැනෙනවා.....
බුදු හාමුදුරුවනේ

Saturday, May 3, 2014

සමනළයා මල හා ළමයා සේ.....

සමනළයා මල හා ළමයා සේ.....

ගීතය අසන්නෙකුට මනසේ මැවෙන්නේ කෙළිදෙලෙන් කල් ගෙවන ළමයෙකුගේ චිත්ත රූපයක්. බහුතර රසික පිරිසකට එය එසේ වුවත් මේ ගීතයේද විශාල වටිනාකමකින් යුතු අරුතක් ගැබ් 
වෙලා තිබෙනවා...

සමනළයා මල හා ළමයා සේ
බාල ළමා වයසේ
පෙර තිදෙනා සිටියේ එක යායේ
ජීවිතයේ අරුමේ..

සමනලයා, මල , ළමයා යන පද ත්‍රිත්වයේ භාවිතාව ගීතය පුරාවටම යෙදෙන නිසා ඒ පිළිබඳව ප්‍රථමයෙන් විමසා බැලීමක් සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ.. ළමයාට මලකින් ඇති ප්‍රයෝජනය කුමක්ද..? සමනලයාට ඇති ප්‍රයෝජනය..? සමනලයා මලෙන් රොන් උරා බී මල තනි කොට තවත් මලකට ඉගිල යයි. නමුත් ළමයා මලෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මලට සිය අසීමිත ආදරය දැක්වීමයි..
සරලවම ගීතයෙන් කියවෙන්නේ චරිත ත්‍රිත්වයක් ගැනයි. මලකට සමාන කොට තිබෙන්නේ රුවැති, ප්‍රේමයට අත්පොත් තැබීමට සැරසෙන යව්වනියක්. මැයට ඉමහත් ලෙස ආදරය කරන තරුණයෙක් මෙහි දෙවැනි චරිතය වෙනවා. ළමයාට සමාන කරන්නේ එකී තරුනයාවයි.. එනමුත් තරුණියගේ සිතේ මේ තරුණයා කෙරෙහි ආදරයෙන් බැඳීමට තරම් කැමැත්තක් තිබුනේ නෑ. ඇගේ සිතගොස් තිබුණු තවත් තරුණයෙක් ගීතයේ තෙවැනි චරිතය වනවා..ඔහුව රචකයා සමාන කරන්නේ සමනලයාට.. සමනලයා මල කෙරෙහි ආදරයක් නොතිබුන අතර එකම අරමුණ වුනේ පෙර කී පරිදිම මලෙන් රොන් බී මල තනි කර යෑමයි...

සමනලයා, මල හා ළමයා ජීවිතය ගැන හරි හැටි අවබෝධ නොගත් කාලයේ එක්ව කාලය ගත කරා.. පුදුමාකාර ජීවිතය තුල මේ චරිත තුන තව දුරටත් එක්ව හිඳින්නේ නෑ..

මලට වසා පැණි බී රිසි සේමා
සමනළයා පියැඹූ දවසේ
ඒ මල ගාවා ඒ පොඩි ළමයා
දෑස වසා සිටියා.....
තරුණියට ආදරය නොදක්වන, එහෙත් තරුණියගේ ආදරය දිනා ගත ව්‍යාජ පෙම්වතා හෙවත් සමනලයා සිය අරමුණ ඉටු කර ගත පසු මල තනි කර යන්නට යනවා.. එය එසේ සිදු වුනත් තරුණිය තනි නොකරන, ඇයට සැබෑ ලෙසම ආදරය කරන තරුණයා කිසිවක් නොදුටු ලෙස සිටින්නේ ඇයට තියන අසීමිත ආදරය නිසාම විය යුතුය..

මලට නොවේ දැණුනේ දුක කාගේ
පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
ඒ මල නොදනී ඒ මල පරවී
සමනළයා කොතැනේ....
තරුණිය කෙරෙහි සැබෑ ලෙසම ආදරය කරන තරුණයා ගැන පෙර සිටම ඇය දැන සිටියත්, ඇය නිසා ඔහුට දුකක් උරුම වන බව ඇය දැන සිටියත් ඒ කිසිවකින් ඇයට පලක් වුනේ නෑ. ඇගෙන් සිය අරමුණු ඉටු කර ගත් ව්‍යාජ ආදරවන්තයා ඇය තනි කර ඉගිලී යනවිටත් ඇයට නොදැනීම ඇය බොහෝ ප්‍රමාද වී හමාරයි.. තවමත් ඇගේ දුක දැනෙන සැබෑ පෙම්වතා ඈ වෙනුවෙන් හඬත්දී ගීත රචකයා පැනයක් ලෙස “පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ” යන යෙදුම භාවිතා කරන්නේ නැවත වරක් ඇයට සැබෑ ලෙසම ආදරය කරන පෙම්වතාගේ ආදරයේ තරම රසිකයාට පසක් කරවීමට මෙනි...

ගීතයට භාවිතා වන්නේ ඉතාමත් සරල පද පමණකි. නමුත් ගම්‍ය වන අරුත ඔබ, මා සැබෑ ලෙස දකින ජීවිතයේ තවත් එක් යතාර්තවාදී පැතිකඩකි. පුදුම වීමට කරුණක් නොමැත. මේ ගීතයේද රචකයා වන්නේ ඔහුමයි.ඔහු නමින් ප්‍රේමකීර්ති ද අල්විස් .!!