loku ptha

loku ptha

Sunday, September 7, 2014

SL Amu Miris Challenge | අමු මිරිස් චැලේන්ජ් 2014

අයිස් බකට් අභියෝගය වෙනුවට අපේ රටට ගැලපෙන ආකාරයේ උපකාරාත්මක ක්‍රියාවක් සිදු කිරීමට මුහුණු පොතේ පිරිසක්උත්සාහ ගනිමින් සිටී.වකුගඩු රෝගීන් වෙනුවෙන් අරමුදල් එකතු කිරීමඋදෙසා SLAmumirischallenge ලෙස ඔවුන් මෙය හ‍ඳුන්වා දෙයි. මෙහිදී අභියෝගය වන්නේ අභියෝගය භාරගනු ලබන තැනැත්තා විසින්

අමුමිරිස් කරල් තුනක් කා දැමිය යුතු වීමය. 
‘රජරටවකුගඩු රෝගීන් මේ වෙනකොට 20,000ක් ඉන්නවා. ඒ අතර ඉන්න අයගෙන් හැමදාමදෙදෙනෙක් මිය යනවා කියලයි කියන්නේ. මේකට හේතුව වෙන්නේ බැර ලෝහ දීර්ඝ කාලීනවශරීර ගත වීම කියලයි ඒ ගැන පරීක්ෂණ කරන විශේෂඥයෝ කියන්නේ.... මේ රෝගයට වැඩිහරියක් ගොදුරු උනේ රටට බත සපයපු ගොවියෝ බව අපි කාටවත් රහසක් නෙමේ...අපිහැමෝම ඒ අය වවපු ගොයමෙන් ගත්තු වී වලින් ජීවිතේ එක දවසක් හරි බත් කාල ඇති. මේඅපේම රටේ මිනිස්සු වෙනුවෙන් අපිත් අපිට හැකි දෙයක් කරන්න ඕනේ කියන අදහසගොඩ දෙනෙක්ගේ හිත් තුළ තියෙනවා කියන එක අපි දන්නවා...#ALSIceBucketChallenge එක ජනප්‍රියව තියෙන මේ වෙලාවේ අපි හිතුවා නාලානෙමේ කාලා challenge කරන්න... අපේම මිනිස්සු වෙනුවෙන්.#SLAmuMirisChallenge එක අපි කරන්නේ රජරට වකුගඩු රෝගයෙන් පීඩා විඳිනඅපේම මිනිස්සු වෙනුවෙන්... එයාලට සරණක්Rasika වෙන්න’යනුවෙන් මෙහි සංවිධායක රසික නානායක්කාර පවසයි.
‘ඒවගේම මේ එකතු වෙන මුදල් ඉතාම පැහැදිලි සහ විනිවිද පෙනෙන ආකාරයට රජරටවකුගඩු රෝගීන් සඳහා ලබාදීමේ වැඩපිළිවෙලකුත් අපි විසින් මේ වනවිටත්සිදුකරගෙන යනවා... අරමුදල තැන්පත් කළයුතු බැංකු ගිණුම් අංකය සහ ඒ සම්බන්ධවැඩි විස්තර ඉඳිරියේදී ඔබවෙත ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා...
හරි...
එහෙනං අපි එකතු වෙමු...
අපේම මිනිසුන් වෙනුවෙන් අපි අභියෝග කරමු...
වකුගඩු රෝගයෙන් පීඩාවිඳින අපේම මිනිසුන් වෙනුවෙන් අපි එකතු වෙමු.’යනුවෙන් රසික පවසයි.


https://www.youtube.com/watch?v=l8GAW7JVUuw&feature=share