loku ptha

loku ptha

Sunday, May 7, 2017

චූටි කාලේ



ගේ ජීවිතයට තාත්තට වඩා හුගාක් ළං උන මගේ අම්මට ... මට මතකයි චූටි කාලේ තාත්තා ඔෆිස් යන්න හදනවට මම කැමති නැ තාත්තා මම හිතන්නේ තාත්තත් කැමති නැතුව ඉන්න ඇති මම ඒ තරඟ තරහයි එයා office යනවට ගිහා
ම යන්න බයිසිකලේට නැග්ග වෙලේ ඉදන් මම අඩනවා. මන් අඩන එක නවත්තන්න අපේ සියා ආච්චි අම්මා එහා ගෙදර නිලූ අක්කා මාර ගේමක් තමයි දෙන්නේ ඒ තරමට ගෝරි සියා නං මට පට්ට මහා දවල් හඳ පෙනන්ඩ හදලා. අද සියා ආච්චි අපි එක්ක නෑ. ඉතින්

තාත්තා ගෙදර එනකොට මාර මාර ජාති සෙල්ලම්බඩු මට ගෙනත් දෙනවා බොරු කියන්න ඕනේ නැ මගේ 13 උපන්දිනේටත් මට අරන් දුන්නේ බැකෝ එකක්. අම්මත් ඒ වගේ පොඩි කාලේ එක වසරේදී ඉස්කෝලේ හරි මොන්ටිසෝරියේ හරි ළමයෙකුට ගලකින් ගහලා ඒ ලමයව ඒ ළමයාගේ අම්ම ලොකු ටිචට මන් ගැන කියන්න ඔෆිස් එකට ගියා මම ගිහින් හැඟුනා බයට. අම්ම මුළු ඉස්කෝලෙම මාව හොයලා. මාව හොයා ගත්තේ ටීචර් කෙනෙක් ඉස්කෝලේ ඉදන් ගෙදර එනකන් මග දිගට අම්මා ආවේ අඬ අඬ.

අද මගේ කකුල කැඩිලා මාස තුනක් තිස්සේ අදට වෙලා ඉන්නකොට මන් ලග හිටියේ මගේ අම්මයි තාත්තයි ඒ වගේම පුළුවන් හැම වෙලේම හොයලා බැලුවා මට අලුතෙන් හම්බුනා මගේ නංගිගේ (gf ) අම්මයි තාත්තයි. නම් වශයෙන් නොකීවත් මන් එක්ක ගොඩක් කට්ටිය හිටියා එත් මෙතන පදනම අම්මයි තාත්තයි. මම මේ සින්දු දෙක දන්නේ එයාලටයි මේ ලෝකේ හැම අම්මකෙනේකුටමයි හැම තත්තකෙනේකුටමයි උපහාරයක් වෙන්න කියලා. 


මොකද මේ මුසල රාත්‍රියේ පලුවයි තනිකමයි මට ගොඩක් දැනුන, ගොඩක් අවස්ථාවල් වල ගොඩක් අය මාව තනිකරලා තිබ්බට මම දන්නවා කොයිම වෙලාවකවත් අම්මයි තාත්තයි මාව තනිකරලා නෑ කියලා.

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ...
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...

ආද‍රයේ උල්පත වූ...//

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා...

ආදරයේ උල්පත වූ...//


හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ..
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ..
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි..
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ..

ආදර මගෙ තාත්තේ...////

දරදඬු හිත මගේ - අයාලෙ ගිය දිනේ..
කඳුලැල් මොනතරම් - පිරුනද ඔය නෙතේ..
ඒ ඔවදන් මා සුමඟට - ගෙන මිස නෑ හැර ගියේ..
අද මා සිටිනා තැන දැක - සතුටින් අවවාද දේ..
හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..

හිමාලෙට වඩා උසයි...

කරදර ආ මගේ - නොබියව ලඟ හිදී..
දියුණුව දැක මගේ - ආශිර්වාද දේ..
නොදකින දෙවියන් වැන්දද - ඔබමයි දෙවියන් වුනේ..
උපදින හැම භවයකදිම - වෙන්නද මම පුතු ඔබේ..
හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..