loku ptha

loku ptha

Monday, December 23, 2013

අද මම දිනුන් 1/2 එත් පරාදයි....

සමහර දේවල් කවදා හරි මට උනත් දාලා යන්න වෙනවා ඒ වෙලාවට යටි හිත මගෙන් අහනවා ඔයාට මොනාද දාලා යන්න ඕනේ කියලා. අද මට හිතෙනවා ඇත්තටම මම ඔයාට ආදරේ කරද්දීත් ඔයාගේ අර්තමර්තයට ඔයා මාව අත ඇරලා දැම්මා නේද කියලා?? ඔයා කොහේ හරි ඉදලා හිතයි ඔයා මාව අත ඇරලා දැම්මේ මට වඩා පෝසත් දේවල් හොයන්න ඕනේ නිසා නේද කියලා හිතට තට්ටු කරලා අහන්න.

වෙලාවක ඔයාට හිතෙයි ඔයාට ඔයා හෙව්වා පෝසත් දේවල් එක්ක  ඔයාට ඔයාවත් නැති උනා නේද කියලා.

මම කාර්යාල කබරේට වෙලා  ජනේලෙන් එලිය බලලා මහා විදිය දිහා බලාගෙන හිතුවා මම ඔයාට ආදරේ කරේ ඇයි කියලා. ආදරේ කරේ මොන කලේද කියලා

ඒ දවස් වලා මගී හීනෙ වෙලා තිබ්බේ හැමෝම කිව්වා ලොකු බිල්ඩින් ගොඩක් තියන කොන්ක්‍රීට් වනන්තරේක තනි වෙන්නේ. ඒ ආවා කියලා කොන්ක්‍රීට් නගරේ අපේ වයසේ කොල්ලෝ කෙල්ලෝ අතින් අල්ලන් යනවා බලන් ඉදලා මමත් යනවා ආයේ වැඩට

මම අපේ අලුත් ගෙදර උඩට ගිහින් පරණ දින පොත කියෙව්වා මටම හිනා ඔයා හින්ද කාපු ටකරන්  මතක් වෙලා පස්සේ හිතුනා දැන් ඕව හිතලා වැඩක් නෑ අද මම ආපහු හැරෙන්න බැරි තරන් දුර ඇවිත් දන් ඉතින් මම මගේ ගමන මගේ පාඩුවේ යනවා.


මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති.....
මේ අයුරින් අපි දවසක් දා සසර මඟදි වෙන් වෙන්න ඇති

සාලිය මාලා පෙම් බැදි දා මම සිටු කුමරෙක් වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ මේ ලෙස මට රිදවන්න ඇති

ආත්ම ගනනක් ඔබ පය පාමුල මගෙ කඳුලෙන් සේදෙන්න ඇති
එදත් මගේ පෙම් ආයචනයට අද මෙන් ඔබ හිනහෙන්න ඇති....

ඒත් එක දෙයක් කියන්න ඕනේ එච්චර ලස්සන නැති ලස්සන හදවතක් ඇති මම ගොඩක් දේවල් හිතුවා ඔයා හම්බුනේ නැත්තේ මට එක්කෝ මට ලැබීම නැත්තන් ඔයාගේ නොලැබීම

කොහොම හරි මම ඔයාගේ ආදරේ අමතක කරලා මගේ ජීවිතේ හොයාගෙන මේ කොන්ක්‍රීට් එක්ක තනි උනා එත් මගේ හීනෙ හැබෑ  කර ගන්න මගේ කියලා නමක් හදා ගන්න හැබැයි අද මම මගේ කියලා නමක් හදා ගන්න පුළුවන් උන. එකට මට හයියක් ඔයාගෙන් හම්බුනේ නෑ එත් ඔයාගේ යාලුවෙක් මට මේ තැනට එන්න කියලා පාර හැදුවා. අද මම දිනුන් 1/2 එත් පරාදයි......

අද මට කව්රු හරි මට ආදරේ කරයි එත් ඒ අද මම ඉන්න තැනට ...