loku ptha

loku ptha

Tuesday, June 9, 2015

අද වෙනකන් තෙරුන් නොගත්ත වටහා නොගත්ත කියා ගන්න බැරි වුන විශ්වාස නොකරපු ආදරයක් ඒකපාර්ශික ආදරයක්.

මම බලන් හිටියා එදා වගේම අදත් අහසේ පාට ගහකොළ වල පාට ඉර එළියේ හිනාව සුලන් හෙමිට කොදුරමින් යන ඒ කෙදීරිල්ල.

එදා සුදත් විදෙව්වේ නැ හැමදාම දම්මිගේ ආදරේ විදගත්තා
කසුන් අඩුවේ නැ සුදු නංගිගේ ආදරේ වෙනුවෙන් කදුලක් වැටෙන්න ඉඩ ඇරියා විතරයි.
ඒකපාර්ශිකව ගලාගෙන ගිය ආදරයක් දිහා ඔයා කොච්චර කාලයක් බලාගෙන හිටියද??
එහෙම බලාගෙන ඉන්නකොට ඔයටමේ ඒකපාර්ශික පෙම්වතා ගැන දුක හිතෙන්නම නැතුව ඇති මට එහෙම හිතෙනවා. 


සමහර විට ඔයාට හිතෙනවා ඇති මේ හැමදෙයක්ම ඒකපාර්ශිකව විදවමින්ම හිටිය එක මදිද කියලා
විදවිම් එක ඇයි මගේ හිත ඇතුලේ වේදනාවක් විදවීමක් විතරක් බවට පත් කරේ. කදුළු වලින් තාමත් වේදනා විදිනවා කියලා මම ඔයාට කියලා න ඔයා දන්නෙත් නැ.

මන් හිතන්නේ ඔයාට එක දන ගන්න උවමනාවකුත් නැතුව ඇති ඇත්ත එක දැන ගත්තයි කියලා. වැඩක් තියනවද ඔයාට එහෙම හිතෙනවා. ඇති එත් මේ එකපාර්ශිකය ඔයා නැති කාලෙන් යන්න හිතුවා. මගේ හිතට දැනෙනවා ඔයා ආයේ කවදාවත් එන්නේ නැ කියලා.

එලියට පෙන්නේ නැතුව පපුකුහරේ පරිස්සමට තියාගෙන හිටියා ආදරය කන්දක් තරං උස ආදරයක් මගේ හිත ඇතුලේ තියන් ඉන්නවා තාමත් මගේ ජීවිත කාලේ කෙටි වෙනකන්. නපුරු කතා කියන්න එපා ඔයා එහෙම කියන්න ඉඩ තිබ්බා මන් ලග හිටියනං එත් එක නපුරු කතාවක් වෙන්නේ ඇත්තම කතාවක් නිසා නේද?

අනුන්ට පෙන්නේ සතුට ඇස වල පුරවාගෙන මගේ දිහා බලන් ඉන්නවනං ඔයා එක මට දුකක් ඔයා නොදන්නවා උනාට මේ එකපාර්ශිකයට උරුම උනේ දුක විතරමයි. අඩන්න බැරි ඇස දෙකෙන් බලන් ඉදීම විතරමයි. එක කවදාවත් ඉටුනොවන බලාපොරොත්තුවක් එක්ක තනි උන එකපර්ෂික ආදරයක් විතරමයි එත් මන් බලන් ඉන්නවා හැමදාමත් ඔයා දිහා.

මගෙන් කෙනෙක් ඇහුවා අවුරුදු ගණක අතීතකාමිත්වය ආදරයත් එක්ක එකතු කරලා ලියනවා නේද කියලා ඇත්තටම ඔයා හිටියනං කියයි ඒ හිස් ජීවිතය කියන්න තියා කියා ගන්න දෙයක්වත් ජීවිතේට එකතු කරලා නෑ නේද කියලා. සත්තකින්ම ඒ කුහක ඇස දෙක මැද්දෙන්ම ඔයා ආදරේ කියන එක දන්නේ නැති මෝඩයෝ ඉන්නවා නේද කියනවා වගේ මට හිතුනා ආදරේ මට ඔයාට වගේම හැමෝටම ආදරේ වෙනුවෙන් ඉතිරි වුන ආදරණිය වචන ගොඩක් තියනවා

මට දැනෙනවා ඔයා හෙමින් හෙමින් ඇවිත් මගේ හිත පිරිමදිනවා. මන් බලන් ඉන්නවා මන් දකිනවා ආදරේ කැලි කැලි වලට ඉරලා කැල්ලක් පපුවේ ගහගෙන මගේ හදවත ආදරේ පිරිලා කියලා කෑගහන මිනිස්සු
දැන් ඔයා මුණ බිමට හරවා ගන්න එපා නීල නුවන් අවංක වෙන්න උත්සහ ගන්න එපා මොකද ඔයා මයි දවදක් මට කිව්වේ ආදරේට බොරු කරන්නවත් බොරුවට ආදරේ කරන්නවත් එපා කියලා.

දවසක් මුනුපොතේ තිබ්බා මිනිහෙක් කන්ද ලගට යන්න ඕනේ කන්ද අපි ලගට එන්නේ නෑ කියලා ඒ වගේම අපි අපේ ආදරේ ලගට යන්න ඕනේ ආදරේ අපි එන්නේ නැ කියලා එත් මම මගේ ආදරේ ලගට යනකොට මගේ ආදරේ දුරස් වුනේ ඇයි කියලා. අදටත් තේරෙන්නේ නැ මට.

ආදරයක් හිතේ තියාගෙන අමාරුවෙන් හිනා වේවි ඇත්තම ආදරයක් එක්ක හදවත ආව දුරක් මන් එහෙම කියද්දී කෙනෙක් අඩන්න පුළුවන් එත් ඔයාගේ නීල නුවන් අගට එක කදුළු බිදුවක් එන්නේ නැතුව ඇති

අද වෙනකන් තෙරුන් නොගත්ත වටහා නොගත්ත කියා ගන්න බැරි වුන විශ්වාස නොකරපු ආදරයක් ඒකපාර්ශික ආදරයක්
.

ආදරය කියන්නේ ජීවත් වෙන්න හිතෙන හොදම වචනේ කටහරි