loku ptha

loku ptha

Friday, September 14, 2012

කොහොමද නිවන් සුව පතන්නේ මහප්පේ

කොහොම කියන්නද කියලා තේරෙන්නේ නෑ
මට දැනෙනවා ඔයා නැති අඩුව
ඔයාට මාව ජොකියෙක් වගේ පේන්ඩත් ඇති
මම කරපු කියපු වැඩ දැකලා
මම මොන වැරැද්ද කරත් වෙන අය වගේ ඔයා මට බැන්නේ නෑ
"මෝඩයනේ" කියලා උපේක්ෂා සහගතව බලලා සමාව දෙන්න ඇති
ඔයා කට කොනෙන් හිනා වෙනවා මැවිලා
ඔයා ආදරේ කරපු කැමැත්තෙන් උන්න අනිත් අයට වඩා
මට ඔයාව මතක් වෙනවා
ඔයා පින් කරා වැඩි එකයි මෙච්චර ඉක්මනට යන්න උනේ
අපි කරපු පව් අපි තාම ගෙවනවා
ඔයාගේ පව් ටික ඉවර වෙලා හැමෝම අඩවලා හැන්ගුනා
ඔයා ආදරේ කරපු හැමෝම ඔයාට ආදරේ කරේ
ඔයාගෙන් ලාබ ප්‍රයෝජන ගන්න
එත් ඔයාට ආදරේ බක්තිය දුන්න
මට ඔයා කවදාවත් ආදරේ කරලා නැතුව ඇති
ඔයා නැති දවසේ ඉදන් මගෙන් වෙන්න ඕන හැමදේම මම කරා
a / l වලට මාස 4 වැස්සේ තෙමිගෙන ගිහින්
ඔයාගේ තරං බැරි උනත් පුළුවන් විදිහට පාළුව මැකුවා
ඒවාට මට ලොකු තෑග්ගකුත් හම්බුනා හිත පිරෙන්ඩ
එතකොට තාම දැනුනේ ඔයාගේ අඩුව මහප්පේ
ඔයා උන්න නං "මෝඩයනේ" කියලා කට කොනින් පොඩි හිනාවක් දානවා කින්ඩියට වගේ
ගොඩක් හයියෙන් අඩන්න බෑ ලෝකෙටම කෑ ගහලා
ඔයා නැති අඩුව හදවතට දැනෙනවා 
කොහොමද නිවන් සුව පතන්නේ මහප්පේ
අපි තව කල්ප කාලයක් සංසර චක්කරෙත් වටේ කරකෙනවනේ
මහප්පේ ඔයාට නිවන් සුව මම ප්‍රාර්තනා කරන්නෙ නෑ
මම කියන්නන් මෙහෙම
සියක් යු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් මතු බවයේදී ඔබ ජීවත් වේවා

Tuesday, September 11, 2012

පුංචි කාලේ කියපු කරපු දේවල් එක්ක අවදිඋන තවත් මතකයක් තමා අපේ තාත්තාගේ පව්ලේ ලොකු නැන්දා ,මහප්පා ඊළගට අපේ තාත්තා ලතා නැන්දා , චුටි නැන්දා ඔක්කොම 5යි ඉතින් අපේ චුටි නැන්දගේ වෙඩිම තිබ්බේ මම 3 හෝ 4 ඉන්න කාලේ ඔය කාලේ අපිට sch නිවාඩු පට්ට පට පට පොඩි අයියා,සුනලි අක්කා,මාධව අයියා නදුන් මල්ලි , අමිල මල්ලි ,කසුන් මල්ලි අපේ නංගි නවාංගි ඉතින් අපිට රජ මගුල් sch නිවාඩුවත් එක්ක ඔක්කොම උන් අපේ ගෙදර මොකද ඒ කාලේ හෝටල් වල වෙඩිමක් ගන්නවා කියන්නේ ලොකු කතන්දරයක් ගෙදර වෙඩිමක් ගන්නවා කියන්නේ ඊටත් හපන් කතන්දර පොතක් ඇයි ඉතින් අපි අ කලේ උන්නේ වෙලේම තම සරුංගල් යවනවා කිව්වම