loku ptha

loku ptha

Sunday, July 7, 2013

ආදරය කියන්නේ ජීවත් වෙන්න හිතෙන හොදම වචනේ කටහරි

මම බලන් හිටියා එදා වගේම අදත් අහසේ පාට ගහ කොළ වල පාට ඉර එළියේ හිනාව සුළගේ කොදුරමින් එන හිනාව එදා සුගත් විදෙව්වේ නැ හැමදාම දම්මිගේ ආදරේ විදගත්තා කසුන් ඇඩුවේ සුදු නංගිගේ ආදරේ වෙනුවෙන් කදුලක් වැටෙන්න ඉඩ ඇරියා   

ඒකපාර්ශිකව ගලාගෙන ගිය ආදරයක් දිහා ඔයා කොච්චර කාලයක් බලාගෙන හිටියද??? එහෙම බලාගෙන එන්නකොට ඔයාට මේ ඒකපාර්ශික පෙම්වතා ගැන දුක හිතුනෙම නැ කියලයි මට හිතෙන්නේ සමහර විට ඔයාට හිතෙනවා ඇති ඒකපාර්ශිකව විදවමින්ම හිටිය එක මදිද කියලා 

විදවීම ඒක ඇයි මගේ හිත ඇතුලේ වේදනාවක් විදවීම විතරක්  බවටම පත්  වුනේ හැමදාම දැකලා දැකලා ආයේ කවදාවත්ම දකින්නවත් නොලැබී යනවා කියලා දැනුන දවසේ පපුව පිච්චිලා හිරි වැටිලා යනවා කියල මම කාටවත්ම කිව්වේ නැ 
මම හිතන්නේ ඔයාට එක දැනගන්න උවමනාවක් තිබ්බෙත් නැ ඇත්ත එක දැනගත්තත් ඇති වැඩක්  තියද?? ඔයාට එහෙම හිතෙන්න ඇති ඒත් මේ ඒකපාර්ශිකය ඔයා නැති කාලෙන් යන්න හිතුවා 
.
මගේ හිතට දැනෙනවා ඔයා ආයේ කවදාවත්ම එන්නේ නැති බව  කන්දක් තරං උස ආදරයක් මගේ හිත උඩ තිබ්බා  ඒ ආදරේ දුක් කන්ද මගේ ඔලුව උඩ තියාගෙන විදවනවා තාමත් මගේ ජීවිතේ කෙටි වෙන්න ලගයි ඔයා මගේ ලග උන්නනං නපුරු කතා කියන්න එපා කියලා කියයි එත් ඒක නපුරු කතාවක් වෙන්නේ ඇත්තම කතවක් වෙලා නේද??? මට හිතෙනවා ඔයා ඒක දන්නේ නැ ඔයාගේ යාළුවොත් ඔයාට කියන එකක් නැති වෙයි මොකද දුකට වඩා ඔයාගේ සතුට එයාලට ගොඩක් වැදගත් නිසා සමහර විට මම මැරිලා මැරුණ තැන වල තට්ටු 5ක් 6ක් උස ගොඩනැගිලි හදලා තියේවි 

ඔයා නොදන්නවා උනාට ඒකපාර්ශිකයට උරුම වුනේ දුක විතරමයි අඩන්න බැරි ඇස දෙකෙන් බලා ඉදීම විතරමයි ඒක කවදාවත්ම ඉටුනොවන බලා පොරෝත්තුවක් එක්ක තනි වුන ඒකපාර්ශික ආදරයක් විතරමයි එත් මම බලන් හිටියා හැමදාමත් ඔයා දිහා 

ඔයාට ඔයාගේ යාළුවන්ට මාව පිස්සෙක් උම්මත්තකයෙක් වගේ පෙන්න ඇති ඒ ආදරයේ දුක මම විදින අනිත් වේදනාවල්  වලටත් වඩා දරුණු නිසා 
අද වෙනකන් තෙරුන් නොගත්ත වටහ නොගත්ත කියා ගන්න බැරි වූන කියා ගන්න බැරි උන විස්වාස නොකරපු ආදරයක් ඒකපාර්ශික ආදරයක් සමහරවිට මේ කොන්ක්‍රීට් පුරයේ මම  ගෙවන ජීවිතේ ඇවිත් ඔයා දිහා හිස් බැල්මකින් මග බලාගෙන ඉන්න පුරුදු කරවී 
ආදරය කියන්නේ  ජීවත් වෙන්න හිතෙන හොදම වචනේ කටහරි