loku ptha

loku ptha

Sunday, August 26, 2012

අම්මා යි තාත්තා යි. මට කොච්චරනම් ආදරෙයි ද












 මට නිකං ඉන්න හැම වෙලාවකම මතක් වෙන දෙයක් තියෙකවා. මගේ පුංචි කාලෙ. ඒ කාලෙ කොච්චරනම් සුන්දර ද? මේ හැම දෙයක් එක්ක ම මතක් වෙන අමතක නොවෙන දේකුත් තියෙනවා. මගෙ අම්මා යි 
තාත්තා යි. මට කොච්චරනම් ආදරෙයි ද කියන එක. ඒ දෙන්නාගෙ ආදරේ ත් එක්ක ලොකු පුතාට පොඩි කාලෙ ගැන ලියන්න හිතුනා.

ඉස්සර තාත්තා වැඩට යන්න හදන කොට මම අඩනවා කියල මට මතකයි අම්මා මාත් එක්ක පාරේ පල්ලෙහාට මාවත් වඩාගෙන යනවා. පාරේ හිටපු ගොඩක් අය මට ගොඩක් ආදරෙයි. මොකද පුංචි කාලෙ මම හරි ලස්සනයි, දැන් වගේ නෙමෙයි. දැන් නම් මොකාද වගේ.. මගේ පුංචි හිතට ඉස්සර ඉතින් ලොකු ලොකු ප්‍රශ්න ආවා. ඒ එකක් තම අපේ අම්මල කවද හරි මැරෙනවානේ කියල මම අපේ අම්මගෙන් අහලා " අම්මේ ඔයාල නැති දවසක මට මොකද වෙන්නේ" කියල අම්මගේ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා, මමත් ඇඩුවා. ඒ රිදුන නිසා නෙමෙයි, අම්මා අඩන නිසා. දවසක් අම්ම එක්ක පන්සල් ගිහින් පහනක පත්තු වෙන තෙල් වට්ටගෙන කනේ දිය පට්ට හිටන් ආවා 

මම ඒ කාලෙ හරිම දගයි ලු. අනේ මම නම් දන්නෙ නෑ අම්මා තමා එහෙම කියන්නෙ.අපේ චුටි නැන්දගේ වෙඩින් අක තිබ්බනේ ඒ කලේ ඉතින් සරුන් ගල් අරිනවා වෙන වැඩක් නැ වෙලේම තම උදේට ගිහිම එන්නේ දවල්ට කන්න 

දවසක් මට උන ගැනිල්ලා මොකද්ද වෙලා තාත්තා මවට් අරන් එලියට පෙනල මාව ඉස්පිතලේ ගිහින් බේරාගෙන තියෙන්නේ ඒත් හිතාගන්න පුලුවං එක දෙයක් තියෙනවා. ඒ වෙලේ තාත්තා පැනපු දුරට වඩා තාත්තා ගෙ හිතෙන් පැනපු ආදරේ කොච්චර ද කියලා.


අනිත් පාර ඉපදුන දවසෙ ඉදන් අද වෙන තුරු වෙන්න ගිය ඇබැද්දි ගැන කියන්නම්.

ඔබ නෑ මා ළඟ ගොස් දුර ඈතක ...

ඔයාටයි මගෙ ආදරේ කරදරයක් උනේ ..මගෙ ආදරේට සීමා මායිම් තිබ්බෙ නැහැ ඔයා හොඳටම දැන දැනත් ඒ ආදරේ පැත්තකට ඇදල දාල මට මාවත් නැති කරා සමාවෙන්න මට ආයෙනම් එන්න බැහැ ඔයාගෙ ලෝකෙට " ඔයාගෙ ලෝකෙට කිව්වට ඔයාටත් අද උන්හිටි තැන් නැතිවෙලා නෙද ..?"මං හිතන විදිහට ඕකට කියන්නෙ 

දිඨ්ටධම්මවේදනීය කර්ම කියල වෙන්න ඕන..........
සඳ දුර තනිවම වැලපෙයි අප ගැන
පන්හිඳ ලිව්වා නිතරම ඔබ ගැන
කවි ගී ලිව්වට එහි රස විඳිනට
ඔබ නෑ මා ළඟ ගොස් දුර ඈතක ...

Sunday, August 19, 2012

ඉන්නවද තව ටිකක්

හිමි නොවන ඔබෙ පෙම් හිතක්
ඉල්ලමින් මං විඳි දුකක් ..
අහිමි ඔබෙ නෙත් දෙකෙන්
දුටිමි මම සෙනෙහසක්..
අපිට අපි හිමි නැතත්
අන්සතුම අත් දෙකක් ..
ළංවෙලා පපු තුරුලෙ
ඉන්නවද තව ටිකක් ...............

Monday, August 6, 2012

ඔබට නොහඟවා සැඟවූ මගේ පෙම

ඔයා දකිනට නොලැබෙන දුක පාළුව 
කේශනාලික පුපුරා ගලන මගේ දුක 
ඔයාට ඇහුනානම් .....
ඔයා දකින්නට බලන් උන්න හැටි 
නුබේ හිනාවට පණ වුව දෙන බව 
නුඹට දැනෙනවානම් .....
ලොවම ඉදිරියේ මා අසරණ වූ දා
ඔබට නොහඟවා සැඟවූ මගේ පෙම 
තේරුම් ගත්තානම්.....
වෙන කෙනෙකුන් වෙත පෙම් නොබඳින බව
මා පෙම් කල නුඹ මගේම වන බව 
මා දැනගෙන හිටියා..........

පෙරුම් පුරනවා කල්පයක්ම .....

ගෙවුන කාලය ගන්න පුලුවන් උනානම්
මම ආපහු යනවා ඒ අතීතෙට...
ලන් වෙන්න තරම් ඔය හිතට
පෙරුම් පුරනවා කල්පයක්ම .....

තනි වෙච්ච මේ හිතට දුක් බරයි නුබ ගේන
මා නොවෙයි නුබමයි හැර ගියේ මා මෙලෙස ....
අයිති නැති ස්නෙහයක නුබ මාව රදවාලා
ගිය හැටි අපූරුයි නන්නාදුනන විලස...

ගෙවී ගිය මතකයේ නුබෙ සුවද දැවටීලා
පාරවයි තුන් හිතම මහ රෑක තනි වීලා ....
විදගන්නෙ මා කෙලෙස මා සුසුම් හිරවීලා
දුව එන්න මා සොයා මේ නෙතු නොපාරාලා ....

මම හැමදාම මේ විදිහට තනි අතින් අත්පුඩි ගහනවා

මට මගෙ ජීවිතේ ලැබීම් වලට වඩා හිමි උනේ නොලැබීම් 
ඒ මොන දේ නැති උනත් දරාගෙන උන්න නම් තමයි
 මගේ හිත අද ගොඩාක් දුබල වෙලා ... 
මිල මුදල් සැප සම්පත් නැතුව නෙවේ
 මේ මොනදේ තිබුණත් හිස් බවක් දැනෙන්නෙ ඔයා මගේ ලඟ නැති හන්දයි ........
 මේ ලෝකේ ඔයාව මට හම්බුනනන් මම වෙන්න ඇති මේ ලෝකේ ඉන්න වාසනාවන්තම  පිරිමියා 
මම ඔයාට කරපු ආදරේ දන්නා මමයි මගේ අහිංසක හිතයි විතරයි....... 
ඔයාට මව තෙරුන් ගන්න බැරුව ඇති
 ඒ එදා ඔයා ආදරේ වින්දේ නැති හන්ද 
එත් මම නං ආදරේ විදිනවට වැඩ විදවල තියනවා
 මගේ ජීවීතේ කෙල්ලෙක්ට කියල පලවෙනි පාරට ආදරේ කරේ ඔයාට 
හ්ම්ම්ම්ම්ම්ම් ...................
මේ ජීවිතේ පුදුමාකාර දෙයක් ඇත්ත පෙළක් ආදරේ විදිනවා පෙළක් විදවනවා 
මම අයිති දෙවෙනි එකට 
එත් ඔයාට කරන ආදරේ වෙන විදිහක් 
ඔයාට ආදරේ කරන්න වෙලා තියෙන්නේ මට තනි  අතින් කමක් නැ..........
 මේ ආත්මෙදි බැරි උනත් මට ඔයාව ලබන ආත්මෙදි හරි ලැබෙන්න  කියල හිතන් 
මම හැමදාම මේ විදිහට තනි අතින් අත්පුඩි ගහනවා 

Saturday, August 4, 2012

මැරුණ දවසට මාව



මැරුණ දවසට මාව
මගේ මිනි පෙට්ටිය උස්සන් යන්න උබලා කැමති වෙයිද දන්නේ නැ
ඒ කොහොම නමුත්
උබලටත් බැරි නන්
එදාට වත් මගේ මිනියට උර දෙන්න
මං දන්නවා අනිවා ඩෙෆා
පෝලිමක් මග බලං ඇති බව
මොකද උබලා මට වෛර කරාට
උන් මට ආදරේ ඇති නිසාවෙන්
මගේ මිනියට උර දීමන්
උන් සතුටු නිසාවෙන්
උන් ‍උර දෙනු ඇත
අඩවී මගෙන් උන් විතරක්
මතක් වේවි මගේ ගුණ ඉන්නකන් නැති උනත්
දැනේවි පාළුව කවද හරි
මගේ මරණය පැතුවා උබලා
මිනිය පස් වලක් තුල සැගවී යන තෙක්
මා මිය ගිය පසු
ඒ මිනී වලටම
රතු රෝස මල් පෙති
ඉසිනු ඇත දෙනෙතින් තෙමා යන කඳුළු බිදු සමගින
නමුත් මා දනිමි
ඒ කඳුලු බිදු මා නිසාවෙන් නොවන වග
තවත් එක සමුගැනීමක
එකම එක පිටුවක් සදාතනිකව ලියවෙනා වග...
මා ඉදින් මා මිය ගිය පසු
තවත් කුමකටද මා නමින්
හෙලනු කඳුළු බිදුවක්
එනු මැන
හෙලන්නට නොව කඳුළු බිඳුවක්
හවසට ඇවිත් කල පලයන් මල බත වට්ටක්කා සමග
තවත් එක බත් පොඩ්ඩක්...........