loku ptha

loku ptha

Friday, November 24, 2023

හැකිද හිස පිරි මදින්න.

 ඉඩක් ලද විට 
නුඹත් මං ගැන
පුංචි කවියක් හරි
ලියන්න....

මාත් ආසයි
හැඩම කවියක 
පද පෙලක් හෝ
වී හිඳින්න....

දවස කවදදා 
යන්න වෙයි මට
දිනේ කවදද
නොදන්න

වචන නොවුනට
හදවතේ බර 
තිබ්බෙ නෑ මම
දැනෙන්න

මියෙන දවසක 
එපා නුඹෙ නෙත
කඳුළළු බිඳුවක් 
තියන්න....

දුවන් ඇවිදින් 
ළඟින් ඉඳගෙන 
හැකිද
හිස 
පිරිමදින්න......

Thursday, August 4, 2022

ඒකෙ රගේ

 කවුරු මොන බයිලා කිව්වත්

ඒ වේදනාව දන්න එකයි දන්නෙ
ඒකෙ රගේ
අඬන්න ඇති ගොඩක්
හිතන්නත් ඇති ඒ වගේම
හැමෝම ලොරි ටෝක්ස් දුන්නත්.

Tuesday, May 31, 2022

යලිත් නොඑනා බව කියන්නයි, මේ කවිය මම ලියන්නේ……


කියන්නට කිසිවෙක් නැති 

අසන්නට කිසිවෙක් නැති 

අසන්නෙකුට කවුරුත් නැති..

ඉතිං මම යන්නෙමි...

ප්‍රශ්න පිළිතුරු නැතිව 

හැම දෙම හිර කරන්

හිත ඇතුලෙ තෙරෙපමින්.

ඉතිං මම යන්නෙමි...

නිමාවු ඒ වසන්තේ

යලිත් නොඑනා බව කියන්නයි,

මේ කවිය මම ලියන්නෙ


 

Monday, June 14, 2021

ඉවසලා බැරිම තැනත් අන්තිම තත්පරේ පිරිමියෙක් අතඅරිනවා මොන තරම් වටින දෙයක් උණත් ජීවිතේ


ඉවසලා බැරිම තැනත් අන්තිම තත්පරේ
පිරිමියෙක් අතඅරිනවා මොන තරම් වටින දෙයක් උණත් ජීවිතේ

මේ ලෝකයේ බොහෝ පිරිමින් සියදිවි නසා ගන්නේ එකයි.
කොල්ලෝ ඉන්නවා තමන්ගේ
කෙල්ලගේ වැරදි මුළු ලෝකෙන්ම හංගන
මොන අඩු පාඩු තිබුණත් පපුවේ
තියාගෙන පරිස්සම් කරන කෙල්ලෝ හිතන්නෙ 
එයාල පට්ටම හරි එකවත් තේරුම් යන්න 
ඉඩ නොතියන තැන ගොඩක් තියනවා.

අත අරින්නම ඕන තැන්වලත්..
ගිළිහෙන්න නොදී අල්ලගන්න
දන්නවද...?
සමහර කොල්ලෝ ඉන්නවා
කව්රු අකමැති වුණත්..කෙල්ල වෙනුවෙන් හැමතැනකම පෙනී ඉන්න... ඒ කෙල්ලට තනි වෙන තැන් වල ඒ කොල්ල නැත්තන් ඒ කෙල්ල මැරිලා නැත්තන් අසරණ වෙලා පාරට වැටිලා. එහෙම වැටුන අය කොච්චර ඉන්නවද?

තමන් එකම ඇදුම ඇදලා හරි
කෙල්ලට ලස්සනම ඇදුම අරන් දෙන
හිත රිදුණු හැම වෙලාවකම..
කෙල්ලගේ කටහඩ අහලා ආත්මෙම නිවාගන්න හදන
මොන තරම් දුරක හිටියත් බලන්න හිතුණම දුවගෙන ඇවිත් යන.
ඒ කතා කරන වෙලාවට නැත්තන් chat කරන වෙලාවට ඒ කෙල්ල කොල්ලව තේරුම් නොගෙන බොරුවට රණ්ඩු කරනවානං ඒ බලන්න එන වෙලාවට අඩු පාඩුම කියනවනං ඒ කොල්ල තරං අසරණ වෙන කෙනෙක් වෙන නැතුව ඇති.

සමහර කොල්ලෝ ඉන්නවා
කෙල්ල වෙනුවෙන් හැමදෙයක්ම අත අරින...
වෙනදා බීපු සිගරැට් එකින් එක අඩු කරලා
නිතරෝම යන රස්තියාදු ගමන් හෙමි හෙමින් නවත්තළා
කොහෙන් හරි ජොබ් කට්ටක්
හොයාගෙන..දවසම නැහිලා
ඇත්තමයි සමහර කොල්ලෝ ඉන්නවා
කෙල්ලගේ පවුලේ අයත් පෝෂණය කරන ❤
ප්‍රේමයට ජීවිතේම ලියලා
හීන එකින් එකට කොහොමින්
කොහොම හරි පාට පුරවලා
ජීවිතේ පිටුව පිටුව පිළිවෙලට අඩුක් කරලා ගොඩ යන්න
පට්ට ම කට්ටක් කන එත් කෙල්ලට ඕනේ එක රැයෙන්
අහසේ තරු අල්ලන්න නං......

සමහර කොල්ලෝ ඉන්නවා
මං,හැදුනේ ඒකී හින්දා බං කියලා ආඩම්බරෙන් කියන
තමන්ගේ අම්මා අප්පච්චී ට
කෙල්ලව පෙන්නන්න
පාරකදි උණත්,අතින් අල්ලන්
තුරුල් වෙන්න
ජීවිතේ උඩින්ම කෙල්ලවත් තියාගන්න
හැම කොල්ලෙක්ම ආස ඇති
කෙල්ලව දෙවැනි අම්මා කරගන්න
ඒ තරම් කැපකිරීම් කරපු පිරිමි පපුවට
බලාපොරොත්තු පොදි ගහගත්තු
රළු අත් දෙකකට
වංචාවක් කරලා එහෙමත් නැත්තන් අත අරින්න හේතු හොයනවනන්..
කදුළු පුරවද්දී
ඇස් දෙකට
උන්,සාධාරණයි කෙල්ලෝ
විශ්වාස නොකරන එකට...
අයියේ අම්මත් ගෑණියෙක් නේද
ඇහුවට වැඩක්ද
මොන අම්මද බොරුවට ආදරේ කරන්නේ තමන්ගේ පුතාට

Friday, May 14, 2021

බැඳීම්

පට්ට කළුවර වෙලාවට
ලංවිමෙන් විදුලිය විසඳි කරපු වෙලාවක
හැංගිලා තිබ්බ ඉටිපන්දම හොයලා පත්තු කරලා අඳුර නිවපු
ඒ ගිනි කූරම අරන්
පහන් දල්වපු
මිනිස්සුත් හිටියා...
උනුත් තෙල් හොයං තමයි
පහන පත්තු කරේ
එයාලට ඕනි වුණේ
හැමදාම නැති වුණත්
පුළුවන් ලොකු කාලයක්
අපේ ළඟ ඉන්න...
ඒ බැඳීම් අදටත්
ගොඩාක් ආදරණීය යි...

මතකයි මා නැලවුවා

සෙනෙහසේ අසීමාන්තික
ආත්මය 
දිව්‍යමය රහස 
අම්මා....
ඔබ තරම් ආදරය දැක්වූයේ ද
කවුරුන් හෝ මා හට
නොදනිමි
එසේ කළ බව නම් 
කිසිවෙකු
මේ භවයේ....
දිව මතුරක් වන්
නැළවිළි ගීයෙන්
මතකයි මා නැලවුවා 

පුතේ නුබේ ලොකු අම්මා 
අතට වළල්ලක් දැම්මා 
ආදර බෝ වැඩිහන්ද 
රන් මැණිකයි නම දැම්මා... 

Saturday, October 24, 2020

අපේ ජීවිතේට සමහර පුද්ගලයන් ඉතා විශේෂයි..

 අපේ ජීවිතේට සමහර පුද්ගලයන් ඉතා විශේෂයි..මගේ ජීවිතේ එවැනි පුද්ගලයන් අතරින් ඉහලින්ම සිටින කෙනෙක් තමයි මගේ ලොකු අම්මා මං  දන්නා කාලේ ඉදන් අපේ ඔයා ගැන තිබ්බ හැගීම මට මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ ඔයාට මොකද වුනේ කියලා ඇත්තටම අද අපේ අම්මට නෙලුම් අක්කා කතා කරපු වෙලේ මන් තනියම කල්පනා කරා හිතට එකගව පිලි ගන්න බැරි වුනත් එක තමයි අපිට තිබ්බ එකම පොදු ධර්මතාවය කියලා හිත හදා ගන්නවා ඇරෙන්න කලයුතු කිසිවක් නෑ ඔයා නැති වෙලා අදට මාස දෙකක් වෙන්න එනවා කියලා දැනුනේ නැති එකම පුදුමයි මට තාමත් ඔයා ඉන්නවා ඉන්නවා වගේ 


අපි පුංචි කාලේ ගොකරැල්ලේ ගිහාම ඔයා අපි එනකන් මග බලන් ඉන්න හැටි මතක් වෙනකොට ඇස් දෙක තෙත්  වෙනවා ඔයාට මම හැමදාම බනිනවා ලෙඩ වලට බෙහෙත් ගන්නේ නෑ පණ්ඩිතය වෙන්න එපා කියලා. ඔයා හිනා වෙනවා මගේ බඩ ඇත ගාලා ඔයා "බන්ඩිය අඩු වෙන්න පොඩ්ඩක් දුවන්න උදේට රන්ජි එක්කලා සුදා මේ මලිත් ගේ ඇග හොදටම වැඩි මොනවා හරි කරන්න කියන්න " ඔයා අපිට උපදෙස් දීලා තියෙන්නේ ඔයාගේ ඇගෙ ලෙඩ ගොඩක් තියාගෙන කියලා දැන ගද්දි අනේ අපි පරක්කු වැඩි මන් කොච්චර කිව්වද ඔයා වැටුන වෙලාවේ අපේ ගෙදර එන්න අපි හොද දොස්තර කෙනෙක්ට පෙන්නමු කියලා. ඔයාගේ වෙලාවද මන්ද ඔයාට එකට හිත දුන්නේ නැත්තේ. 


මොකක් හරි එකකට මන් ඔයාට කතා කරලා බොරු කියලා ඔයාව කොච්චර අවුස්සනවද ඔයා ඉතින් හිනා වෙලා මේ බොරු කියවන්නේ නැතුව ඉන්නවා කියලා ඇත්තද කියලා විස්වාස නැති හින්ද ආයේ  අපේ අම්මගෙන් කතා කරලා ඇත්තද අහනවා එත් ඔයා අපිව අවිස්ස්වාස කරේ නෑ මං දන්නේ නෑ ඇයි දෛවය මේ තරම් අකාරුණික කියලා ආයේ අපි එනකන් මග දිගට කතා කර කර අහන්න කවුරුවත් නැ කතා කරලා අව්ස්සන්න කවුරුවත් නෑ 


අපි කියන කතා වලට හිනා වෙන්න කවුරුවත් නෑ අපි එක්ක ට්‍රිප් යන්න ඔයා නෑ නිවන්සුව නං මම පතන්නේ නෑ ඔයාට මොකද ආයේ ආයේ මේ සංසර ගමනේදී නිවන් දකිනා තුරා හම්බෙමු