loku ptha

loku ptha

Saturday, July 30, 2016

තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඉන්න ජීවේ කෝලන් නටන්නේ

ජීවිතේ කියන්නේ දුක. ඇත්තටම .. දුකයි තමයි තමන්ටම කියලා කිසිම කෙනෙක් නැති වුනාම, හිතට පුංචි හරි දුකක් ආව ගමන් කතා කරලා බෙදා ගන්න කෙනෙක් නැති වුනාම, පාළුව කාංසිය යන්න කියව කියව ඉන්න කෙනෙක් නැති වුනාම, දරා ගන්න බැරි තරම් වේදනාවක් හිතට දැනෙනවා සමහර වෙලාවට කාටවත් පෙන්නන්නේ නෑ ඒත් කිසිම වෙලාවක ඒ කඳුලු වලට එළියට එන්න ඉඩක් තියන්නෙත් නෑ.. බැරිම අවතාවක් ආවොත් තම අකත් ඈස් වලින් එලියට පනින්නේ වෙලාවකට හිතෙනවා මම තනිවෙලා නෑ කියලා

ඇයි දන්නවද මම කොහොමද හිතන්නේ මම හොඳටම තනි වෙලා කියලා දෙමව්පියෝ සහොදර සහොදරියෝ අපිට ඉන්නවා නේද ඇයි හොඳම යාළුවෝ..

හිතට පාළුවක් තනිකමක් දැනුනම අම්මා එක්ක මොකක් හරි ඔප දූපයක් කියව කියව ඉන්න පුළුවන්, එහෙමත් නැත්නම් නංගිගේ මොකක් හරි ඈදල නංගිත් එක්ක වලියක් දා ගන්න පුළුවන්. ඒ දෙකම කරන්න බෑ නම් යාළුවෙක්ට කතා කරලා මොනවා හරි කියව කියව ඉන්න පුළුවන්..නැත්තන් FB අක පැත්තේ ඇවිල්ලා බොරු කියව කියව ඉන්න පුළුවන් ඒ කොහොම උනත්

අපි කැමතියි කවුරු හරි අපෙන් , කෑවද , බිව්වද , නිදා ගත්තද, cls ගියද , GYM යනවද කියලා අහ අහ නිතරම වද දෙනවට. ඒ වගේම අපිත් ඒ වගේ කාට හරි සුන්දර කරදරයක් වෙන්න ආසයි හැම වෙලොවෙම කොල් කර කර SMS කර කර ඉන්න කොට ඇත්තටම දැනෙන්නේ මහ පුදුමාකාර සැහැල්ලුවක්...

අපි මොනවා හරි දෙයක් කරන කොට ඕක කරන්න එපා මේක කරන්න අපි ආස ඇඳුමක් අඳින්න ගන්න කොට, ඕක අඳින්න එපා මෙහෙම අඳින්න, අපි ගමනක් බිමනක් යන්න හදනකොට යන ගමන යන අය ගැන හොයලා වාරන නීති පණවන්න බොන්න එපා කියලා සැර කරන්න ඈත්තටම බොන්න හිතෙන්නෙත් නෑ එහෙම කෙනෙක් ඉන්නවනම් ඒකත් එක්තරා විදියක සුන්දර දෙයක්

අසනීප උනාම ගව් ගානක් ඇතක හිටියත් බෙහෙත් ගන්න.. වෙලාවට බෙහෙත් බොන්න කිය කිය වද කරන්න කෙනෙක් ඉන්නවනම් කෑමක් කද්දි කාව හරි මතක් වෙනවනම්, ඒ තරම් පිරිපුන් බවක් ජීවිතේ තවත් තියෙනවද..

ඒත් ඔය කියන කිසි දෙයක් අපිට නැත්නම්.. ජීවිතේ පාළුයි නම්... හිස් නම් .. බලාපෙරොත්තු සුනු විසුණු වෙලා නැත්තටම නැති වෙලා ගිහින්නම් .. අනාගතය කියන දේ හිස් තැනක් විතරයි නම්.. ජීවත් වීමේ අරමුණ අපිවත් නොදන්නවානම්...

දෛවය විසින් දිලා තියෙන ඒ දඬුවම හරිම වේදනාකාරියි තමයි... ජීවත් උනා ඇති දැන් නම් මැරෙන්න කාලේ හරි කියලා හිතෙන වාර අනන්තයි.. ඒත් ජීවත් වෙලා හෙට උදේ වෙද්දී හුචස් වෙලා ඉදිද ඇහැරුනේ නැත්තන් කියලා හිතනකොට මැරෙන්න හිතෙනවා

මැරෙන්න තීරණය කරන විනාඩියේ හිත වෙන දේකට යොමු කරා නම් පස්සෙන් පහු දවසක හිතෙයි අපරාදේ අහවල් දවසේ මම මැරුනනම් මේ සතුට අද විඳින්න වෙන්නේ නැහැනේ කියලා...

ඉතින් මට කියන්න තියෙන්නේ ජීවිතේ කියන්නේ එන්තරා අයුරකින් මහගිරි දඹක්.. ඒක නගින්නම වෙනවා අපිට සිරිපා පියුම වැඳ ගන්න.. බෑයි කියලා අතර මඟ දාලා ගියොත් හිමි වෙන්න තියෙන දේවල් ගොඩක් සදා කාලිකව අහිමි වෙලා යනවා..

මට වෙලා තියෙන්නේ හැමදාම suupa suupa ,ඇඩෙනවා,එල එල කිය කිය ඉන්න තම එක වෙලාවකට මගේ ජීවිතේ ගැන මම දකින්නේ එහෙම. මම හොයා ගත්තා විසඳුමක්.. ඒ මොකක්ද දන්නවද..

මගේ දෛවයට ඔනි මාව තනි කරන්නනම් මම ඒ තනි කම ආසාවෙන් බාර ගන්නවා.. දුක්බර තනිකම සුන්දර විදියට දකිනවා..ඒත් හැමදාමත් තනියම ඉන්න වෙයි කියලා හිතෙද්දි ආයිමත් ඇස් වල කඳුලු පිරෙනවා.. ඒත් මම අඬන්නේ නැහැ.... අම්මා තාත්තා කවදා හරි නැති දවසකට නංගී හරි මැරෙන මොහොතේ කටට වතුර පොදක් හරි දැවී කියලා හිතනවා නුපුරුදු දෙකට වඩා පුරුදු තනිකම හැමදාමත් මට තනි රකී "තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඉන්න ජීවේ කෝලන් නටන්නේ " කියලා හිතනවා ඇරෙන්න තනි වෙච්ච හිතයි මමයි වෙන මොන කරන්නද???

4 comments:

  1. සමාවෙයන් උඹේ කලින් පෝස්ට් කියලා නැතුව ඇති.

    මේ පෝස්ට් එකෙන් හිතෙන්නේ උඹ ප්‍රේමයෙන් පරාද උනු කොල්ලෙක් වගේ.

    මල්ලී . . .

    ජීවිතේ අපි ලබාගන්න ප්‍රාර්ථනා කරනන හැම දේම ඔහේ අතට ආවා නම් ඒත් උඹට හිතෙයි ඔය වගේම මේ මොන මගුලක්ද යකෝ කිසි ෆන් එකක් නෑනේ කියලා.

    ලබීම් නොලැබීම් හැමදේම ජීවිතේට තියෙන්න ඕන.

    ලැබුනාම සතුටු වෙන්න ඕන නොලැබුනාම දුක් වෙන්න ඕන.

    ඒ සතුට වත් දුක වත් ජීවිතේ ලඟම නතර කරගන්න ට්‍රයි කරන්නේ ඇයි??

    කොයි දේ වෙන්නේත් හොඳටයි කියලා හිතපන්.

    ඒ විදිහට හිතල - හරි ඒ දේ උනා - ඊලඟට මොකද්ද කියලා ජීවිතේ චැලේන්ජ් එකක් විදිහට බාර ගත්තොත් අද නෙමේ උඹට තව අවුරුදු කීපයක් ගිහ්න් අද දිහා බලා සතුටු වෙන්න පුලුවන් වෙයි.

    මම නිකම්ම ඔහේ කියනවා නෙමේ.

    අවුරුදු 21දි ලස්සන කොල්ලෙක් විදිහට ඉඳලා අල්ලපු ගෙදරක ගෑන්ස් ලීක් එකක් නිවන්න උදව් කරනන් ගිහින් චාටර් වෙන්න පිච්චිනා. (මගේ බ්ලොග් එක පැත්තේ ගියොත් "කොයි දේ වෙන්නේත් හොඳටයි" කියලා සර්ච් කරලා බලපන්).

    මම හිතුවේ හරි දැන් සර්ෆේස් වටිනාකමක් නෑ - වටිනාකමක් ගන්න නම් දෙයක් ඉගෙන ගන්න ඕන කියලා.

    එහෙම හිතලා 21දි තමා හරියට ඉගෙන ගන්න පටන් ගත්තේ.

    දැන් 43යි දරු දෙන්නෙක් ඉන්න සුන්දර පවුලක හිමිකරුවෙක්.

    නෑදෑයෝ යාලුවෝ ඔක්කොගෙම ආදරේ ලබන ලෝකටෙම අදරේ කරන මිනිහෙක්.

    අලුත් හොබී එකක් පටන් ගනින්, යාලුවෝ ටිකක් සෙට් කරගෙන ජිප්සීස්ලා වගේ ලොකු ට්‍රිප් එකක් පලයන්, අලුත් කෝස් එකක් කරපන්, ජොබ් එක මාරු කරපන්.

    මේ මොනවා හරි කරලා ජීවිතේ නැවුම් බවක් එකතු කරගනින්.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඉල්ලන්න ඕනේ සමාව ප්‍රතිචාර ප්‍රමාද කිරීම ගැන මුහුනුපොත අපිව බ්ලොග් වලින් අයින් කරලා. ඇත්ත අයියේ ඔයා කියන ඒවා වලට මම එකයි ජීවිතේ දරාගන්න බැරි තරං දුකක් ආව වෙලාවක ලිව්වා එකක් හැබැයි ඔයාගේ කොමෙන්ටුවෙන් අවේ මාර එන්ජි එකක් තැනක් යු වේවා

      Delete
  2. සොරි උඹේ පෝස්ට් එකට වඩා දිගද මන්දා මගේ කොමෙන්ටුව

    ReplyDelete
  3. මුලින්ම ඉල්ලන්න ඕනේ සමාව ප්‍රතිචාර ප්‍රමාද කිරීම ගැන මුහුනුපොත අපිව බ්ලොග් වලින් අයින් කරලා. ඇත්ත අයියේ ඔයා කියන ඒවා වලට මම එකයි ජීවිතේ දරාගන්න බැරි තරං දුකක් ආව වෙලාවක ලිව්වා එකක් හැබැයි ඔයාගේ කොමෙන්ටුවෙන් අවේ මාර එන්ජි එකක් තැනක් යු වේවා

    ReplyDelete