loku ptha

loku ptha

Monday, December 31, 2012

කාලය හරියට මෙව්වා එකක් වගේ බලන් ඉන්න කොට මෙව්වා වෙලා යනවා. 2012 හරියට මෙව්වා වුනා කියලත් මෙව්වා වුනේ නෑ .. 2013ත් මෙව්වා වෙන්න අත ලඟටම ඇවිල්ලා... ගොඩකලෙකින් මෙව්වා එකක් දන්නා බේරී වුන හින්ද මෙව්වා එකක් දැම්මා :D අවුරුද්ද අන්තිමේදි


කාලය හරියට මෙව්වා එකක් වගේ බලන් ඉන්න කොට මෙව්වා වෙලා යනවා. 2012 හරියට මෙව්වා වුනා කියලත් මෙව්වා වුනේ නෑ .. 2013ත් මෙව්වා වෙන්න අත ලඟටම ඇවිල්ලා... ගොඩකලෙකින් මෙව්වා එකක් දන්නා බේරී වුන හින්ද මෙව්වා එකක් දැම්මා :D අවුරුද්ද අන්තිමේදි 

 2012 ඉවර වෙනවා කියල දැනෙන කොටත් නිකන් හදවත මෙව්වා වෙනවා මම අවුරුද්දක් වයසට ගිහින්.. :D ඒ විතරක් නෙවෙයි එදාට වඩා මම අද ටිකක් නෙමේ ගොඩක් ලස්සන වෙලා , අත්දැකීම් අතින් එදාට වඩා අද , මම පෝසත්. ඒත්........., එදා වගේම අදත්..., මම වෙනස් කරගත යුතුයි, සහ වෙනස් කරගන්න උත්සාහ කළ දේවල් කීපයක් මට කරන්න නොහැකි වෙලා තිබුණා. ජීවිතේ කියන මෙව්ව් එක විදින්න වගේම විදවන්නත් හොදට පුරුදු වුනා මට ලබාගන්න ගොඩක් දේවල් පුළුවන් උනත් මම ආදරේ කරපු කරන මගේ පලවෙනි ආදර අන්දරයට මමත් අදරෙයි මට යන්න ගොඩක් දුරක් තියනවා මට ඕනේ නෑ මේ ලෝකෙට ලොකුම පොසටෙක් වෙන්න එත් මම ආසයි ලස්සනට හිනා  වෙලා විහිළු කරලා ඉන්න මගේ ගමන කොතනින් නතර වෙයිද ඉවර වෙයිද අතරමන් වෙයිද කියල මම දන්නේ නං නෑ මොනවා වෙයිද කියලා එත් වෙන දෙයක් වෙන්න ඉතින්, මම හිතුවා ඒ වුන දේවල් වුන වගේම වෙන්න තියන දේවල් වෙයි මම ආයේ අලුතෙන් ජීවිතේ පටන් ගන්න උත්සාහ කළ යුතු හොඳම කාලෙ තමයි මේ කියලා. අද දවස ඒකට ආරම්භයක් කියලා හිතුවා.සමහරවිට

 මම මෙච්චර වෙලා කියපු මෙලෝ දෙයක් , මේක කියවපු කාටවත් නොතේරුණා වෙන්න පුළුවන්. ඒත් මම ලියන්නෙ මගෙ සතුට වෙනුවෙන්...දුක වෙනුවෙන්.. හිතේ හිරකරගෙනම ඉන්න බැරි දේවල් වෙනුවෙන්... ඇත්තටම ,මම වෙනුවෙන්... ඒක ආත්මාර්ථයද මම දන්නෙ නෑ.. ඒත් , මම කිව්වෙ කියන්න හිතුනු දේ.:)

ජීවිතේ සමහර කාලවලදි අපිට හිතෙන්න පුළුවන්, අපි එකතැනක නැවතිලා උන්නා වැඩියි කියලා. තවත් සමහරක්විට අපි එකතැනම පල් වුනා කියලා හිතෙන්න පුළුවන්. මේ මටනම් ඕක අනන්තවත් වාරයක් හිතිලා තියෙනවා.

වචන හරිම ලේසියි. අකුරු අමුණලා කියන්න ඊටත් ලේසියි. ඒත් වචන ක්‍රියාවට පරිවර්තනය කරන්න ලේසි නැති වග හුඟක් අය දන්නවා ඇති.. හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ කියනවානෙ. අන්න ඒ කියමන අනුගමනය කරලාවත් මෙදා සැරේ මම හිතුවෙ , වෙනස් වෙන්න කියලා. :D හැබැයි මෙදා සැරේනම් විශ්වාසනීය වෙනසක් ඇති කරනවාම තමයි!!

අනේ අපොය් ජීවිතේ මර fun මම එක දන්නවා එත් හිතෙන තාමත් තමන් ආදරේ කරපු එකම එක්කෙනෙක්ට තාමත් නොපෙන්නේ හදවති ආදරේ කරන මහා සමුල ගතනයක පෙර නිමිත්තක්ද අනේ මන්ද  මම පොඩි කලේ ඉදන් දන්නේ මට මොන හරි දෙයක් ඕනනං හොදින් හෝ නරකින් අන්න ඒ දෙය මම කොහොම හරි ලබා ගන්නවා ජීවිතේ මට එහෙම ලබා ගන්න බැරි දේවලුත් තියනවා මට කියල දුන්නේ ලස්සන පුංචි අහිංසක කෙල්ලෙක් එත් මම තාමත් එයට ආදරේ කරන්නේ මොන දෙකටම මන්ද එයාව අමතක කරන්න කියල මම තව කෙල්ලෝ කී දෙනෙක්ගේ හිත රිද්දුවද හ්ම්ම්ම්ම්ම්ම් මට එයාව ලබන ආත්මෙත් හම්බෙන්නේ නැති වෙයි ඇයි  ගිය ආත්මේ කරපු පව් මම මේ ආත්මෙත් ඒ විදිහටම කරා අනේ මන්ද .........!!!!!!!!! ජීවිතේ කවදාවත් ලැබෙන්නෙ නෑ කියලා හිතෙන, එහෙම නැත්තම් නොලැබෙන බව දන්න, ලැබෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැති දෙයක්/දේවල් වෙනුවෙන් මඟ බලන් ඉන්න එක මෝඩ කමක්ද?

 එහෙම කියලා හුඟක් අය කියනවා. නිකමට කල්පනා කලාම මටත් එහෙම හිතුණු වෙලාවල් තියෙනවා. එහෙමයි කියල මම කී පාරක් අමතක කරලා හිත හද ගන්න try කරලා තියද මුළු ලෝකෙම ඉස්සරහට යද්දි, තමන් විතරක් ආපස්සට යන්න හදනකොට..., හරි දුෂ්කරයි!!!ඒක හරි අමාරුයි.. අපි එනකම් ලෝකෙම නැවතිලා ඉන්නෙ නෑනෙ. කාලෙ නැවතිලා ඉන්නෙත් නෑ.. ආපහු හැරිලා බලද්දි ," අනේ අපරාදෙ.." කියලා හිතෙන තරමට කාලකණ්නියෙක් වෙලා උන්නු තැන් තිබ්බා. "ගෙවිලා තියෙන්නෙ මගේ ජීවිතේ හොඳම ලස්සනම කාලෙ" කියලා හිතිච්ච වෙලාවල් තිබ්බා. ඒත්....,

සිතුවිලි වෙනස් වෙනවා. අදහස් අලුත් වෙනවා, එකතුවෙනවා, අඩුවෙනවා.. අවසානෙ අරමුණු/ඉලක්ක අමතක වෙනවා.....මටත් එහෙම වුනා. ආදරේ ආදරේ කියලා  අපි දුවන  තමන්ටත් වඩා වෙන අයට ආදරේ කරන්නේ මොකද මන්ද මමත් ආදරේ කියල මට කිව්වා කෙල්ලන්ටත් ආදරේ කර හදවතින්ම එත් උනුත් කරලා තියෙන්නේ අපේ මේ අහිංසක ජීවිතේ එක්ක සෙල්ලමක් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....!!! සමහර මායාවල් අපිව රවට්ටලා නොපෙනිලා යනකම් අපි දන්නෙ නෑ, අපි රැවටුණා කියලා.ඒත් හැමදේකටම ප්‍රමාණයක්, සීමාවක්, කාලයක් තියෙනවා.. මම හිතන්නෙ දැන් තමා හොඳම කාලෙ. දැන් සීමාව ඉක්මවලා ඉවරයි. ප්‍රමාණය ඕනෑවටත් වඩා. ඉවසල ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕනෙ කිව්වට, හැම ඉවසීමක් අවසානෙම සැනසීමක් නැතිවෙන්න පුළුවන්.. සමහරවිට ඉවසන්න ඕනෙ සීමාව ඈත වැඩි වෙන්න පුළුවන්.. මම කවදා හරි අයෙමත් ආදරෙන් හිරු TV  මෙව්වා එකෙන් මගේ ආදරෙත් වචන වලට පෙරලලා මුළු ලෝකෙටම කියනවා යේ ආදරේ නං කරන්නේ නැති වෙයි ගිනි පෙනේල්ලෙන් මෙව්වා කාපු මිනිහා කණාමැදිරි  එළියටත් මෙව්වා වෙනවනේ අන්න එක හඬ මමත් ගොඩක් දැන් බය වෙලා ඉන්නේ 

තවත් අරමුණු කල් දාලා පලක් නෑ.. තවත් අතීතෙ වෙනුවෙන් බලන් ඉඳලා ලැබෙන සැනසීමක් නෑ.. මැරුණු අතීතෙට පණ ගන්න ආයෙත් නම් බෑ...ඒ නිසා අතීතයට වැළලෙන්න ඉඩ දීලා, මම අනාගතේ වැළඳගන්න තීරණේ කලා. 

ඒත් මම තාමත් ඔයාට ආදරෙයි ඔය කොහේ හරි ඒදන් මේක කියවනවනන්  ඔයාට ඒක  තේරෙයි හ්ම්ම්ම්ම්ම්ම්ම් හැමදාම වගේ අදත් මේකම හිතල හිත හදා ගන්නවා ඔව්... හැමදේම වෙන්නෙ හොදටයි!!!!!! ජය වේවා!!


Thursday, November 22, 2012

පොත පතයි ජීවිතෙයි මතකයි... කියා දුන්න ඔබ අපිට...එපා හොයන්නට අනුන්ගේ වැරදි තමන් හරි දේ කරන්න....කෙලින් වැඩ කරන්න...අපිට නොදැනෙන්නලියා තැබුවා අපේ හිත් වල....නොලිව්වත් පොත් පත් වල...ඇදී තිබුනා අපේ හිත් වල...දෙන්න බලයක් ඔබ හිතටදිනන්නට මේ ජීවිතේ....ජය ගන්න කෙදිනක හෝවැජඹෙන්න මේ ලෝකයේ.... .
අදින් පසු ටික දිනකින් අප විසිර යාවි,ඔබ අපට දුන් අත් වැල බිදේවි.....මතකේ ඇති තුරු ඔබේ පාඩම්වැටෙන්නෑ අප ජීවිතේ...
දයාබර  වාසල සර්,මහා බර වචන නෑ අපිට....අපි තාම පොඩි උන්...බරපතල වැරදි වැඩක් කරට ඔබ කතා කරා අපෙ හිත්වලටඉගැන්නුවා ආදරෙන් අපිට....අපි යන්නම් සර්,ගිහින් එන්නම් කියා නොවහැමදාම ඉන්නම් කියා ඔබ සමග......පුදුම නොවන්න.....ඔව්,ඔබ ඉන්නවා අප සමග හැමදාම......පොත පතේ නැති උනත්...අපේ පුංචි හිත් වල.

Saturday, October 27, 2012

I aM bLInd

මට සදුදා තියනවා ලොකු මෙව්වා එකක් තියනවා
ඔයා හිටියනං අපේ තාත්තා කතා කරන්නේ ඔයාට
එත් ලෝකෙන් යන්න ඕන තරං අය ඉන්න කොට
ඇයි යකෝ ..................
උබලා මේ මනුස්සයම ගත්තේ
i am blind

Friday, October 26, 2012

හිම රේණු මල් පිපෙන 
මේ සීත පාලුවට
උණුහුමට ගුලිවෙන්න 
ළඟක නැති නුබේ සෙනෙහෙ 
නෙතු සිහින දුක් විඳින 
විරහ කඳුළක තරම 
නොදැන මට ළං වෙච්ච
උරුම නැති නුබේ සුසුම ..

මම ආසයි මේ සීතලට.ඔයාගෙ නොදැනුන උණුසුම මට ලං කරනවා වගේ දැනෙනවා.හැමදාටම මේ විදියට තිබුණ නම් කියලා හිතුන වාර අනන්තයි... කවදා වෙනකම් මම මඟ බලන් ඉදීද..මේ හිම රේණු මලක් වගේ ඔයාගෙ ළඟ පිපෙන්න 

Saturday, October 13, 2012

දුවේ උඹට උඹට බුදු සරණයි .....

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරිවෙයි

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
ගෙනියන්නෙ ඒ අභිමානයයි

Saturday, October 6, 2012

'' රූස්ස ගහක් මහ හයියෙන් කඩන් වැටෙනවා ''

ජීවිතේට දාගන්ඩ සිමා මායිම් එක මට අද තමා තේරෙන්නේ
මමත් ඔයාට සීමාවක් නැතුව ආදරේ කලාම
සීමාවක් නැතුව බලාපොරොත්තු ගොඩක් හිතේ තියා ගත්තා
එදත් ඔයා කවදා හරි මගේ වෙයි කියලා හිතේ
පුංචි බලාපොරොත්තුවක් තියා ගත්තා ..
එත්......... .
ඒ හැමදේම නොසිතූ විදියට වෙනස් උනාම
මම පොලොවෙ පය තියන් ඉන්න වගත් අමතක වෙනවා...
හරියට '' රූස්ස ගහක් මහ හයියෙන් කඩන් වැටෙනවා '' වගේ

මොන තරං ශක්තිවන්තයෙක් උනත් ආදරේ ඉස්සරහ
හිත එහෙම් පිටින්ම කඩා වැටෙනවා..
ඒ හිත ආයේ හදාගන්න
මොන දේ කලත් හරි යන්නෙ නෑ...
හරියට අද මගෙ හිතට දැනුනා වගේ...

ඔය දන්නේ නැතුවත් ඇති
දැන ගන්න කව්රු කියන්නද

'' තාමත් මේ හිත හදාගන්න බැරුව
මම ඔයා ගැනම හිතනවා.....''

Friday, September 14, 2012

කොහොමද නිවන් සුව පතන්නේ මහප්පේ

කොහොම කියන්නද කියලා තේරෙන්නේ නෑ
මට දැනෙනවා ඔයා නැති අඩුව
ඔයාට මාව ජොකියෙක් වගේ පේන්ඩත් ඇති
මම කරපු කියපු වැඩ දැකලා
මම මොන වැරැද්ද කරත් වෙන අය වගේ ඔයා මට බැන්නේ නෑ
"මෝඩයනේ" කියලා උපේක්ෂා සහගතව බලලා සමාව දෙන්න ඇති
ඔයා කට කොනෙන් හිනා වෙනවා මැවිලා
ඔයා ආදරේ කරපු කැමැත්තෙන් උන්න අනිත් අයට වඩා
මට ඔයාව මතක් වෙනවා
ඔයා පින් කරා වැඩි එකයි මෙච්චර ඉක්මනට යන්න උනේ
අපි කරපු පව් අපි තාම ගෙවනවා
ඔයාගේ පව් ටික ඉවර වෙලා හැමෝම අඩවලා හැන්ගුනා
ඔයා ආදරේ කරපු හැමෝම ඔයාට ආදරේ කරේ
ඔයාගෙන් ලාබ ප්‍රයෝජන ගන්න
එත් ඔයාට ආදරේ බක්තිය දුන්න
මට ඔයා කවදාවත් ආදරේ කරලා නැතුව ඇති
ඔයා නැති දවසේ ඉදන් මගෙන් වෙන්න ඕන හැමදේම මම කරා
a / l වලට මාස 4 වැස්සේ තෙමිගෙන ගිහින්
ඔයාගේ තරං බැරි උනත් පුළුවන් විදිහට පාළුව මැකුවා
ඒවාට මට ලොකු තෑග්ගකුත් හම්බුනා හිත පිරෙන්ඩ
එතකොට තාම දැනුනේ ඔයාගේ අඩුව මහප්පේ
ඔයා උන්න නං "මෝඩයනේ" කියලා කට කොනින් පොඩි හිනාවක් දානවා කින්ඩියට වගේ
ගොඩක් හයියෙන් අඩන්න බෑ ලෝකෙටම කෑ ගහලා
ඔයා නැති අඩුව හදවතට දැනෙනවා 
කොහොමද නිවන් සුව පතන්නේ මහප්පේ
අපි තව කල්ප කාලයක් සංසර චක්කරෙත් වටේ කරකෙනවනේ
මහප්පේ ඔයාට නිවන් සුව මම ප්‍රාර්තනා කරන්නෙ නෑ
මම කියන්නන් මෙහෙම
සියක් යු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් මතු බවයේදී ඔබ ජීවත් වේවා

Tuesday, September 11, 2012

පුංචි කාලේ කියපු කරපු දේවල් එක්ක අවදිඋන තවත් මතකයක් තමා අපේ තාත්තාගේ පව්ලේ ලොකු නැන්දා ,මහප්පා ඊළගට අපේ තාත්තා ලතා නැන්දා , චුටි නැන්දා ඔක්කොම 5යි ඉතින් අපේ චුටි නැන්දගේ වෙඩිම තිබ්බේ මම 3 හෝ 4 ඉන්න කාලේ ඔය කාලේ අපිට sch නිවාඩු පට්ට පට පට පොඩි අයියා,සුනලි අක්කා,මාධව අයියා නදුන් මල්ලි , අමිල මල්ලි ,කසුන් මල්ලි අපේ නංගි නවාංගි ඉතින් අපිට රජ මගුල් sch නිවාඩුවත් එක්ක ඔක්කොම උන් අපේ ගෙදර මොකද ඒ කාලේ හෝටල් වල වෙඩිමක් ගන්නවා කියන්නේ ලොකු කතන්දරයක් ගෙදර වෙඩිමක් ගන්නවා කියන්නේ ඊටත් හපන් කතන්දර පොතක් ඇයි ඉතින් අපි අ කලේ උන්නේ වෙලේම තම සරුංගල් යවනවා කිව්වම

Sunday, August 26, 2012

අම්මා යි තාත්තා යි. මට කොච්චරනම් ආදරෙයි ද












 මට නිකං ඉන්න හැම වෙලාවකම මතක් වෙන දෙයක් තියෙකවා. මගේ පුංචි කාලෙ. ඒ කාලෙ කොච්චරනම් සුන්දර ද? මේ හැම දෙයක් එක්ක ම මතක් වෙන අමතක නොවෙන දේකුත් තියෙනවා. මගෙ අම්මා යි 
තාත්තා යි. මට කොච්චරනම් ආදරෙයි ද කියන එක. ඒ දෙන්නාගෙ ආදරේ ත් එක්ක ලොකු පුතාට පොඩි කාලෙ ගැන ලියන්න හිතුනා.

ඉස්සර තාත්තා වැඩට යන්න හදන කොට මම අඩනවා කියල මට මතකයි අම්මා මාත් එක්ක පාරේ පල්ලෙහාට මාවත් වඩාගෙන යනවා. පාරේ හිටපු ගොඩක් අය මට ගොඩක් ආදරෙයි. මොකද පුංචි කාලෙ මම හරි ලස්සනයි, දැන් වගේ නෙමෙයි. දැන් නම් මොකාද වගේ.. මගේ පුංචි හිතට ඉස්සර ඉතින් ලොකු ලොකු ප්‍රශ්න ආවා. ඒ එකක් තම අපේ අම්මල කවද හරි මැරෙනවානේ කියල මම අපේ අම්මගෙන් අහලා " අම්මේ ඔයාල නැති දවසක මට මොකද වෙන්නේ" කියල අම්මගේ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා, මමත් ඇඩුවා. ඒ රිදුන නිසා නෙමෙයි, අම්මා අඩන නිසා. දවසක් අම්ම එක්ක පන්සල් ගිහින් පහනක පත්තු වෙන තෙල් වට්ටගෙන කනේ දිය පට්ට හිටන් ආවා 

මම ඒ කාලෙ හරිම දගයි ලු. අනේ මම නම් දන්නෙ නෑ අම්මා තමා එහෙම කියන්නෙ.අපේ චුටි නැන්දගේ වෙඩින් අක තිබ්බනේ ඒ කලේ ඉතින් සරුන් ගල් අරිනවා වෙන වැඩක් නැ වෙලේම තම උදේට ගිහිම එන්නේ දවල්ට කන්න 

දවසක් මට උන ගැනිල්ලා මොකද්ද වෙලා තාත්තා මවට් අරන් එලියට පෙනල මාව ඉස්පිතලේ ගිහින් බේරාගෙන තියෙන්නේ ඒත් හිතාගන්න පුලුවං එක දෙයක් තියෙනවා. ඒ වෙලේ තාත්තා පැනපු දුරට වඩා තාත්තා ගෙ හිතෙන් පැනපු ආදරේ කොච්චර ද කියලා.


අනිත් පාර ඉපදුන දවසෙ ඉදන් අද වෙන තුරු වෙන්න ගිය ඇබැද්දි ගැන කියන්නම්.

ඔබ නෑ මා ළඟ ගොස් දුර ඈතක ...

ඔයාටයි මගෙ ආදරේ කරදරයක් උනේ ..මගෙ ආදරේට සීමා මායිම් තිබ්බෙ නැහැ ඔයා හොඳටම දැන දැනත් ඒ ආදරේ පැත්තකට ඇදල දාල මට මාවත් නැති කරා සමාවෙන්න මට ආයෙනම් එන්න බැහැ ඔයාගෙ ලෝකෙට " ඔයාගෙ ලෝකෙට කිව්වට ඔයාටත් අද උන්හිටි තැන් නැතිවෙලා නෙද ..?"මං හිතන විදිහට ඕකට කියන්නෙ 

දිඨ්ටධම්මවේදනීය කර්ම කියල වෙන්න ඕන..........
සඳ දුර තනිවම වැලපෙයි අප ගැන
පන්හිඳ ලිව්වා නිතරම ඔබ ගැන
කවි ගී ලිව්වට එහි රස විඳිනට
ඔබ නෑ මා ළඟ ගොස් දුර ඈතක ...

Sunday, August 19, 2012

ඉන්නවද තව ටිකක්

හිමි නොවන ඔබෙ පෙම් හිතක්
ඉල්ලමින් මං විඳි දුකක් ..
අහිමි ඔබෙ නෙත් දෙකෙන්
දුටිමි මම සෙනෙහසක්..
අපිට අපි හිමි නැතත්
අන්සතුම අත් දෙකක් ..
ළංවෙලා පපු තුරුලෙ
ඉන්නවද තව ටිකක් ...............

Monday, August 6, 2012

ඔබට නොහඟවා සැඟවූ මගේ පෙම

ඔයා දකිනට නොලැබෙන දුක පාළුව 
කේශනාලික පුපුරා ගලන මගේ දුක 
ඔයාට ඇහුනානම් .....
ඔයා දකින්නට බලන් උන්න හැටි 
නුබේ හිනාවට පණ වුව දෙන බව 
නුඹට දැනෙනවානම් .....
ලොවම ඉදිරියේ මා අසරණ වූ දා
ඔබට නොහඟවා සැඟවූ මගේ පෙම 
තේරුම් ගත්තානම්.....
වෙන කෙනෙකුන් වෙත පෙම් නොබඳින බව
මා පෙම් කල නුඹ මගේම වන බව 
මා දැනගෙන හිටියා..........

පෙරුම් පුරනවා කල්පයක්ම .....

ගෙවුන කාලය ගන්න පුලුවන් උනානම්
මම ආපහු යනවා ඒ අතීතෙට...
ලන් වෙන්න තරම් ඔය හිතට
පෙරුම් පුරනවා කල්පයක්ම .....

තනි වෙච්ච මේ හිතට දුක් බරයි නුබ ගේන
මා නොවෙයි නුබමයි හැර ගියේ මා මෙලෙස ....
අයිති නැති ස්නෙහයක නුබ මාව රදවාලා
ගිය හැටි අපූරුයි නන්නාදුනන විලස...

ගෙවී ගිය මතකයේ නුබෙ සුවද දැවටීලා
පාරවයි තුන් හිතම මහ රෑක තනි වීලා ....
විදගන්නෙ මා කෙලෙස මා සුසුම් හිරවීලා
දුව එන්න මා සොයා මේ නෙතු නොපාරාලා ....

මම හැමදාම මේ විදිහට තනි අතින් අත්පුඩි ගහනවා

මට මගෙ ජීවිතේ ලැබීම් වලට වඩා හිමි උනේ නොලැබීම් 
ඒ මොන දේ නැති උනත් දරාගෙන උන්න නම් තමයි
 මගේ හිත අද ගොඩාක් දුබල වෙලා ... 
මිල මුදල් සැප සම්පත් නැතුව නෙවේ
 මේ මොනදේ තිබුණත් හිස් බවක් දැනෙන්නෙ ඔයා මගේ ලඟ නැති හන්දයි ........
 මේ ලෝකේ ඔයාව මට හම්බුනනන් මම වෙන්න ඇති මේ ලෝකේ ඉන්න වාසනාවන්තම  පිරිමියා 
මම ඔයාට කරපු ආදරේ දන්නා මමයි මගේ අහිංසක හිතයි විතරයි....... 
ඔයාට මව තෙරුන් ගන්න බැරුව ඇති
 ඒ එදා ඔයා ආදරේ වින්දේ නැති හන්ද 
එත් මම නං ආදරේ විදිනවට වැඩ විදවල තියනවා
 මගේ ජීවීතේ කෙල්ලෙක්ට කියල පලවෙනි පාරට ආදරේ කරේ ඔයාට 
හ්ම්ම්ම්ම්ම්ම් ...................
මේ ජීවිතේ පුදුමාකාර දෙයක් ඇත්ත පෙළක් ආදරේ විදිනවා පෙළක් විදවනවා 
මම අයිති දෙවෙනි එකට 
එත් ඔයාට කරන ආදරේ වෙන විදිහක් 
ඔයාට ආදරේ කරන්න වෙලා තියෙන්නේ මට තනි  අතින් කමක් නැ..........
 මේ ආත්මෙදි බැරි උනත් මට ඔයාව ලබන ආත්මෙදි හරි ලැබෙන්න  කියල හිතන් 
මම හැමදාම මේ විදිහට තනි අතින් අත්පුඩි ගහනවා 

Saturday, August 4, 2012

මැරුණ දවසට මාව



මැරුණ දවසට මාව
මගේ මිනි පෙට්ටිය උස්සන් යන්න උබලා කැමති වෙයිද දන්නේ නැ
ඒ කොහොම නමුත්
උබලටත් බැරි නන්
එදාට වත් මගේ මිනියට උර දෙන්න
මං දන්නවා අනිවා ඩෙෆා
පෝලිමක් මග බලං ඇති බව
මොකද උබලා මට වෛර කරාට
උන් මට ආදරේ ඇති නිසාවෙන්
මගේ මිනියට උර දීමන්
උන් සතුටු නිසාවෙන්
උන් ‍උර දෙනු ඇත
අඩවී මගෙන් උන් විතරක්
මතක් වේවි මගේ ගුණ ඉන්නකන් නැති උනත්
දැනේවි පාළුව කවද හරි
මගේ මරණය පැතුවා උබලා
මිනිය පස් වලක් තුල සැගවී යන තෙක්
මා මිය ගිය පසු
ඒ මිනී වලටම
රතු රෝස මල් පෙති
ඉසිනු ඇත දෙනෙතින් තෙමා යන කඳුළු බිදු සමගින
නමුත් මා දනිමි
ඒ කඳුලු බිදු මා නිසාවෙන් නොවන වග
තවත් එක සමුගැනීමක
එකම එක පිටුවක් සදාතනිකව ලියවෙනා වග...
මා ඉදින් මා මිය ගිය පසු
තවත් කුමකටද මා නමින්
හෙලනු කඳුළු බිදුවක්
එනු මැන
හෙලන්නට නොව කඳුළු බිඳුවක්
හවසට ඇවිත් කල පලයන් මල බත වට්ටක්කා සමග
තවත් එක බත් පොඩ්ඩක්...........

Monday, July 23, 2012

අම්මා…… පෙව් කිරි කඳුලෙන්…… මේ ලොව මෙතරම්…… හැඩවුනේ……

අම්මා…… පෙව් කිරි කඳුලෙන්…… මේ ලොව මෙතරම්…… හැඩවුනේ……

දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැඳුරේ…………//
අම්මා…… පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
හැඩ වෙවී රස පිරී ඉතිරි ලොවක් නළවන සේ
අම්මා…… පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ

කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල – සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට – අම්මේ මදි මම පිං කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට – හැඩුවාය සිහිනෙන් පවා

දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැඳුරේ
අම්මා…… පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ……

හිරු රැස් පායන හිමිදිරියේ – රහසින් රහසින් ඔබ හැඩුවා
පුර හඳ පායන පුන් පෝ දා – රහසින් රහසින් ඔබ හැඩුවා
ඉන්නා තැනක හිද පුතුනේ කියා මට – අමතන්න එන්නම් සොයා

දිළිඳුනේ දරුවනේ…………

සුන්දර දරුණු අත්දැකීමක්


2010.07.22 හරියටම අදට අවුරුදු 2ක් එදා තමා එදා අපේ ජීවිතවල තවත් එක්තරා විදිහේ සුන්දර දරුණු අත්දැකීමක් 21 කලින් දවසේ තමා ඔක්කොම ප්ලෑන් එක අපි 4 කට්ටුව ගැහුවේ මම, කොට, චුලා , බිජු පරීක්ෂක (දන්නෝ දනිති ) 

"ලොක්කා හෙට මොකෝ කරන්නේ " නිප්පා මගෙන් ඇහුවා "

"හෙට නේද ? මොන හරි කොරමු මචෝ" මම කිව්වා


"චුලගේත් උපන්දිනේ ඊයේ දෙකම අල්ල දාමු ගින්දර එකක් " නිප්පා කිව්වා"එල එල දාමු දාමු චුලට අදහස දාපන්කෝ " මම කිව්වම

ලොවෙත් දෙපාරක් නොහිතම නිප්පා පිටිපස්ස පෝලිමේ පිස්සු නටන චුලට අදහස් පොදිය අත්හැරිය සර සර ගල මුළු ඇගම සලිත මුකුලිත වෙලා

"දාමු දාමු මෙන්න මගෙන් rs 1000" චුලා කිව්වා
"අරම්බෙම හොද උන හින්ද මමත් ලොස්ට් නැතුවම දැම්ම rs1000 මේ නිප්පත් දැම්ම 1000 ක් ඔක්කොම 3000 ක්ඔක්කොම හරි
"මේ ඒක නෙමේ අපි අර පිස්සු කෙස් ටිකටත් මොන හරි අරන් යමුද " චුලත් එහෙම හඩ අවදි කරේ මොකක් හෝ නමුත් යටි අරමුණක් හිතේ තියන් කියල කොයි කට නමුත් මට නං හිතුනේ


ප්ලැන් එකට අනුව මට හෙට නිවාඩු දවසක් මොකෝ මමනේ ප්ලැන් එකට අනුව බදු ගන්න ඕනේ ඔක්කොටම කලින් අපි සෙට් එක මේ වගේ දරුණු ගනයේ ජල්බරියක් ගහන්නේ ජීවිතේ පලවෙනි වතාවට කලින් මෙහෙම ගොන් වැඩ කරලා නැ
අපි සෙට් එකේ උන්න එකම චන්ඩිය මන් හින්ද ඔක්කොම මුදල් ප්‍රතිපාදන මට බර දීල බඩු ටික මට ගෙන්න පැවරුන 

මෙගා බෝතල් 2,චොකලට් බිස්කට් එකයි ,චිකන් රයිස් එකයි තව හොද ජාතියේ බෝතලෙකුයි ගෙන්න හිතන් අපි සෙට් එක ඊට ගත්ත ඉතින් නිප්පගේ වැඩේ ගෙදර ගිය වෙලේ ඉදන් එලි වෙනකන් sms කරනවා මොකටවත් නෙමේ හෙට පර්ට් එක උට හින්ද සන්තෝසෙට තව සීන් එකක් අපේ cls එකට ආවා දුරා කියල YDB එකේ ගෑනුලමයෙක් එයාගෙත් උපන් දිනේ එදාටම තමා දින දීල තිබ්බේ 


ඉතින් කොහොම කොහොම හරි අපි අය බලන් උන්න මොහොත ටික ටික එලබුනා වයසේ වරෙද්දද මන්ද අපි කරන කියන ඒවගේ හරි වැරදි පෙන්නේ එක කරලා එවර උනාට පස්සෙනේ ඒ සංසිද්දිය මෙකටත් අදාලයි 
ඔන්න ඉතින් මම බාර් එකට ගිහින් ගත්ත සුපර් barndy බෝතලයක් සුපර් කියන්නේ නිකන් නෙමේනේ අරන් අනිත් අවශ්‍ය කලමනත් අරන් වැඩේට සෙට් වෙන්න කියල හිතන් අපේ තිත්පොල උන hard cls එක පැත්තට අදුන මෙන්න බොලේ නිප්පයි කොටයි ඇවිදින් ඒ අස්සේ කොට තව මගුලක් කරන්න හදන්නේ කොට බැලුන් බෝලයි i wish u happy birthday dura ,chula , nipuna කියල පෝස්ටර් එකකුත් අරන් ඇවිත් ඒ අස්සේ ස්පෙර් එකකුත් ගෙනල්ල අදටට් අපේ මතක සටහන් ඇති ඒ පන්තියේ ඔන්න බඩු හරි චුලලා එන්න ටිකක් පරක්කු වෙන හින්ද අපි සරසන්න ඕනේ මෙව්වා ටිකත් කොරල අහවර වෙලා අර ගේනවා මත්පැන් බෝතලේ රහ බලන්න තොල ගැව 1/2 ඉවර වෙන්න ඔන්න මෙන්න තියල සුදා,තිසර ,අයේෂ්,චුලත් ආවා ඇවිත් පිස්සු වැටිලා පන්තිය දෙකල ඔන්න ඉතින් අපේ කල්හාරය අවේ පරක්කු වෙලා උ තම එස්සරහට වෙන හැම දෙකටම වැරදි කාරයා වෙන්න උ කලින් අවනන් මෙහෙම කෙදනිය ඉරණමක් අපි කාටවත් අත් වෙන්නේ නැ කියල 


අපි හැමෝම වගේ දන්නවා ඔන්න ටික වෙලාවක් යනකොට අපේ පන්තියේ උන්න සුන්දර ලලනාවෝ දෙන්නත් පැමිණිය එයාලටත් පුදුමයි අපි මේ කොරල තියන දේ දැක්කම එයාලත් හෙන ලොකු වට්ටක්ක ගෙඩියක් වගේ කේක්‌ ගෙඩියක් ගෙනල්ල ඔහ්....... කියන්න බැරි උන එයාල දෙන්න තමා දුරා & දිල් කියන මෝඩ ජෝඩුව දන් ඉතින් අපි අර බෝතලේ 1/2 ටත් වඩා එවර කරලා කල්හාරයට තිබ්බ එකෙන් අපේ ආදරණිය බිජු පරීක්ෂක තුමා විසින් අකත් පරික්ස කොරල තිබ්බ ටිකට වතුර දල කල්හාරයට දීල උට තොල ගාල එක ඉවරටම ඉවර කරා ඔන්න දැන් කෙල්ලන්ටත් වැඩේ තේරුණා ඒ හින්ද එයාල බය වෙලාලු ඉදලා තියෙන්නේ


ඔන්න ඔහොම ඉන්න කොට අපිටට් නාද සලන් අපි මොනාද කරන්නේ කියන්නේ කිසිදෙයක් ඒ වෙලාවේ නැ ඉතින් ඔන්න ඔය වෙලාවේ එතන පොට් එකේ අයිතිකාරය ඇවිත් කියපි අපේ sir අද පන්ති න ඔයාලට ගෙදර යන්න කිව්වා කියල කොරේ පිටට මරේ කියන්නත් වහේ අපිට අහු උනේ පට්ට පට පට අවස්ථාවක් හවස බොන්න තියන් උන්න 1/2 ඒ වෙලාවේ සතුටට බිල දැම්ම ඔන්න ඉතින් ඔක්කොම කැරකෙනවා නිකන් මෙරිගෝ රවුමක් වගේ                                                                                                                             


දුරා & දිල් දුරාගේ උපන්දිනේට ගෙනත් තිබ්බ අලි කේක් ගෙඩියටත් ලිපිනත් නැති කරලා මයි නිප්පයි සුභ උපන්දිනක් වේවා කියන්න බලනකොට මෙන්නේ මුන් දෙන්න අපිට බයේ දුවනවා අපිත් පස්සේ ගිය සුභ පටන්න එත් වැඩක් උනේ නැ අපි අපහු ගිහින් පන්තියේ සින්දු කියල නටලා ඉන්නකොට ගොඩක් ජාති උන මම නිප්පා තම දරුනුවටම පිස්සු නටලා තියෙන්නේ ඒ අස්සේ කව්ද එකෙක් අඩලත් එක්ක නිප්පා කබා දාල ඓති කාරයටත් මට්ටු තවත් ගොඩක් ජාති අපිට ඉස්සරහට උන ඒවා තවත් කතා එක්ක ගෙන්නන් 

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් සමහර විට එදා අපි ඒ කරපු වැරෙද්ද නොකර උන්නාන් මගේ lif එක මිට වැඩ වෙනස් වෙන්න ගොඩක් ඉඩ තිබ්බ මට හම්බෙන්න තිබුන දෙයක් මගෙන් ඇත්වෙලා ගියේ අපි එදා ඒ කරපු වැඩේ හින්ද කියල තාම දුක හිතුනත් එදා කරපු ගත්ත අතල් එක මතක් වෙනකොට ඒ දුක නැත්තට නැති වෙනවා එදා ඉදන් ගත්ත මොරාල් එක අදත් තියනවා එදා එක පව්ලක් වගේ උන්න අපි දන් වෙන් වෙලා ගිහින් ඇත ඒ මතකය එදත් වඩා සුන්දර ලෝකෙකට මව එක්ක යනවා ජීවිතේ මට ගොඩක් වැරදිලා තිබ්බත් ඒ පන්තියේදී වැරදුන තරං වැරදිලා නැ මෙතන මට කියන්න බැරි ලොකු දුක හිතෙන කතාවක් තියනවා මම එක ඉලග කතාවෙන් කියන්නං එතකන් මම යනවා

Sunday, July 15, 2012

8 වසරේදී වුන අපේ කතාවක්

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් අද කියන්න යන්නේ උපෙළ කලේ කතාවක් නෙමේ 8 වසරේදී වුන අපේ කතාවක් කියන්නයි මේ හදන්නේ.. කතාවක් කිවුවට ඉතිං කතන්දර ගොඩක්.. O/L වෙනකන් උන වැදගත් කියලා හිතෙන කතන්දර ටික කියන්න ඕනේ කියල හිතුන කල්පනාව.. කලින් ලියපු කතන්දර උපෙළ දී බණ්ඩාරනායකදී උන අකර තැබ්බනේ

මේක උනේ දී අපි සෙට් එකේ උන්න හසන්ත (බිත්තරය),සමීර(චිකන),දනුක (කොමනා), මමයි මගේ අතීජාත මිත්‍රයෝ ටිකයි ඉස්කෝලේ 6 පන්තියේ ඉදන් හිටියේ එකට.. අපේ කල් කිරියාව හොද වැඩි නිසා ගුරුවරු අපිට ස්ථාන මාරු දුන්නට ඒක ඒ පීරියඩ් එකට විතරයි.. අනික තමයි අපි හැමදාම හිටියේ තුන් වෙනි පේලියේ.. මුල්ම පේලි දෙකේ උගතුන්, අන්තිම පේලි දෙකේ බුද්ධිමතුන්.. මුංට මැද හැමදාම අපි..


සාමාන්‍ය දවසකට teachers ලා නං අපේ නම් දහ පාලොස් පාරක් කියවෙනවා.. ආදරේට මාරම මාර ආදරෙයි ගුරුවරු එතකොට
අපිට නිව්න්හැල්ල ටෙඅචේර්, විනීත teacher ගොඩක් අදරෙයි නොසන්දාලොයෝ කියල තම අපිට ආදරේට කියන්නේ අපි නැතුව බෑ. දවසක් අපි අපේ කියල කල්ලියක් හද ගත්ත හසන්තය තම පච්ච සිරා,දනුකට කිව්වේ කඩුවෙල වසන්ත , සමීර තමා මස් කඩේ ජෝස, මට කිව්වේ නෙල්ලි කැලේ බුරියා අපේ
සෙට් එකට වෙඩි වෙලා පන්තිය රජ කරන්න උනේ න හැම වීර කටවකම දුස්ටයෙක් ඉන්නවා වගේ අපේ පන්තියේ උන්න ගිහාන් හෙවත් පැනිය කියල පොරක් උ ගිහින් පන්ති භාර මිස්ට කියල දුන්න නේද


කට උත්තර නැ අපිට හසන්තයගෙයි මගෙයි තමා වරෙද්ද දාල තියෙන්නේ කෙකිල්ලේ රජ්ජුරුවෝ වගේ පන්තියේ සිටින අනිත් ළමුන් දුරාචාරයට යොමු කිරීමේ වරද මාස 6 ක තහනම් කල පන්ති තහනමකට ලක් කරා තවත් කතා තියනවා ඒවා ගෙතෙන්නෙ

ත්‍රාසය / භීතිය / කුතුහලය / ආදරය / අරක්කු / සිගරට් / පිරි කතා… මේ කලේ වයසේ වරෙද්දනේ අත්හදා බැලීම් කරා

Saturday, June 16, 2012

මෙල්බන් සිට නිප්පෝ උබට තමා ලිව්වේ

මෙල්බන් සිට නිප්පෝ උබට තමා ලිව්වේ 

ඉතින් සහෝදරයා කොහොමද ඔහේ තත්වේ මෙහනන් so කියන්න තරං  වරදක් නැ ගෙදර ඔක්කොම හොදින් කියල හිටනවා අපිත් මෙහෙ වරදක් නැ නිප්පෝ දැන් මමය් චුලයි විතරයි බන් ඉන්නේ අශානය ගිය වෙනම පදිංචියට බන් උ මෙහෙන් මෙහෙමම බැන්දා අව්ලක් නැ කල්ල චෝරර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් එට් උනුහමුලුවටත් උගේ නෝනා මැණිකක් කියනවා වගේ අශානයාට මොන කතාද  චුලයි මායි තමා මෙහෙ තනියම උයන් කන්නේ බොන්නේ එට් මචෝ ලංකාවේ සම්බෝලේ පරිප්පු හොද්දේ සුවද මතක් වෙනකොට පපුව දාල යනවා බන් උබට දැන් අරය හොදට උයල කන්ඩ දෙනවා ඇති නේද අනේ සාදු උබත් කොහොම කොහොම හරි game1 ගහ ගත්ත එහෙනං එල එල චුලයි මායි මැයි එනවා චුලත් කසාදයක් කර ගන්න ඕනේ කියල උත් බදින්න යන්නේ එදාට නං කරටි කැඩෙන්න ගහමු කොල්ලෝ මෙහෙදී නං ගොඩක් බොන්න තියෙන්නේ වයින් වගේ ඒවා මස් නං බැටළු මස් තමා කොට මට mail  එකක් දල තිබ්බ සුහද හමුවේ ෆොටෝ ටික පට්ට බන් මාර ආස හිතුන එත් කොහොද බන් ඒ තරං පිනක් අපිට හ්ම්ම් ඊලග එකටනං කොහොම හරි එනවා මෙහෙ පට්ට මචෝ අපි උදේම යනවා 6 ට  විතර වැඩට වැඩ කරන්නේ තියෙන්නේ පැය ගණන් වලට 1h =රු 15000 විතර ලංකාවේ සල්ලි වලින් අපිට හම්බෙනවා පාරේ බස් එකේ තමා අපි දෙන්න තමා යන්නේ එහෙමට කියල අව්ලක් නැ තත්පරෙන් තත්පරේ බස් නං තියනවා වැඩ off වෙන්නේ තමන් කැමති වෙලාවට අපිනන් පැය 10k තමා උපරිම වැඩ කරන්නේ ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිත් එක්කෝ සෙල්ලන් කරන්න යනවා නැත්තන් ගෙදරම තමා ඉන්නේ චුලයි  මායි දෙන්නම ගෙදර උන්න දවසට අපි දෙන්න යනවා night clb  එකක් පැත්තේ ලංකාවේ නං එහෙම යනවා අපිව උබලගේ ගෙවල් වලින් අපිව ආශ්‍රය කරන්න දෙන එකකුත්  නැ එත් මෙහෙ එහෙම නැ බන් ගැනී n මිනිහ දෙන්නම තමා ච්ල්බ් එන්නේ ඇවිත් බිලා නටලා පාන්දර තමා ගෙදර යන්නේ අපිනන් එහෙම නැ බන් එකේ ඇතුලේ මචෝ කෑම හෙනට අඩුයි ගාන මෙහෙදී ගොඩක් කෑම,ඇදුම් ,වතුර වලට තමා බුදු ගණන් යන්නේ   මේ ලදී චුලයි මායි සුපිරි බෝතලයක් කැඩුව නාද සලන් බන් බිලා ඉතින් උබල එක්ක කරපු පිස්සු තමා මතක් කර කර හිනා උනේ හම්මා දැන් ඉතින් අපි අවත උබේ සදාදරණීය බිරිද පොඩ්ඩ සෙට් වෙන්න දෙයිද දන්නේ නැ :D එහෙනං අපි නවතිනවා චුලත් ක්ව්ව උබව මතක් කරන්න කියල හනිදිල්ටත් wsh  කරා කියන්න ක්ව්ව බුදු සරණයි 


මම මලියා                                            

Tuesday, June 5, 2012

2016.07.22, චීනයේ සිට. හිතවත් ලහිරු වෙත,


ඉතින් ලහිරු මොනවාද අලූත් තොරතුරු?


අපි හොඳින්. ඔයාට ලියන්න කිය කිය හිටියේ. ඒ වුණත් එවන්න විදියක් තිබුනෙ නැහැ. මෙහේ ඉඳන් ලිපියක් එන්නත් ගොඩාක් කල් යනවා බං අපිත් හරියටම විස්තර දන්නෙ දැන් ගොඩාක් දේවල් ගැන. මුලින්ම කියන්න ඕනේ අපේ Skype facebook එක වැඩ නැහැ. මෙහෙ රජයෙන් ඒ තරම් ඒවාගෙ දේවල්වලට ඉඩ කඩ දෙනවා මදි. විශේෂයෙන්ම Ambassyවලට. මේ රට ගොඩාක් ආරක‍්ෂා කරනවා මේ රජය විසින්. ලිපිවලින් මේ රට ගැන විස්තර ලියන්න අමාරුයි කොටෝ දවසකට හරි බලන්න රට මේක තමා. හිතා ගන්න අමාරුයි. මේ රජයේ මාර Plan තියෙන්නෙ. අපේ රටවල් එක්ක ගත්තම අපේ රටවල්වල පාලකයින් මොනවද කරන්නෙ කියලා හිතෙනවා.


මුලින්ම කියන්න කැමතියි “සමානාත්මතාවය“ ගැන. හැමෝම එක සමානයි. මන්ත්‍රිවරු, ඇමැතිවරු කියල, ක්‍රීඩකයින්,වෛද්‍යවරු කියලා කිසිම වෙනසක් නැහැ. හැමෝටම ආමන්ත්‍රණය කරන්නෙ මචන් කියලා.. ලොකු ලොකු අය කියල ලොකු ලොකු වාහන නැ. ටෝයෝය Car තමා මේ මිනිස්සු තාම භාවිත කරන්නෙ පරණම පරණ කාර්.සුපිරියට හදලත් දුවනවා පට්ට කොටෝ එවනන් හැමදෙනාම සාමාන්‍ය මිනිසුන් වගේ. අපේ ගෙදරට එනවා ඩොකාලා, මන්ත්‍රිවරු අපි ඔයාලා වගේ. ආවාම මායි,ආශානයයි,චූලයි එක්ක කතා කරලා Thanksකරනවා කෑම බීම හදලා දුන්නට. පොලිස් ගාඩ් නැහැ තනියම එන්නෙ. ලොකු ගෙවල් දොරවල් නැහැ. ඒ මිනිස්සු හවසට කඩවලට යනවා. වැඩ කරන්න හරිම Simple මිනිස්සු.


මේ මිනිස්සු හරි හොඳයි. ගැහැනු අයට හොඳට හොඳින් සලකනවා. වයසක මිනිස්සුන්ට හොඳට සලකනවා. ගෙයක් දෙනවා / කන්න දෙනවා / වෛද්‍ය පහසුකම් නොමිලේ / පාසල් ළමයින්ට ඇඳුම්, පොත්, පැන්සල් දෙනවා. මේ රටේ පාලනය හරිම වෙනස් ලහිරුවෝ උබට එන්න කිව්වා කොහෙද උබ එන්නේ නැනේ උබත් හරි බන් අපේ රටේ වගේ නෙමේ මෙහෙ . ඉතාම පොඩි ප්‍රමාණයකට තමා රටෙන් පිටවෙන්න Pass port තියෙන්නෙ. මේ රටෙන් පිටවෙන්න බැහැ. වෙන රටවල්වල ගිහින් අපිට වගේ වැඩ කරන්න බැහැ. මේ රට් අය මේ රටේ ඉන්න ඕන කියන අදහස තමා තියෙන්නෙ. අපේ රටේ වගේ මිනිසුන් අතර ලොකු තරගයක් නැහැ. කවුරුහරි පිටරටකට ගියොත් අනිත් එකත් බලන්නෙ කොහොමහරි යන්න. මොකද අපේ රටේ ආර්ථීකය හොඳ නැහැ. ජීවත් වෙන්න කවුරුත් උදව් කරන්නෙ නැහැ. මෙහෙ වගේ කෑම බීම, ගෙවල් නොමිලේ නැහැ නේ. මෙහෙ මිනිස්සු හරිම සතුටින් කාලය ගෙවනවා. පුදුම විනෝදයෙන් ඉන්නෙ. හම්බ කරන දේ හොඳට වියදම් කරලා. කාලා ඇඳලා ඉන්නවා. එක තම බන් වෙන්න ඕනේ මොකද මේ අයට ගෙවල් හදන්න කියලා, ළමයින්ට ඉස්කෝලවලට, ඛෙහෙත් හේත් ගන්න කියලා, දෑවැදි දෙන්න කියලා ඉතුරු කරන්න අවශ්‍ය නැහැ. පුදුම, පුදුම රටක් මේක. අපි අහලා තිබුණට දැකලා තිබුණෙ නැහැ කොටෝ දැන් අපි හොඳට දන්නවා මොකක්ද මේ රට කියලා. අපේ ඇස්වලින්ම මේ දේවල් දකිනවා. අත්විඳිනවා.


අපි තව මස තුනක් තම මෙහෙ ඉන්නේ අපි අවේ අපේ කම්පෙනි එකේ වැඩකට australiya යනවා මචන් ස්ථිර පදින්චියටම නැත්තන් newzealand තමා අපි ඉල්ලා තියෙන්නේ අපේ ජොබ් එකේ හැටියට එක රටක ඉන්න නැ බන් ඇත මේ රටනන් සුපිරි රට ජීවත් වෙන්න මොකො අද මෙහෙලොකු සැපසම්පත් ලබමින් නෙමේ මෙහෙ ජීවත් වෙන්නේ. මිනිස්සු සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ ඉතාම හොඳින්. මානසිකව ලොකු නිදහසකින්. හිතන්න දේවල් නැහැ මේ මිනිස්සුන්ට. අපේ රටවල්වල මිනිස්සු හරියට හිත් වලින් දුක් විඳිනවා. ඉගෙනගත්තා කියලා රස්සාවල් නැහැ. ගෙවල් දොරවල් ප්‍රශ්න. ඒ අතින් මේ රට ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ලියන්න දේවල් එමට තියෙනවා. ලහිරුවෝ අපි ආපුවාම කතා කරමු තව අත්දැකීම් රාශියක් ලැබෙයි කියලා හිතෙනවා. අපි දැන් මෙහෙට ඇවිත් මස 7 ක් වෙනවා


මේ රට ලංකාව වගේ කී ගුණයක් ලොකුයි කියල හිට ගන්න බෑ බන් . මෙහෙ අමෙරිකාව එක්ක මාර අවුල ඇමරිකාව හදන දෙයක් ගේන්නේ නැ එත් කොට ඇමරිකාවේ ඔක්කොම සල්ලි වලට ගන්නවා මාරයි බන් මෙහෙ අපි කුකුල් මස් කනවා වගේ මෙහෙ කන්නේ උරු මීයෝ වගේ ජාතියක් ඉන්නවා අන්න උන්ව අල්ලලා මරල තමා කන්නේ අවුලක් නැ චුලට නං කන්න බෑ බන් ඌට ඒවා කපු වෙලේ ඉදන් ඌ නිකන් ඌර වගේ මෙහෙ මචන් සරපයින්ව කනවා මාර විදිහට අපිත් දවසක් පොලගේක්ව රෝස් කරලා කව හොටෙල් එකක ට ගිහින් හැම තැනම බත් කන්න පුළුවන් බිම දාල හරිම ලස්සන රටක්. මෙහෙ මුහුදවල් හදලා තියෙන්නේ මචන් මුහුද වගේම තමා හැබැයි ටිකක් ලුණු රහ මදි හදපු මුහුද ගොඩක් ලස්සනයි. කොළපාට රටක්. ගස්කොළන් ගොඩාක් තියෙනවා. ලංකාවේ තියෙන හැම කහක් කොළක්ම වගේම තියෙනවා. පොල් ගස් ගොඩාක් තියෙනවා. භාෂාව ටිකක් අමාරුයි. චෑන් චූන් ගාලානේ කතා කරන්න තියෙන්නේ අපි මෙහෙ ඉන්න ගමන් පොඩි පොඩි sduty පාරක් දැම්ම තව ඉගෙන ගන්න බලනවා ටිකක්. අවශ්‍ය කරන හැම දෙයක්ම නොමිලේ / ප්‍රවාහන ගාස්තු නැති තරම් අපේ සල්ලි වලින් රු. 2 යි කොහේට ගියත්. ඒකත් කැටයක් තියෙන්නෙ කැමති අය විතරයි දාන්නෙ. කොන්දොස්තරවරු නැහැ.Light/Waterවලට පුංචිම පුංචි ගාණක් ගන්නේ. ඒ මොකද නැත්නම් මිනිස්සු පාලනයක් නැහැ. ඒක නිසාලූ.


හැම දෙනාම රජයට වැඩ කරන්නෙ. මෙහෙ Private කියලා කිසිම දෙයක් නැති තරම්. හැම එකම රජය විසින් පාලනය කරන්නෙ. නිෂ්පාදන අංශවල මිනිස්සු වැඩ කරනවා. ඒ අයට ඩොලර් 20 ක් වගේ තමා පඩි හම්බ වෙන්නෙ. වෛද්‍යවරු / ගුරුවරු / පාර අතුගාන එකා / ගෙවල් හදන එකා / පයිප්ප බාස් / හැම දෙනාටම එකම පඩිය තමා. පොඩි වෙනසක් තියෙන්නෙ වෛද්‍යවරයාට ඩොලර් 2ක් වැඩි වෙයි. / ප්‍රොෆෙසර් කෙනෙක්ට ඩොලර් 1 ක් වැඩිවෙයි.


මෙහෙ ඇවිත් ආශානයාණන් කෙල්ලෝ දිහා හැරිලා බලන්නෙට් නැ මොකද මෙහෙ වැරදිවලට දඬුවම් හරිම සැරයි. අවුරුදු බර ගණන්වලට හිරේට. කලූ මිනිස්සු, සුදු මිනිස්සු දෙවර්ගයම ඉන්නවා. නිග්‍ර ජාතිකයින් ගොඩාක් ඉන්නවා. ඒ වගේම Spani මිනිස්සුත් ඉන්නවා. කිසිම ජාති භේදයක් නැහැ. හරිම සමගියි. මිනිස්සු කසාද බඳිනවා මිශ්‍රව.


හැමදාම උබලට ලියන්න කියා කියා ඉන්නවා මිසක් ලියන්න ටයම් 1 ක් නැ බන් මේක ලියන්න අරගෙනත් සතියක් ටික ටික ලියල තමා ලිව්වේ මොකොද වැඩ ඉවර වෙන්නේ රෑ 8 ට විතර එහෙම වැඩ කරන්න ඕනෙත් නැ ඇත අපිව එවල තියෙන්නේ මෙහෙ ගහන්නේ මචන් දන් ටොයෝට ඔක්කොම වාහන මොකද මෙහෙ අමුද්‍රවය තියනවා ජපානේ දන් එහෙම නැ ජපනම තමා මේවා හදන්නේ අපිට තියෙන්නේ වාහන හදන මැෂින් වල තියන අවුල් යන ඒවා හදන්න තමා මෙහා මචන් තමා එක දරු ප්‍රතිපත්තිය තමා තියෙන්නේ එක හින්ද චුලා කැමති නැ මොන සැප තිබ්බත් මෙහෙ ඉන්න ඉතින් අපි සෙට් එක තමා අපි මේකෙන් අයින් වෙන්න කියලා ඉන්නේ බන් අපිට මේකේ ඉදලා සෙතක් නැ මොකද අපි එක දිගටම ඉන්නවා නං ඔන්න අවුලක් නැ බන් එට් අම්ම තාත්තා ගැනත් බලන්න එපෑ ඒක හින්ද අපි සෙට් එක ඉන්නේ මෙහෙන් මාරු වෙන්න සල්ලි ඉතුරුවක් නැ එකය් තියන එකම අවුල ඉතින් නැත්තන් කිසි අවුලක් නෑ බන්


ඉතින් අපේ සෙට් එක මොකෝ බන් කරන්නේ කල්හාර නිප්පා මඩුව අයේශය මන්දයා නීලා තව ගැඩ්ඩා තිසරයා තව සච්චලා 2 නා තව මතකත් නැ බන් අපේ උන්න සෙට් එක මාධවයා ගෙම්බා එහෙම මතක් කර කියපන් ඔක්කොම උන්ව අපේ අම්මා කිව්වා 2011 උපෙ සෙට් එකේ සුහද හමුව එවල තිබ්බා කියල කොහේ එන්නද බන් මෙච්චර දුර ඉදන් අපි හදවතින්ම wish කරනවා ලහිරුවෝ එක හොදට කරපන් මොකක් හරි hlp එකක් ඕනේ උනොත් අපේ ගෙදරට කියල මට කියපන් ලොවෙත් මලිය දන්නවනේ නිප්පා n උබ wedding එක කියලා තිබ්බා කිව්වා අපේ තාත්තා ආවනේ එකට නේද මම ආවා වගේ තම ඉතින් තාත්තා කිව්වා එකටත් මේ එක්කම wish කරනවා උබල දෙන්නටම මෙතන ඔක්කොමගේම නම දාන්න බැරි වෙන්න ඇති එකට මුකුත් හිතන්න එපා මේක ලියන්නෙට් මේ හදිස්සියේ බන් නිදා ගන්න කියලා දවසම වැඩ කරලා පිස්සු වගේ කොටෝ අරුන් දෙන්න නං පුකත් උඩ දාගෙන නිදි


අපි ගිය මේ ලගදී මේ night clb එක එකට පට්ට පට ඇදෙන කලි ටිකක් බන් උන්නේ ලංකාවේ ඒවත් උන්න අපි බැලුව gam5 කෙල්ලොත් ඉන්නවද දාන්න කියන බොරු කියන්න ඕනේ නැ gam5 එක කෙල්ලෙක්වත් උන්නේ නැ ඒ අතින් gam5 කෙල්ලෝ හොද boot තියන එක කොහොම තිබ්බත් එච්චර නරක වේද කරන්නේ නැ කියලා දන්නවනේ අපි අපි ගිය චීන මහා ප්‍රකාරේ බලන්න එක හැදුවේ මොක්කුද මන්ද බන් පහුවද වේද නොගිහින් බැරි කමට ගිය හදපු එකට අපි යනකන් බැන බැන ගියේ බන් ඒ තරන් එක නෙමේ අපිට සුදර්ශන මීට් උන මෙහෙදී උ ඇවිල්ල මෙහෙ phd එක කරන්න කියලා උත් නතර උනේ අපි එක්ක තම ඌ මාර වැඩ කරයනේ බන් අපි ගොඩක් දේවල් දැන ගත්ත උගෙන් තිසරයා කසාද බෙන්දට ඌට හෙන අවුළලු නේද අපි ලංකාවේදීත් ඕකට කොච්චර කිව්වද බන් කොහෙද අපි කියන දේ අහුවනන් අද ඔහොම වෙන්නේ නැනේ බෝතලය හිරේ ගිය කියලත් කිව්වා වාහන මස් කරලා අහුවෙලා පව් මොන උනත් අහිංසක පොර නේද බන්ඉතින් කොට කියන්න නං කප්පරක් දේ තිබ්බත් කියන්න වෙලත් නැ නිදිත් මතයි එක හින්ද ලංකාවට අවම උබලව බදාගෙන ඉබගෙන කියන්න දේවලුත් ඉතුරු කර ගන්න එපෑ එක හින්ද අදට නවතින්නන් අශාන් , චුලත් කිව්වා උබල ඔක්කොම මතක් කර කියන්න කියලා අපි හිතන් උන්නේ සුහද හමුවට එන්න එත් මචෝ නිවාඩු දෙන්නේ නැ වගේ එකයි අනික අපි මේ ඉන්නේ මෙහෙ තව මස ටිකනේ එකයි නිවාඩු දෙන්නේ නැත්තේ අපි මෙහෙට කලින් දැනුන දෙන්න ඕනේ අස් වෙනවා කියලා


ඉතින් කොටෝ ගෙදර හැම දෙනාම හොඳින් කියලා හිතෙනවා. දැනට අපි නවතිනවා. පසුව ලියන්නම්. අපිට ලියන්න වෙලාවක් ලැබුන ගමන් ආයෙ ලිපියක් එවන්නම්. මේක ලිව්වෙත් හදිසියෙන්. අකුරු තේරෙනවාද දන්නෙත් නැහැ. සුහද හමුවේ Photo ටිකක් ගහලා එවන්න. දළදා සමිදු පිහිටයි ඔයාලාට.


මීට මලියා දුමිදු (චුල ) අශාන් හෙවත් අපේ හැපී කව්වා

Tuesday, May 29, 2012

උබල ඔක්කොම මතක් වෙන කොට



මචෝ උබලා ඉස්සර මමත් එක්ක කියපු කතා අලුත් news. සමහරක් දාට උබලා නටන පිස්සු දැකලා අපි හිනා උනා... අවුලක් නෑ උබලා දැන් අපිව දාල ගිහින් අපි අපේ කියන දෙයක් තෙරුම් ගන්න පුලුවන් සමාජයක් නෑ අපි නටන පිස්සු කියන කරන දේවල් තෙරුන් ගන්න අපිට වඩා දිවුනු උනු එවුන් නෑ බන් ..
මායි චුලයි මන්දයයි motorshow බලන්න ගිහින් ඒ දවස් වල ගත්තු ආතල් මතක් කර කර හැමදාම හිනා වෙවි හිටියා... නිප්පා n චුලා උස්සපු කබරයා දාන රෙකොඩ් එක අපි කාටවත් කඩන්න බැරි උනා... 2010.07.22 hard පන්තියේ බිලා ගත්ත ආතල් එක.. එදා සෙට් එකම නිප්පව උස්සන් දුවපු හැටි uc එකේ තාප්පෙ ගාව ගත්ත fun චුලා එක්ක කනත්තේ ගත්ත fun මට අව්ල් ගිය දවසේ නුවනා තමා මාව අල්ලන් ගියෙ.. මලියෝ පිස්සු කෙලින්න එපා බොන්න එපා නවත්තාපන් බන් ඕව කිව්වේ සුදර්ශන ඇයි uc කොටයි මායි ගහ ගත්ත එක ඇයි අපි ඒ දවස් ටිකෙ සෙට් වෙලා දුන්නු ගේම් පෝස්ටර් ගැහුවා , බිම බිව්වා film බැලුව cd.dvd. මාරු කරා ..මාර ආතල් බන්


පෝස්ටර් ගහල හාමුදුරුවෝ ගාවට ගිය එක තමා ආතල්ම වැඩේ මම නිප්ප සච්චා මදුරන්ගයා ඇයි වීරපාන උ තමා සිර අතල් එක දුන්නේ එක දන්නෝ දනිති අන්තිමෙ අපි මාට්ටු වෙලා ඔෆිස් එකටට් ගියා.. උබ 12 ඉදන් ඉස්කොලෙ ඉදල එදා තමා වැරැද්දක් කරලා ඔෆිස් එකට ගිය පලවෙනි දවස
හැමොම යශෝදරවේ sprt මීට් බලන්න sch එන්නේ නැතුව ගිය උබට මතකද චුලෝ අපි දෙන්න තාපෙන් පැනල ඉස්කොලෙ එලියට පැන්නා..
අන්න geo වලටත් ලකුණු දිලලු බං.. අපෙ ලකුණු දන්නෙ නෑ.. චුලගෙන් geomis ග්ලැසියර් කාදනේ ගැන අහලා දුන්න උත්තරේ මිස්ටත් හොල්මන් වගේ උනා .
කොටයි චෝමොයි තමා සුපිරියට ආර්ට් වැඩ කරේ අපේ අන්තිම දවස sch kit එක චේ කපලා දුන්න fun.එක . නිකන් මැශින් එකෙක්න් කැපුවා වගේ ඒවා කපනවා... ඇයි කටයමක් චිත්‍රයක් ඇදගන්න ඔනි උනාමත් උන් දෙන්නට තමා දුන්නේ .. ඒත් අපිට කවද හරි මගේ මලගෙදරත් කැටයම කපන්න අපේ සෙට් එක එකතු වෙලා උන් දෙන්නව හොයල දීපන් කැටයම කපන්න

උබල ඔක්කොම මතක් වෙන කොට මම අම්බානක ඇඩුව බන් ඇයි උබල ඔක්කොම අතරින් ගොඩක් සංවේදී හිතක් තිබ්බේ මට හම්බුනා දවසේ ඉදන් කියපු කරපුවා මතක් වෙලා බං.අශානයානං තාමත් ඇහෙමයි කෙල්ලෝම talkකරලා උට සෙට් උන කෑල්ල කියල ලෑලල වගේ එකක් පෙන්නවා fb අරන් ෆොටෝ එකක් පෙන්නලා බොරු කියන එක තමා තියනවා ඔහොම අපේ සච් life







ටික ටික ගෙවිලා යනකොට අශානයා කියන බොරු අහන තමා  එකෙක් චුල & අයේශය උන් අපි කදු නැග්ග ගස් නැග්ග ගස්ලබු කැඩුව අයේශය හින්ද හැමදාම බැනුන් ඇහුවේ චුල තමා මොකෝ ලතා මිස් බනින්නේ චුලට මිස් හිතන් උන්නේ අයෙශ්ව නරක කරන්නේ චුලා කියලා එට් අපි දන්නවනේ එකේ අනිත් පැත්ත තමා වෙන්නේ කියල මොකද චුලව කරන තරමක් වරදට යොමු කරේ ඔන්න ඔය අයෙශයා තමා නරක වදමය් කරේ එත් අනේ අන්තිමට බැනුන් ඇහුවේ අපේ අසරණ සරණ චුලානන්ද අයියා

 අපේ b a r එක උනේ අපේ hard cls ඔකේ තමා අපි දාන සෙල්ලන් ලෙල්ලන් ඔක්කොම දැම්මේ ඕකට ආව මුල් කළෙම අයේශය කෙල්ලෙක් පස්සේ ගිහින් ඒ කෙල්ල බය කරලා cls එන එකත් නතර කරා මගේ life එකෙත් එක්තරා විදිහේ ආදර කතාවක් ගෙතුනෙත් ඒ පන්තියේම තමා ඔහොම ගෙතුන අඩිතාලමට sap එක දුන්න කොට නිප්පා චුලා කල්හාර තමා දාන්නත් හිනා වෙන්නත් දුක බෙදා ඔතන තමා ඔතන තව තව යටත් ගොඩක් ගොඩක් හරි ගියා මොකද නිප්පා අපි එක්ක තරහා වෙයි දිල්හානි,දුරා, තව කෙල්ලෝ දෙන්නෙක් ආවා එත් එයාලට වැඩිකල් පන්ති එන්න ඉඩ දුන්නේ නෑ අයේශය n තිසරය උන් දෙන්න පස්සෙන් ගිහින් ඒ අහිංසක කෙල්ලෝ බය කරලා යාලු වෙන්න අහලා පන්ති එන එක නවත්තනවා හැමෝගෙම පාසල් ජීවිතේ මාර සුන්දර මතකයක් තමා අපිට ඉතුරු කරේ 

නුවර එළියේ ගිහින් උණ ගැනිලා ඉස්පිරිතාලේ යන්න උනාම මගේ පස්සේ ආවේ ගෙම්බා තාමත් මතක් උනාම ඌ කියන්නෙම අර අතන උන්න නස් නෝනා ගැනම තාම මදුවා ගෙම්බා කොට තමා පස්සෙන් උන්නේ එදා වැදුන නොම්බෙර් එක තමා වදිනවා නීලා තමා අනිත් පිස්සා අපි සෙට් එක හාමුදුරුවන්ගේ ගැහෙ අබත් කඩලා කැවා දන්නෝ දනිති

Thursday, May 3, 2012

ජීවත් වෙන්න ඕන හැමදේම තියෙද්දිත්

ආදරේ කියන වචනෙ ඇහෙද්දිත් හිත ගැස්සෙනව ඇත්තමයි ..... ජීවත් වෙන්න ඕන හැමදේම තියෙද්දිත් මගෙ ආදරේ මාව දාල ගියා ඒ ගියෙ නිකම්ම නෙවේ ... ආයේ ජීවත්වෙන තියෙන ආසවත් නැති කරල එහෙම වුනායින් පස්සෙ කාට කියල කියන්නද ඔයා හිතයි මං මහ මෝඩ කොල්ලෙක් කියල.ලැබෙන්නෙ නැති බව දැන දැනත් අතීතයට ආදරේ කරනවා කියල .......

"එදා මගෙ හිසට අත තියලා ඔයා දිවුරා කියූ ඒවා ගියාදෝ මතක නැති වීලා යළිත් එය ඔබට සිහිවේවා අහෝ මා නොකල දේවල් නෑ ඔයාගේ ඒ ආදරේ සඳහා "

Friday, April 6, 2012

මගේ පොඩි කලේ මට වෙච්ච ඇබැද්දියක්



සුන්දර අතීතයක මතක එක්ක ගෙව්න මගේ පොඩි කලේ
 මට වෙච්ච ඇබැද්දියක් ටම මේ කියන්න යන්නේ ඇත්තටම
 ජීවිතේ කියන්න මාරම මාර මෙව්වා එකක් 
පොඩි කාලේ දාග කෙරුවම අඩමින් කරදර කෙරුවම 
අම්මලා තාත්තලා අපිට ඕන දෙයක් දෙනවා ඒ වගේම 
තමා එකේ අනිත් පැත්තත් වැරදි වැඩක් කරාම 
පස්සේ පන්න පන්න තමා ගහන්නේ මන් හිතන්නේ 
උබලටත් ඇති මට වගේම සෙට් වුන ලොවෙට් නැති 
අනුවේදනීය දුක හිතෙන කතා චුටි කාලේ අපේ 
ගෙදර එහා පැත්තේ උන්න රන්ගි කියලා නංගි කෙනෙක් 
පොඩි කාලේ ඉදන් එය n මම ගොඩක් ෆිට් දවසක් 
මම එයාව හැපුවා ටිකක් සැරටකටේ තියන සෙට් එකම 
පිටේ හිටලා ඔය time එකේම මගේ ආදරණීය තාත්තත් 
ගෙදර ආවා වැඩ ඇරිලා so කාට කියන්නද 
මේ දුක අම්මත් දැන් එහෙ ගිහින් අර නංගි නලවනවා එයා
 අඩනවා අඩන්න එපා කියන්න කියන්න මාර සීන් එක අම්මත් 
ගෙදර නැ එ හින්ද තාත්තා ආවානේ එහාට මාර රස ටොෆි එකක් තමා මට සෙට් උනේ තාත්ත ආව ගමන් ඇහුවේ මොකෝ seen corn එක කියලා  කට ගන්න හම්බුනේ නැ එයට වැඩේ මීටර් උනා ගියා වට ගාවට ගත්තා කොට්ටක් කඩලා එත් තාත්තාට වඩා හොදට මම දන්නවනේ කොට්ට ගත්තේ ගහන්න මිසක් අතට අරන් හුරතල් කරන්න නෙමේ කියලා මමත් බුදුන් වදින අත් දෙකෙන් කකුල් දෙකට වැද වැද අපේ ගෙදරට දිව්වා තාත්තාත් mission impossible වගේ game එක අත ඇරියේ නැ රා බීපු නාලාගිරි බුදුහාමුදුරුවන්ට ගහන්න දුවන් එනවා වගේ පන්නනවා මගේ පස්සෙන් මමත් මොනවත් නැ වෙඩි කාපු හාවා  වගේ දුවනවා කොහොම හරි තාත්තට අහු උනා අම්මගෙන් බීපු රන් කිරි අමතක වෙන්න ගැහුවා සිරා ෂොට් ටික නිදන්න බෑ පිට කීරි ගැහෙනවා අම්මා පැනලා බෙර ගත්තේ නැත්තන් sry .com කොහොම හරි අරුගේ ඇඩිල්ල නතර උනා ඒකට දැන් උ හිනා වෙනවා මම අඩනවා පිට හරහා වැදුන පාරවල් ලස්සනට මතු වෙනවා කොහොම හරි එදා දවස මට සුන්දර මතකයක් උනා තාමත් අර නංගි දැක්කම මතක් වෙන්නේ අර සීන් එක

Wednesday, April 4, 2012

මේ සහෝදර කම හැමදාමත් මගේ හිතේ තියේවී



දුකට සැපට ආයෙමත් අපි හමුවෙන එකක් නෑ...ඒත් මේ සහෝදර කම හැමදාමත් මගේ හිතේ තියේවී.... පුංචි කාලේ ආච්චි අම්මා එක්ක වෙලේ දුවලා පැනලා සතුටෙන් හිටියා

මතකද දන්නේ නෑ ඉතින් ඔයාට1 වසරේදී මාව බලන්න ආවා මට මතකයි"මලිත් අවේ නැද්ද පුංචි කියලා "

මම ආවේ නැති වෙලාවල් වලට call කරලා
"එන්නේ නැද්ද? මෝඩයෝ" කියලා අහලා"නෑ" කිව්වොත් phone එක තිබ්බේ තරහට නෙමේ එක මම දන්නවා
තිබ්බ ආදරේට මාව ගෙන්න ගන්න ඒක මම දන්නවා
හොරෙන් බියර් ටිකක් බිලා අහු උන වෙලේ
"බීලා නේද" කියලා කතා නොකර උන්නේ
එහෙම කරලා ආයේ බොන එක නවත්තන්න ඒකත් මම දන්නවා
එත කොහොද ඉදලා මේ ලෝකෙට ආවා කුණාටුවක් වගේඅපේ තිබ්බ සහෝදර කම නැති කරපු එයාලා දැන් සතුටෙන් හිනා වෙනවා ඇති

Sunday, March 18, 2012

දුකයි ජීවිතයේ රසවත්


ජීවිතේ දුක නියත බව දැනන් 
කරන මේ මල කෝලන් 
විටක හිනා සෙන මුන් 
දුකයි ජීවිතයේ රසවත් 
ගෙවී ගිය පෙර දවස 
රැදී ඇත මනසේ 
යා යුතුය මා මාවතේ ගමනේ 
ලග සිටිය උන් නැත අද මා අසල

Thursday, March 15, 2012

මම BC එකට ගිය SCH ජීවිතේ 2



ඉතින් අපේ පාසල් කාලේ අපි දන්නේමත් නැතුවහිමිට ගෙවිලා..දැනුතේ නෑ..ජීවිතේ එපාම කරපු වැඩේ උදේ නැගිටලා ස්කොලේ යන එක කියලා හිතපු අපිට දැන් පාරේ යද්දි ස්කොලේ දැක්කමත් නැවතිලා බලන් ඉන්න හිතෙනවා.

.මොනා කරන්නද දැං මේ ගේට්ටුව අපිටත් වැහිලා. මේක ඇතුලේ කරේ නෙත්තෙ මොනාද කියලා කියන්න ලැජ්ජයි ආර්ට් එකේ මට ක්ව්වෙ මලියා,ලොකු පුතා
මේ ඔක්කොම දැං අපිටම කියලා යන්න ස්කෝලයක් නැති නිසා..A/L විභාගෙත් ඉවරයි..ඔලුවේ තිබ්බ බර නැත්තටම නැතිවෙලා නැති උනත් නෑ වගේ තමා ඉතින්…ආයේ මොන කතාද ඉතින්..අනේ අපොයි කියලා හිතෙනවා
මේ පහුගිය දවස් වල ඇති වෙන්ඩ නිදා ගත්තා..අවුරුදු ගානක් බලං හිටියේ ඕකටනේ....දැං ඒකත් එපා වෙන ගානට ඇවිත්..








ඒ දවස් වල අපි ස්කොලේ cut කරේ පොරවල් වගේ..දැං විදවනවනවා ඒවට හරි යන්ඩ ස්කොලේ යන පොඩි උන් දිහා බල බල…පොඩි උන් තිව්වට දැන් ඉන්න පොඩි උන් ඒ කාලේ හිටපු අපිට වඩා නම් සැහෙන්ඩ ලොකුයි..A/L කාලේ පංති වල සෙට් වෙලා බුල කෙලපු හැටි මතක් වෙද්දි ආයේ යන්න හිතෙන්නේ ඒ



කාලෙටමයි. දැං ඕනේ ආයෙත් ස්කෝලේ යන්න..ඒත් ආයේ බෑ..ගිය කාලේ ආයේ එන්නේ නෑ කියලා දැන දැනත් ආයේ යන්න හදන්නේ ඒ කාලෙටමයි..A/L කාලේ ස්කොලේ cut කරපු හැටි මතක් වෙද්දි මාරම දුකයි..


ඇයි දවසක් යශෝදරවේ මීට් එක බලන්න චුලයි මයි sch එකෙන් පැනලා පට්ට පාට පාට දිව්වා හැටි මතක් වෙද්දී ඇස් වලින් කදුළු පනිනවා
මම කෙල්ලෙක් හන්දා කපු කට්ටක් මේ ඔක්කොම උන් මට ගොඩක් හෙල්ප් කරා කොටය් මායි ගහ ගත්තෙත් ඒ වැඩකට නැති දෙයක් හන්ද
ඒ කාලේ ගම්පහ කොතන එකට ගියොත් දන්න කියන උන් පිරිලා.ලොකු පුතා කියලා කට ඇරලා කඨා කරන්ඩ පොඩි උන් රංචු පිටින්..
එත් දැංලොකු පුතා දන්නේත් නෑ ගම්පහ ඇවිද්දම ඉන්න බල්ලෙක්වත් ගනන් ගන්නේ නෑ..කාලයක් පොරවල් කියලා හිතාගෙන හිටපු අපිට දැං තේරෙන්නේ කරපු ගොන් කං.පොඩි උන්‍ට දාපු පොර පාට් නිකන්ම ගොං පාට් විකරයි කියලා තේරෙන්නේ දැං.
දැන් ගම්පහ පොර‍වල් වෙනම පොඩි උන් ටිකක්..කාලෙක් එක්ක අපි හිටපු තැන් අපිට නැති වෙන්නේ නිකම්ම..

මම BC එකට ගිය SCH ජීවිතේ






 ජීවිතේ මාර දුකක් හිතට දැනෙන කොට කව්රු හරි ඉන්නවනං ඒ දුක කියන්න ලග උන්න යාලුවෝ සොහොදර සොහොදරියෝ ඔක්කොම එයාලගේ වැඩ වලට හිරවෙලා ඉස්කෝලේ උන්න යාළුවො කට්ටියක් උන්ගේ හිනා ලෝක වල හිර වෙලා ටව කට්ටියක් ජීවිත බර උසුලා ගන්න ජොබ් කරනවා අනිත් ඉන් මන් වගේ නැතත් පිස්සු කෙලිනවා ඉස්සර කැල්ලක් ටෝක් කලට් කියන්න උන්න එට් අද ගෙදරට වෙලා fb එකට වෙලා ඔහේ එක්කෝ ගේම් ගහනවා නැත්තන් චැට් කරනවා
නමුත් දන් හිතට දැනෙන තනිකම ගොඩක් වැඩි පෙළක් උන්ට මම ලොක්ක කිව්වමත් අමතක වෙලා මෙහෙම තනියම ඉන්න වෙලාවට මටක් වෙන්නේ මම BC එකට ගිය SCH ජීවිතේ
මම BC ගියේ 2009.07.02 එදා අසෝක මිස් තමා මාව ක්ලාස් එකකට දැම්මේ 12-N ඔන්න ඕකට දාපු ගමන් ඔක්කොම බය වෙලා වගේ මන් දිහා බලනවා රවිහාර කියලා භූතයෙක් ගාව තාම ඉස්සරලම වැඩි උනේ පස්සේ සුදර්ශන,මේ තමා ආර්ට් එකේ මොල කාරයෙක් චුලා,උක්කුව,මන්දයා තිසරය මුන් හිටියේ හැම වෙලේම මෙලොව නෙමේ යාලුවෝ කියලා සෙට් උනේ පස්සේ කොටා,චමොදය මේ ආර්ට් එකේ චිත්‍රකාරයෝ කොටාට කොටා කිව්වේ ඌ වාඩි උනාට පෙන්නේ ඩෙස් එක හිස් වගේ මදුවා මුට තිබ්බේ වෙන පිස්සුවක් computer මොලයක් තට්ටයා කියලා තමා අපි හුරතලේට කිව්වේ නිප්පා , නීලා,පොඩි සජ්ජ ඒ සංගීත කාරයෝ නීලා නං අමු පිස්සා එත් හිත හොද එකා චුටියා ආර්ට් එකම හොල්ලන් උන්නේ උ තමා ඒ කියන්නේ චන්ඩියෙක් නෙමේ ආර්ට් එකේ තඩියා කිව්වත් හරි කලන ,මදුරංග,m,සච්චා, ඒ තමා මන් වගේම උන්න විප්ලව කාරයෝ දෙන්න පෝස්ටර් ගහලා sch හාමුදුරුවෝ ගාවට ගිහින් කාපු පරිප්පු


 තව ගිහාන්,මනෝජ්,අයේශය වැඩි සද්ද බද්ද නැ නිහඩ චරිත ඇයි රාජිත,සංජීව උන් තමා සෙට් එකේ උන්න real පිස්සෝ මොබිටෙල් එකට ගිහින් හාල් ඉල්ලයිද විකල් නැත්තන් කල්හාර අනික කරාතේ පන්ති ගිහින් අතපය දික් කරනවා එත් මෙලෝ දෙයක් බෑ
 ගෙම්බාත් උන්න සිරාම යාලුවෙක් නුවර එළියේ ගිහින් මට උන සීන් එකේදී මට උදව් කරපු බුවා මුන් එක්ක ගෙව්වේ පුදුම සුන්දර ජීවිතයක් ටව මෙතන නම් කියා උනේ නැති අය ඉන්නවා එයාලගේ නම් දානවට අවලාද දන්නේ නැනේ මුන් අව්ලක් දන්නේ නැනේ මට ලොවෙත්
ඉතින් BC එකේ අපි නොකරපු දෙයක් නැ හරිම සුන්දරයි එත් අද උන් ලග නැ fb අකේ ඉන්නෙත් සුළු පිරිසක් මම කැල්ලක් පස්සේ ගිහින් මට එකට help කරේ කොටා තමා එත් එක හරි නොගියාම හිත හිත හැදුවෙත් කොටා මාත් එක්ක යශෝදරාව ගාව ගහගත්තෙත් උ තමා ගොඩක් හරි මෙහෙම sch life එක ඉවර උන ටව කියන්න කතා තියනවා අදට මේ ඇති