loku ptha

loku ptha

Monday, May 18, 2015

ඇය මට හමු වූ හොදම මිතුරියකි සහෝදරියකි.

සැබෑ සහෝදරියක් හමු විය. කට පුරා හිනා වී පහ ක් දන්නා දෑත දිගු කිරීමට පෙර පහ ට දහයක් දමා අවසන්ය. අන් අය ලොකු පුතා කියා අමතන විට ඇය Karunarathna Kaumudika "අපෝ.. ලොකු උනාට තාම පොඩි එකා මු නලින් අයියේ..." අව්‍යාජ නැති හිනාවකින් මුව සරසා හිනා වෙයි. මට මහා ලොකු  ගොඩක් අක්කලා නැත හිටිය උන් බොහොම පොඩ්ඩකි අතේ ඇගිල්ලක් ගණන් කරන්න පටන් ගත්තා තරම්ය. උනුන් උන්ගේ හිත් වලින් මා නමැති ලොකු පුතා මලිතාව ඉවත් කර හමාරය. කල වරදකුත් නැත කරපු උදව් එමටය. උන්ට මලිතා උදේට ගොර ගොර ගාන අපේ ගෙදර රේඩියෝ වැනි විය. කිසිදිනක මගෙන් උදව්වක් නොලද ඇය මා කෙලි කවට කම් කලේ පෙර හමු වී ඇති අයුරිනි. පතාගෙන එන සංසාරේ ඔතාගෙන යන අප අපි ගැනවත් දන්නේ නැත. මින් පෙර හමු අක්කාලා එවෙලෙට විතරක් සීමා විය. නමුත් ඇය එසේ නොවිය. තිස්ස අයියා පබා ගැන පවසන විට මම හිතුවේ. "පට්ට කල්ලක්ද දන්නේ නැ " ඔව් සම්මතයෙන් ඇය පට්ටම කැල්ලකි නමුත් මම ඇයව ඊටත් එහා දිටිමි. ඇය පුංචි වරදටත් සහෝදරකම් අත අරින සමාජයක හොද අක්කා කෙනෙක් විය. ඇය මා කුඩා කල සිට දන්නේ නැත මං ගැන දන්නේද නැත. අප දෙදෙනා සිටින පොටෝව දැමීමට පෙර ඇසු විට Karunarathna Kaumudika
"ඔයාගෙ කැමැත්තක් ලොකු'' මට පිස්සුය නමුත් ඇයට මා ගැන මහා ලොකු ලජ්ජවක්ද නැත. මා එසේ ඇසුවේ එය නිසා ඇයට ලැජ්ජාවක් වේවිදෝ යන බියත් පීටර් අයියා අප්පුහාමි අයියලාගෙන් එන දොස් මුරයට විකල්ප විසදුමකට බය වූ නිසාය. නමුත් ඇයගෙන් ලැබුනේ  කමක් නැ ලොකු වැනි නිරහංකාර පිළිතුරකි. අත්දැකීම් ඇත ඒවාට මම බය අන් කිසිවක් නොව මා නිසා අන් අයට සිදුවන ලජ්ජාවට අකමැති නිසාය.තේනුවර සර් නලීන් අයියා ඇයට බොහෝ සේ සෙනෙහස පෑවේ හිතවත් කමකටත් වැඩ ලෙන්ගතු කමක්දෝ කියා මට සිතිනි සංසාරේ මින් පෙරදී මුණ ගැසී ඇතිදෝ කියා සිතේ ඇති ඇය මට හමු වූ හොදම මිතුරියකි සහෝදරියකි. මෙය කියා වූ පසු මට රු 200ක් වටිනා කැන්ඩොස් චොකලට් එකක් ලැබෙනු නොවනු මානය.