loku ptha

loku ptha

Saturday, October 27, 2012

I aM bLInd

මට සදුදා තියනවා ලොකු මෙව්වා එකක් තියනවා
ඔයා හිටියනං අපේ තාත්තා කතා කරන්නේ ඔයාට
එත් ලෝකෙන් යන්න ඕන තරං අය ඉන්න කොට
ඇයි යකෝ ..................
උබලා මේ මනුස්සයම ගත්තේ
i am blind

Friday, October 26, 2012

හිම රේණු මල් පිපෙන 
මේ සීත පාලුවට
උණුහුමට ගුලිවෙන්න 
ළඟක නැති නුබේ සෙනෙහෙ 
නෙතු සිහින දුක් විඳින 
විරහ කඳුළක තරම 
නොදැන මට ළං වෙච්ච
උරුම නැති නුබේ සුසුම ..

මම ආසයි මේ සීතලට.ඔයාගෙ නොදැනුන උණුසුම මට ලං කරනවා වගේ දැනෙනවා.හැමදාටම මේ විදියට තිබුණ නම් කියලා හිතුන වාර අනන්තයි... කවදා වෙනකම් මම මඟ බලන් ඉදීද..මේ හිම රේණු මලක් වගේ ඔයාගෙ ළඟ පිපෙන්න 

Saturday, October 13, 2012

දුවේ උඹට උඹට බුදු සරණයි .....

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරිවෙයි

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
ගෙනියන්නෙ ඒ අභිමානයයි

Saturday, October 6, 2012

'' රූස්ස ගහක් මහ හයියෙන් කඩන් වැටෙනවා ''

ජීවිතේට දාගන්ඩ සිමා මායිම් එක මට අද තමා තේරෙන්නේ
මමත් ඔයාට සීමාවක් නැතුව ආදරේ කලාම
සීමාවක් නැතුව බලාපොරොත්තු ගොඩක් හිතේ තියා ගත්තා
එදත් ඔයා කවදා හරි මගේ වෙයි කියලා හිතේ
පුංචි බලාපොරොත්තුවක් තියා ගත්තා ..
එත්......... .
ඒ හැමදේම නොසිතූ විදියට වෙනස් උනාම
මම පොලොවෙ පය තියන් ඉන්න වගත් අමතක වෙනවා...
හරියට '' රූස්ස ගහක් මහ හයියෙන් කඩන් වැටෙනවා '' වගේ

මොන තරං ශක්තිවන්තයෙක් උනත් ආදරේ ඉස්සරහ
හිත එහෙම් පිටින්ම කඩා වැටෙනවා..
ඒ හිත ආයේ හදාගන්න
මොන දේ කලත් හරි යන්නෙ නෑ...
හරියට අද මගෙ හිතට දැනුනා වගේ...

ඔය දන්නේ නැතුවත් ඇති
දැන ගන්න කව්රු කියන්නද

'' තාමත් මේ හිත හදාගන්න බැරුව
මම ඔයා ගැනම හිතනවා.....''