loku ptha

loku ptha

Monday, January 12, 2015

එකම එක වතාවක් එකම එක තත්පරයක් ඔයාව දකින්න එත් එක හීනයක් විතරයි මොකද හැමදාම දැකලා තිබ්බේ හීන විතරක් හන්ද එකත් හීනයක් විතරක් වුනා.

න් මන් ඇතුලෙම තනිවෙද්දී මගේ ජීවිතේ ගැන ගොඩක් මට දුක හිතෙනවා ඇයි මන් ඉපදුනේ කියලා හිතෙනවා අහස පුරාවටම තරුපයලා තිබුනට ඒ එකම එක තරුවකට අයිතිකරකමක් කියන්න මට පුලුවන්ද තරු පායලා තියන ඒ අහස යට මගේ තනිකම කොච්චරක්ද ??????????? 

ඔයා දැන් බිම බලන් කල්පනා කරනවා ඇති ඔයා එහෙම කරන්නේ වාවගන්න බැරි වෙනකොට ඉස්සරත් එහෙමයි දැන් ඔයාට හිතෙනවා ඇති ඔයා තාමත් මට ආදරේද කියලා මගෙන් අහන්න ඇත්තම කිව්වොත් කෙටියෙන් ඔව් ඇත්තම කියනවනං එදා වගේම හැමදාමත් මම ඔයාට ආදරේ කරනවා මන් එහෙම කිව්වම හොරෙන්ම බිම බලා ගන්න එපා 

හැමදෙයක්ම මෙහෙම වෙනකොට මට ඔයාට දෙයක් කියන්න ඕනේ. ඉස්සර වගේම සංසර පුරුද්දට වගේ පාර දිහා බලාගෙන ඉන්නවා වගේ මම 

ඉස්සර මම ආදරේ කරන්න කෙල්ලෙක් හෙව්වේ මට  කැමති අයට  මම කැමති නැ  මම පස්සෙන් ගිය අය මම දිහා බැලුවේ නැ. එත් එක දවසක් අහම්බෙන් වගේ පන්තියට කඩා පැන්නම මට හිතුනා මම ආදරේ කරන්න හොයා හොයා හිටිය කෙල්ල ඔයාද කියලා.

මට ඇස් පිය ගහන්නත් අමතක වුනා රෝස පාට දෙකම්මුල් හංස ගමන් ලතාව සංදේශ කාව්‍ය පරදන මගේ  හිතේ ආදරේ හිමි වෙච්ච කෙල්ලගේ රු වර්ණනාවක් මගේ හිතේ ඇදුනා. ටික දවසකට පස්සේ මම ඔයාව හොයා හොයා එන්නකොට  මගේ යාලුවෙක් මාර්ගෙන් ඔයාගේ යාලුවෙක් අදුන ගන්න ලැබුන එක. ඔයා එක්ක මම කතා කරපු පලවෙනි වචන කීපය තාමත් මට දෝංකාර දෙනවා ඔයත් එක දන්නවා ඇති 

ඔයා බස් එකේ යද්දී දැක්ක රුපෙත් අරන් මම ඇදට වෙලා ඔය එක්ක ගොඩක් දුර ඇවිත් දුර කියනකොට ඔයාගේ නමත් එක්ක හුරු පුරුදු බවක් දැනුනා එත් ඔයා ගොඩක් දුර හින්ද එකත් එක්ක හිත කඩන වැටෙනවා වගේ අම්මා ඇවිත් "පුතේ කන්න" කිව්වම තමා මතක් වුනේ ඔයා මට බත් කැව්වේ හීන ලෝකෙදි කියලා 

මන් ඔයාට පෙන්න මන් දන්නා ප්‍රේම ගීත කියක් fb එකේ දන්නා ඇතිද මට ඕනේ උනේ මගේ ප්‍රේමය ආදරය ඔයාට අගවන්න විතරයි 

අන්තිමට ඔයයි මමයි දෙන්නම පෙම්වතුන් වගේ හීනෙන් මම ඔයාට මුණුපොතෙන් msg 1000ක් දැම්මත් ඔයා සතියකටම එකම msg 1ක් විතරක් දානවා එච්චරම තමා ඒ ස්තවරයම තමා අවුරුදු දෙකකට පස්සේ ඒ අවාසනාවන්ත මොහොත උදා උනා ඒ අපේ පන්තියේ අන්තිම දවස ඔයාට නොදැනුනාට මම ගොඩක් දුර ගිහින් මමත් දන්නේ නැතුවම.එදා ඉදන් මම දුරක් පයින්ම ඇවිද්දා අතීතයට විරහා ගීතයකුත් අහන ගමන්.

මේ හැම දෙයක්ම මට කියන්න ඕනේ වුනේ අවුරුදු 5කට විතර පස්සේ මම ඔයාව දැක්ක මන් හිතන්නේ වැඩට යන ගමන් එත් මම ආදරේ කරපු ඔයාව මම දැක්කේ නෑ මන් හිතන්නේ ඔයාට දැන් මාව අදුන ගන්නත් බැරුව ඇති එත් මන් ආදරේ කරපු ඔයා දිහා මම ඇහිපිය නොහෙලා බලාගෙන හිටියා ඔයා බැංකුවේ හෝ ගාලා වද ඔලුව උස්සන්නවත් වෙලාවක් නෑ වගේ 

සමහර වෙලාවට මට හිතෙනවා දෙවි වරු මගේ ලගට ඇවිත් ජීවිතේ හරි පාරට දානවා  මමත් මගේ ජීවිතේට ජීවය දෙන පාර හොයා ගත්තා ගොඩ දෙනෙකුට තමන්ටම කියලා කතාවක් තියනවා සමහරවිට ඒ අයට කියන්න වචන නැතුව ඇති ඔයාට ආත්ම ගණනක් පෙරුම් පුරලවත් මට ඔයාගේ හිනාව ඇස දෙක හිනාව ලග ඉන්න විතරක් වරම් ලැබුනොත් 

ඒ ආදරේ පාමුල මට මාවම නැති වෙලා ගොඩක් කල් ඇත්තම කතාව ඔයට ජීවිතේ මුණ ගැහෙද්දි මට මගේ  ජීවිතේ අත ඇරිලා ඔයා එක දැනගෙන හිටියේ නෑ නේද?? ඔයාට හිතේ මොනවා කියන්නද මම දන්නේ නෑ 

සත්තකින්ම දැන් කරන්න මොනවත්ම නෑ කරන්න තියෙන්නේ අපි අපිව නොදනිම නොදැකම මැරිලා යන එක.හැබැයි මට තාමත් පුංචි හීනයක් තියනවා එකම එක වතාවක් එකම එක තත්පරයක් ඔයාව දකින්න එත් එක හීනයක් විතරයි මොකද හැමදාම දැකලා තිබ්බේ හීන විතරක් හන්ද එකත් හීනයක් විතරක් වුනා.