loku ptha

loku ptha

Sunday, January 12, 2014

මගේ ජීවිතේ මං ගැන

ඉලන්දාරියෙක් කියන හැඟීම හිතට ආවේ...?
මම 11 වසරට යනකල් ගියේ මිශ්‍ර පාසලකට. ඒ කාලේ මට මතකයි හරිම පුංචි වයසෙදි තමයි මං ඉලන්දාරියෙක් කියන හැඟීම හිතට දැනුණේ. ඒ කාලේ එක එක ඒවා කරනවා

ගෙදරින් කනෙන් රිංගුවේ...?
වැඩිපුරම කළේ ඒවා තමයි. මම ගියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට. ගොඩක් වෙලාවට ගිය පන්තිවලින් පැනලා ෆිල්ම් බලන්න යනවා. ෆිල්ම් එක හොඳ ද නරකද කියන එක අපිට අදාළ නෑ. දවසක් ස්කුල් කිට් එකෙනුත් ගියා  අපිට ඕන උනේ  ස්කූල් කිට් එකෙන් ගිහින් ෆිල්ම් එක බලන්න විතරයි. ඒක ඒ දවස්වල ලොකුකමක්.

ගෙදරින් රිදෙන්න ගුටි කෑවේ...?
තාත්තා මට තරවටු කරලා තියෙන්නේ එකම එක පාරක් එහගෙදර නංගිව හපලා . අම්මාගෙන් නම් ගුටි කනවා. දවසක් ගෙදර දී නංගි එක්ක ගහගෙන අම්මා මට ගහගෙන ගහගෙන ගියා. ගොඩක් ගහන්නේ ගණන් පන්තියේ ගණන් හදනකොට.

පාසලෙන් ලැබුණු අමතක නොවන දඬුවම...?
අපෝ ඕනතරම් ගුටි කනවා. පාසල් වත්තේ ගස් කොළන් සුද්ද කරනවා. දවසක් දනුක කියලා යාලුවෙක් එක්ක ගහගෙන හාමුදුරුවෝ ගහගෙන ගහගෙන ගියා

පොලිසියට මාට්ටු වුණේ...?
මේ සිද්දිය උනේ ගම්පහ 201 බස් ගහන තැන උඩදී අපි යාලුවෝ සෙට් එක යාලුවෝ කියන්නේ මම, නිප්පා , කොටා , කල්හාර සහ චමෝද් සෙට් එක බියර් 5ක් අරන් ගියා ගිහින් බිබී ඉන්නකොට පොලිසියෙන් ආවා ඇවිත් අපිව වට කරා අපි තිබ්බ බියර් ටික විසි කරලා දිව්වා දුවනකොට අහු වෙලා ප්‍රශ්න කරා එකට අවුලක් උනේ නැ මුකුත් නැති හින්ද අපි එන්න එනකොටම පොලිසියේ SI  කෙනෙක් ඇවිත් අරුන් ටික අල්ල ගන්න කියලා ක්ව්ව එතකොට නිප්පයි මයි දුවලා ඉවරයි අරුන් දෙන්නව තියාගෙන පොලිසියෙන් පස්සේ එවලා තිබ්බ අපිව අරන් වරෙන් කියලා

විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇතිවුණේ...?
එතකොට ඉගෙන ගත්තේ 3 වසරේ. එක ගෑනු ළමයෙක් ගැන අමුතු හැඟීමක් ආවා.එයාගේ නම හිමයා  තවම මට ඒ ළමයාගේ නම, ගම මතකයි. මම එයාගෙයි මගෙයි නම් දෙක ලියලා එකතු කිරීමේ ලකුණ මැදට දාලා අපේ ගේ ඉස්සරහ කානුවේ කොළ කෑලි පා කරනවා. මං හිතුවේ ඒක එයා ළඟට ගිහින් මාව හොයාගෙන දුවගෙන එයි කියලා. ඔන්න එයා ශිෂ්‍යත්වෙන් පාස්වුණා. අපි දෙන්නගෙ වෙන්වීම.

සත්‍ය පේ‍්‍රමයකට මුලපිරුවේ...?
O/L ඉවර වෙලා A/L වලට ක්ලාස් යන්න පටන්ගත්ත ගමන්. ඒත් හිතට ආවට ආදරය ප්‍රකාශ කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ. මං නිසා යාළුවන්ටත් වදයක්. මට වචනෙන් හරි හෙල්ප් කරේ දිල්හානි නිප්පා කල්හාර සහ දුමිදු කොටා හෙල්ප් කරේ වචනෙන් නෙමේ ක්රියවෙන්මයි මම ලිව්වා ලියුම පවා ගිහින් දීලා ආවේ කොටා. ඒ නිසා මං ඒ ළමයාගෙන් fb ඇහුවා  'මං ඔයාට ආදරෙයි ඔයා මොකද හිතන්නේ කියලා ?' කියලා ඇහුවා. මං ආදරය ප්‍රකාශ කරන වෙලාවේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකට ගියේ 'ඔබ ඇපල් මලක් වාගේ...' සින්දුව. ඒක තමයි ඒ වෙලාවේ ලැප්  එකේ දාලා තිබුණේ.

ආදරය ප්‍රකාශ කරන්න යද්දි ලැබුණු අමතක නොවන ප්‍රතිචාරය...?
'මලිත් මම bf තියා ගන්න කැමති නැ'ඒ ළමයා කිව්වා 'අපි යාලුවෝ වගේ ඉම්මු' කියලා. ඒ කියන්නේ මට කැමැතියි නෑ  කියන එකනේ. පස්සේ එයා bf කීපදෙනෙක් එක්ක යාළුවෙලා හිටියා .

තමන්ගෙම කියලා කීයක් හරි හොයාගත්තේ...?
මගේ තාත්තා ගෘහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක්. මමත් උපන් දවසේ ඉදන් ඒවා එක්කම ඉදලා හොදට පාදන් වෙලා උන්නේ මම තාත්ත ළඟ වැඩකළා. දවසට රුපියල් 200ක් ලැබුණා.

තමන්ගෙම රියැදුරු අසුනක වාඩි වුණේ...?
අපේ කියලා car එකක් ගත්ත දවසේ

මුණගැහුණු විශ්වාසවන්තම පුද්ගලයා
අම්මයි තාත්තයි, වින්කි සහ බිනෝ (සුරතලේට උන්න බල්ලෝ දෙන්නා)

පරාජිත හැඟීමක් හිතට ආවේ...?
2010දී හා හා පුරා කියලා ප්‍රකාශ කරපු ආදරේ  පරාජය වුණු වෙලාවේ. ඒ වෙද්දී මම ඒ වගේ ආදරෙන් පස්සෙන් ගිහින් හෙම්බත් වෙලා උන්න වෙලාවක එයා ගැන ආදර මානසිකත්වයක් විතරයි තිබුණේ. හිත හදාගන්න සෑහෙන කාලයක් ගියා.

තනිකමක් හිතට දැනුණේ...?
ගොඩක් වෙලාවට දැනෙනවා. මම ගෙදර තනියම. අම්මා කොහේ හරි ගිහිං . තනිකම දැනුණු ගමන් අම්මාට ඉක්මනට  එන්න කියලා කෝල් කරලා කරදර කරනවා.

ඉකිගහලා ඇඬුවේ...?
මගේ ජීවිතයේ දුක්බරම අවස්ථාව. අර ගැනු ළමයා බෑ කිව්වා අවස්ථාව එදා මම ඉකිගහලා ඇඬුවා. එදා කියන්නේ 2010/07/22
 ඉකිගහලා අඬලාවත් ඒ හිත හදාගන්න බෑ. දැන් අව්ලක් නෑ කියලා හිතෙන තැනට වැඩ සිද්ද වෙලා මොකද එදා එහෙම උනේ දෙවියෝ මන් ගිහ බලන් හිටපු නිසා

ජීවිතයට වඩාත්ම සමීප ගීතය...?
ටී. එම්. ජයරත්න මහත්තයගේ 'පිය සෙනෙහසට කවි ගී ලියැවුණා මදී...' ගීතය. අදටත් මට තනියම ඒ ගීතය අහන්න බෑ. ඒ ගීතය අහන හැම වෙලාවකම මම හදවතින් අඬනවා.

සැබෑ නොවුණු හීනයක්...?
මම හරිම කැමැති ගෘහනිර්මාණ ශිල්පියෙක් වෙන්න තමයි  ඒ සිහිනය සැබෑ වෙනවා නම් මම හරිම සතුටුයි.