loku ptha

loku ptha

Monday, December 31, 2012

කාලය හරියට මෙව්වා එකක් වගේ බලන් ඉන්න කොට මෙව්වා වෙලා යනවා. 2012 හරියට මෙව්වා වුනා කියලත් මෙව්වා වුනේ නෑ .. 2013ත් මෙව්වා වෙන්න අත ලඟටම ඇවිල්ලා... ගොඩකලෙකින් මෙව්වා එකක් දන්නා බේරී වුන හින්ද මෙව්වා එකක් දැම්මා :D අවුරුද්ද අන්තිමේදි


කාලය හරියට මෙව්වා එකක් වගේ බලන් ඉන්න කොට මෙව්වා වෙලා යනවා. 2012 හරියට මෙව්වා වුනා කියලත් මෙව්වා වුනේ නෑ .. 2013ත් මෙව්වා වෙන්න අත ලඟටම ඇවිල්ලා... ගොඩකලෙකින් මෙව්වා එකක් දන්නා බේරී වුන හින්ද මෙව්වා එකක් දැම්මා :D අවුරුද්ද අන්තිමේදි 

 2012 ඉවර වෙනවා කියල දැනෙන කොටත් නිකන් හදවත මෙව්වා වෙනවා මම අවුරුද්දක් වයසට ගිහින්.. :D ඒ විතරක් නෙවෙයි එදාට වඩා මම අද ටිකක් නෙමේ ගොඩක් ලස්සන වෙලා , අත්දැකීම් අතින් එදාට වඩා අද , මම පෝසත්. ඒත්........., එදා වගේම අදත්..., මම වෙනස් කරගත යුතුයි, සහ වෙනස් කරගන්න උත්සාහ කළ දේවල් කීපයක් මට කරන්න නොහැකි වෙලා තිබුණා. ජීවිතේ කියන මෙව්ව් එක විදින්න වගේම විදවන්නත් හොදට පුරුදු වුනා මට ලබාගන්න ගොඩක් දේවල් පුළුවන් උනත් මම ආදරේ කරපු කරන මගේ පලවෙනි ආදර අන්දරයට මමත් අදරෙයි මට යන්න ගොඩක් දුරක් තියනවා මට ඕනේ නෑ මේ ලෝකෙට ලොකුම පොසටෙක් වෙන්න එත් මම ආසයි ලස්සනට හිනා  වෙලා විහිළු කරලා ඉන්න මගේ ගමන කොතනින් නතර වෙයිද ඉවර වෙයිද අතරමන් වෙයිද කියල මම දන්නේ නං නෑ මොනවා වෙයිද කියලා එත් වෙන දෙයක් වෙන්න ඉතින්, මම හිතුවා ඒ වුන දේවල් වුන වගේම වෙන්න තියන දේවල් වෙයි මම ආයේ අලුතෙන් ජීවිතේ පටන් ගන්න උත්සාහ කළ යුතු හොඳම කාලෙ තමයි මේ කියලා. අද දවස ඒකට ආරම්භයක් කියලා හිතුවා.සමහරවිට

 මම මෙච්චර වෙලා කියපු මෙලෝ දෙයක් , මේක කියවපු කාටවත් නොතේරුණා වෙන්න පුළුවන්. ඒත් මම ලියන්නෙ මගෙ සතුට වෙනුවෙන්...දුක වෙනුවෙන්.. හිතේ හිරකරගෙනම ඉන්න බැරි දේවල් වෙනුවෙන්... ඇත්තටම ,මම වෙනුවෙන්... ඒක ආත්මාර්ථයද මම දන්නෙ නෑ.. ඒත් , මම කිව්වෙ කියන්න හිතුනු දේ.:)

ජීවිතේ සමහර කාලවලදි අපිට හිතෙන්න පුළුවන්, අපි එකතැනක නැවතිලා උන්නා වැඩියි කියලා. තවත් සමහරක්විට අපි එකතැනම පල් වුනා කියලා හිතෙන්න පුළුවන්. මේ මටනම් ඕක අනන්තවත් වාරයක් හිතිලා තියෙනවා.

වචන හරිම ලේසියි. අකුරු අමුණලා කියන්න ඊටත් ලේසියි. ඒත් වචන ක්‍රියාවට පරිවර්තනය කරන්න ලේසි නැති වග හුඟක් අය දන්නවා ඇති.. හිත ඇත්නම් කරන්න බැරි දෙයක් නෑ කියනවානෙ. අන්න ඒ කියමන අනුගමනය කරලාවත් මෙදා සැරේ මම හිතුවෙ , වෙනස් වෙන්න කියලා. :D හැබැයි මෙදා සැරේනම් විශ්වාසනීය වෙනසක් ඇති කරනවාම තමයි!!

අනේ අපොය් ජීවිතේ මර fun මම එක දන්නවා එත් හිතෙන තාමත් තමන් ආදරේ කරපු එකම එක්කෙනෙක්ට තාමත් නොපෙන්නේ හදවති ආදරේ කරන මහා සමුල ගතනයක පෙර නිමිත්තක්ද අනේ මන්ද  මම පොඩි කලේ ඉදන් දන්නේ මට මොන හරි දෙයක් ඕනනං හොදින් හෝ නරකින් අන්න ඒ දෙය මම කොහොම හරි ලබා ගන්නවා ජීවිතේ මට එහෙම ලබා ගන්න බැරි දේවලුත් තියනවා මට කියල දුන්නේ ලස්සන පුංචි අහිංසක කෙල්ලෙක් එත් මම තාමත් එයට ආදරේ කරන්නේ මොන දෙකටම මන්ද එයාව අමතක කරන්න කියල මම තව කෙල්ලෝ කී දෙනෙක්ගේ හිත රිද්දුවද හ්ම්ම්ම්ම්ම්ම් මට එයාව ලබන ආත්මෙත් හම්බෙන්නේ නැති වෙයි ඇයි  ගිය ආත්මේ කරපු පව් මම මේ ආත්මෙත් ඒ විදිහටම කරා අනේ මන්ද .........!!!!!!!!! ජීවිතේ කවදාවත් ලැබෙන්නෙ නෑ කියලා හිතෙන, එහෙම නැත්තම් නොලැබෙන බව දන්න, ලැබෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැති දෙයක්/දේවල් වෙනුවෙන් මඟ බලන් ඉන්න එක මෝඩ කමක්ද?

 එහෙම කියලා හුඟක් අය කියනවා. නිකමට කල්පනා කලාම මටත් එහෙම හිතුණු වෙලාවල් තියෙනවා. එහෙමයි කියල මම කී පාරක් අමතක කරලා හිත හද ගන්න try කරලා තියද මුළු ලෝකෙම ඉස්සරහට යද්දි, තමන් විතරක් ආපස්සට යන්න හදනකොට..., හරි දුෂ්කරයි!!!ඒක හරි අමාරුයි.. අපි එනකම් ලෝකෙම නැවතිලා ඉන්නෙ නෑනෙ. කාලෙ නැවතිලා ඉන්නෙත් නෑ.. ආපහු හැරිලා බලද්දි ," අනේ අපරාදෙ.." කියලා හිතෙන තරමට කාලකණ්නියෙක් වෙලා උන්නු තැන් තිබ්බා. "ගෙවිලා තියෙන්නෙ මගේ ජීවිතේ හොඳම ලස්සනම කාලෙ" කියලා හිතිච්ච වෙලාවල් තිබ්බා. ඒත්....,

සිතුවිලි වෙනස් වෙනවා. අදහස් අලුත් වෙනවා, එකතුවෙනවා, අඩුවෙනවා.. අවසානෙ අරමුණු/ඉලක්ක අමතක වෙනවා.....මටත් එහෙම වුනා. ආදරේ ආදරේ කියලා  අපි දුවන  තමන්ටත් වඩා වෙන අයට ආදරේ කරන්නේ මොකද මන්ද මමත් ආදරේ කියල මට කිව්වා කෙල්ලන්ටත් ආදරේ කර හදවතින්ම එත් උනුත් කරලා තියෙන්නේ අපේ මේ අහිංසක ජීවිතේ එක්ක සෙල්ලමක් හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....!!! සමහර මායාවල් අපිව රවට්ටලා නොපෙනිලා යනකම් අපි දන්නෙ නෑ, අපි රැවටුණා කියලා.ඒත් හැමදේකටම ප්‍රමාණයක්, සීමාවක්, කාලයක් තියෙනවා.. මම හිතන්නෙ දැන් තමා හොඳම කාලෙ. දැන් සීමාව ඉක්මවලා ඉවරයි. ප්‍රමාණය ඕනෑවටත් වඩා. ඉවසල ඉවසලා බැරිම තැන තමයි ඉවසන්න ඕනෙ කිව්වට, හැම ඉවසීමක් අවසානෙම සැනසීමක් නැතිවෙන්න පුළුවන්.. සමහරවිට ඉවසන්න ඕනෙ සීමාව ඈත වැඩි වෙන්න පුළුවන්.. මම කවදා හරි අයෙමත් ආදරෙන් හිරු TV  මෙව්වා එකෙන් මගේ ආදරෙත් වචන වලට පෙරලලා මුළු ලෝකෙටම කියනවා යේ ආදරේ නං කරන්නේ නැති වෙයි ගිනි පෙනේල්ලෙන් මෙව්වා කාපු මිනිහා කණාමැදිරි  එළියටත් මෙව්වා වෙනවනේ අන්න එක හඬ මමත් ගොඩක් දැන් බය වෙලා ඉන්නේ 

තවත් අරමුණු කල් දාලා පලක් නෑ.. තවත් අතීතෙ වෙනුවෙන් බලන් ඉඳලා ලැබෙන සැනසීමක් නෑ.. මැරුණු අතීතෙට පණ ගන්න ආයෙත් නම් බෑ...ඒ නිසා අතීතයට වැළලෙන්න ඉඩ දීලා, මම අනාගතේ වැළඳගන්න තීරණේ කලා. 

ඒත් මම තාමත් ඔයාට ආදරෙයි ඔය කොහේ හරි ඒදන් මේක කියවනවනන්  ඔයාට ඒක  තේරෙයි හ්ම්ම්ම්ම්ම්ම්ම් හැමදාම වගේ අදත් මේකම හිතල හිත හදා ගන්නවා ඔව්... හැමදේම වෙන්නෙ හොදටයි!!!!!! ජය වේවා!!