loku ptha

loku ptha

Wednesday, December 21, 2016

ඔයා නපුරු උනත් මන් අහිංසක පෙම්වතා වුනා.



ගෙවුන කාලය පුරාවට මට දැනුන දෙයක් තමයි හැම කෙනෙකුටම තවත් කෙනෙකුගේ හිතක් තේරුන් ගන්න පුළුවන් කමක් නෑ කියන එක. හැමෝම තම තමන්ගේ තනි තනි අරමුණු වෙනුවෙන් අසීමාන්තික අරමුණු වෙනුවෙන් ඇවිදින එක. හැමෝම තමන් ගැන විතරක් හිතන අනාගතයක් ගැන හිතන සමාජයක් විතරක්ම තමයි.

කාට හරි හිතෙයි මට පිස්සු කියලා. එත් ඒ වගේ පිස්සෙකුට බැරිද ආදරේ කරන්න. ඔයනන් කියයි හීන මවන දේවල් ගැන වචන නාස්ති කරන්න එපා කියලා. එහෙම කිව්වා කියලා මගේ හිත රිදෙන්නේ නෑ. ඔයාට නොදැනුන මාව මට ගොඩක් වතවන්වල දැනුනා ඔයාව කියලා. මට පේනවා ඔය ඇස් කන්තිමත්ව හිනා වෙන හිනාව ආදරය අපේ ජීවිත වලට දළුලමින් තියන මොහොතක කියලා .

අද වැඩ බිමේදී පුංචි පුංචි වැහි කැට වාහනයට වැටිලා සොර සොර ගාන සද්දේ මගේ හිතේ නිහඩ බව බිදිනවා.මන් මගේ හිතේ මන් ඔයා එක්ක හදන්න හදන ලෝකය ගැන හීන දකින්න ගත්තා. ඔයා???

අවුරුදු ගානකට පස්සේ මන් ඔයාව දැක්ක දවස මතකද?? මැයි 27

ඔයා දැක්කම ඔයා එක්ක කතා කරාම මන් මගේ ජීවිතේට ලොකුම ලොකු හීනයක් මවා ගත්තා ඒක හරියට සුරංගනා කතාවක් වගේ. ඔයා නපුරු උනත් මන් අහිංසක පෙම්වතා වුනා. මන් මහා බොලද පෙම්වතෙක්ද කියලත් හිතෙනවා එත් ආදරේ වෙනුවෙන් එහෙම හීනයක් මවා ගන්න එකත් මොන තරම් ලොකු හැගිමක්ද ???
..



මේ ලෝකයේ වැදගත්ම
එමෙන්ම අත්‍යාවශ්‍යය
දේ නම් 
විශ්වාසය හා ප්‍රේමයයි...
.

අවසාන නැවතුම ජීවිතයේ හුස්ම පොද දින කීපයක් පිටුපසින් සුබ රැයක්..

Thursday, November 17, 2016

උබ කරේ ඒ ආදරේ ගැන experiment එකක් හා නැද්ද.....?

ගොඩක් ගනුලමයි ආස නෑලූ බොලඳ, කැත, ලස්සන නැති කොල්ලන්ට
උන් ගොඩක් වෙලාවට හීන මවන්නේ ඒ වගේම ආස දරදඬු උස පියරු බබ්බු වගේ කොල්ලන්ටලූ, මම හොදාකාරවම දන්නවා දන්නවා නෙමේ කියලම තියනවා. නෑ කියන්න එපා උබත් එහෙමයි.

උඹ උනත් හොයන්න ඇත්තේ එහෙම කොල්ලෙක් ඔව්... හිතුවක්කාර ලස්සන කොල්ලෙක්...
ඒත් උඹට දවසක හිතුනද නැත්නං ඕන කමක් තිබුණ ද උඹේ ඉස්සරහ ආදරේ
වැලපුනු කොල්ලගේ ජීවිතයට එබීල බලන්න උගේ බොළඳකම ඇතුලේ පිරෙන්න තිබුන ගැම්ම , ආදරය
දිහා හැරිලවත් බලන්න...

මම එක ඇත්තක් කියන්නද හැබැයි පුංචි... රිදෙයිද හිත
උබ කරේ ඒ ආදරේ ගැන experiment එකක් හා නැද්ද.....?

නෑ...උඹට ඕනකමක් තිබුණේ නෑ උබ කරේ ඌට උබව එපා කරවපු එක උබට ඌව එපා උනත් ඌට උබව එපා උනාද ??? නෑ නේද....
ඇත්‍තටම උඹට අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ ඒ හිතේ හයිය ගැන
උරගාල බලන්න...

ඌ මේ ලෝකේ යම්විදිහකින් තනි වෙච්ච එකෙක් ඌට හිතෙන්නේ ඇති ඌ ට ගලපෙන්නෙම උබව කියලා...
ඌට ආපු ප්‍රශ්ණ එක්ක උගේ හිත පැලෙන්න තරම්

දුක කියන කාරණේ තීව්‍ර වෙද්දී ඒ හිත සනසගන්න උබට කතා කළාද උබ කතා කෙරුව විදිහ පොඩ්ඩක් මතක් කරලා බලපන් ඌ හිතේ දුක තියන් කී දවසක් phone ක කට් කරන්න ඇතිද..... ඌ කතා කරේ මුකුත් නෙමෙයි.

උඹ එක්ක දුක කියනකොට උගේ සැහැල්ලු වෙන්න ඇති

උඹට බැරිවුනා ඌට කන් දෙන්න... දැන් ඌ උබට ඌ එන ප්‍රශ්ණ දුක නොකියවනවා වෙන්න පුළුවන් ඒ මොකවත් නෙමේ උබව නැති වෙයි කියලා බයට ප්‍රශ්න ආපු හැමවෙලේම උබ ඌ ට කිව්වේ උබව දාල යන්න නවත්තලා දාන්න...උබ උගේ ආදරේ 0 දාන හැමවෙලේම ඌ ට ඇඩෙන්න ඇති උබ හිතුවේ මොකද්ද....?

උඹ හිතුවෙම ඌ හිත හයිය නැති බොලඳයෙක් කියලා. ඔව් උ බොලදයෙක් ඒත් උබත් හිතන්නේ නැති තරං උබට ආදරේ...
උබ ගැන උ හොයලා බලන තරං අන්ශුවක්වත් උබ උ ගැන හොයලා නෑ සමහර විට ඌ උබ එහෙම කරයි කියලා බලාගෙන ඉදලා ඇස් රිදිලා ඇති ඒත් උ වෙනුවෙන් උබ නිදිමරලා තියේනං උබ ශ්‍රේෂ්ටයි
ඒත් උඹ අදටත් දන්නේ නෑ උඹෙන් හාවහූවක් නැතිවෙනකොට කොච්චරක් ප්‍රශ්ණ තිබුණත්

ඌ උඹ ගැන හොයලා බැලුවා,
උඹ ගනන් නොගෙන ඉදිද්දී පවා සහසකුත් ප්‍රශ්ණ ලඟ ඉකිඹින්ද ඒ හිත උඹ නමින් අලුත් ප්‍රශ්ණයක් හදාගත්තා... උබ හිතන්නේ නැතිව

උගේ දුක අහන්න එකෙක් මේ ලොකේ හිටියේ නැ
ඒත් ඌ උඹට පුංච් ව්හිළුවක් කරලා උඹේ හිනාහඩ අහල හුඟක් සතුටු වුනා...

එහෙම විහිළු කරාමත් ඌ ට උබ බැනලා ඇති...
ඒත් ඌ මොනවත් උබට කිව්වද??
නෑ නේද මුකුත් නෙමේ ඒ දුකයි මේ දුකයි ඌ තනියම විද දරාගන්න ඇති.

ඌ ප්‍රශ්ණ ඇතුලේ තෙරපුනා තමයි ඒ වගේම ඌ බොළද වුනේ උඹ ඉස්සරහ විතරයි
ඒත්, අනිත් හැමතැනකදී ම ඌට තිබුණා දැඩි හිතක්
උඹ තාමත් දන්නේ නැති වුනාට අදත් ඌ ජීවත් වෙනවා ඒ උඹට නොපෙනුන දැඩි හිත එක්ක..

දැවුණූ හිත නිවාගන්න උඹ ලඟම දැවටුනු හිත තාම මැරිලා නෑ, කවදාවත් මැරෙන්නෙත් නෑ හුඟක් ගෑනූ හිත්වලට පිරිමි හිත් හරියටම අඳුරගන්න බෑ...
ගෑනූ කියන්නෙම හරියට ගිණිකන වැටුනු සමනලියන් වගේ නැසෙන බව දැන දැනම ඉටිපහන් එලියටම ජීවිතය පුදකරන පිරිසක්...

උන් දකින හීන ලඟ උන් බලාපොරොත්තු වෙන
සමහරක් දේවල් ලඟ සැබෑ ආදරය උනත් නිතරගයෙන්ම පැරදෙනවා...
හම්බුනා මේ ආදරේට ආදරේ කරපන් ආයේ උබට luck by chance එකක් නැති වෙන්න පුළුවන් දාහක් අඩු පාඩු තමන් ගාව තියාගෙන අනුන්ගේ අඩුපාඩු කියන හොයන එක නවත්තාපන් යන්න ඕනේ උනාම දාහක් දේවල් ඇති කියන්න ඒත් ඉන්න ඕනෙමනං එකම එක හේතුවක් ඇති..

ඒ ආදරේ අඩුපාඩුවක් හොයන්න නැති වෙයි..

සුබ ගමන්

Saturday, July 30, 2016

තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඉන්න ජීවේ කෝලන් නටන්නේ

ජීවිතේ කියන්නේ දුක. ඇත්තටම .. දුකයි තමයි තමන්ටම කියලා කිසිම කෙනෙක් නැති වුනාම, හිතට පුංචි හරි දුකක් ආව ගමන් කතා කරලා බෙදා ගන්න කෙනෙක් නැති වුනාම, පාළුව කාංසිය යන්න කියව කියව ඉන්න කෙනෙක් නැති වුනාම, දරා ගන්න බැරි තරම් වේදනාවක් හිතට දැනෙනවා සමහර වෙලාවට කාටවත් පෙන්නන්නේ නෑ ඒත් කිසිම වෙලාවක ඒ කඳුලු වලට එළියට එන්න ඉඩක් තියන්නෙත් නෑ.. බැරිම අවතාවක් ආවොත් තම අකත් ඈස් වලින් එලියට පනින්නේ වෙලාවකට හිතෙනවා මම තනිවෙලා නෑ කියලා

ඇයි දන්නවද මම කොහොමද හිතන්නේ මම හොඳටම තනි වෙලා කියලා දෙමව්පියෝ සහොදර සහොදරියෝ අපිට ඉන්නවා නේද ඇයි හොඳම යාළුවෝ..

හිතට පාළුවක් තනිකමක් දැනුනම අම්මා එක්ක මොකක් හරි ඔප දූපයක් කියව කියව ඉන්න පුළුවන්, එහෙමත් නැත්නම් නංගිගේ මොකක් හරි ඈදල නංගිත් එක්ක වලියක් දා ගන්න පුළුවන්. ඒ දෙකම කරන්න බෑ නම් යාළුවෙක්ට කතා කරලා මොනවා හරි කියව කියව ඉන්න පුළුවන්..නැත්තන් FB අක පැත්තේ ඇවිල්ලා බොරු කියව කියව ඉන්න පුළුවන් ඒ කොහොම උනත්

අපි කැමතියි කවුරු හරි අපෙන් , කෑවද , බිව්වද , නිදා ගත්තද, cls ගියද , GYM යනවද කියලා අහ අහ නිතරම වද දෙනවට. ඒ වගේම අපිත් ඒ වගේ කාට හරි සුන්දර කරදරයක් වෙන්න ආසයි හැම වෙලොවෙම කොල් කර කර SMS කර කර ඉන්න කොට ඇත්තටම දැනෙන්නේ මහ පුදුමාකාර සැහැල්ලුවක්...

අපි මොනවා හරි දෙයක් කරන කොට ඕක කරන්න එපා මේක කරන්න අපි ආස ඇඳුමක් අඳින්න ගන්න කොට, ඕක අඳින්න එපා මෙහෙම අඳින්න, අපි ගමනක් බිමනක් යන්න හදනකොට යන ගමන යන අය ගැන හොයලා වාරන නීති පණවන්න බොන්න එපා කියලා සැර කරන්න ඈත්තටම බොන්න හිතෙන්නෙත් නෑ එහෙම කෙනෙක් ඉන්නවනම් ඒකත් එක්තරා විදියක සුන්දර දෙයක්

අසනීප උනාම ගව් ගානක් ඇතක හිටියත් බෙහෙත් ගන්න.. වෙලාවට බෙහෙත් බොන්න කිය කිය වද කරන්න කෙනෙක් ඉන්නවනම් කෑමක් කද්දි කාව හරි මතක් වෙනවනම්, ඒ තරම් පිරිපුන් බවක් ජීවිතේ තවත් තියෙනවද..

ඒත් ඔය කියන කිසි දෙයක් අපිට නැත්නම්.. ජීවිතේ පාළුයි නම්... හිස් නම් .. බලාපෙරොත්තු සුනු විසුණු වෙලා නැත්තටම නැති වෙලා ගිහින්නම් .. අනාගතය කියන දේ හිස් තැනක් විතරයි නම්.. ජීවත් වීමේ අරමුණ අපිවත් නොදන්නවානම්...

දෛවය විසින් දිලා තියෙන ඒ දඬුවම හරිම වේදනාකාරියි තමයි... ජීවත් උනා ඇති දැන් නම් මැරෙන්න කාලේ හරි කියලා හිතෙන වාර අනන්තයි.. ඒත් ජීවත් වෙලා හෙට උදේ වෙද්දී හුචස් වෙලා ඉදිද ඇහැරුනේ නැත්තන් කියලා හිතනකොට මැරෙන්න හිතෙනවා

මැරෙන්න තීරණය කරන විනාඩියේ හිත වෙන දේකට යොමු කරා නම් පස්සෙන් පහු දවසක හිතෙයි අපරාදේ අහවල් දවසේ මම මැරුනනම් මේ සතුට අද විඳින්න වෙන්නේ නැහැනේ කියලා...

ඉතින් මට කියන්න තියෙන්නේ ජීවිතේ කියන්නේ එන්තරා අයුරකින් මහගිරි දඹක්.. ඒක නගින්නම වෙනවා අපිට සිරිපා පියුම වැඳ ගන්න.. බෑයි කියලා අතර මඟ දාලා ගියොත් හිමි වෙන්න තියෙන දේවල් ගොඩක් සදා කාලිකව අහිමි වෙලා යනවා..

මට වෙලා තියෙන්නේ හැමදාම suupa suupa ,ඇඩෙනවා,එල එල කිය කිය ඉන්න තම එක වෙලාවකට මගේ ජීවිතේ ගැන මම දකින්නේ එහෙම. මම හොයා ගත්තා විසඳුමක්.. ඒ මොකක්ද දන්නවද..

මගේ දෛවයට ඔනි මාව තනි කරන්නනම් මම ඒ තනි කම ආසාවෙන් බාර ගන්නවා.. දුක්බර තනිකම සුන්දර විදියට දකිනවා..ඒත් හැමදාමත් තනියම ඉන්න වෙයි කියලා හිතෙද්දි ආයිමත් ඇස් වල කඳුලු පිරෙනවා.. ඒත් මම අඬන්නේ නැහැ.... අම්මා තාත්තා කවදා හරි නැති දවසකට නංගී හරි මැරෙන මොහොතේ කටට වතුර පොදක් හරි දැවී කියලා හිතනවා නුපුරුදු දෙකට වඩා පුරුදු තනිකම හැමදාමත් මට තනි රකී "තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඉන්න ජීවේ කෝලන් නටන්නේ " කියලා හිතනවා ඇරෙන්න තනි වෙච්ච හිතයි මමයි වෙන මොන කරන්නද???

Tuesday, July 26, 2016

විඳවපු ජීවිතේ ම විදින්න පුරුදු කලේ ඔයාගෙ ආදරේ

මම දන්නේ නැති ගොඩක් දේවල් තියනවා. මමත් වැරදි ඇති එත් ඔයා ආවම ජීවිතේට මගෙ හැමදේම හරියාවි කියල හිතනා. එත් මට දැන් තේරෙනවා නෑ යම් යම් දේවල් වැරදිලාද කියලා. ඔයා තාම ඉගන ගද්දි මම ඔයාට හැමවෙලේම වද දෙනවා නේද කියලා. එහෙමත් බෑ මට දවසක් ඉන්න පුළුවන් දෙකකුත් ඉන්නන් එත් ඔයාව නොදැක ඉන්න කතා නොකර ඉන්න බැරි තරං මන් ඔයාට ආදරේ වෙලා.. ඒ ආදරේ ඔයාට වදයක්ද??? කියලා මට හිතෙනවා. සත්තකින්ම මම දන්නේ නැති දෙයක් කොහොමද එහෙම ඉන්නේ කියලා.මම රොබෝ කෙනෙක් වුනා නම් එහෙම ඉන්න තිබ්බා. හැමදේම හරි ගිහින් නෑ කිව්වේ මම ඉවසීම නැතිම වෙලා. ඔයාව දකින්න කතා කරන්න ඔලුව තියන් මගේ මුණ කොටියෙක් වගේ පහුරු ගාව ගන්න. ඇත්තටම ඉවසීම නැති වෙලා. ඒ ආදරේ වැඩිකමට කියලා නිකමට ඉන්න ගමන් මට හිතෙනවා. ඔයාටත් එහෙම හිතෙනවද??

ඉස්සර වගෙ නමේ පිස්සු නටන එක දැන් ටික ටික අඩු වෙලා. අනාගතේ ගැන හිතන්න මට ඉස්සරලම මේ ප්ලෑන් අදින මට ප්ලැන් එකක් ඇදලා දුන්නේ ඔයා ජීවිතේ කව්රුත් ඒ වගේ මාස්ටර් ප්ලෑන් එකක් ඇදලා දීලා නෑ. දුන්නනං දුන්නේ අම්මා තාත්තා විතරයි. මාව මගේ මිනිස්සු ලියලා ඉවර වුන පෑන වගේ අහක දාද්දි ඔයා තමයි. අයියේ අපි දෙන්න මේ වෙද්දී මේ තැනට යමු. යනවා රත්තරන්. අදටත් ඔයා දන්නවා මන් මහන්සි වෙන විදිහ. එකට මට

ඔයාගෙ ආදරේ අත්වැලක් උනා
කොච්චර දුරක හිටියත් මම කැමැති නෑ ඔයා දුර ඉන්නේ කියලා මට දැනෙන්නේ එකයි විටින් විටෙ වද දෙන්නේ හැම වෙලේම මන් බලන්නේ ඔයගෙන්ද ඒ මෙව්වා එක කියලා බලන බලන හැමතැනක ඔයා ඉන්නකොට මම හිතින් එක එක වෙලාවට එක එක රටවල යනවා. ඔයා ඉල්ලන ඒවා මම අරන් දෙන්න බෑ කියද්දී ඔයාගේ මුණ පුස් කාපු බැලුනයක් වගේ වෙනවා. පස්සේ මම එක අරන් දෙනවා. මම හිතින් හිතනවා.මට දැනුනේ ඔයා මගෙ ළඟ වගේ..

ඔයාගෙ කටහඬ අහලා මට එක එක ප්‍රසන එනකොට මම ඔයාට කතා කරනවා. මම මගෙ හිත හදා ගන්නවා. ඔයත් ඒවාට එක එක විසදුම් දෙනවා. ඔයාට එකම ගැටලුව මගේ බඩයි රව්ලයි මට ඔයා කියන ඒවාට හිනත් යනවා මම කපන්නේ නැතුව ඉන්නකොට ඔයා බනිනවා මම හරි ආසයි. ඔයා ඒ බනින විදිහට ඉතින් මට හිතෙනවා එහෙමම ඉන්න ඔයාට මතකද මම දුන්න surprise

පට්ටම එක නෙමේ පොඩි එක දැන් තරහෙන් ඔරවන්න එපා. මම දන්නවා දැන් තරහ බනි ඔයා මටමයි කතා ලියන්නේ කියලා.

දවසක් වැඩ කරන තැන ලොකු ප්‍රස්නයක් වෙලා. මම එනකොට ඔයා ඇවිත් සින්නට බනින හැටියට මට තනියම හිනා ඔය මම දිහා බලල හිනා වෙන්නේ හොරෙන් මට ඉතින් අර අවුල මතක් වෙන්නේ පහුවදාට එතකොට ඉතින් ආයේ මුල ඉදන් ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕනේ මම ඔයාගේ හිනාවට බැන බැන මොකද ඔයාගේ හිනාව තම මට ඒක අමතක කරේ එත් මට ආයේ ඒ ප්‍රස්නේ අමතක වෙන්නේ ඔයාගේ හිනාව මතක් වෙලා. එක අතකට බලන් ගිහාම අපි දෙන්නගෙම හිනාවත් එක වගේ මටත් හිනා යන්නේ ඔහොම මන් එක්ක අපේ කව්රුත් හිනා වෙන්නේ නැත්තේ දරාගන්න බැරි තරං මගේ වටේ ඉන්න උන් ගුටි කනවා. හැමදාම වගේ මම අපහු යනකොට යන්නේ ඔක්කොම අමතක වෙලා ඔයාගෙ හිනාව ඇහුවාම මට
මට හිතුනේ ..තිබුන ප්‍රශ්න සේරම විසදුනා වගෙ...
පුදුමයි...

ආදරේත් මේ වගේද කියලා හිතෙනවා. මම දන්නේ න මම ඔයාට ආදරේ කරනවද කියලා මම එහෙමට කියලා ආදරයක් ලබලා න දීලා විතරයි මට ඔයාව නැති වෙයිද කියන බය වෙලාවකට එනවා එත් මම දන්නවා ඔයා එහෙම කරන්නේ න කියලා මන් වගේම ඔයාටත් එහෙම හිතෙයි එත් මම කියලා තියනවා මගේ ආදරේ නැතුව යන්නේ එක තැනකදී විතරයි කියලා.

ඔයාගෙ එකම එක සතුටක් උනත්...
මට මගේ හැම සතුටක්ම කර ගන්න පුලුවන්...

''' විඳවපු ජීවිතේ ම විදින්න පුරුදු කලේ
ඔයාගෙ ආදරේ....''

මම හැමදාමත් ආදරෙයි මගේ රත්තන් එකයි වද දෙන්නේ ඔයා නොදන්නවා උනාට මට ඔයා මගේ හැමදේම. එකයි මොන දේ උනත් ඔයාට තනිවෙන්න දෙන්නේ නැත්තේ හැමවෙලේම කරදර කරනවට සමා වෙන්නේ මැණික. පුළුවන්නන් කියලා දෙන්නේ ඔයාව නැතුව ටිකක් හරි ඉන්න විදිහ ඔයාගෙන් කිසිම දෙයක් නැති උන ගමන් තරහ යන්නේ එකයි. නැතුව ආදරේ නැතුව නෙමේ

මං ඔයාට ආදරෙයි මහමෙරක් වගේ...සත්තයි සුදු මැණික

Monday, July 25, 2016

එකෝමත් එක රටක කතාවක් නොවුනත් මේකත් කතාවක්


එකෝමත් එක රටක කතාවක් නොවුනත් මේකත් කතාවක් මේ කතාව මට කිව්වේ මගේ හිතවතෙක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගැන කොල්ලට අපි දසුන් කියමු කෙල්ලට රන්දී කියමු. මේ කතාව මතු වෙන්නේ මගේ ෆොනේ එකට ආව මිස් කෝල් එකක් මම ගණන් නොගෙන හිටපු හින්ද ඒ හිතවතා මට කිව්වා "එහෙම කරන්න එපා මචන් සමහර විට මේ කෝල් එක උබට ආයේ එයිද දන්නේ නෑ" මම ඇහුවා "ඇයි උබ එහෙම කියන්නේ" කියලා. අන්න එතකොට තමයි මේ කතාව එයා මට කිව්වේ. 

ඉතින් මන් කතාවට එන්නන්කෝ ඔන්න ඉතින් අපේ කතා නායකයා දසුන් ඉන්නේ එයාට ඉදලා තියනවා. රන්දි කියලා කෙල්ලෙක් ඉතින් මේ දසුන් රන්ධිට ගොඩක් ආදරෙයි. රන්ධිත් දසුන්ට ගොඩක් ආදරෙයි. දෙන්න හිටපු ගමන් රණ්ඩු වෙනවා ආයේ යාලු වෙනවා. අපි වගේම තමයි හරිම ආදරෙන් තමයි. ඉදලා තියෙන්නේ. 

මේ දසුන් ජොබ් එක විදිහට කරලා තියෙන්නේ තමන්ගෙම ව්‍යාපාරයක් හදා ගෙන යන ගමනක්. රන්ධි ජොබ් එක කරලා තියෙන්නේ ලොකු කම්පැනියක හොද පොස්ට් එකක්. ඉතින් මේ දෙන්න ගොඩක් ආදරෙන් ඉදලා තියෙන්නේ දවසක් කෙල්ලගේ office එකේ ලොක්කගේ අම්මා නැති වෙලා හදිස්සියේ යන්න වෙනවා අම්පාරේ වැඩකරන තැන කට්ටිය බස් එකකුත් කතා කරගෙන යනවා අම්පාරේ.

ඒක ඉතින් කොල්ලට කියන්නේ කලින් දවසේ "කපිල සර් ගේ අම්මා නැතිවෙලා කට්ටිය හෙට එහෙ යනවා. " දසුන් ඉතින් "අහ් ඇත්තද අනේ මට නං එන්න වෙන්නේ නැ බබා මම හෙට අලුත් project එක ගැන කතා කරගන්න කියලා යනවා ඔයා ගිහින් එන්න" කියලා රන්දිට කියනවා රන්ධිත් "හරි දසුන් මම එහෙනං හෙට පාන්දරම යනවා එත් මන් ඔයාට කතා කරන්නන්" කියනවා කොහොම හරි දෙන්න යන්නේ ගොඩක් දුර ඒත් දසුන්ගේ හිතට හරි නෑ දසුන් හිටියනං රන්ධිව තනියම යවන්නේ නෑ මොකද රන්ධි හරියට පොඩි එකෙක් වගේ පාර පනින්න දන්නෙත් නෑලු. එත් ඉතින් දසුන්ට කරන්න දෙයක් නැති නිසා දසුන් රන්ධිට යන්න කියනවා.

කොහොම හරි දෙන්නම උදේ ලෑස්තිවෙලා ගමන් දෙක පිට වෙලා. දසුන් ඉතින් ගිය වෙලේ ඉදන් කල්පනාව තිබිලා තියෙන්නේ රන්ධි ගැන නිතරම sms call දි...දී..... බලලා තියෙන්නේ රන්ධි ගිහින්ද මොකද කරන්නේ කියලා. කොච්චර වැඩ තිබ්බත් හැම වෙලේම රන්ධිට කෝල් කර කර දැන් කොහෙද ගියාද අව්ලක් නෑ නේද කියලා. වෙලාවකට රන්ධිටත් මේක මාර වදයක් වෙන්නේ ඇති. ගිය වෙලේ ඉදන් රන්ධිත් නිකන් ඉදලා නැ එක එක වැඩ යාලුවෝ එක්ක කයිය ගහන තරං වැඩක් තියේද ??? ඉතින් ඒ අස්සේ අර යකත් වද දෙනවා. ඕනවට එපාවට රන්ධි sms එකක් කෙටුවත් දසුන් පිස්සා වගේ ගිය වැඩේ කරන්නේ නැතුව රන්ධිටත් වද දෙනවා බැරිම තැන රන්ධි ෆොනේ එක silent කරලා බෑග් එකට දාල හරි හරියට කතාවලු ඇයි ඒ වගේ දවසක කතා කරේ නැත්තන් ආයේ කවදා කතා කරන්නද ??

ඔය අතරේ දසුන් sms 48 කුයි misscall 35 අරගෙන රන්ධිටත් කතා වල රස මිසක් එකේ ගානක් ගිහින් නැ. ඔහොම ඔහොම වෙලාව ගිහින් රන්ධි ෆෝන් එක අරන් බලද්දී දැකලා අර දසුන්ගේ කෙටි පණිවිඩ ටිකයි. මිස් කෝල් ටිකයි රන්ධිත් හිනා වෙලා "අනේ මේ පිස්සට දවසක් මන් නැතුව ඉන්න බැනේ බැරිවෙලාවත් මන් මැරිලා ගියොත් මොනවා වෙයිද දන්නෑ" කියලා හිතින් හිත හිත දසුන්ට කෝල් එකක් අරන් එතකොට එහා පැත්තෙන් කියලා තියෙන්නේ ෆෝන් එක ඔෆ් කියලා. "ඒ මෝඩය පිස්සා" කියලා තමන්ටම කියන ගමන් රන්ධි නැවතත් පෙර පුරුදු වැඩේටම සෙට් වෙලා.

එත් වෙලා තියෙන්නේ ඒක නෙමේ රන්ධිගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා දසුන් කරන්න ගිය වැඩේ නවත්තලා ගෙදර ඇවිත් ඒ එන ගමන් රන්දිට කෙටි පණිවිඩයක් කොටන්න ෆෝන් එක අරන් sms1ක් ගහලා එත් එක යවන්න වෙලා නෑ දක්ෂිණ අධිවේගී මාර්ගේ 87km කනුවේදී දසුන් ආව වාහනේ පාරෙන් පිට පැනලා ආරක්ෂක වැඩේ හැප්පිලා සහනාදාර කාණ්ඩ රෝහලට අරගෙන යනකොට දසුන් මේ ලෝකේ අත ඇරලා අන්තිම ඔක්ෂිජන් ටික අරගෙන කාබන්ඩයොක්සයිඩ් එක්ක දසුන්ගේ ජීවන සුවද මේ වාතයට මුසු කරලා ඉවරයි. 

දසුන්ට මොනවා හිතෙන්න ඇතිද?? කීපාරක් රන්ධිව මතක් වෙන්න ඇතිද?? අම්මා තාත්තා හෙට අනිද්දා කැම්පස් යන්න බලන් ඉන්න මල්ලිව??? ගෙදර ගිය ගමන් කාටත් කලින් දසුන්ව පිළිගන්න හුරතලා ටු ටුව උවත් මතක් වෙන්න ඇති.. මොන තරං දේවල් ඒ හිතේ තියෙන්න ඇතිද ගුලි වෙලා. 
සමහර විට රන්ධිට කෝල් කරේ මොකක් හරි හදිස්සියක්ද දන්නෙත් නැ. ඇත්තටම දසුන්ට මොනවා හිතෙන්න ඇතිද?? රන්දී දන්නෙත් ගෙදර ගිහාම රන්දි ගොඩක් ඇඬුවා. ඇත්ත සමහර විට රන්දි කෝල් ආන්සර් කරානං දසුන් ජීවත්වතුන් අතර ඉන්නත් තිබ්බා රන්දි හිතන්න නැතුව ඇති. මෙහෙම දෙයක් වෙයි කියලා. දසුන් අනතුර වෙලා වේදනාවෙන් කොච්චර වෙලා ඉන්න ඇතිද??? තමන්ගෙ ජීවිතය තව ටිකකින් අවසන් වෙනවා කියලා හිතන්න නැතුව ඇති. 


          ජීවිතය තන අග පිනි බිද වැන්නෙ කියන්නෙ. ඒකයි අපි දන්නැ අපිත් කොයි මොහොතක මෙතනින් යයිද කියලා දසුන් මේ වෙද්දී අපි අතර නැ අපිට පුළුවන්නන් දවසේ පැය24 න් විනාඩි 1440න් තත්පර 86400න් එක විනාඩියක් එක තත්පරයක් එක පැයක් තමන්ගේ අය වෙනුවෙන් කැප කරන්න. සමහර විට ආයේ ජීවිතේට ඒ අවස්ථාව ලැබෙන එකක් නැ.අපි දන්නේ නැ එයාලා මොන අවස්ථාවක ඉන්නවද කියලා. මොහොතක් එයාල වෙනුවෙන් කැපකරන්න දසුන්ට වගේ වෙන්න දෙන්න එපා පොලිසියෙන් වැටිලා තිබුන ෆෝන් එක රන්ධිට දීලා. එකේ අන්තිමට ගහලා තියෙන්නේ. "baba mata oya nathuwa paaluyi free welawaka msg ekak danna dan koheda??"

Wednesday, July 20, 2016

මගෙන් පලි ගන්න හැදුවා හා සමානයි.

සමහර දේවල් මට වුනත් දාල යන්න වෙනවා කියලා මට හිතෙනවා. ඒ වෙලාවට මට ඔයාව මට මතක් වෙනවා. ඇස් වලට එන කදුළු කැට ඔහේ හේදිලා බිමට වැටෙද්දී ඔයාගේ රූපේ චයාවක් වෙලා නොපෙනී යනවා. මතකද ඔයා නොසැහෙන්න බැනපු දවස එදා මට හිතුනේ එහෙම 

එත් එදා නෙමේ අද වෙද්දී හැමදේම ගොඩක් වෙනස් වෙලා ගණන් වල තිබ්බ ම පො සා කු පො ගු වලට දෙකේ ඉලක්කම නැතුවම බෑ වගේ මට ඔයාව නැතුවම බැරි වෙලා.

අද මට ඔය ඉන්නවා ඔයාට මම ඉන්නවා. ඔයා මගෙන් අහනවා ඔයා අයියේ මට ඇත්තටම ආදරේද කියලා මම එකපාරට නෑ කිව්වම ඔය ඇස් දෙකට කදුළු එනවා මම එච්චර ගොඩක් ආදරේ කරන ඔය ඇස් දෙකට කදුළු ඇවිල්ලා කැත කරනකොට මම ඒ වෙලාවට කියනවා මම ඔයාට විහිළුවක් කරේ කියලා. එතකොට මාව කොනිත්තලා. ඔයා අහනවා මගෙන් ආදරේට ඔච්චර රිද්දන්න පුලුවන්ද කියලා. මම ආස කරේ නෑ ඔය ඇස් වල කදුළු දකින්න. ඒක තමයි ඇත්ත.

මන් මගේ කාර් එකට වෙලා විදුවෙන් එහා ඇහෙන කන්කරච්චලයක් නැති වාහන අස්සෙන් ආයුර්වේද ගේට්ටුවෙන් ඔයා එනවද කියලා බැලුවේ. ඔයා මට ආදරේ කියලා කිව්වට පස්සේ හමුවන පලවෙනි හමුවීම 2015.05.27 ඔයාට මතකද??? මගේ පපුවත් දැඩි බිඩි ගාල ගැහෙනකොට සයිට් මිරර්  එකෙන් ඔයා ටික ටික මැවෙන්න ගන්නවා. 

කොන්ඩේ දෙකට බෙදලා ලස්සනට ගොතලා කෝල් එකක් දීලා මගෙන් අහනවා අයියේ ඔයා ඇවිල්ලද ඉන්නේ කියලා. මන් නෑ කිව්වම හරි කමක් නෑ මම යන්නන් කියලා ෆෝන් එක කට් කරන්න හදද්දී මම ඇවිල්ල ඉන්නේ ඔයා ඔය ඉස්සර තියන ලම්බෝගිනිය වගේ පෙන කාර් එකට නගින්න කියලා. ඇයි ඔයාට ඔච්චර තරහ යන්නේ???

මම හැමදාම දකින මුණු මැද්දේ හැමදාම දකින ඇස් මැද්දේ මට එක මොහොතකදී එක තත්පර ගනකදී මට ඔයාව නොදක ඉන්න බැරි තරං හේතුවක් නැතත් හේතුවක් හදන් ඔයාව දකින්න මට ඕනේ වුනා.

මතකද ඔයාට උපන්දිනේ දවස එක ඔයාට අමතක නොවන සිහිවටනයක් දුන්නා. ඔයා මට එකට නොසේහෙන්න බැන්නා. කේන්තියට. ඒ බැනලා ටික වෙලාවකින් මම ආව හයිවේ බස් එක අනතුරකට ලක් වුනා. මට හරියටම චිත්‍රපටියක් වගේ සමහර විට අපි ඔක්කොම මැරෙන්නත් ඉඩ තිබ්බා. මට මතක් වුනේ එහෙම වුනානන්  ඔයා තනිවෙයි කියන හැගීම විතරයි. ඔයා ඉල්ලුවේ ඔයාට තනියම ඉන්න දෙන්න කියලා විතරයි. දෙවියෝ ඔයාගේ ඉල්ලීම දෙන්න හැදුවද කියලත් පස්සේ කල්පනා කරද්දී මට හිතුනා. ඒ දෙවියොත් කැමති නෑ ඔය ඇස් දෙකට කදුළු එනවට ඒ කදුලට මමත් හේතුවක් හින්ද දෙවියොත්
මගෙන් පලි ගන්න හැදුවා හා සමානයි. මට දැන් බෑ ඔයා නැතුව ජීවත් වෙන්න. අවන්කවම කියන්න ඔයාට පුලුවන්ද....???

හ්ම්ම්ම්ම් ඔයාට................. ඇත්තටම මම ආදරේ කියලා ඔයාට දැනෙන්නේ නැද්ද ??????? මට වෙලාවකට එහෙමත් හිතෙනවා. ඔයා හරි එත් මම ඒ කව්රුවත් නෙමේ මගේ ආදරේ ඔයාට තවත් වැඩි වෙනවා මිස පෙනන මානයක අඩුවීමක් නං නෑ.. 

Saturday, July 9, 2016

කවුරුවත් ආදරය නොකළ තරමට

මට අද ගොඩක් පාළුව දැනුන දවසක්. හ්ම්ම් ඔව් ඔයා නැති පාළුව බාගදාක අපි අපිම තෙරුන් ගන්න තරං සංකීර්ණ වුන ජීවිතෙත් මමත් ඔයත් මෙහෙම පාලුවෙන් ඉන්න දැනෙන්න එක හේතුවක් වෙන්න ඇති. අතිතකාමි හැගීම් ගොන්නන් එක්ක සටන් කරනවා. වෙලාවට ඉඩක් ලැබුන හැමවිටම ඔයත් එක්ක ඉන්න ලැබනවනන් එක ලොකු සතුටක්. හැබැයි ඒ දුරස්ථ බව ද නැත්තන් හැගිමක්ද කියන්න මම දන්නේ නෑ.


ජීවිතේ මග හැරුනා යමක්
හදා ගන්න බැරි තරමට
නෙතු යටින් කදුළු වැටුනා යම් දුකකට
කියා ගන්න බැරි තරමට
මම නුබට ආදරය කරනවා
කවුරුවත් ආදරය නොකළ තරමට

ලොකු පුතා

Sunday, April 17, 2016

අහස , ඔබට සතුටුද දැන්

අද මම එලියට වෙලා ඉන්නකොට ඉබේටම වගේ අහස දිහා බැලුනා. බැලුනා නෙමේ බැලුවා කිව්වොත් තමා හරි එක වලාකුලක් වැහි බින්දුවක් වට්ටන්න හිතන අහසක් නෙමේ තද ඉර එලිය හින්ද මුළු පරිසරයම මොකද්දෝ මන්ද නිහඩ බවක් වෙලා. එතකොටම මට හිතුනා අහසත් එයා වගේ නේද කියලා ඔව් ඔයා වගේ.. අදොරත්ත කිරණ වගේ ඔයත් හිටපු ගමන් ඔයාගේ දුක පෙරලා චුටි හරි සතුට එවනවා මට මාව සතුටින් තියන්න, එත් ඔයා දැන උන්නේ නැති තාමත් දන්නේ නැති එක ඇත්තක් තියනවා. දැන් අහන්න එපා නහය මෙව්වා කරලා නළල රැලි ගන්නලා මොකද්ද ඒ ඇත්ත කියලා නොදන්නවා වගේ... හොදට හිතන්න

ඔයාගේ සතුට මගේ සතුට ඇයි දැන් හිනා වෙන්නේ බොරුවට එකවත් මතක නෑ ඔන්න මුණ කළු උනා ඔයාට මුකුත් කියන්න බෑ අහසේ පා වෙලා යන වලාකුළු වගේ මොහොතින් මොහොතින් වෙනස් වෙනවා දන් ඇයි ඇස් වල කදුළු පිරිල්ලා හ්ම්ම්ම්ම්.....

මට මතකයි ඔහොම ඔයයි මමයි කොච්චර නම් කතා කර කර හිටියද ඉන්නවද එත් මම දන්නේ නැ දැනුත් ඔයා ඉන්නේ සතුටෙන්ද දුකෙන්ද කියලා. මම මට පුළුවන් උපරිමේටම හදන්නේ ඔයාව සතුටු කරන්න. කළු වෙලා අකුණු ගහන අහස වගේ මන් කියන ඒවාට තරහ ගිහින් වහින්න හදන වැස්ස වගේ. ඔය ඇස වලින් කදුළු එද්දී වැහලා පොලව තෙමන වැස්සට වඩා ඔය ඇස වලින් වැටෙන කදුළු බින්දු වලට මම බයයි. ඇයි හොරෙන් හිනා වෙන්නේ මම කිව්වේ ඔයාට බයයි කියලා නෙමේ ඔයාගේ ඇස වල වැටෙන්න ඔන්න මෙන්නේ තියන කදුළු වලට බයයි කියලා. හ්ම්ම්ම්ම්ම්

වෙලාවකට මට හිතෙනවා මේක අහස නෙමේ පොලව කියලා හැමෝම දාන කොහෙවත් යන කුණු ගොඩක් ඔලුවේ දා ගෙන එකට තරහෙන් භුමි කම්පා කරන්නේ මාත් එක්ක. හැමෝටම වගේ මම දැන්  දන්නවා. ඔයා ඔයා අහස වෙලාවකට මහා පොලව තවත් වෙලාවකට පායලා පායලා ඉරි තලපු මහා පොලවට වැටෙන පිනි වැස්ස. මම දන්නවා මේක කිව්වම ඔයා මට බනි ඔයාට ඕනේ මට ලැජ්ජා කරන්නද කියලා. එත් මගේ හිතේ ඔයාට කියන්න කරන්න කිසිම ලැජ්ජාවක් නැ. ඇත්තටම දවසක මාව දාල ගියත් ඉඩෝරෙට අහු උන ගසුත් කැමතියි. එක පාරක් හරි වැහැපු වැස්සට මමත් ඒ වගේ ඔයාගෙන් ලැබුන ලැබෙන ආදරේට හැමදාම ආදරේ කරයි කරාවි ගිහින් එන්නන් ඔබට සතුටුද දැන් 

Saturday, March 26, 2016

අද ඔයාව මෙහෙම දකින්න මම නෑ.

අවුරුදු ගාණකට පස්සෙ ඔයාව දැක්කම මගෙ හිත ආයෙම අතීතයට ගියා.අමතක කරන්න හැදුවට අමතක කරන්න බැරි ඒ දවස සිතුවමක් වගේ දිගහැරෙන්න වුනා.අපේ ආදරේ වෙනුවෙන් මම මොනාද නොකලේ......
"අපි මේක නවත්තමු.."
     " මොකක්ද ?...."
"අපේ සම්බන්ධය..."
      "ඇයි ඒ?..."
"අපේ ගෙදරින් කැමති නෑ..."
         "හේතුව කියන්න පුලුවන්ද ?.."
"ඒක අහන්න එපා මගෙන්.."
      "කියන්නකො..."
"අයියේ,තේරුම් ගන්න.ගෙදරින් අහන දේවල් වලට මම මොනවද කියන්නෙ.අනික.....ඔයාල කොහෙද අපි කොහෙද?.."
    "හ්ම්.....ඒ කියන්නෙ මම දුප්පත් කියලනෙ .එහෙනම් ඇයි අපි මේ තරම් දුරක් ආවෙ.ඇයි මට ඔයාව තේරුම් ගන්න බැරි වුනේ...."
             එදා එහෙම කියල ගිය ඔයාව අද දැක්කට මහා ලොකු වෙනසක් නෑ ඔයාගෙ.මම වාහනේ පාර අයිනෙ නවත්තලා බලන් උන්නෙ ඔයා දරුවත් එක්ක පයින්ම යන දිහාව.මම හැමවෙලාවෙම මගෙ හිතට කියන්නෙ ඔයා දැන් මගෙ නෙවෙයි කියල.ඔයගෙ හිතේ මා ගැන ආදරයක් නෑ කියලා.ඒත් හිත පිලිගන්නෙ නෑ ඒක. මට මගෙ අතින්ම බෙල්ල හිරගන්න බෑ නැත්නම්  අද ඔයාව මෙහෙම දකින්න මම නෑ.

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැදලනු හැදුවා.....
පූජාසනයක සදුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට හැදුවා....

කාටත් වරදින එකම වෙලාවක
නැතිබැරිකම ආදරයට පැරදී.....
මමත් රැවටුනා මමත් පැරදුනා
තේරුම් ගන්නට බැරි හදවතකට....

කීවත් මොන දේ සිතට දැනේවිද
සෙනෙහස නැතිනම් කුමටද ලතැවී...
ඔබෙන් වියෝවුනු සිතින් කියනුයේ
සියතින් ගෙලසිඳ මියයනු බැරිකම...


උපුටා ගැනීමකි

Sunday, March 20, 2016

දඟකාරී

මම නමින් දඟකාරී හිතට එන සිතුවිලි ඔබ සමග බෙදාගැනීමට මෙහි අකුරු කරන්නට කැමැත්ත ප්‍රකාශ කළ ඉඩ ලබා දුන් මගේ හිත මිතුරු බඩ සමනළයා ට ඔබ‍ේ වචනයෙන් ල‍ොකු පුතා ට හද පිරි ප්‍රණාමය

 

Monday, March 7, 2016

දැන ගන්න කව්රු කියන්නද

ජීවිතේට දාගන්ඩ සිමා මායිම් එක මට අද තමා තේරෙන්නේ
මමත් ඔයාට සීමාවක් නැතුව ආදරේ කලාම
සීමාවක් නැතුව බලාපොරොත්තු ගොඩක් හිතේ තියා ගත්තා
එදත් ඔයා කවදා හරි මගේ වෙයි කියලා හිතේ
පුංචි බලාපොරොත්තුවක් තියා ගත්තා ..
එත්......... .
ඒ හැමදේම නොසිතූ විදියට වෙනස් උනාම
මම පොලොවෙ පය තියන් ඉන්න වගත් අමතක වෙනවා...
හරියට '' රූස්ස ගහක් මහ හයියෙන් කඩන් වැටෙනවා '' වගේ

මොන තරං ශක්තිවන්තයෙක් උනත් ආදරේ ඉස්සරහ
හිත එහෙම් පිටින්ම කඩා වැටෙනවා..
ඒ හිත ආයේ හදාගන්න
මොන දේ කලත් හරි යන්නෙ නෑ...
හරියට අද මගෙ හිතට දැනුනා වගේ...

ඔය දන්නේ නැතුවත් ඇති
දැන ගන්න කව්රු කියන්නද

'' තාමත් මේ හිත හදාගන්න බැරුව
මම ඔයා ගැනම හිතනවා.....''

Monday, February 29, 2016

ආදරේ අරුමද ඒ

මගේ හිත මහා තනිකමක් දැනෙද්දී මගේ හිත මටත් හොරෙන් දුවගෙන ගිහින් ඔබ හිටපු තැනක නතර වුනා. ඉස්සර වගේමයි පුංචිම වෙනසක්වත් එතන තිබුනේ නැ එත් එකම එක වෙනසක් මගේ හිතට තදින්ම දැනුනා ඒ ඔබ නැති හිස්කම ඔයාව මට මුණ ගැහෙද්දි ඔය ඇස් වල දුක පිරිලා තිබුනා.. මොකද්දෝ වේදනාවකින් මුණ මිරිකමින් තිබුනා. කතා කරනකොට දුක හංගගෙන වචන පරිස්සමට ගලපමින් තිබුනා.. අන්තිම ඔයා ඇත්තම කිව්වා 

"මම මගේ ජීවිතේ අතර ඇරලා තියෙන්නේ "

මම උත්සහ කරා ඔය හිතට ජීවත් වෙන්න හේතුවක් හදලා දෙන්න. එත් අත ඇරපු ජීවිතේ ගැන නිතර නිතර ගැන කතා කරා. මම ඉදන් ඔයාට ඔයාට ජීවත් වෙන්න හිතෙන්න එක එක ඒවා කිව්වා ඔයාට හිතෙන්න ඇති මට පිස්සු කියලා..

පස්සේ කාලෙක ඔයා යන්න ගියා නොකියම නොබලාම සමහර විට ඔයා ඔය ඉන්න තැන ඉදන් මේ කතාව අහං ඉන්නවා ඇති..

ඔයාට පුළුවන් ලස්සනට සිතුවම් අදින්න පුළුවන් දවසක් ඔයා ඇදපු සිත්තමක් මම ඉල්ලුවම ඔයා කිව්වා ඔයාගේ ඒක ඇන්දේ  ඔයාගේ සිහින කුමාරයට කියලා. ඔයා නොදන්නවා වුනාට මමත් ඔයාට හදවතින් ගොඩක් ආදරේ කරා එක ඒකපර්ෂික ආදරයක් ඔයාට ඒක තේරෙන්න නැතුව ඇති. මම හිනා වෙලා නිකන් හිටියා. දවසක ඔයාට ටිකක් හරි දැනුනොත් තේරුනොත් මන් ඔයාට කොච්චර ආදරේද කියලා.. ඔයා මොනවා කරයිද කියලා මම තනියම රැයක් එලි වෙනකන් හිතුවා.

ආදරේ අරුමද ඒ 

මම ඔයාට ආදරෙයි කිව්වා දවසේ ඔයා කිව්වා එයාගේ සිහින කුමාරයා ගාව තියෙන්නේ ඕන ලක්ෂණ එකක්වත් මන් ගාව නෑ කියලා. මන් ඇහුවා ඔයා හොයන ආදරේ මන් ලග නැද්ද කියලා ඔයා කිව්වා ආදරේ තියනවා අනිත් ඒවා නැනේ කියලා. මම නිහඩ වුනා මගෙත් උපන් කැත අරින්න මට බැරි හින්දා. 

ආයෙත් මම ඔයාට ආදරෙයි කිව්වම ඔයා මට ටිකක් ආදරේ කරන්නන් කිව්වේ ආදරේ කියන්නේ තරාදියෙන් වගේ. හෙහෙ....... මතකද ඒ දවස
මම දන්නවා දවසක ඔයා මට ඇත්තටම් ආදරේ කරයි හ්ම්ම්ම් ........

එක ලස්සන දවසක ඔයා හැමදාම ඔයාට එපා වුනා කිව්වා ජීවිතේ මම හැදුවේ ඔයාට ඕනේ කරන්න. ඔයත් එක දන්නවා ඇති කවුරුත් ඔයාට කරේ නැති තරං ආදරයක් මම කරා කියලා ඔයා පිලි ගන්නවද??? දැන් මාව මරන් කන්න හිතෙයි.. මම දන්නවා එත් මම අද ඉන්න තැන ඉදන් සතුටෙන් ඔයා දිහා බලං ඉන්නවා ඔයා මගෙත් එක්ක ආවනං ඔහොම සතුටක් නැනේ කියලා. දැන් ඔයාට ඔයාගේ සිහින කුමාරයා ඉන්නවා. එත් ඒ මගේ සිහින කුමාරි එක්ක.

හ්ම්ම්ම්..... මගේ ජීවිතේ හැමදාම පිරි මැද්දේ විරහා ගීත විතරයි.. හැමදේම නැති වුනා වගේ දැනුනත් අදටත් මම හිත හදාගෙන ජීවත් වෙනවා.. ඔයාව මතක වෙන හැමවෙලේම හිතෙන දුක යටපත් කරන මම තාමත් ජීවත් වෙනවා..

ඔයා පුටුවකට බර වෙලා ඇස් කදුලකට බර වෙලා හිත සුසුමකට හිර කරගෙන ලග ඉන්න කෙනාට නොපෙන්න පිහ දා ගන්නවා කියලා මම දන්නවා... 

ජීවිතේ එපා වුන ඔයාට.
 මට පුළුවන් වුනා ජීවිතේ ආයෙත්  හොයලා දෙන්න ඔයා මන් ලග නොසිටියත් ඔයා සතුටෙන් ඉන්න එක මට සතුටක්..

Friday, January 29, 2016

පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව.

පෙනෙන නොපෙනෙන දුරක ඉදන් ගීතයේ සත්‍ය කතාව.

කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයට පිවිසෙන තැන බිත්තියෙහ රඳවා තිබූ ‘සිත් කවිය’ ළඟ දහසකුත්
 දෙනා මොහොතකට නතර වුණා.ඒ යනෙන ගමන් එහි අලවා ඇති අපූරු කවි ගෙත්තම් කාලෝචිත සටහන් ආදිය කියවන්න. පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේ අදහස් සනිටුහන් වූ මේ බිත්ති පත්තරය ගැන විශ්වවිලද්‍යාලයේ නොදන්න කෙනෙක් නැහැ.

ඒ තරමටම මෙය ජනප්‍රියයි. මේ ‘සිත් කවිය’ අද්දර නෙත් නතර වූ පිරිස අතර රචිතා වාකිෂ්ඨ නම් තරුණියක් හිටියා. එම පීඨයේම ඉගෙන ගන්නා ඇය, උතුරු කොනේ (ගුණදාස කපුගේ) ඇතුළු ගීත රැසක් රචනා කළ චන්ද්‍රා වාකිෂ්ඨයන්ගේ දියණිය. රචිතා, සිත් කවියේ අදහස් කියෙවේ බොහොම ආසාවෙන්. ඒ ඇය කවියට, ගීතයට බොහෝ සෙයින් ප්‍රේම කළ හින්දා. සිත් කවියෙහි රචිතාගේ යහළුවකුගේ සිතැඟි විවිධ මාතෘකා යටතේ පළ වුණා. එහෙත් එන්න එන්න ඔහුගේ අදහස් ලියවුණේ යොවුන් ආදරය ගැන විතරයි. ඔහු ප්‍රේමවන්තයෙක් වෙලා. ඔහුගේ සිත් දිනා ගත්තිය විශ්වවිද්‍යාලයෙම ශිෂ්‍යාවක්. ඔවුන් දෙපොළගේ ප්‍රේමය කාලයත් සමඟම තීව්‍ර වුණා. විශ්වවිද්‍යාලයේ උප සංස්කෘතිය ඇතුළේ වසරේ හොඳම පෙම්වතුන් යුවළ තෝරනවා. මේ අවුරුද්දට තේරුණේ ඔවුන්.

එක්තරා උදෑසනක රචිතා ‘සිත් කවිය’ට සමීප වුණේ පුරුද්දට වගේ. පුදුමයක්! අර පෙම්වතාගේ ආදරණීය අදහස් ඒකේ නැහැ. ඒ වෙනුවට විරහ පද වැල් කිහිපයක් එහි ගෙත්තම් වෙලා. ඒ අකුරු අඬන්න ඔන්න මෙන්න. හේතුව හොයලා බලද්දී පෙම්වතියට හොඳට සල්ලි බාග තියනවා. පෙම්වතා සාමාන්‍ය පවුලක දුප්පත් කෙනෙක්. ගැහැනු ළමයගේ මවුපියන් බලපෑම් එල්ල කරනවලු මේ සම්බන්ධය නවත්වන්න කියලා. කාලයක් මේ දෙන්නා ඈත් වෙලා හිටියා. හදිසියේම පෙම්වතිය නැවතත් පෙම්වතාට කිට්ටු වුණා. ඔහුට මේක හරිම අදහාගත නොහැක්කක්. ඒ කාලයේදීම ඔහු ‘සිත් කවියට’ නිසඳසක් ලියලා. රචිතා ඒක කියෙව්වා.

‘ඔබ මගේ ජීවියට ආයේ ආවා. ඒත් ආයේ යයිද කියලා සැකයි’.

මේ ඒ පද ටිකේ අවසානය. එය රචිතාගේ සිතට තදින්ම දැනුණා. විශ්වවිද්‍යාලයට නිවාඩු ලැබුණා. රචිතාගේ හිතමිතුරු නව පරපුරේ සංගීතඥ තිළිණ රුහුණගේගෙන් තනුවකට ගීතයක් ලියන්න නිකමට මෙන් ඇරැයුම් ලැබෙන්නේ මේ කාලේ. ඒ තනුව දෙතුන් සැරයක් ඇසූ ඇයට මතක් වන්නේ අර පෙම්වතුන් යුවල සහ ඉහත සඳහන් කළ කවි පේළිය. ඇය ඒ අදහස් ගොන්න කලතලා මෙන්න මෙහෙම ලියනවා.

පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්.
නුඹ ඇවිත් සිත ළඟට හොරෙන්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත්.
ආදරෙන්

දකින හිමිවන හීනේ නුඹ කොතැන හිටියා.
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා.
හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා.
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුණා.

නුහුරු නුපුරුදු හීන අරන්.
ළඟට ඇවිදින් තුරුළු වෙමින්.
ආවාට නොකියාම ජීවිතෙන්.
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.

මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇඳුනා.
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා.
ඇසිල්ලක දුටු හීනේ හිත හුඟක් රිදුණා.
අරුත නොදකින සෙනෙහේ ඔය නමට රැඳුණා.

ඉතින් එලෙස ලියූ මෙම ගීතය ආත්මාගේ ලියතඹරා ගීතයෙන් පසුව ගායනා කල හොදම ගීතය බවයි රසිකයන්ගේ අදහස..

ඒ වගේම විශ්ව විද්‍යාලයේ නිවාඩුව අවසන් වෙලා ආ රචිතා කලා පීඨයට ඇතුල්වන මාවත දිගේ ඇවිදගෙන එනකොට ඒ ගීතය මුලු පරිසරයම වෙලාගෙන බවක් හැගී ගියා.. ඒ මොකද බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාවක් එම ගීතය තම තමන්ගේ ජංගම දුරකතන නාදවීමට යොදාගෙන ඇති හින්දා..

ඒ වගේම ඔබ දන්නවාද මේ ගීතයේ සත්‍ය කතාව ඒ ආකාරයෙන් සිත් කවියේ රචනා කල පෙම්වතුන් යුවලට ඉන්පසු වූයේ කුමක්ද කියලා ?

මේ ගීතය ඇසූ ඔවුන්ගේ දෙමවුපියන් හා නෑදෑයින් එම යුවලට සදහටම එක් වන්නට ආශිර්වාද කරලා..

එක් සින්දුවක් අපගේ හිතට ඇති කරන්න පුලුවන් බලපෑමක් වගේම එම දෙපලට එක්වන්නට ලැබීමත් කෙතරම් අපූරුද..

(උපුටාගැනීමකි)

Wednesday, January 13, 2016

ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ තුරක් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා

මගේ ඈස් මටත් හොරෙන් මොනවද හොයමින් ඉන්නවා.
මම මොනවද හොයමින් ඉන්නේ. මම මටත් වඩා ආදරේ කරපු ඔයාවද??
මට හම්බුනා දින පොතක් යාළුවෙක්ගෙන් එයාගේ ප්රෙමවන්තියට දෙන්න කියලා. එයා ඒ පොත ගෙනත් දුන්නේ තාවමත් ආදරේ ඒ ඇස් වල පුරෝගන. මම ඒ දින කියෙව්වා. ඒ පොතේ එක පිටුවක මෙන්න මෙහෙම ලියලා තිබ්බ. "මම දන්නේ නැ ලියන්නේ ඇයි කියලා " සිත හොදටම අසනීප වෙලා වගේ දන්නෙම නැති වුනත් කදුළු කැට ඇස බොද කරන්න ඇවිත් ඇස් වලට. මම කියවද්දී මට මතක් උනේ ඔයාව හරියට ඔයා හිනා වේගෙන මන් දිහා බලාගෙන ඉන්නවා වගේ මන් මහා පව් කාරයෙක්  සමනලයෙක් වගේ තිබ්බ පුංචි හිත මන් ආදරේ කියලා අසරණ කරලා දැම්මා. මන් කොහොමද මටම සමාව දෙන්නේ.

ඒ අහිංසක මුළු ලෝකෙම ගොඩ නැගිලා තිබ්බේ සිහින කුමාරයෙක් වගේ. සිහින කුමාරයෙක් උනත් කුමාරයෝ තරන්වත් ලස්සන නැති මම ඇයි මෙහෙම කරලා ඔයාට දුකක් දුන්නේ. හ්ම්ම්....  ඉතින් මන්  ඇයි ඒ කුරුළු පැටියාව තවත් හඩවන්නේ..

දැන් මගේ හිත හොදටම රිදිලා ඉරිතලා හරියට මගේ අතපය පවා වැඩ කරන්නේ නැ වගේ

අනේ මට අපහු කතා කරලා ආදරේ කියලා යන්න. නැත්තන් මේ පිස්සා මැරිලා යැයි.

මම දින පොත කියවන එක නැවැත්තුව. මම සිහිපත් කරේ ආදරේ ගැන ඔයා කියපුවා..

මට මතකයි ඉස්සර ගම්පහ ගාඩර් එක ලගදි ඔයාව හම්බෙලා කතා කරනවා. ඔයාටනන් ඒ ගැන පුංචිම මතකයක්වත් නැතුව ඇති.. එත් අමාරුවෙන් හරි පොඩ්ඩක් මතක් කරලා බලන්න..

මේක ලොකු රහසක් ඔයා කාටවත් කියන්න එපා.. හරි ජොලි නේ දැන් හොරා වගේ හිනා වෙන්නේ.
එත් ඇත්තටම මට ඔයා එක්ක කියන්නේ කතා කරන්නේ මොකද්ද කියලා හොයන්න වුනා

එක දවසක් මට ඔයාට මොනවා හරි දෙන්න ඕන වුනා. ඒත් ඔයා හැම වෙලේම එක ප්‍රතික්ෂේප කරා..... ඔයාගේ ආදරේ විතරක් ඉල්ලුවා හ්ම්ම්ම්....

සිහින කොච්චර ලස්සන උනත් එක හරියට පෙනිලා නොපෙනිලා යන දේදුන්න වගේ සිහින ගැන වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා. ඒවා බොද වෙලා යනවකොට හිතට දුක වැඩි මේක ලියලා හොදටම ඇඩුවා කියලා ඔයා දන්නවද?? මොකද බිම බලා ගත්තේ දුක හිතන්න එපා මන් එකට කැමති නැ. අපේ  ආදරෙත් දැන් දැන් කදුළු නැති ප්‍රේමයක වගේ. හදවත වේලිලා ඉරිතලල ඇස වල කදුලුත් එන්නේ ලේ පාටට....

හිතේ දුක නැතිකර ගන්න ආදර ගීයකට වඩා දුක් ගීයකින් කොච්චර පුලුවන්ද??
ඔයා දිහා බලන හැම තත්පරෙකම මගේ දැසම කදුළු හෙළුව හදවත කීරි ගැහුනත් සෙනෙහසට නෙත් රතු වෙයි නොදැනීම නැවතත් මට ඔබ දැක ගන්නට තවත් බොහෝකල් ඉන්නට සිදුවෙනු ඇත...  

බොහොම කාලෙකට ඉස්සරදි මම ලිව්වා නිසදැසක් කියවද්දී මට ඇඩුනා මට හිතුනා ඔබ තරං මව තේරුම් ගත්ත මගේ හිතේ අහු මුළු වලට පවා යන්න පුළුවන්  කෙනෙක් මට කිසි දා හමු වී නැති බවයි. මගේ දුකේදී මගේ සතුටේදී ඔයා මාව ලගට අරන් කියපු හැම වචනයක්ම හරි වටිනවා

 මෙහෙම ලියලා තිබ්බ පිටුව කියවද්දී මට ඇඩුනා. සමහරු ජීවිතේට ඇවිත් නොකියම යන්න යනවා තවත් සමහරු අපේ ජීවිතේට ලොකු ලොකු අඩි තියලා යන්න යනවා.



එත් මේ දින පොත දුන්න සහෝදරයාගේ ආදරයත් අතීතයේ වැළලිලා ගිහින් ඇති..

සිනමා හලකට වෙලා ඔහු චිත්‍රපටයක් නරබමින් ඉන්නවා එතකොටම ඇය එනවා වෙනත් පෙම්වතෙක් සමග පේලියක් ඉස්සරහින් ඉදං චිත්‍රපටය බලනවා යද්දී ඇය අහනවා " ආආ.. ඔයා තනියමද ආවේ" කියලා ඔහු හිනා වෙලා යන්න යනවා. ඔහුගේ හිත මට දැනෙනවා හරියට ඔයා මාව ඇත ඇරියා දවස වගේ මට ඔයාට ආදරේ කරන්න බෑ කිව්වා දවස වගේ මට දැනෙනවා. ඔහුත් එක්ක ආදරෙන් හිටපු ඔහුව ආදරේ කරලා අත ඇරලා ගියපු ඇයගේ නම මට කිව්වා ඇයගේ නම .........

මම දන්නවා ඔයා මේ සේරම දිහා බලන් ඉන්නවා ඉකිබිදමින් මේක කියවනවා කියලා මම දන්නවා. හ්ම්ම්.... අඩන්න එපා මම කැමති නැ ඒකට. අපි දෙන්නට අයෙත් දවසක මුණ ගැහිලා මුණ ගැහිලා ගෙවී ගියා අතීතය වෙනුවෙන් අඩන්නත් පුළුවන් මුනෙන් මුණ බලාගෙන හැබැයි මගේ ෆොටෝ එකට කදුළු එන්නේ නැ.. ඔයාගේ කදුළු වලින් තෙමන්නත් එපා ඔය ෆොටෝ එක පිච්චුනොත් ඔයාට ආයේ දකින්නවත් බලන්නවත් ෆොටෝ එකක් නැති වෙයි. ජීවමානව ඉන්නද්දී ගත්තට ෆොටෝ අජීවී වස්තු වල ෆොටෝ ගන්න තරං අපේ රට දියුණු වෙලා නැ තාමත්.....