loku ptha

loku ptha

Tuesday, February 19, 2013

ඔයාව දැක්කම එක පාරටම මගේ හිත ඇදිලා ගියේ කොහොමද ???

එන්න දවසක මත එක්ක විනෝද වෙලා යන්න යාළුවොත් එක්ක දන් පුදුම වෙලා මන් දිහා බලන්න එපා සමහරවිට ඔයාගෙත් මගෙත් අතීතය තාමත් ඇති තිබුන තැන වලම තිබුන විදිහටම හෙමින් හෙමින් නටබුන් වෙමින් දැන් ඔයා හිතනවා නේද අතීතයට අපි කොච්චර දුර ඇවිදිනවා නේද කියලා එක කියන්න බෑ සමහරවිට ඔයාගේ කැමැත්තත් එක්ක අවුරුද්දක් 2ක් 3ක් වෙන්නත් එපා සුසුම් හෙලන්න එපා මේ පෙබරවාරි දැන් ඔයා අනිවාර්යෙන්ම අතීතයට ඇවිදිනවා ඇති අර අපි පන්තියේ උන්න සුන්දරමකලේ ජීවිතේ තිබුන හ්ම්ම්ම්ම්ම්

ජීවිතේ හැමදෙයක්ම වෙනස් අතීතයට යන අවුරුද්දක් ගැනේ හැමදෙයක්ම වෙනස් එත් මට පේනවා ඔයාගේ ඇස් ලස්සනට හිනා වෙනවා හැම ආදරයක්ම හිනාවකින් පටන් අරන් කදුලකින් ඉවර වෙනවා කොලපාට ගස් තණකොළ වලින් පිරුණ හොල්මන් මන්දිරයක් වගේ තිබුන අපේ පන්තිය මතකද අඅපේ මොන තරඟ මතක එකේ ඇතිද මතකද අපි බිලා සර්ට මට්ටු උන වෙලාවේ සර් ඔයාගෙනුයි දිල්හානිගෙනුයි ඇහුව මොකද කරන්නේ කියලා

මම ලිව්වා ලියුම ලහිරු ගෙනත් දුන්නම ඔයයි ඔයාගේ යාළුවොයි හිනා වේවි කියෙව්වා මතකද අපේ හිත අලුත් වෙනවා ආදරෙත් එක්ක එත් මගේ හිත තාමත් එහෙමම තම අතීතය වෙනස් එත් ඒ වෙනස් අතීතය එක්ක මගේ හිත ට තිතෙන්නේ ඇයි මට ඔයාව මුණ ගැහුනේ කියලා එක අහම්බයක් ජීවිතේ වැරදුන තැනක් හදා ගන්න තවත් තැනකට ආවා එතනින් මට හිතුවටත් වැඩ වැරදුන එක විතරයි වුනේ කවදාවත් දැකලා නැති ඔයාව දැක්කම එක පාරටම මගේ හිත ඇදිලා ගියේ කොහොමද ??? ඔයාට හිතෙනවා ඇති ඇත්තටම ඇයි එහෙම උනේ කියලා ඇත්තටම එහෙම නොහිතුනත් ඇත්තටම එක තාම සිද්ද වුනේ ඔයාට ඔයාගේ මුනේ තිබ්බ හිනාව මගේ හිතේ ආදරේ බවට පත් උනා මට මාව පෙම්වතක් වගේ දැනුනා ඒ හිනාව තාමත් මගේ හිතේ තියනවා මම මවපු හැම හීනයක් ඇතුලෙම ඔයාගේ ලස්සන හිනාව ඇස් තාමත් මගේ හිතේ තියනවා මගේ කන්දක් තරඟ උස හහීන තාමත් මට අමතක කරන්න බෑ මුළු ආදරේම හීනයක් වුනා මම හැමදාම පන්ති ආවා ඔයාව බලන්න එත් කවදාවත් ඔයා මන් ගැන ඇහුවේ නෑ

ඔයා මාව අමතක කරපු හින්ද මම ඔයාට අදර ලිව්මක් ලිව්වා එක ලස්සනට නමලා දිය ඇල්ලේ ඔයට දැම්මා දවසක් ඔයා හිතේ හංගන හිටිය කතාවක් මට කිව්වා

තවත් දවසක දිල්හානි මගෙන ඇහුවා ඔයා වෙන කාට හරි ආදරේ කරොත් මම මොකද කරන්නේ කියලා මට කෑ ගහල අඩන්න හිතුනා මම කවදා හරි හොද තැනකට ඇවිත් කතා කරන්න උන්නේ එත් කරන්න දෙයක් නෑ ඔයාට එය එක්ක හිනා වේවි යන්න කියලා මම බලාගෙන උන්නා දිල්හානි මට කිව්වා ඒවා දරාගෙන අහගෙන හිටියා

ආයෙමත් මට ඔයාව මුණගැහෙන්නේ නැති වෙයි කියලමයි මට හිතෙන්නේ මුණ ගැහුනත් මට කතා කරන්න වචන එකතු කර ගන්න මට පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නෑ එත් මේ පුංචි රටේ ඔය ලස්සන හිනාව දිහා බලාගෙන ඉන්න පුළුවන් 


ඔයත් මමත් අතීතයේ උන්න ගොඩක් තැන හිස් එත් එක දරාගන්න පුළුවන් ඇත්තක්  ඔයත් මමත් විතරක්ම දන්න ජීවිතේ අපිට ගොඩක් දේවත් අත ඇරෙනවා සමහර දේවත් අපි අත අරිනවා ඔයාව මටත් මට ඔයාවත් ඔයාව මටත් අත ඇරුනද අත අරියාද එක උත්තරේ දන්නේ ඔයාම තමා 
සමහර විට ඔය ඔය ලගින් ඉන්න කෙනාගේ මුණ දිහා යන්තමට බලන ගමන් හිතයි ටිකක් කල්පනා කරන්න මම දන්නවා ඔයා මට ආදරෙයි එක තම ඔයා මට නොපෙන්නේඩ Relationahip එක දාලා තිබුනේ මම දන්නවා හ්ම්ම්ම්ම්ම්ම් දෛවය සරදම් කරන්නේ මටම තමා 

දැවී දැවී තියන පෙම් සිත් නිවී සැනසෙන්න ඕනේ දැන් අපි එන්නේ වර්තමානේ ඔයා ඔයාගේ bf එක්ක මම දැන් යන්න ඕනේ එත් මට ඔයාට එකම එක දෙයක් කියන්න ඕනේ මම ඔයාට පනටත් වැඩ ආදරේ කරාට ඔයා කවදාවත් මට ආදරේ කල නොකළ බව එත් මට තව එක දෙයක් කියන්නද මම 22 ඉන්නේ දවසම BMICH එකේ  cmpz එකෙන් කරන exhibition එක ඇතුලේ පුලුවන් ඔයාගේ bf එක්ක ඇවිල්ල යන්න එන්න මම යනවා මේ රෝස මල ඔයාට 

Saturday, February 16, 2013

ජීවිතේ සතුටයි කියලා ලං වෙච්ච හැමදෙයක්ම අවසානේ දුකෙන් කෙලවර වුනා කියලා දැනෙනවා

ඔයා මගේ ලග පාත හිටියේ නැතත් මට හිතෙනවා මේ දේ ඔයාට කියන්න ඕනේ කියලා කව්රු ලග හිටියත් සමහර වේලාවට මට දැනෙනවා මම මහා තනි වෙච්ච මිනිහෙක් කියලා ජීවිතේ සතුටයි කියලා ලං වෙච්ච හැමදෙයක්ම අවසානේ  දුකෙන් කෙලවර වුනා කියලා දැනෙනවා 

ඔයාව දකින්න ඔයා දිහා බල බල යාලුවෝ විහිළු කර කර ජීවත් වුනේ කෙටි කාලයක් උනත් සතුටට වැඩිය තිබුනේ දුකක් ඒ ඔයා නිසා ඔයා හිතන්න එපා මේක චෝදනා කරනවා කියලා නැ මේක පැහැදිලි කිරීමක් 

දැන් අපි දෙන්නම තැන් දෙකක හැබැයි  එකම රටක කවදා හරි දවසක අපි දෙන්නා අපි දෙන්නට නොදනිම මැරිලා යාවි එහෙම කිව්වම දුකයි තම එත් නොපෙනන ඇත්තත් එකමනේ ඒ කොහොම උනත් මගේ හිතේ එකම එක හීනයක් තියනවා ඒ තමයි ජීවිතේ කවදා හරි ඔයා පන්තියේ වගේම එකම එක සැරයක් හිනා වෙලා දකින්න තියනවනං 

මම ඔයාව ඉස්සරලම දැක්කේ දෘඩ පන්තියේ ඔයයි දිල්හානි තවත් ඔයාලගේ ඉස්කෝලේ ගැනුලමයෙකුයි පන්තියට ඇවිත් අපි ඉස්සරහම බැංකුවේ හිනා වේවි වැඩි උනා ඔයා නං හිනා වුනේ දත් නොපෙනෙන්ඩ දවසක් මම සුදර්ශනට කිව්වා "අර පොඩි කැල්ල දත් මදින්නේ නැද්ද කොහෙද " කියලා සුදා ගත් කටටම කිව්වා "අනුන්ගේ මගුල් බලන්නේ නැතුව ඔය දුන්න plan එක අදපන්කෝ "කියලා මට හිතුනා නැ මුකුත් නැ 

මම ඔයාව දැක්ක දවසේ ඉදන් ඔයා ගැන හීනයක් මැව්වා අනේ මටත් පිස්සු ඔයාටත් හිතෙයි මම දැක්ක හීන දන්නවනං දවසක් මම දැක්ක ඔයා අපේ ගෙදර එනවා ඇවිත් පිට්ටනියේ සෙල්ලන් කරන කොල්ලෝ ඕන තරං මගෙන්ම ඔයා ගෙදරකට යන address එකක් ඇහුව බැලින්නන් ඒ අපේ ගෙදර address එක මමත් උද ගියා පස්සේ මම ඔයාට පාර කියලා අපේ ගෙදරට යැව්වා ඔයා ඇවිත් තිබුනේ අපේ සියට කියලා ඔයාගේ හදහන බලව ගන්න එක පාරට වින්කියා ඇවිත් අදට පැන්නා මම උඩ  ගිහින් ඇහැරුනා ඒ වගේ තාමත් මම ඔයාව හීනෙන් දකිනවා ඔයාගේ හීනේ මම නැති බවත් දැන දැන තාමත් මම ඔයාව හීනෙන් දකිනවා 

ඔයාගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තිබුනා එකදෙයක් තමා මම ඔයාගෙන් ඉගන ගත්තා ඒ තමයි මොන දේ උනත් මැරෙන්නේ නැතිව ජීවත් වෙන්න 

අහසේ තරු එක වගේ නොව්නත් ඒ හැම තරුවක්ම අපිට එක වගේ පෙනෙන්නේ අපි තරු දිහා බලන ආකාරයට මම දන්නවා එහෙම කියලා ඔයාගේ හිත වෙනස් කරන්න මට බෑ මට හිතනා දේ තමා ඔයාටවත් මටවත් ආයේ කවදාවත් ආදරේ කරන්න ඉඩක් හදලා දීලා ලෝකේ හැටි එහෙම තමා මේ ලෝකේ හමු වීම් වෙන්වීම් වලින් කෙලවර උනත් වෙන්වීම් කවදාවත් හමුවීමකින් කෙලවර වෙලා නැ 

දැන් ඔයා ඇස පියන් හිතනවා ඇති මම ඔයාට කොච්චර ආදරේ කරත් ඒ ආදරේ පිදෙන්න කව්රුත් ඉඩක් හදල දුන්නේ නැ නේද කියලා එක ඇත්ත උනත් දැන් ඒ ගැන දුක් වෙලා වැඩක් නැ අද ඔයයි මායි ඉන්නේ දෙතැනක වෙනසකට තියෙන්නේ මම තාමත් ඔයා ගැන හිත හිත තනිකඩව ඉන්නවා ඔයා ඔයාගේ bf එක්ක අනාගතේ පිබුරු පත් හදනවා පුළුවන්නන් ආයේ එකම එකම පරාක් හිනා වෙලා යන්න එන්න මම යනවා 

Tuesday, February 12, 2013

එක පාරක් කතා කරලා මුණ ගැහිලා යන්න එන්න එකම එක පාරක් නැත්තං මේ පිස්සා මැරිලා යයි

මගේ ඇස මටත් හොරෙන් මොනාද හොයමින් ඉන්නවා  මම මොනාද හොයමින් ඉන්නේ මම මටත් වඩා ආදරේ කරපු ඔයාවද??මට හම්බුනා දින පොතක් මම ඒ දින පොතේ පිටු පෙරලුව එකේ මෙන්න මෙහෙම ලියලා  තිබ්බා" මම දන්නේ නෑ ලියන්නේ ඇයි කියලා" දන්නෙම නැති උනත් කදුළු කට ඇස කොනට ඇවිත් තිබ්බා මම මේක කියවනකොට මට මතක් උන ඔයාව හරියට ඔයා හිනා වේගෙන මන් දිහා බලන් දවසක් පන්තියට ආවා මතකද මම එදා ඇදන් ඇවිත් තිබුනේ රතු පාට T එකක් මම තව ටිකක් කියෙව්වා මං මහා පව් කාරයෙක්ද සමනලියක් වගේ තිබ්බා පුංචි හිතට මම දුකක් දුන්නද??? දන්නේ නැ මම කියන්න මං කොහොමද මටම සමාවක් දෙන්නේ ඒ අහිංසක ලෝකය ගොඩනැගිල තිබ්බේ වෙන කෙනෙක් ගාව මම ඒ අහිංසක පුංචි කුරුළු පැටියව මම රිද්දුවද?? දැන් මගේ හිත කැඩිලා ඉරි තලලා හරියට මගේ අත පය පා වැඩ කරන්නේ නැතුව වගේ අනේ එක පාරක් කතා කරලා එකම එක පාරක් නැත්තං මේ පිස්සා මැරිලා යයි මම දින පොත කියවන එක නැවැත්තුවා මම සිහිටපත් කරේ දවසක් ඔයයි මමයි කතා කරේ මතකද එදා ඔයා මට කිව්වා ඒවා මට හිතුනා ආදරේ කරන හැමෝටම එක පාරක් මුනෙන් මුණ මුණ ගැහෙන්න පුළුවන්නන්

 මට මතකයි දවසක් නිප්පා එක්ක ගුවන් පාලම උඩට වෙලා ඈත එන ඔයයි ඔයාගේ යාළුවා දිල්හානියි දිහා බලාගෙන ඉන්නවා එතකොට මට මතක විදිහට නිප්පයි දිල්හානි සැට්  වෙලා වැඩි කාලයක් නැ සමහරවිට ඔයාට ඒ ගැන  පුංචිම මතකයක්වත් නැතුව ඇති එත් අමාරුවෙන් මතක් කරලා බලන්න ආදරේ හිතට දැනුන දවසක් ඔයාටත් මේක ලොකු රහසක් කාටවත් කියන්න එපා කිව්වා මතකද හරි ජොලි නේද දැන් මතක් වෙලා හිනා වෙනවා ඇති  ඔය එක්ක කතා කරන්න chat කරන්න හදපු හැම පාරම මට අමතක වෙනවා කියන්න යන දේ  

අපි හැමෝම අපිට කැමති රුප ගැන කතා කරනවා සමහර විට බෝනික්කෝ වගේ ලස්සන රුප වෙන්න පුළුවන් එහෙමත් නැත්තන් යෝදයෝ වගේ ශක්තිමත් අයගේ වෙන්න පුළුවන් සමහර වෙලාවට  මේවා බොලද වැඩ වගේ පෙනුනට ඇත්තටම කිව්වොත් අපි හැමෝගෙම හිතේ අදුන රුපයක් තියනවා මනුස්ස අපි හැමෝගෙම මම හෙම වෙලේම හොයල බැලුවේ ඔයා මට අකමැති වෙන්න තියන මගේ අඩුව මොකද්ද කියලා 

මම ඔයාට ලිව්මක් ලියනකොට මම ඉස්සර්ලම හිතුවේ මම කොතනින් පටන් ගන්නද කියලා ඒත් මම ලිව්ම ලියන්න පටන් ගත්තා හීන කොච්චර ලස්සන උනත් ඒවා පෙනිලා නොපෙනිලා යන දේදුන්න වගේ හීන ගැන වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා ඒවා බොද වෙලා යනකොට හිතට දුක වැඩි හරියට අද වගේ අද මේක ලියනකොට මට ගොඩක් ඇඩුනා ඔයා දන්නවද ඔයා වෙනුවෙන් අඩපු දවස් කොච්චර තියනවද?? මම room එකේ දොර වහ ගත්තා ලැප්ටොප් එකේ විරහා ගීතයක් දාගෙන එකත් එක්කම තනි උනා  හිතේ දුක නැති හදවත කීරි ගැහුනා ඔයා දිහා බලන හැම පාරම එත් මම මගේ ජීවිතේ ගොඩක් දේවල් ඉගන ගත්තා අහස් මාලිගා කඩන වැටෙන එක ඔයා මට කියලා දුන්නා 

බොහොම කාලෙකට කලින් ඔයාට ලිව්වා නිසදැසක් මම අද කියෙව්වා එත් ඔයා තරම් මගේ හිතේ කා වැදුන  කෙනෙක් තවත් නැ සමහරු ජීවිතේට ඇවිත් නොකියම යනවා තවත් සමහරු ඇවිත් ලොකු ලොකු ආඩි තියලා නොකියම යනවා ඔයාගේ බ්ෆ් පෙන්නලා මගෙන් අහනවා එය මට හොදද කියලා මම මොනවා කියන්නද එල එල කියල හිත හදා ගත්තා 

අයෙමත් අදවසක මුණ ගැහිලා 
එක පාරක් කතා කරලා මුණ ගැහිලා යන්න එන්න  එකම එක පාරක් නැත්තං මේ පිස්සා මැරිලා යයි

Tuesday, February 5, 2013

මගේ ඇස් හිත ඔයාව හොයා හොයා ඉන්නකොට නිප්පා කිව්වා


මං මං ඇතුලෙම තනි වෙද්දී මගේ ජීවිතේ ගැන මට දුක හිතෙනවා ඇයි මං ඉපදුනේ කියලා හිතෙනවා අහස පුරා තරු පායලා තිබුනට ඒ එකම එක තරුවකට අයිතිවාසිකමක් කියන්න මට පුලුවන්ද??? හ්ම්ම්ම්ම්ම්ම්ම් තරු පයලා තියන හිස් අහස යට මගේ තනිකම කොච්චරක්ද??? ඔයා දැන් NIBM යනවලු එහෙනං හොද BF කෙනෙකුත් හම්බෙලා එහෙම ඇති හ්ම්ම්ම් මේක බැලුවොත් ඔයාට හිතෙයි මගෙන් අහන්න ඔයා මට තාමත් ආදරෙයිද කියලා කෙටිම උත්තරේ ඔව් ඇත්තම කියනවනං එදා පන්තියේදී facebook එකේදී කිව්වා වගේම මම ඔයාට ආදරෙයි තාමත් මම මෙහෙම ලිව්වා කියලා මන් එක්ක තරහ වෙන්න එපා වෛර කරන්න එපා මම මේක ලියන්නේ හිතේ තියන දුක අඩු වෙන්න කතාවක් තියනවනේ අපි කන හැටි ලිපා දනී කියලා 
මේ හැම දෙයක්ම මෙහෙම වෙනකොට මට ඔයාට කියන්න දෙයක් තියනවා දෘඩ පන්තියේ වගේම ඔයාව අයේ දකින්න ලැබෙන්නේ නැ වගේම ඔයා මගේ ජීවිතේට එන්නේ නැ කියලා දැන දැනත් ඔයා එන්නේ නැති පාර දිහා බලාගෙන ඉන්නවා මම 

ඉස්සර මම ආදරේ කරන්න කෙල්ලෙක් හෙව්වා මම ආදරේ කරපු අය මට ආදරේ නෑ මම හිතින් ආදරේ කරා මම පස්සේ ගිය අය මන් දිහා බැලුවේ නෑ එත් එක දවසක් පන්තියේදී ඔයාව දැක්කම මට හිතුනා මම ආදරේ කරන්න හොය හොයා හිටිය කෙනා ඔයා නේද කියලා එදා මට ඇස්පිය ගහන්නත් අමතක වෙලා හිටියේ රෝස පාට දෙකම්මුල් නීල නයන දහසක් මල් පරදන හිනාව හංස ගමන් ලතාව සංදේශ කවි දහසක් එක්ක මගේ හිතේ ඔය ගැන මොකද්දෝ මන්දා ලොකු ආදරයක් හිතේ දෝං කාර දුන්න ටික දවසකින් මගේ ඇස් හිත ඔයාව හොයා හොයා ඉන්නකොට නිප්පා කිව්වා ඔයාගේ යාළුවා facebook ඉන්නවා කියල මම ගෙදර ආව ගමන් ෂණික fb  log  වෙලා දිල්හානිට req එකක් දාලා බැලුවා ඔයත් ඉන්නවද කියලා ඔව් ඔයත් හිටියා එදා ඉදන් මම fb ලොග් උනේ ඔයත් එක්ක එකම එක cht කරගන්න පුළුවන් වෙයිද කියලා ඔයා එක්ක cht එකක් දාලා පන්තියේදී දැනුන ඔයාගේ සුවදත් එක්ක මම මගේ මුළු කබරේ පුරාම ඇවිද්දා ඔයාව මගේ ලගින් තියන් විහිළු කතා කියා කියා ඔයා හිනා වෙනහැටි දිහා බලන් මමත් හිනා උනා  "මොකද කෝට්ටේ බදාගෙන තනියම හිනා වෙන්නේ පිස්සුද " කියල අහනකොට තමා මම පියවි ලෝකෙට ආවේ එතකන් මම ඉදලා තියෙන්නේ ඔයත් එක්ක හිනා ලෝකේ 

ටික දවසක් යනකොට මට ඉදලා හිටලා ඔයාව fb එකේදී සෙට් වුනා මට ඔයාට ඇහෙන්න ආදරෙයි කියන්න බැරි උනාට මට ඕනේ උනේ මගේ ආදරේ ඔයාට දන්වන්න විතරයි මම ඔයාට ලිවුම් 123ක් ලිව්වත් මම ඔයාට දුන්නේ ලිවුම් 2යි එත් ඔයා ලියලා දුන්න ලිවුම් වල ලියලා තිබුනේ පාඩන් කරලා හොදට ඉගන ගන්න කියලා විතරමයි 

මාස ගානකට පස්සේ ඒ  අවාසනාවන්ත දවස උදා වුනා  2010/10/02 ඔයා මට හිනා වෙලා වගේ  කිව්වා "මලිත් මම දැන්ම bf තියාගන්න කැමති නෑ" කියලා මම කිව්වා මම කැමති කාලයක් බලන් ඉන්නන් කියලා ඔයා මුකුත් කිව්වේ නෑ සද්ද නැතුව හිටියා හැබැයි මම මගේ හිතින් ගොඩක් ඇඩුවා එදා ඉදන් මම ප්‍රේම ගීත අහන එක නතර කරලා දැම්ම විරහා ගීත හොයා හොයා එකතු කරා ඒ අතරින් කපුගේ සර්ගේ  "මන් මුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ " සින්දුවට මම ගොඩක් ආදරේ කරා මගේ room එකට වෙලා තනියම මම ගොඩක් ඇඩුවා දුමිදු හැමදාම මගේ හිත හැදුවත් මම ඔයාට තව තවත් ආදරේ කරන්න පටන් ගත්තා


මේ හැමදෙයක්ම මට කියන්න ඕනේ වුනේ අවුරුදු 2කට විතර පස්සේ මේ ලගදී ඔයාව දැක්කා එත් මම ආදරේ කරපු ඔයා ඇසිපිය නොහෙලා බලාගෙන හිටියා මම අයෙ පාරක් al කරනකොට ඔයා NIBM යනවා මමත් දැන් ඉගන ගන්නවා අනාගතේට යන්න මේ හැමදෙයක්ම හිතේ තියාගෙන උනත් සමහර වෙලාවට මට හිතෙනවා දෙවි වරු අපිව හොයාගෙන ඇවිත් අපේ ජීවිත හරි මගට දානවා ඇති කියලා මමත් මගේ ජීවිතේට ජීවත් වෙන පාර හොයා ගත්තා ගොඩ දෙනෙකුට කතාවක් තියනවා කාටවත් කියා ගන්න බැරි සමහර විට වචන නැතුව ඇති අපෝ ඔයාට කතා කරන්න වචන නැති වෙන්නේ කොහොමද ඔයාට එහෙම හිතුනා නේද??

ඔයාට කරපු ආදරේ පාමුල මට මාවම නැති වෙලා ගොඩක් කල් ඇත්තම කිව්වොත් ඔයාට ඔයාගේ ජීවිතේ මුණ ගැහෙද්දි මට මගේ ජීවිතේ අත ඇරිලා  ඔයා දන ගෙන හිටියේ නැනේද  දැනගෙන හිටියත් දැන් මොනවා කරන්නද??? 

සත්තකින්ම දැන් කරන්න කිසිම දෙයක් නෑ කරන්න තියෙන්නේ කවදා හරි දවසක  අපි අපිව නොදැකම මැරිලා යන එක විතරයි හැබැයි තාමත් මට එකම එක හීනයක් තියනවා ඒ තමයි කවදා හරි මට ඔයාව එකම එක සැරයක් හරි එක තත්පරක හරි දකින්න පුළුවන්නන් එත් එකත් හීනයක් විතරක්ම වෙයි