loku ptha

loku ptha

Saturday, August 4, 2012

මැරුණ දවසට මාව



මැරුණ දවසට මාව
මගේ මිනි පෙට්ටිය උස්සන් යන්න උබලා කැමති වෙයිද දන්නේ නැ
ඒ කොහොම නමුත්
උබලටත් බැරි නන්
එදාට වත් මගේ මිනියට උර දෙන්න
මං දන්නවා අනිවා ඩෙෆා
පෝලිමක් මග බලං ඇති බව
මොකද උබලා මට වෛර කරාට
උන් මට ආදරේ ඇති නිසාවෙන්
මගේ මිනියට උර දීමන්
උන් සතුටු නිසාවෙන්
උන් ‍උර දෙනු ඇත
අඩවී මගෙන් උන් විතරක්
මතක් වේවි මගේ ගුණ ඉන්නකන් නැති උනත්
දැනේවි පාළුව කවද හරි
මගේ මරණය පැතුවා උබලා
මිනිය පස් වලක් තුල සැගවී යන තෙක්
මා මිය ගිය පසු
ඒ මිනී වලටම
රතු රෝස මල් පෙති
ඉසිනු ඇත දෙනෙතින් තෙමා යන කඳුළු බිදු සමගින
නමුත් මා දනිමි
ඒ කඳුලු බිදු මා නිසාවෙන් නොවන වග
තවත් එක සමුගැනීමක
එකම එක පිටුවක් සදාතනිකව ලියවෙනා වග...
මා ඉදින් මා මිය ගිය පසු
තවත් කුමකටද මා නමින්
හෙලනු කඳුළු බිදුවක්
එනු මැන
හෙලන්නට නොව කඳුළු බිඳුවක්
හවසට ඇවිත් කල පලයන් මල බත වට්ටක්කා සමග
තවත් එක බත් පොඩ්ඩක්...........

2 comments:

  1. අනිවා මම ජීවත්වෙලා හිටියොත් උඹේ මිනියට කරගහන්න එනවා මචෝ. මොකද මං තරඟ උඹේ බර උස්සන්න පුළුවන් එකෙක් අපේ සෙට් එකේ හිටියේ නෑනේ. :ඩී

    ReplyDelete
  2. මං දන්නවා අනිවා ඩෙෆා
    පෝලිමක් මග බලං ඇති බව
    මොකද උබලා මට වෛර කරාට
    උන් මට ආදරේ ඇති නිසාවෙන්
    මගේ මිනියට උර දීමන්
    උන් සතුටු නිසාවෙන්
    උන් ‍උර දෙනු ඇත
    අඩවී මගෙන් උන් විතරක් මේ කිව්වේ උබල ගැන තම

    ReplyDelete