loku ptha

loku ptha

Sunday, March 5, 2017

ජීවිතය දිහා ආපසු හැරිලා බලමු

               අපේ ජීවිත එදිනෙදා තියෙන වැඩ වලින් ගොඩක් කාර්‍යබහුල වෙනවා තමයි. ඒ කාර්‍යබහුල වෙන්නේ තමන්ගේ ආදරණියයන් සමග ගතකරන්න තියෙන කාලයත් කැපකරලා. අපි ඒ කැපකරපු කාලේ නැවත අපිට ගන්න බැහැ, ආය එන්නෙත් නැහැ. හීන, කාසි පස්සේ දුවදුව ඉඳලා කවදා හරි මහන්සි වෙලා ආදරණීයයන් ලඟට ආවට නොදැනීම ඔයා වෙනස්වෙලා කියලා ඔයාට තේරේයි. නැත්තං ඔවුන් ඔබගෙන් ඈතට ගිහිං තියෙයි. සමහර විට සදහටම වෙන්නත් පුලුවන්. ජීවිතයේ ලොකු ලොකු සිද්ධීන් තමන්ට මඟහැරුනත් පොඩි සිද්ධියක් හරි සතුටින් සමරන්න තියනවා නම් ඒක වටිනවා. ඒක ජීවිත කාලේ පුරාවටම තියනවා.

                        අපි දන්නවා මොනවා ඔවුන් ඔබව දාලා යන්නේ නෑ කියලා. ඒත් ඒක හැමදාටම පොදු දෙයක් නෙමෙයි. අපිට ගොඩක් තැන් ගොඩක් දේවල් නොදැනෙනවා වෙන්න පුළුවන්. එත් අපි හොයලා බලලා තියනවද ??? ඔවුන් අපි වෙනුවෙන් මොන තරං කැපකිරීමක් කරලා තියෙනවද කියලා. නිකන් ලාවටවත් හිතිලා තියනවද හිතුවද?? සමහර විට නොසෑහෙන්න වැඩ තියන වෙලාවට මොන තරං අපහසු අවස්ථා වල ඔවුන් ඔබ ලග ඉන්න ඇති. එත් කියන්න නැතුව ඇති. වෙලාවට කන්න බොන්න නැතුව ඇති බඩගින්නේ ඉදන් ඔබ හෝ ඇය ලග ඉන්න ඇති එත් කියන්න නැතුව ඇති. ඔයාට අසනීපයක් හැදුනම මතක් කරලා බලන්න නිදි මරන්න ඇති, ඔයා ලගටම වෙලා ඉන්න ඇති ඔයා ගැන දුක් වෙන්න ඇති. හොදට මතක් කරලා බලන්න. එත් ඔවුන්ට අසනීපයක් වුන වෙලාවට. එත් හොදටම අපි දන්නවා අපිට එහෙම වෙලාවක් තිබ්බේ නෑ කියලා. වෙලාවට වඩා මතක් වුනේ නෑ කියලා අපි දන්නවා. නැත්තන් අපිට උවමනාවක් නොතියෙන්න ඇති. අපි හිතලා තියෙන්නේ අපේ වැඩ ගැන විතරයි. අපි වැඩ කරා කරා සල්ලි හෙව්වා හෙව්වා  හීන පස්සේ ගියා. ගියා. ඇතිද නෑ තවත් යන්න යනවා. ඇති වීමක් නෑ හැබැයි දවසක තේරෙන දවසක් එනවා අපි වෙනුවෙන් කැප කිරීම් කරපු අයව මතක් වෙන. දැනෙයි ඔවුන් අපි වෙනුවෙන් කරපු කියපු දේවල් මතක් වෙයි හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා. ඒත්................

No comments:

Post a Comment