loku ptha

loku ptha

Friday, January 18, 2013

මම මේ අත්මේ පිං කරලා නැතුව ඇති ඔයාව ලබන්න තරං


දවසක් බස් එකට වෙලා ඉන්නකොට ඔයාත් ඒ බස් එකටම ගොඩ වුනා මම ඔයා දිහා ඔයාට නොපෙනෙන්ඩ බලන් හිටියා ඔයා දන්නෙ නැ මමත් ඒ බස් එකෙම හිටිය කියලා එහෙම දැන ගත්තනන් ඔයා කවදවත් ඒ බස් එකට නගින්නෙ නෑ බහිනකොට ඔයා මාව දැක්ක ඔයා මට බය වෙලා පය ඉක්මන් කරලා ගියා ...........

ඔයාගෙ උපන්දිනේ මම facebook එකෙන් හොයලා ඔයාට තෑග්ගක් අරන් ඒක ඔයට නෙමේ දුන්නෙ ඔයාගේ යලුවෙක්ට ඔයට දෙන්න කියලා එයා ඔයාට ඒක දිල තිබ්බා දැන් ඒක තියනවද නැද්ද මම දන්නෙ නෑ ඒත් මම හිතනවා ඇති කියලා ඔව් මම හිතනව ඔය එකට thanx කරලා තිබ්බා ඒකත් එක්ක ඔයා ගොඩක් හිත රිදෙන දෙවල් ටිකක් මට කියලා තිබ්බා

මම මේ ලගදි දවසක ගම්පහ ගිහින් අපෙ පන්තිය පැත්තෙ ගියා සෙරම අතීතෙට දිරලා ගිහිල්ලා හැම දෙකම ලස්සන පරන වෙලා කලු පොඩි ගේට්ටුවේ එක පියනක් කඩන් වැටිලා ඔයා එනකන් බලන් හිටිය පඩිය නමිනං ගහේ කොල වලින් වැහිල ගිහිල්ලා ඔයා කොහේ මොනවා කරනවා ඇතිද කියලා මට  හිතුනා

පස්සෙ කලෙක මට ආරංචි වුනා ඔයා වෙන කාටද ආදරේ කරනවා කියලා මට ගොඩක් දුක හිතුනා මම හිතං හිටියෙ දවසක හොද තැනකට ඇවිත් ආයේ ඔයාගෙන් අහන්න අපි හිතන පතන දෙවල් අපිට ඕන විදිහටම සිද්ධ වෙන්නේ නෑනෙ මට දැන් ඒක ආදර මතකයක් විතරමයි

මට ඔයාව අහිමි වෙලා එවරයි ඉතිරි මොනද මට ඔයා දුන්න දුක විතරයි එහෙම කියලා මම ඔයාට  චෝදනා කරන්නෙ නැ මං දන්නවා කොහෙ හිතියත් ඔයා සතුටෙන් ඇති කියලා ඉතින් ඒ සතුටට මගෙ දුක එකතු කර ගන්න එපා හිත සැහැල්ලු කරගෙන සතුටින් ඉන්න මේ වගේ දවසක අපි අයෙමත් හමු වෙමු මම මේ අත්මේ පිං කරලා නැතුව ඇති ඔයාව ලබන්න තරං

No comments:

Post a Comment