loku ptha

loku ptha

Wednesday, July 22, 2015

ආඅ අමතක උනා කියන්න ආව කාරණේ සුභ උපන්දිනයක් වේවා ඔය වචන තුන කියන්න ඇවිත් මෙච්චර කතාවක් කිව්වේ හිතේ තිබ්බ ආදරේ වචනයක් කරා විතරයි. පරිස්සමින් ඉන්න.

හැන්දෑ අහසත් මගේ හිත වගේ තිත්ත කළුවරයි. ඉදල හිටලා අහසේ තියන තරුවක් දෙකක් එල්ලිලා තියනවා මම දකිනවා තමයි. ඒ වලාවට මගේ හිත  මටත් නොදැනීම මගේ අතීතයේ දියවෙලා යනවා. සමහර විට ඔබ හිතනවා ඇති මම අතීතකමියෙක් කියලා. නමුත් අපේ අතීතය අපේ ජීවිත වලට ජීවත් වෙන්නේ කොච්චර දේවල් හදලා දීලා තියේද???  

ඔයා නොදන්නවා උනාට මම වෙලාවක් ඉඩක් ලැබුන හැම වෙලවවකම අපේ හොල්මන් බංගලාව වගේ තිබ්බ පන්තිය පැත්තේ යනවා බලලා එන්න. එහෙම ගිහාම අපේ කට හඩ හිනාව දොන්කරා දෙනවා වගේ 22 මතකද...?? මතකයන් එහෙමම දොන්කරයත් එක්ක වැළලිලා ගිහිල්ලා.

ජීවිතේ එහෙමයි කියලා හිතා හදා ගන්න හැමදාමත් මම උත්සහා කරා තාමත් කරනවා එත් එක හරියට සන්තුවරයෙක් කියන හැගීමක් මට එනවා. දුක දුකක් ඇතුලෙම විදවන්නේ නැතුව විදවන්නේ නැතුව දුක දුකක් හැටියට ජීවත්වෙන්න පුළුවන්නන් මට පුළුවන් උනොත්. ඒ කොහොම වෙතත් ඔයාට ආදරේ කරපු මම එදා හිටියට වඩා ගොඩක් ඈතට ගිහින් අදුරගන්න හොයා ගන්නත් බැරි තරම් මට මාවවත්. 

ඒ දුරස්ථ බව අද මට තනිකමක් ඇතුලේ මිහිරක් බවට පත්වෙනවා. තාමත් පුරුද්දට වගේ නිට්ටබුව පැත්තේ යනකොට ඔයාව මට මුණගැහෙයිද කියලත් හිතෙනවා එත් වැඩක් නෑ අපි කියත් මොනවා කතා කරන්නද?? 

මම ගෙදර ගිහින් A 4 පිටුපුරවල පන්සලකින් ඔයාගේ රුපය අදින්න උත්සහ කරා ඒ ඇදපු කිසි රුපයක් ඔයාගේ රුපයට සමාන උනේ නෑ
එත් මම දැනුත් එහෙම හිතලා හිත හදා ගන්නවා කියලා. 

ඇස රැදුන ඇස රැදුන තැන්වල මුව මඩල හිනා හුනා.  

මට ඔයාව හමුවෙන්න දකින්න කලින් මම හිටියේ සුලක් වගේ සැහැල්ලුවෙන් ඔයාව දකින්න දකින්න ඔයා මාව ආදරවන්තයෙක් කරා.

ඔයාටයි මටයි මේ භාවයේ හමුවෙන්න බැරි උනත් මතු බවයකදී හරි මම මගේම කර ගන්න මම නං හිතන්නෙවත් නැ හැබැයි ගෙවී ගියා කාලය පුරාවටම මම හිතින් ඇඩුවා.

සමහර දවස් වලදී මම ඔයා එක්ක හිනා මැවුව ජීවිතෙන් යන්න හිතෙනවා. සොරි වැරදුනා මම විතරක් හීන මැවුව හැබැයි එහෙම හිනා මැවුව හැම වතාවකදීම මට හිතිලා තියනවා. අපේ පන්තියේදී පිටිපස්ස හැරිලා ඔයා  දැන් කතා කරයි දැන් කතා කරයි කියලා.  ඇත්තටම ඔයාව මට ඇත්තටම මුණ ගැහුනොත් මේවා කියවලා බලලා මොනවා අහයිද?? ඔයා මට බනි නේද ?? කමක් නෑ ඇතිවෙනකන් බනින්න එත් කවදා හරි දෙයක් තෙරුන් ගන්න පොඩි හරි තෙතමනයක් තියන හදවතකින් මේ ලියලා තියන බ්ලොග් එක කියවන්න. 

අද දවස මගේ ජීවිතේට විශේෂත්වයක් ගෙනාවා ඒ හැමදාම හිත යට දුකින් හැංගිලා තිබුන මේ ආදරය මේ මුහුදට විසිකරන ගමන් කතා කරන්න පුළුවන් වීම ගැන සමහර විට ඔයා එලියට ගිහින් අහස දිහා බලල මට පෙන තරුකැට ඔයාටත් පේනවද බලනවා ඇති. දැන්ම සුසුමින්  හිත පුරවා ගන්න එපා. මම බොරුවක් කිව්වේ. කොහොම උනත් අයෙත් දවසක් එලිය වැටෙද්දී අපි දෙන්න අතීතයේ සිහිවටනයක්ම විය යුතුයි.
බොරුවට අඩනවා නේද ...?? ඔය උරහිසෙන් කදුළු පිහ ගන්න මම ගිහින් එන්නන්. ආඅ අමතක උනා කියන්න ආව කාරණේ සුභ උපන්දිනයක් වේවා!!! ඔය වචන තුන කියන්න ඇවිත් මෙච්චර කතාවක් කිව්වේ හිතේ තිබ්බ ආදරේ වචනයක් කරා විතරයි. පරිස්සමින් ඉන්න.  ගිහින් එන්නන්. 

4 comments:

  1. හ්ම්ම් :((

    ReplyDelete
    Replies
    1. කියොන් එන්නම් ඈ කමෙන්ට් එක දාන්න ගියේ වෙන එකකට හයියු

      Delete
    2. හැඟීම් බරව ලියාගෙන ගිහින්... මොකක්ද කියන්නේ කියලා තේරෙන්නේ නෑ, ඒත් එයාට මේ ලිපිය කවදා හෝ ඇස ගැටෙනවනම් කියලා හිතුණා.

      (අකුරු ගොඩක් වැරදි දැක්කා ,, ඒත් මේ වගේ ලිපියක ඒ වගේ දේවල් හදන්න ආයේ ඔයා කියවන්න එපා මේක, ඔයාට තවත් දුක හිතෙයි)

      Delete
    3. ඇතිවෙනකන් බනින්න එත් කවදා හරි දෙයක් තෙරුන් ගන්න පොඩි හරි තෙතමනයක් තියන හදවතකින් මේ ලියලා තියන බ්ලොග් එක කියවන්න.

      එයාට මෙච්චර ලොකු ආදරයක් තේරුම් ගන්න බෑ ආදරය ලස්සනට , මුදලට විකිනෙනවා මගේ නෙමේ එයාගේ.

      ඇත්තටම ඔයා හරි හිතට ආවට ඔහේ ගහගෙන ගහගෙන ගියා. ගොඩක් හොද සිංහල දැනුමක් නැතත් වැරැද්ද කියන්න කැමති ආයේ ලියනකොට එකත් නිවැරදි කරගෙන යන්න.

      Delete