loku ptha

loku ptha

Wednesday, January 13, 2016

ඇරඹුමම කඳුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා ආ තුරක් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා

මගේ ඈස් මටත් හොරෙන් මොනවද හොයමින් ඉන්නවා.
මම මොනවද හොයමින් ඉන්නේ. මම මටත් වඩා ආදරේ කරපු ඔයාවද??
මට හම්බුනා දින පොතක් යාළුවෙක්ගෙන් එයාගේ ප්රෙමවන්තියට දෙන්න කියලා. එයා ඒ පොත ගෙනත් දුන්නේ තාවමත් ආදරේ ඒ ඇස් වල පුරෝගන. මම ඒ දින කියෙව්වා. ඒ පොතේ එක පිටුවක මෙන්න මෙහෙම ලියලා තිබ්බ. "මම දන්නේ නැ ලියන්නේ ඇයි කියලා " සිත හොදටම අසනීප වෙලා වගේ දන්නෙම නැති වුනත් කදුළු කැට ඇස බොද කරන්න ඇවිත් ඇස් වලට. මම කියවද්දී මට මතක් උනේ ඔයාව හරියට ඔයා හිනා වේගෙන මන් දිහා බලාගෙන ඉන්නවා වගේ මන් මහා පව් කාරයෙක්  සමනලයෙක් වගේ තිබ්බ පුංචි හිත මන් ආදරේ කියලා අසරණ කරලා දැම්මා. මන් කොහොමද මටම සමාව දෙන්නේ.

ඒ අහිංසක මුළු ලෝකෙම ගොඩ නැගිලා තිබ්බේ සිහින කුමාරයෙක් වගේ. සිහින කුමාරයෙක් උනත් කුමාරයෝ තරන්වත් ලස්සන නැති මම ඇයි මෙහෙම කරලා ඔයාට දුකක් දුන්නේ. හ්ම්ම්....  ඉතින් මන්  ඇයි ඒ කුරුළු පැටියාව තවත් හඩවන්නේ..

දැන් මගේ හිත හොදටම රිදිලා ඉරිතලා හරියට මගේ අතපය පවා වැඩ කරන්නේ නැ වගේ

අනේ මට අපහු කතා කරලා ආදරේ කියලා යන්න. නැත්තන් මේ පිස්සා මැරිලා යැයි.

මම දින පොත කියවන එක නැවැත්තුව. මම සිහිපත් කරේ ආදරේ ගැන ඔයා කියපුවා..

මට මතකයි ඉස්සර ගම්පහ ගාඩර් එක ලගදි ඔයාව හම්බෙලා කතා කරනවා. ඔයාටනන් ඒ ගැන පුංචිම මතකයක්වත් නැතුව ඇති.. එත් අමාරුවෙන් හරි පොඩ්ඩක් මතක් කරලා බලන්න..

මේක ලොකු රහසක් ඔයා කාටවත් කියන්න එපා.. හරි ජොලි නේ දැන් හොරා වගේ හිනා වෙන්නේ.
එත් ඇත්තටම මට ඔයා එක්ක කියන්නේ කතා කරන්නේ මොකද්ද කියලා හොයන්න වුනා

එක දවසක් මට ඔයාට මොනවා හරි දෙන්න ඕන වුනා. ඒත් ඔයා හැම වෙලේම එක ප්‍රතික්ෂේප කරා..... ඔයාගේ ආදරේ විතරක් ඉල්ලුවා හ්ම්ම්ම්....

සිහින කොච්චර ලස්සන උනත් එක හරියට පෙනිලා නොපෙනිලා යන දේදුන්න වගේ සිහින ගැන වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා. ඒවා බොද වෙලා යනවකොට හිතට දුක වැඩි මේක ලියලා හොදටම ඇඩුවා කියලා ඔයා දන්නවද?? මොකද බිම බලා ගත්තේ දුක හිතන්න එපා මන් එකට කැමති නැ. අපේ  ආදරෙත් දැන් දැන් කදුළු නැති ප්‍රේමයක වගේ. හදවත වේලිලා ඉරිතලල ඇස වල කදුලුත් එන්නේ ලේ පාටට....

හිතේ දුක නැතිකර ගන්න ආදර ගීයකට වඩා දුක් ගීයකින් කොච්චර පුලුවන්ද??
ඔයා දිහා බලන හැම තත්පරෙකම මගේ දැසම කදුළු හෙළුව හදවත කීරි ගැහුනත් සෙනෙහසට නෙත් රතු වෙයි නොදැනීම නැවතත් මට ඔබ දැක ගන්නට තවත් බොහෝකල් ඉන්නට සිදුවෙනු ඇත...  

බොහොම කාලෙකට ඉස්සරදි මම ලිව්වා නිසදැසක් කියවද්දී මට ඇඩුනා මට හිතුනා ඔබ තරං මව තේරුම් ගත්ත මගේ හිතේ අහු මුළු වලට පවා යන්න පුළුවන්  කෙනෙක් මට කිසි දා හමු වී නැති බවයි. මගේ දුකේදී මගේ සතුටේදී ඔයා මාව ලගට අරන් කියපු හැම වචනයක්ම හරි වටිනවා

 මෙහෙම ලියලා තිබ්බ පිටුව කියවද්දී මට ඇඩුනා. සමහරු ජීවිතේට ඇවිත් නොකියම යන්න යනවා තවත් සමහරු අපේ ජීවිතේට ලොකු ලොකු අඩි තියලා යන්න යනවා.



එත් මේ දින පොත දුන්න සහෝදරයාගේ ආදරයත් අතීතයේ වැළලිලා ගිහින් ඇති..

සිනමා හලකට වෙලා ඔහු චිත්‍රපටයක් නරබමින් ඉන්නවා එතකොටම ඇය එනවා වෙනත් පෙම්වතෙක් සමග පේලියක් ඉස්සරහින් ඉදං චිත්‍රපටය බලනවා යද්දී ඇය අහනවා " ආආ.. ඔයා තනියමද ආවේ" කියලා ඔහු හිනා වෙලා යන්න යනවා. ඔහුගේ හිත මට දැනෙනවා හරියට ඔයා මාව ඇත ඇරියා දවස වගේ මට ඔයාට ආදරේ කරන්න බෑ කිව්වා දවස වගේ මට දැනෙනවා. ඔහුත් එක්ක ආදරෙන් හිටපු ඔහුව ආදරේ කරලා අත ඇරලා ගියපු ඇයගේ නම මට කිව්වා ඇයගේ නම .........

මම දන්නවා ඔයා මේ සේරම දිහා බලන් ඉන්නවා ඉකිබිදමින් මේක කියවනවා කියලා මම දන්නවා. හ්ම්ම්.... අඩන්න එපා මම කැමති නැ ඒකට. අපි දෙන්නට අයෙත් දවසක මුණ ගැහිලා මුණ ගැහිලා ගෙවී ගියා අතීතය වෙනුවෙන් අඩන්නත් පුළුවන් මුනෙන් මුණ බලාගෙන හැබැයි මගේ ෆොටෝ එකට කදුළු එන්නේ නැ.. ඔයාගේ කදුළු වලින් තෙමන්නත් එපා ඔය ෆොටෝ එක පිච්චුනොත් ඔයාට ආයේ දකින්නවත් බලන්නවත් ෆොටෝ එකක් නැති වෙයි. ජීවමානව ඉන්නද්දී ගත්තට ෆොටෝ අජීවී වස්තු වල ෆොටෝ ගන්න තරං අපේ රට දියුණු වෙලා නැ තාමත්.....

10 comments:

  1. මුලින්ම මතක් උනේ ගජිනි ෆිල්ම් එක ඊට පස්සේ.. දිල් චහතා හේ ෆිලුම් එක.. ආදරය ඉවසන්න අමාරු බෑගිරි ගහල අඩන හැගිමක් දිනාගන්නකං..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කතාව මං පිලිගන්නවා සහෝදරයා...

      Delete
    2. ඔව් ඒ කතාව මං පිලිගන්නවා සහෝදරයා...

      Delete
  2. ඇති යංතං එකක් දාල , ඒ කියුවට මාත් එහෙමයි

    ReplyDelete
    Replies
    1. ලොකු son වයි ලොකු පුතාවයි පටලවං හිටියා මං කාලයක් , කමියා තමයි අවුල ලෙහුවේ

      Delete
    2. වෙලාවක් නැ අයියේ ජීවිතේට පන දෙන්න අපි නැහෙනවා අන්තිමට කරපු දේකුත් නැ. තුන්කූ අදහසට

      Delete
    3. වෙලාවක් නැ අයියේ ජීවිතේට පන දෙන්න අපි නැහෙනවා අන්තිමට කරපු දේකුත් නැ. තුන්කූ අදහසට

      Delete
  3. Replies
    1. Thank you බස්සියෝ ල‍ොකුපුතාට ලොකු හයියක්

      Delete
    2. Thank you බස්සියෝ ල‍ොකුපුතාට ලොකු හයියක්

      Delete