loku ptha

loku ptha

Thursday, July 4, 2019

පුංචියෙක් බාප්පෙක් වෙන්න යන බව

මම කලින් බාප්පෙක් වෙලා තිබුනට 
මගේ පෙම්වතියගේ අක්කගේ බබා හම්බෙන්න ඉන්නකොට හදිසියේ එයා අපෙන් සමුගන්නවා 
ඒක එදා මට දැනුන දුක මම නැති කර ගන්න ගලපපු වචන ටිකක් මම මගේ බ්ලොග් එකේ කෙටුවා 

කියවන්නකෝ...❤

පුංචියෙක් බාප්පෙක් 
වෙන්න යන බව කිව්වම 
මට කෝල් කරලා 
ආවා නේ ලොකු සන්තෝෂයක් 
සාඟරේටත් වඩා දැනිලා
කන්න ආසයි කොස් කිව්වම 
ගහක තිබු කොස් සේරම කඩලා 
ගෙනත් දුන්නේ උබේ අම්මට ඇති පදම් 
කොස් කන්න කියලා 


ඔහොම යනකොට 
හීන මව මව මමයි පුංචියි 
ඇගිලි ගැන්නා 
උබ ආව දවසට බලා ගන්නේ 
කොහොම කියලා 
මාස දෙක තුන කුසේ ඉද්දිත්
අපි හිටියෙ උඹ මත්තෙ නැහිලා..
ආව දවසට උබත් එක්කන් කරන සෙල්ලන් 
මෙහෙම කියලා 
හිනාහුනා පුතේ උබේ පුන්චිත් 
සතුටු කදුලින් ඇස් දෙකම පෙගිලා 

නස් කිව්වලු බිත්තේ ගහනට  
උබ වගේ ලස්සන ෆොටෝ එක 
ගෙනත් කියලා.. 
ගෙනත් දුන්නේ පුංචි අම්මට 
උබේ අම්මට දෙන්න කියලා..
කව්රුවත් එය නොගසා දුන් තැන 
මමම එය බිත්තියේ ගහලා 
හිතින් හිතුවා පුංචි එක්කම 
උබත් මේ වගේ වෙන්න කියලා

දිනෙන් දින ඔහොම යනකොට 
උබ එන්න දින ලගයි හිතලා 
හිතින් මැවුවේ කරන සෙල්ලන් 
උබත් එක්කලා දුවලා පැනලා 
ඒත් එක මහා අදුරු රැකදී 
උබේ පුංචි අම්මා කෝල් කරලා 
අනේ අයියේ නැති වුනා පුතු 
අපේ අක්කගේ බඩෙන් පැනලා 

ආව පිම්මේ මතක නෑ මට 
වාහනේ මන් අවේ කියලා 
මහා හයියෙන් හිතෙන් ඇඩුවා 
උබ මොකද්ද කරේ කියලා 
අහන්නටවත් හිටියේ නෑ 
උබ පුතේ ඇයි මෙහෙම කරුවෙ කියලා 
දෛවයේ සරවම් වෙන්නෑ මේ 
හිතින් හිතලා 
හිත හදා ගත්තා පුතේ 
මන් පුංචි අම්මත් එක්ක අඩලා 

උබේ අප්පට එන්න විදිහක් 
නැතුව එරෝප්පයේ ඉදලා 
උබේ අම්මත් ගොඩක් ඇඩුවා 
කදුළු සලලා 
මෙහෙම වෙන්නැති 
අපිට හිමි නැති උබේ හසරැල් 
හිතින් බලලා 
නිවන් යන්නට පතනු කොහොමද 
නිවන තව දුර ගොඩක් කියලා 
සුබ ගමන් පැතුවා හිතින් මමයි පුංචියි
ගිහින් ආයෙත් වරෙන් කියලා...

සල්ලි වලටම නොහැකි හැම දේ කරන්නට පසක් කරවා 
දුන්නා පුතුනේ ලෝක ධර්මය මතක් 
කරලා 




1 comment: