loku ptha

loku ptha

Monday, October 21, 2013

මම යම් තැනක ඉන්නවනං ඒ ඔයා මගේ හිත උඩින් තියල ගිය වේදනාව නිසා මගේ හිතේ උපන් ධෛර්ය නිසයි.අමතක කරන්න එපා පරණ දේවල් ආයෙමත් විවෘතව කතා කරන්න පුළුවන් ජීවිතේ අවන්කවම ආදරේ කරපු අයට විතරක්ම පමණක් බව.

21 October 2013 at 21:21

ජීවිතෙ ජීවිතෙ තිත්ත වෙලා ඉන්න මොහොතක කවුරු හරි එයි කියලා මග බලන් ඉන්න මොහොතක බොන්න ගත්ත තේ එක සීතල වෙලා ඇල් වෙලා කූබිත් වහලා ඉන්නකොට ජනේලේ එන සීතල හුලග ඇගේ වැදිලා කොහේ හරි යං කියලා කියනකොට වෙලෙන් එන හුලග ඇගෙ වැදි වැදි යනකොට මුලු පරිසරයටම මොකද්ද කියන්න හදනකොට තට්ට තනියම ඉන්න මට ඔයාව සිහි නොවි තියෙන්නෙ කොහොමද???එතකොට මම දුවගෙන යනවා. අතීතයට යාන්තමට වගේ පරණ වීගෙන යන ඒ අතීතය යාන්තමට වගේ පරණ වෙලා යන ඒ මතකයන් මට ආයෙත් සිහි වෙනවා.

මම ඉන්නවා ගුවන් පාලම උඩ හැමෝම එක එක වැඩ වලට කුබියෝ වගේ එහෙ මෙහෙ දුවනවා.

මම නිකන් යෝධයෙක් වගේ ඉන්න තැනක ඉදන් මන් දිහා බලලා හිනා වෙන්න එපා. මට ඔය හිනාව පෙන්නේ නැනේ
මම එහෙම කිව්වම ඇස වල කදුළු පුරවා ගන්න එපා. ඇත්තම කියනවනං මම ආසම කරන දේ තමා ඔයා මේ ලෝකේ කොහේ ජීවත් උනත් සතුටින් ජීවත් වෙන එක අමාරුවේ වැටෙන්නේ නැතුව.

සමහර විට මට ඔයාව මේ ජීවත් වෙන කාලය පුරාවට දකින්න ලැබෙන එකක් නැ ඒ හින්ද මම මගේ ඇස් දෙකේ තියාගෙන ඉන්නේ ඔයාව අන්තිමට දැක්ක රුපය ඒ විදිහටම තියාගෙන ඉන්නවා.

මම ඉස්සර කවදාවත් හිතුවේ නැ මට පෙම්වතෙක් වෙන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම පලවෙනි පාරටම මට ආදරේ කරන්න හිතුනේ ඔයාට නෙමේ දිලුනි කියලා 10 වසරේ හිටපු කෙල්ලෙක්ට ඒත් එයාට මගේ හොදම යාළුවා ආදරේ කරා හ්ම්ම්ම්ම්ම්ම්............

මගේ යාළුවා මගෙන් ඇහුවා

" මලියෝ කවද හරි දවසක උබ ආදරේ කරනවානං මොන වගේ රුපෙකටද ආදරේ කරන්නේ"කියලා

මගෙන් ඇහුවා ඒත් මට ඒක මගේ යාලුවට කියන්න බැරී වුනා මොකද මම ආදරේ කරන රූපෙටම එයත් ආදරේ කරපු නිසා........ මම හිත නිහඩ කර ගත්තා ඊට පස්සේ තමා ඔයා ආවේ හිතට කොහෙද මන්ද ඉදලා ඒ අලුත් යාලුවෝ ටිකක් අලුත් ලෝකයක් එක්ක



දවසක් භූ ගෝලය පංතියට නිප්පා ඇවිත් මට කිව්වා ඔයාලා ගැන facebook ඉන්නවා. මම සතුට වැඩි කමට නිප්පව බදා ගත්තා නිප්පත් ඇහුවා
"මොකෝ මලියෝ උනේ" කියලා

මම " මුකුත් නැ බං "

දවසක් ඔයා යනකොට මන් අපි දිහා බලලා හිනා වුනා. නිප්පා මට ඔච්චන් කරා ඉස්සර මම ඔයා එනකන් කියලා නිප්පා එක්ක ගුවන් පාලම උඩ ට වෙලා බලගෙන උන්නා ඔයා එන්නේ බිම බලාගෙන මම photo එකක් ගහලා facebook දැම්මා ඔයාට මතකද???

ඔයාට දෙන්න කියලා ලිව්මක් ලිව්වා එතකොට මට ලියුම් තියා එක කවි පද වැලක් ලියන්න බෑ. ඔයා ඒක කියවලා මට ගොඩක් හිනා වෙලා තිබ්බා. මම තරහා නෑ. ඔයාගේ යාලුවෝ ඔක්කොම මට හිනා වෙලා තිබ්බා. මාව නිකන්ම නිකමෙක් වෙලා. ඔයාට අදටත් මතක ඇති ඒකේ ලියලා තිබ්බ ඒවා...

මට ලාවට මතකයි තාරුකා facebook ඇවිත් මට නොසැහෙන්න බැන්නා එතකොට මම තාරුකාව දැකලා තිබ්බේ නැ දන්නෙත් නෑ බැනලා බැනලා නතර කරාම

මම තරුකාගෙන් ඇහුවා "ඉවරද කියලා???"

තාරුකා "ඔව් ඇයි තමුසෙට පිස්සුද ඕයි ඇත්තටම" කියලා ආයේ බනින්ඩ පටන් ගත්තා පපුවේ කොහෙවත් ලේ නහරයක් නැති ගානට

ඒවා ඔක්කොම මම save කරලා තියා ගත්තා ඇයි කියලා අහන්න එපා දවසක මම ඒවා ආයේ බලනවා මොකද වර්තමානයට වඩා මම ගොඩක් කැමති අතීතයට කටුක දුක වැඩි පුර තිබ්බාත් ඒ හැමදේකම ඔයාත් ඉන්න හින්දා....

ඔයා මාත් එක්ක කතා කරලා ගියා දවසේ මම ගෙදර ඇවිත් ගොඩක් ඇඩුවා එදා මට හැමදෙයක්ම එපා වුනා ඒ දුක තාමත් මගේ හිත ඇතුලේ දොංකාර දෙනවා

හෙමිහිට....

මට තාමත් අඩන්න හිතෙනවා කෑ ගහලා ඔයා සමහර විට තාමත් දන්නේ නැතුව ඇති මම ඔයාගේ ආදරේ වෙනුවෙන් ගොඩක් අඩපු විත්තිය

ගොඩාක් දුක් වින්ද මම ඒ දුකම ජීවිතයට වටිනාකමක් දෙන්න යොදා ගත්තා අද මම යම් තැනක ඉන්නවනං ඒ ඔයා මගේ හිත උඩින් තියල ගිය වේදනාව නිසා මගේ හිතේ උපන් ධෛර්ය නිසයි. සමහර විට මේ ඇත්ත අහනකොට ඔයාට ගොඩක් දුක හිතෙයි නැත්තං සතුටක් දැනෙයි. ඔයා හින්දා මගේ ජීවිතේට අහිමි උන දේවල් මොනවද??? හිමි උන දේවල් මොනාද??? අහිමි උනාට වඩා හිමි උන කියලා හිත කියනවා ඒත් ඒවත් එක්ක ඔයත් උන්නනන් ගොඩක් සන්තෝසයි කියලා හිත කියනවා

අද මම කෝච්චියේ එනකොට ඉස්සරහ හිටපු කෙනාගේ ඇස් දිහා බැලුවා ඒ ඇස් වල කිසිම හැගීමක් තිබුනේ නෑ ඒත් ඒ ඇස් මොකද්ද වේදනාවකට දිය වුන කදුළු පිරිලා තිබුනා සමහරු හිතවා ආදරේ ඉක්මනට ලස්සනට ලියන්න පුළුවන් කියලා ඒත් කොහොමද තවත් කෙනෙක්ගේ ආදරයක් කොලේක ලියන්න එදත් කාටවත් පෙනුන නෑ අදත් කාටවත් පෙනුනේ නෑ මොකද මම ඒ ආදරේ පෙන්නනේ නැති හින්දා ඒක හැමෝටම පෙන්න මෙහෙම ලිව්වා.


ඔයා ලග හිටියානන් මගේ මුණ දිහා බලයි ඔයා දන්නේ නැති උනාට මේ හැමදේම ලිය වෙන්නේ කියා වෙන්නේ ඔයා මතක් වෙනකොට මට ඕනේ උනේ ඔයා හිතනවා වගේ හොද තැනකට එන්න. ඒත් ඔයත් හිතුවේ නෑ මම අද මේ සමාජේ ඇතුලේ වැදගත් තැනක ඉදිවී ඇත්තටම ඇත්තක් මම අද මමත් හිතුවට වඩා හොද තැනක ඉන්නවා. ඔයත් කවදාවත් හිතන්න නැතුව ඇති.

ඔයා එදා හිතන්න ඇති මේ සංසාරේ ආයේ මාව මුණගැහෙන්නවත් එපා කියලා

කොහොම උනත් අපි දෙන්න ආයේ මුණ ගැහෙන්නේ නැති වෙයි ඒ කොහොම උනත් කවදා හරි ඔයාට එකම එක වතාවක් මාව මුණ ගැහෙන්න ඕනේ කියලා හිතුනොත් මම මග බලන් ඉන්නවා කවදා හරි....

අමතක කරන්න එපා පරණ දේවල් ආයෙමත් විවෘතව කතා කරන්න පුළුවන් ජීවිතේ අවන්කවම ආදරේ කරපු අයට විතරක්ම පමණක් බව

2 comments:

  1. අම්මෝ ලොකු පුතා.... කතාවෙ වේගෙ වැඩිකමට සමහර තැන් වල නැවතීමේ තිත් නෑ... සමහර වචන වල අකුරු වැරදියි.... මලේ.. ලස්සන නිර්මානයක් බිහි වෙන්නෙ හිතට එන ආවේගයන් ඒ විදියටම ලියුවම නෙමෙයි... ඒක බොහොම ඉවසීමෙන් හදවතින් කපල කොටල ඔප මට්ටම් කරල ලිවුවම.... ඔයාගෙ මේ කතාවට මට ඉස්සරත් ගොඩක් දුක හිතුන... අදත් මට ඒ දුක ඒ විදියටම දැනෙනව... ඒත් මල්ලි.... ඔයා තව ටිකක් ඉවසීමෙන් තව ටිකක් පැහැදිලිව ලිවුව නම් මේ සිද්ධිය දන්න මට මේක වැදුනට වඩා හොඳට වදින්න ලියන්න පුලුවන්.....

    ජීව්තේ වෙන මොකක් හරි දෙයක් ගැන බලාපොරොතුවක් තියාගන මල්ලි.. ඒක මීට වඩා ඔයාව සතුටින් තියන්න හේතු වෙයි..

    ReplyDelete
  2. එල අනිවා අද හදලා දැන්නං thankuuuuuuuuuuu

    ReplyDelete