loku ptha

loku ptha

Saturday, June 21, 2014

ඉන්නකොට පේනකොට අගයක් නොදැනෙන හිස් තැනක් මැද්දේ අපි එකට කිව්වේ ජීවිතය කියලා

                 අතීතය වගේම වර්තමානෙත් මන් ගැන මටම කල කිරෙනවා ජීවිතේ ගැන සතුටෙන් හිතන්න හදනකොටම කොහේදෝ ඉදන් කල කිරීමක් හිතට එනවා කණගාටුවක්. මම ඒ කනගාටුවත් එක්ක අතීතය සැරිසරනවා. එහෙම අතීතෙට යද්දී එක තැනක මන් නතර වෙනවා. ඔයා මට හිනා වෙනවා මගේ ඇස් වලින් පල යන්න හදනවා ඔයා හිනා වෙනවා. දවසක් මන් ඔයාගේ ෆොටෝ එකක් හොරෙන් ප්‍රින්ට් කරලා. ලග තියා ගත්තා පස්සේ ඒ ෆොටෝ ඔක්කොම ගම්පහ සරසවිය උඩදී ඔයාට දීලා මන් සරසවියෙන් එන්න ආවා.

දැන් ඔයාට හිතෙයි මට සමාවෙන්න කියන්න ඒත් දැන් සමාව අරං මොනවා කරන්නද ඒ හැමදෙයක්ම වෙලා හුගක් කල් අදටත් මගේ හිතේ ඇදිච්ච ඔයාගේ රුපයක් නිසා පින්තුරයක් මං ලග නැ. එහෙම උනයි කියලා කවදාවත් මන් ඔයාව අමතක කරේ නැ හැබැයි මන් තෙරුන්ගත්තා. මන් තෙරුන් ගත්තා. ඔයා කවදාවත් මට ආදරේ නොකළ බව ඔයාගේ අවශ්‍යතා වලට විතරක් මාව ලගින් තියා ගන්න උවමනා කර බව එත් ඔයා ජීවිතේ කවදාවත් අමතක කරන්න එපා මන් ඔයාට ආදරේ කල බව මන් ඔයාට හැමදාමත් ආදරේ කල බව අදටත් මන් ඔයාව නිරන්තරයෙන් මතක් කරනවා.
ජීවිතයක් වෙනස් කරන්න පුළුවන් මොහොතවල් උදාවෙන්නේ කියන්නෙත් නැතුව මන් ඔයාව පංතියකදී මුණ ගැහුන දවසේ තමා මගේ ජීවිතේ වෙනස් වුනේ. මගේ හිත ආදරයක් වෙනුවෙන් ඉඩක් ඉල්ලුවේ
හැමදාම මන් හිතුවේ මන් ආදරේ කරන්න ඕනේ හිනා වෙනකොට මුණ වල ගැහුනා හිනා වෙන ඇස් දෙකක් තියන කෙනෙක්ට කියලා ඒ හැමදෙයක්ම ඔය ලග තිබ්බා
එකපාරට එක දවසක් අපි හිටිය පන්තියට හිකි හිකි ගා ගා කෙල්ලෝ තුන්දෙනෙක් කඩාගෙන පාත් වුනා. එක්කෙනෙක් දිල්හානි අනිත් කෙනා දුහානි අනිත් කෙනා තමා ඔයා

පන්තියේ එක එක පාඩමෙන් පාඩම උගන්නනකොට ඔයාගේ ඇස් මාව හින ලෝකෙකට එක්කගෙන ගියා.
මන් ලොකු හීන ගොඩක් දැක්කා එත් ඒ එකම හීනේ ඔයා සතියකට දවසක් ගානේ ඔයාව මට අවුරුද්දක් දෙකක් පුරාවටම මුණ ගැහුනාඅපි හැමදාම ආවේ එකම පන්තියට නිසා නිතර නිතර මුණ ගැහෙන්න පුළුවන් වුනා. ඔයා ඉතිහාසේ පන්ති ඉවර වෙන වෙලාවල් ඔයාගෙ යාලුවගෙන් අහගෙන හැමෝටම හොරෙන් පංති ඉවර වෙලා යනවා බලන් හිටියා අදටත් මං එක නොකියපු කතාවක්.එක කව්රුත්ම දන්නේනැති කතාවක්
ඇත්තටම මන් දැන් නින්දක් නැතුව තුන්තිස් පැයේම වැඩ කරනවා කරා ඒ හැමදේම ඔයාව හිතෙන් අයින්ම කරලා දන්නා කියලා එත් තාමත් ඒක කර ගන්න බැරි උනා ඒත් එක දවසක් ඔයා මාව මුහුණු පොතෙනුත් අයින් කරලා තිබ්බා මට ගොඩක් දුක හිතුනා මන් ඔයාව block කරලා දැම්මා.
මටත් ඕන වුනේ ඇස් රිදෙන හිත රිද්දන ඇගේ රූපේ මගේ ඉස්සරහ නිතර නිතර පෙන එක නවත්ත ගන්නයි එත් හිත ඇතුලෙන් ආදරේ හඩා වැටේවි
අද රෑ පායලා තියන තරු දාහක් මැද්දේ මම හැමදාම දැකපු තරුවක් වෙලා තනි තරුවක් වෙලා හිත රිදුනත් යන්න කලේ ඇවිත් සමහර වෙලාවට මන් ගියාට පස්සේ ඔයාට පුළුවන් මේක බලලා හිත රිදුනේ නෑ වගේ හිනා වෙන්න
මන් එච්චර නපුරු නෑ ඔයාට හිතෙයි එහෙම එත් මම කවදාවත් කියලා නෑ ඔයා නපුරු නෑ කියලා කොහොම උනත් වෙන් වෙන්න කලේ ආවම වෙන් වෙන්න වෙනවා එත් මන් අද වෙන් වෙන්නේ එදා වගේ කදුලකින් සුසුමකින්වත් හිත රිද්ද ගන්නේ නැතුව
ඉන්නකොට පේනකොට අගයක් නොදැනෙන හිස් තැනක් මැද්දේ අපි එකට කිව්වේ ජීවිතය කියලා


1 comment:

  1. අකුරු ටිකක් ලොකු කරපංකෝ මචෝ...

    ReplyDelete