loku ptha

loku ptha

Wednesday, July 20, 2016

මගෙන් පලි ගන්න හැදුවා හා සමානයි.

සමහර දේවල් මට වුනත් දාල යන්න වෙනවා කියලා මට හිතෙනවා. ඒ වෙලාවට මට ඔයාව මට මතක් වෙනවා. ඇස් වලට එන කදුළු කැට ඔහේ හේදිලා බිමට වැටෙද්දී ඔයාගේ රූපේ චයාවක් වෙලා නොපෙනී යනවා. මතකද ඔයා නොසැහෙන්න බැනපු දවස එදා මට හිතුනේ එහෙම 

එත් එදා නෙමේ අද වෙද්දී හැමදේම ගොඩක් වෙනස් වෙලා ගණන් වල තිබ්බ ම පො සා කු පො ගු වලට දෙකේ ඉලක්කම නැතුවම බෑ වගේ මට ඔයාව නැතුවම බැරි වෙලා.

අද මට ඔය ඉන්නවා ඔයාට මම ඉන්නවා. ඔයා මගෙන් අහනවා ඔයා අයියේ මට ඇත්තටම ආදරේද කියලා මම එකපාරට නෑ කිව්වම ඔය ඇස් දෙකට කදුළු එනවා මම එච්චර ගොඩක් ආදරේ කරන ඔය ඇස් දෙකට කදුළු ඇවිල්ලා කැත කරනකොට මම ඒ වෙලාවට කියනවා මම ඔයාට විහිළුවක් කරේ කියලා. එතකොට මාව කොනිත්තලා. ඔයා අහනවා මගෙන් ආදරේට ඔච්චර රිද්දන්න පුලුවන්ද කියලා. මම ආස කරේ නෑ ඔය ඇස් වල කදුළු දකින්න. ඒක තමයි ඇත්ත.

මන් මගේ කාර් එකට වෙලා විදුවෙන් එහා ඇහෙන කන්කරච්චලයක් නැති වාහන අස්සෙන් ආයුර්වේද ගේට්ටුවෙන් ඔයා එනවද කියලා බැලුවේ. ඔයා මට ආදරේ කියලා කිව්වට පස්සේ හමුවන පලවෙනි හමුවීම 2015.05.27 ඔයාට මතකද??? මගේ පපුවත් දැඩි බිඩි ගාල ගැහෙනකොට සයිට් මිරර්  එකෙන් ඔයා ටික ටික මැවෙන්න ගන්නවා. 

කොන්ඩේ දෙකට බෙදලා ලස්සනට ගොතලා කෝල් එකක් දීලා මගෙන් අහනවා අයියේ ඔයා ඇවිල්ලද ඉන්නේ කියලා. මන් නෑ කිව්වම හරි කමක් නෑ මම යන්නන් කියලා ෆෝන් එක කට් කරන්න හදද්දී මම ඇවිල්ල ඉන්නේ ඔයා ඔය ඉස්සර තියන ලම්බෝගිනිය වගේ පෙන කාර් එකට නගින්න කියලා. ඇයි ඔයාට ඔච්චර තරහ යන්නේ???

මම හැමදාම දකින මුණු මැද්දේ හැමදාම දකින ඇස් මැද්දේ මට එක මොහොතකදී එක තත්පර ගනකදී මට ඔයාව නොදක ඉන්න බැරි තරං හේතුවක් නැතත් හේතුවක් හදන් ඔයාව දකින්න මට ඕනේ වුනා.

මතකද ඔයාට උපන්දිනේ දවස එක ඔයාට අමතක නොවන සිහිවටනයක් දුන්නා. ඔයා මට එකට නොසේහෙන්න බැන්නා. කේන්තියට. ඒ බැනලා ටික වෙලාවකින් මම ආව හයිවේ බස් එක අනතුරකට ලක් වුනා. මට හරියටම චිත්‍රපටියක් වගේ සමහර විට අපි ඔක්කොම මැරෙන්නත් ඉඩ තිබ්බා. මට මතක් වුනේ එහෙම වුනානන්  ඔයා තනිවෙයි කියන හැගීම විතරයි. ඔයා ඉල්ලුවේ ඔයාට තනියම ඉන්න දෙන්න කියලා විතරයි. දෙවියෝ ඔයාගේ ඉල්ලීම දෙන්න හැදුවද කියලත් පස්සේ කල්පනා කරද්දී මට හිතුනා. ඒ දෙවියොත් කැමති නෑ ඔය ඇස් දෙකට කදුළු එනවට ඒ කදුලට මමත් හේතුවක් හින්ද දෙවියොත්
මගෙන් පලි ගන්න හැදුවා හා සමානයි. මට දැන් බෑ ඔයා නැතුව ජීවත් වෙන්න. අවන්කවම කියන්න ඔයාට පුලුවන්ද....???

හ්ම්ම්ම්ම් ඔයාට................. ඇත්තටම මම ආදරේ කියලා ඔයාට දැනෙන්නේ නැද්ද ??????? මට වෙලාවකට එහෙමත් හිතෙනවා. ඔයා හරි එත් මම ඒ කව්රුවත් නෙමේ මගේ ආදරේ ඔයාට තවත් වැඩි වෙනවා මිස පෙනන මානයක අඩුවීමක් නං නෑ.. 

No comments:

Post a Comment