loku ptha

loku ptha

Tuesday, July 26, 2016

විඳවපු ජීවිතේ ම විදින්න පුරුදු කලේ ඔයාගෙ ආදරේ

මම දන්නේ නැති ගොඩක් දේවල් තියනවා. මමත් වැරදි ඇති එත් ඔයා ආවම ජීවිතේට මගෙ හැමදේම හරියාවි කියල හිතනා. එත් මට දැන් තේරෙනවා නෑ යම් යම් දේවල් වැරදිලාද කියලා. ඔයා තාම ඉගන ගද්දි මම ඔයාට හැමවෙලේම වද දෙනවා නේද කියලා. එහෙමත් බෑ මට දවසක් ඉන්න පුළුවන් දෙකකුත් ඉන්නන් එත් ඔයාව නොදැක ඉන්න කතා නොකර ඉන්න බැරි තරං මන් ඔයාට ආදරේ වෙලා.. ඒ ආදරේ ඔයාට වදයක්ද??? කියලා මට හිතෙනවා. සත්තකින්ම මම දන්නේ නැති දෙයක් කොහොමද එහෙම ඉන්නේ කියලා.මම රොබෝ කෙනෙක් වුනා නම් එහෙම ඉන්න තිබ්බා. හැමදේම හරි ගිහින් නෑ කිව්වේ මම ඉවසීම නැතිම වෙලා. ඔයාව දකින්න කතා කරන්න ඔලුව තියන් මගේ මුණ කොටියෙක් වගේ පහුරු ගාව ගන්න. ඇත්තටම ඉවසීම නැති වෙලා. ඒ ආදරේ වැඩිකමට කියලා නිකමට ඉන්න ගමන් මට හිතෙනවා. ඔයාටත් එහෙම හිතෙනවද??

ඉස්සර වගෙ නමේ පිස්සු නටන එක දැන් ටික ටික අඩු වෙලා. අනාගතේ ගැන හිතන්න මට ඉස්සරලම මේ ප්ලෑන් අදින මට ප්ලැන් එකක් ඇදලා දුන්නේ ඔයා ජීවිතේ කව්රුත් ඒ වගේ මාස්ටර් ප්ලෑන් එකක් ඇදලා දීලා නෑ. දුන්නනං දුන්නේ අම්මා තාත්තා විතරයි. මාව මගේ මිනිස්සු ලියලා ඉවර වුන පෑන වගේ අහක දාද්දි ඔයා තමයි. අයියේ අපි දෙන්න මේ වෙද්දී මේ තැනට යමු. යනවා රත්තරන්. අදටත් ඔයා දන්නවා මන් මහන්සි වෙන විදිහ. එකට මට

ඔයාගෙ ආදරේ අත්වැලක් උනා
කොච්චර දුරක හිටියත් මම කැමැති නෑ ඔයා දුර ඉන්නේ කියලා මට දැනෙන්නේ එකයි විටින් විටෙ වද දෙන්නේ හැම වෙලේම මන් බලන්නේ ඔයගෙන්ද ඒ මෙව්වා එක කියලා බලන බලන හැමතැනක ඔයා ඉන්නකොට මම හිතින් එක එක වෙලාවට එක එක රටවල යනවා. ඔයා ඉල්ලන ඒවා මම අරන් දෙන්න බෑ කියද්දී ඔයාගේ මුණ පුස් කාපු බැලුනයක් වගේ වෙනවා. පස්සේ මම එක අරන් දෙනවා. මම හිතින් හිතනවා.මට දැනුනේ ඔයා මගෙ ළඟ වගේ..

ඔයාගෙ කටහඬ අහලා මට එක එක ප්‍රසන එනකොට මම ඔයාට කතා කරනවා. මම මගෙ හිත හදා ගන්නවා. ඔයත් ඒවාට එක එක විසදුම් දෙනවා. ඔයාට එකම ගැටලුව මගේ බඩයි රව්ලයි මට ඔයා කියන ඒවාට හිනත් යනවා මම කපන්නේ නැතුව ඉන්නකොට ඔයා බනිනවා මම හරි ආසයි. ඔයා ඒ බනින විදිහට ඉතින් මට හිතෙනවා එහෙමම ඉන්න ඔයාට මතකද මම දුන්න surprise

පට්ටම එක නෙමේ පොඩි එක දැන් තරහෙන් ඔරවන්න එපා. මම දන්නවා දැන් තරහ බනි ඔයා මටමයි කතා ලියන්නේ කියලා.

දවසක් වැඩ කරන තැන ලොකු ප්‍රස්නයක් වෙලා. මම එනකොට ඔයා ඇවිත් සින්නට බනින හැටියට මට තනියම හිනා ඔය මම දිහා බලල හිනා වෙන්නේ හොරෙන් මට ඉතින් අර අවුල මතක් වෙන්නේ පහුවදාට එතකොට ඉතින් ආයේ මුල ඉදන් ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕනේ මම ඔයාගේ හිනාවට බැන බැන මොකද ඔයාගේ හිනාව තම මට ඒක අමතක කරේ එත් මට ආයේ ඒ ප්‍රස්නේ අමතක වෙන්නේ ඔයාගේ හිනාව මතක් වෙලා. එක අතකට බලන් ගිහාම අපි දෙන්නගෙම හිනාවත් එක වගේ මටත් හිනා යන්නේ ඔහොම මන් එක්ක අපේ කව්රුත් හිනා වෙන්නේ නැත්තේ දරාගන්න බැරි තරං මගේ වටේ ඉන්න උන් ගුටි කනවා. හැමදාම වගේ මම අපහු යනකොට යන්නේ ඔක්කොම අමතක වෙලා ඔයාගෙ හිනාව ඇහුවාම මට
මට හිතුනේ ..තිබුන ප්‍රශ්න සේරම විසදුනා වගෙ...
පුදුමයි...

ආදරේත් මේ වගේද කියලා හිතෙනවා. මම දන්නේ න මම ඔයාට ආදරේ කරනවද කියලා මම එහෙමට කියලා ආදරයක් ලබලා න දීලා විතරයි මට ඔයාව නැති වෙයිද කියන බය වෙලාවකට එනවා එත් මම දන්නවා ඔයා එහෙම කරන්නේ න කියලා මන් වගේම ඔයාටත් එහෙම හිතෙයි එත් මම කියලා තියනවා මගේ ආදරේ නැතුව යන්නේ එක තැනකදී විතරයි කියලා.

ඔයාගෙ එකම එක සතුටක් උනත්...
මට මගේ හැම සතුටක්ම කර ගන්න පුලුවන්...

''' විඳවපු ජීවිතේ ම විදින්න පුරුදු කලේ
ඔයාගෙ ආදරේ....''

මම හැමදාමත් ආදරෙයි මගේ රත්තන් එකයි වද දෙන්නේ ඔයා නොදන්නවා උනාට මට ඔයා මගේ හැමදේම. එකයි මොන දේ උනත් ඔයාට තනිවෙන්න දෙන්නේ නැත්තේ හැමවෙලේම කරදර කරනවට සමා වෙන්නේ මැණික. පුළුවන්නන් කියලා දෙන්නේ ඔයාව නැතුව ටිකක් හරි ඉන්න විදිහ ඔයාගෙන් කිසිම දෙයක් නැති උන ගමන් තරහ යන්නේ එකයි. නැතුව ආදරේ නැතුව නෙමේ

මං ඔයාට ආදරෙයි මහමෙරක් වගේ...සත්තයි සුදු මැණික

3 comments: