loku ptha

loku ptha

Wednesday, December 21, 2016

ඔයා නපුරු උනත් මන් අහිංසක පෙම්වතා වුනා.



ගෙවුන කාලය පුරාවට මට දැනුන දෙයක් තමයි හැම කෙනෙකුටම තවත් කෙනෙකුගේ හිතක් තේරුන් ගන්න පුළුවන් කමක් නෑ කියන එක. හැමෝම තම තමන්ගේ තනි තනි අරමුණු වෙනුවෙන් අසීමාන්තික අරමුණු වෙනුවෙන් ඇවිදින එක. හැමෝම තමන් ගැන විතරක් හිතන අනාගතයක් ගැන හිතන සමාජයක් විතරක්ම තමයි.

කාට හරි හිතෙයි මට පිස්සු කියලා. එත් ඒ වගේ පිස්සෙකුට බැරිද ආදරේ කරන්න. ඔයනන් කියයි හීන මවන දේවල් ගැන වචන නාස්ති කරන්න එපා කියලා. එහෙම කිව්වා කියලා මගේ හිත රිදෙන්නේ නෑ. ඔයාට නොදැනුන මාව මට ගොඩක් වතවන්වල දැනුනා ඔයාව කියලා. මට පේනවා ඔය ඇස් කන්තිමත්ව හිනා වෙන හිනාව ආදරය අපේ ජීවිත වලට දළුලමින් තියන මොහොතක කියලා .

අද වැඩ බිමේදී පුංචි පුංචි වැහි කැට වාහනයට වැටිලා සොර සොර ගාන සද්දේ මගේ හිතේ නිහඩ බව බිදිනවා.මන් මගේ හිතේ මන් ඔයා එක්ක හදන්න හදන ලෝකය ගැන හීන දකින්න ගත්තා. ඔයා???

අවුරුදු ගානකට පස්සේ මන් ඔයාව දැක්ක දවස මතකද?? මැයි 27

ඔයා දැක්කම ඔයා එක්ක කතා කරාම මන් මගේ ජීවිතේට ලොකුම ලොකු හීනයක් මවා ගත්තා ඒක හරියට සුරංගනා කතාවක් වගේ. ඔයා නපුරු උනත් මන් අහිංසක පෙම්වතා වුනා. මන් මහා බොලද පෙම්වතෙක්ද කියලත් හිතෙනවා එත් ආදරේ වෙනුවෙන් එහෙම හීනයක් මවා ගන්න එකත් මොන තරම් ලොකු හැගිමක්ද ???
..



මේ ලෝකයේ වැදගත්ම
එමෙන්ම අත්‍යාවශ්‍යය
දේ නම් 
විශ්වාසය හා ප්‍රේමයයි...
.

අවසාන නැවතුම ජීවිතයේ හුස්ම පොද දින කීපයක් පිටුපසින් සුබ රැයක්..

No comments:

Post a Comment