loku ptha

loku ptha

Sunday, July 5, 2020

වේයන්ගොඩ තැපැල් කන්තෝරුව ඉස්සරහ හරියටම



ජීවිතේ මම කාල තියන කට්ට මෙහෙමයි කියල කියන්න කාටවත් බෑ ඉපදිලා ටික කාලයක් යද්දී මට උන වැඩි වෙලා ෆිට් එක හැදිලා තියනවා එක ඉතින් ගොඩක් කල් යනකන් බෙහෙත් කරන්න වුනා. එතනින් ඉදන් හැමදාම මම පුදුම විදිහට ජීවිතේ වැටුනා මම පොඩි ඉගන ගන්න මාර දුර්වලයි. මට අකුරු මතක් වෙන්නෙ නෑ. ලොකු වෙද්දි ඒක හරි ගියත් හිටපු ගමන් එහෙම අමතක වෙනවා.මම 5 වසර විභාගේ ෆේල් වෙලා මහා විද්‍යාලෙට යද්දී දැන් වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලය. ගොඩක් දුක හිතුන තැනක් මට අපේ අම්මගේ තාත්තගේ බලාපොරොත්තු සැබෑ කරන්න එක්තරා විදිහකට බැරි උන එකට. මොකද අපේ තාත්තගේ ඉස්කොලේ තමයි වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ නැත්තං සෙන්ට්‍රල් එක තාත්තා ඒකට මාවයි නංගිවයි දාන්න සැහෙන මහන්සි වුණා නංගිත් 5 වසරේ විභාගය පාස් නෑ ඒත් දැන් තැනක ඉන්නවා. ඉතින් අපිට බැරි වුනාට අපේ අක්කලා අයියල මල්ලිලා ලොකු ලොකු ප්‍රධාන පෙලේ ඉස්කෝල වලට ගියේ ඒ අය ඒවට යනකොට මන් ජනාධිපතියේ කියන්න හැබැයි මම ඇඹරුන් නෑ. "අපේ පුතා මේකේ ආ මේ අහවලාගේ පුතා ඌ මේකේ කියද්දී දුක හිතුනෙත් නෑ" එහෙම ඒවා සැහෙන්ට වෙලා තියනවා. මොකද මං ගිය ඉස්කොලේට ගොඩක් අවේ ශිෂත්වේ ෆේල් වුන ලමයි. මට ඒක මදි පුංචිකමක් වුනේ නෑ. අපේ නැන්දලගේ මහප්පලගේ පුතාලා සෙන්ට්‍රල් රෝයල් ගියත් මට මගේ ඉස්කොලේ තමයි ඉස්කොලේ. අපේ තාත්තා රජයේ කාර්මික නිලදාරියෙක් TO කෙනෙක්. අම්මත් හොදට ගණන්වලට දක්ශයි මට නං මෙලෝ දෙයක් තේරුනේ නෑ. මං ගනන් වලට දක්ශ නෑ. මං පන්ති ගියේ ඒ කාලේ කීර්ති සර් ගාවට ඒකට යන්න වෙනම ගේමක් දෙන්න ඕනේ. තව කිර්ති සර් පොතේ ලියලා ගෙදරින් එක්ක එන්න කිව්වම ගෙදරින් එක්ක ඇවිත් ගනන් හදන්නේ නැතුව අපේ අම්මයි තාත්තායි වැනදේ නැති ටික විතරයි පන්තියෙන් අයින් කරන්න එපා කියලා.

" මුව හදන්න බෑ මු වැඩ කරන්නේ නෑ" එහෙම හය හත් වතාවක් වුනා. ඉතින් ඒ වගේ බනිනකොට නං වැටුන වාර අනන්තයි. එත් ළගදි කිර්ති සර් ඇවිත් මගෙන් වැඩක් කරන් මට රු 20000ක් දීල යද්දී මට කිව්වා " පුතේ මට උබ ගැන ගොඩක් සතුටුයි කියලා "


මන් මම ගැන පන්පොරි ගහනවමත් නෙමේ අද හිතට දැනුන දෙයක්. සාපෙලත් කෙලොගෙන මම දේපාරක් සාපෙල කරා දෙවෙනි පාර නැන්දගේ පුතත් එක්ක කරලා ඌ A විතරක් ගද්දී මං යන්තමට B3 C3 S3 දාලා ගොඩ ගියා ඉදල මන් ගම්පහ බණ්ඩාරනයකෙට යද්දී උසස් පෙළට. සමහර අයට ඉරිසියවටත් කතා කියවුණා එත් කව්රුවත් හිතුවේ නැති විදහට මගේ උපේ විභාගේ එක පාරින් පාස් උනාම අම්මා මාව ඉම්බා මතකයි තාමත්. ගොඩක් අය මගේ ෆේල් ප්‍රතිපලේ ගැන හිතුවට කොරසේ ලොකු අයියා විතරයි කිව්වේ මලිතා විභාගේ පාස් වෙනවා කියලා කැම්පස් යන්න තරං නැති උනත් මන් ජීවිතේ ගේමක් ගහන්න ඕනේ කියලා ඉගන ගත්තේ එදා එත් මම කුඩු ගහයි කියල බලන් හිටපු ගුරුවරු මම කෙල වෙයි මන් සාමාන්‍ය ජොබක් කරයි කියල හිතපු නෑදෑයන් හිතවතුන් හා ඒ අයගේ ළමයි අද කුඩු ගහනවා නැත්තන් ඔහේ කාගේ හරි යටතේ වැඩ සමහර අයට තාම අම්මගෙන් නැත්තන් තාත්තාගෙන් යැපෙන්නේ ඔය අතර කාලේ මම ආදර කල මට ආදරේ නොකල කෙල්ලො 6ක් නැත්තං 7කගෙන් ආදරේ ගැන ජීවිත අත්දැකීමක් එකතු කර ගන්නවා. ඒවා ගැන ගොඩක් දන්නේ මගේ යාලුවො තමයි. ආදරේ මහ පුදුම දෙයක් ඒ මගේ දෛයිවයේ සරදම ලියලා තිබ්බ කෙල්ල හම්බෙන්නෙ 2015 මුහුණු පොතෙන් ඒත් අපි කලින් හම්බෙලා තිබ්බේ 2010 පොඩි අමනපකම් එක්ක අයේ හම්බුනෙ 2015 ඒත් ඒ වෙන⁣කොට



මම උසස් පෙල කරලා ඉවර වුනාට පස්සේ ගෘහ නිර්මාණය තාක්ශනවේදය හැදෑරීම කරන්න තාත්තාගේ අඩිපාරේ යන්න පටන් ගත්තා තාත්තා කරපු දේ නොකලොත් නොට්ටිගේ පුතා කියනවා වගේ මම තාත්තා කරපු දේවල් තාත්තා කරාට වඩා තවත් නවීන තාක්ශනය එකතු කරලා වැඩ පටන් ගත්තා. 2014, 2015 විවිධ ගොඩනැගිලි ඉදිකිරීම් කම්පැනි වල ගත්ත දැනුම ප්‍රායෝගිකත්වය එක්ක මේ කාලේ වෙනකොට මම මුහුණු පොතේ එක්තරා විදිහක පොරක් අපි එක එක සංගම් හදාගෙන අමුමිරිස් අභියෝග කර කර හිටිය කාලයක් ඔය කාලේදී අපි මුහුණු පොතේ කට්ටියක් එකතු වෙලා විල්පත්තුවේ සංචාරයක් යනවා මම පීටර අයියා, සුරංග අයියා  සුනලි අක්කා තිස්ස අයිය ප්‍රියන්ත අයියා මේකට ආව අලුත් මුණක් සමන් අනදරවැව කියලා මමත් ඉතින් ඒ කලේ පිස්සෙක් වගේ කොන්ඩේ වවාගෙන හිටියේ සමන් අයියා මගේ විස්තර අහලා කිව්වා "මොකද්ද බන් උබ හොද කොල්ලෙක්ගේ  හොදට ඉගන ගෙන තියනවා මොනාද මේ කොන්ඩේ වවන් ඕක කපල අර බලපන් සුරංග ඉන්නවා පේනවනේ උබ ඔය කොන්ඩේ කපන්න ඕනේ " මේ කිව්වා කතාව මට වැදුනා සැරටම මට හිතුනා ඔව් ඇත්ත තමයි එදා තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වගේ මම යන්න හිටිය ගමන වෙනම පැත්තකට කැරකුණේ 

පස්සේ මම 2016 මගේම ගොඩනැගිලි ඉදිකිරීම් හා නිර්මාණය කරන්න ⁣ආයතනයක් ආරම්භ කරනවා.

අද මට ගොඩක් සතුටු දවසක් අවුරුදු දෙකකට කලින් ගත්ත ඔෆිස් එක හරියම 2018.05.03 තමයි කට්ට කාලා මහන්සි වෙලා වැලි සිමෙන්ති ගල් එක්ක ඔට්ටු වෙච්ච මහන්සි ප්‍රතිඵල වලින් මම වේයන්ගොඩ ටවුන් එකේ කඩයක් ගන්නවා. ඒත් මට ඒක ලස්සන හදන්න සල්ලි තිබ්බේ නෑ එකතු කරපු හැම සතේම දාලා තමයි ඒක ගත්තෙ. කන්න ආස දේවල් තිබ්බා කෑවේ නෑ අදින්න ආස ඇදුම් තිබ්බා ඇන්දේ නෑ යන්න ආස කරන්න ආස ඒවා මුකුත් කරේ නෑ. මාර දුකක් වින්දා නය ප්‍රශ්න උඩට උඩට ආවා. රෑට නින්දෙනවත් හීන බලන්න බය වුනා. එහෙම මහන්සි වෙලා අරගෙන මම ඒක මගේ ඔෆිස් එක දැම්මා. ඒ කාලේ තුල කාගෙන්වත් මට කිසිම දෙයක් කරන්න කියලා උදව් ඉල්ලලා නෑ. ඒත් මම අද මගේ ඔෆිස් එක ලස්සනය හදලා ඉවර කරා. අවුරුදු දෙකක් ඉවර වෙද්දි. එත් එක ගන්නකොට අපේ තාත්තත් බය වුණා මන් එකෙනුත් ෆේල් වෙයි කියලා. අවුරුදු දෙකටම ගත්ත කඩ කාමරේ ලෝන් එක ගෙවා ගන්න මාර දුකක් වින්දේ පෙළක් මාස වල අම්මගෙන් තාත්තාගෙන් ඉලක්කන් හයක් ගානක් ඉල්ලන් ලෝන් එක ගෙව්වේ. මේ වෙනකන් ගත්තට එක අලුත් වැඩියා කර ගන්නවත් මට සල්ලි තිබ්බේ නෑ එත් අද වෙනකොට මන් ඒ සියලුම අභියෝග එකින් එක ගොඩ දාල තියෙන්නේ මේ හැම දෙකටම මට උදව් කරේ වේයන්ගොඩ ලංකා බැංකුවේ කාර්යමණ්ඩලය ඒ අයට විශේෂ ස්තුතිය පුද කරන්න ඕනේ ඊළගට මගේ හැම ගේමකම පෙරගමන් කරු මගේ හිතාදර රෝහණ බාප්පා බෑ කිව්වෙ නෑ නෑ කියලා අත ඇරියේ නෑ. හරි කරමු විතරයි කිව්වේ සමහර වෙලාවල් තිබ්බා තාත්තටත් වඩා ශක්තියක් වුන. ඊළගට මගේ අම්මා තාත්ත නංගි සහ ඇනයක් වගේ උපදෙස් දෙන හිතදරී නැත්තන් දිනුෂි ඊළගට මගේ කාර්යමණ්ඩලය මුලින්ම හිටිය නයනා ශෂිකලා සහ නයනතරා දැන් වැඩ කරන්න  චතුරිකා භාග්යා සහ අලුතින් එකතු වුන චතුසි කවීශ හා මගේ යටතේ වැඩ කරන මගේ 25කින් වගේ සමන්විත කම්කරු ජනතාව. අද වෙන කොට මගේ ආයතනය ලංකාවේ ප්‍රධාන පෙලේ ආයතනයක් බවට පත් වෙමින් යනවා ඒ නිසා මම මේකන් ඒ අයට ස්තුති කරන්න අවස්ථාවක් කර ගන්නවා. අන්තිමට කල නොහැක්කක් නොමැත.

2 comments:

  1. උබේ කතාව මරු. ඔය ඔෆිස් එක වේයන්ගොඩ කොතනද තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. වේයන්ගොඩ තැපැල් කන්තෝරුව ඉස්සරහ හරියටම

      Delete