අපේ ජීවිතේට සමහර පුද්ගලයන් ඉතා විශේෂයි..මගේ ජීවිතේ එවැනි පුද්ගලයන් අතරින් ඉහලින්ම සිටින කෙනෙක් තමයි මගේ ලොකු අම්මා මං දන්නා කාලේ ඉදන් අපේ ඔයා ගැන තිබ්බ හැගීම මට මෙහෙමයි කියලා විස්තර කරන්න බෑ ඔයාට මොකද වුනේ කියලා ඇත්තටම අද අපේ අම්මට නෙලුම් අක්කා කතා කරපු වෙලේ මන් තනියම කල්පනා කරා හිතට එකගව පිලි ගන්න බැරි වුනත් එක තමයි අපිට තිබ්බ එකම පොදු ධර්මතාවය කියලා හිත හදා ගන්නවා ඇරෙන්න කලයුතු කිසිවක් නෑ ඔයා නැති වෙලා අදට මාස දෙකක් වෙන්න එනවා කියලා දැනුනේ නැති එකම පුදුමයි මට තාමත් ඔයා ඉන්නවා ඉන්නවා වගේ
අපි පුංචි කාලේ ගොකරැල්ලේ ගිහාම ඔයා අපි එනකන් මග බලන් ඉන්න හැටි මතක් වෙනකොට ඇස් දෙක තෙත් වෙනවා ඔයාට මම හැමදාම බනිනවා ලෙඩ වලට බෙහෙත් ගන්නේ නෑ පණ්ඩිතය වෙන්න එපා කියලා. ඔයා හිනා වෙනවා මගේ බඩ ඇත ගාලා ඔයා "බන්ඩිය අඩු වෙන්න පොඩ්ඩක් දුවන්න උදේට රන්ජි එක්කලා සුදා මේ මලිත් ගේ ඇග හොදටම වැඩි මොනවා හරි කරන්න කියන්න " ඔයා අපිට උපදෙස් දීලා තියෙන්නේ ඔයාගේ ඇගෙ ලෙඩ ගොඩක් තියාගෙන කියලා දැන ගද්දි අනේ අපි පරක්කු වැඩි මන් කොච්චර කිව්වද ඔයා වැටුන වෙලාවේ අපේ ගෙදර එන්න අපි හොද දොස්තර කෙනෙක්ට පෙන්නමු කියලා. ඔයාගේ වෙලාවද මන්ද ඔයාට එකට හිත දුන්නේ නැත්තේ.
මොකක් හරි එකකට මන් ඔයාට කතා කරලා බොරු කියලා ඔයාව කොච්චර අවුස්සනවද ඔයා ඉතින් හිනා වෙලා මේ බොරු කියවන්නේ නැතුව ඉන්නවා කියලා ඇත්තද කියලා විස්වාස නැති හින්ද ආයේ අපේ අම්මගෙන් කතා කරලා ඇත්තද අහනවා එත් ඔයා අපිව අවිස්ස්වාස කරේ නෑ මං දන්නේ නෑ ඇයි දෛවය මේ තරම් අකාරුණික කියලා ආයේ අපි එනකන් මග දිගට කතා කර කර අහන්න කවුරුවත් නැ කතා කරලා අව්ස්සන්න කවුරුවත් නෑ
අපි කියන කතා වලට හිනා වෙන්න කවුරුවත් නෑ අපි එක්ක ට්‍රිප් යන්න ඔයා නෑ නිවන්සුව නං මම පතන්නේ නෑ ඔයාට මොකද ආයේ ආයේ මේ සංසර ගමනේදී නිවන් දකිනා තුරා හම්බෙමු
No comments:
Post a Comment