loku ptha

loku ptha

Saturday, October 27, 2012

I aM bLInd

මට සදුදා තියනවා ලොකු මෙව්වා එකක් තියනවා
ඔයා හිටියනං අපේ තාත්තා කතා කරන්නේ ඔයාට
එත් ලෝකෙන් යන්න ඕන තරං අය ඉන්න කොට
ඇයි යකෝ ..................
උබලා මේ මනුස්සයම ගත්තේ
i am blind

Friday, October 26, 2012

හිම රේණු මල් පිපෙන 
මේ සීත පාලුවට
උණුහුමට ගුලිවෙන්න 
ළඟක නැති නුබේ සෙනෙහෙ 
නෙතු සිහින දුක් විඳින 
විරහ කඳුළක තරම 
නොදැන මට ළං වෙච්ච
උරුම නැති නුබේ සුසුම ..

මම ආසයි මේ සීතලට.ඔයාගෙ නොදැනුන උණුසුම මට ලං කරනවා වගේ දැනෙනවා.හැමදාටම මේ විදියට තිබුණ නම් කියලා හිතුන වාර අනන්තයි... කවදා වෙනකම් මම මඟ බලන් ඉදීද..මේ හිම රේණු මලක් වගේ ඔයාගෙ ළඟ පිපෙන්න 

Saturday, October 13, 2012

දුවේ උඹට උඹට බුදු සරණයි .....

දුවේ නුඹ මගෙ ප්‍රාණයයි
සැබෑ වුණ සුබ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නේ
සනුහරේ අභිමානයයි

මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි
මිල මුදල නිල බල යා නොදෙයි
කළ හොඳම විතරක් ඉතිරිවෙයි

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කඳුළු දහදිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගෙ දුව තමා
නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
ගෙනියන්නෙ ඒ අභිමානයයි

Saturday, October 6, 2012

'' රූස්ස ගහක් මහ හයියෙන් කඩන් වැටෙනවා ''

ජීවිතේට දාගන්ඩ සිමා මායිම් එක මට අද තමා තේරෙන්නේ
මමත් ඔයාට සීමාවක් නැතුව ආදරේ කලාම
සීමාවක් නැතුව බලාපොරොත්තු ගොඩක් හිතේ තියා ගත්තා
එදත් ඔයා කවදා හරි මගේ වෙයි කියලා හිතේ
පුංචි බලාපොරොත්තුවක් තියා ගත්තා ..
එත්......... .
ඒ හැමදේම නොසිතූ විදියට වෙනස් උනාම
මම පොලොවෙ පය තියන් ඉන්න වගත් අමතක වෙනවා...
හරියට '' රූස්ස ගහක් මහ හයියෙන් කඩන් වැටෙනවා '' වගේ

මොන තරං ශක්තිවන්තයෙක් උනත් ආදරේ ඉස්සරහ
හිත එහෙම් පිටින්ම කඩා වැටෙනවා..
ඒ හිත ආයේ හදාගන්න
මොන දේ කලත් හරි යන්නෙ නෑ...
හරියට අද මගෙ හිතට දැනුනා වගේ...

ඔය දන්නේ නැතුවත් ඇති
දැන ගන්න කව්රු කියන්නද

'' තාමත් මේ හිත හදාගන්න බැරුව
මම ඔයා ගැනම හිතනවා.....''

Friday, September 14, 2012

කොහොමද නිවන් සුව පතන්නේ මහප්පේ

කොහොම කියන්නද කියලා තේරෙන්නේ නෑ
මට දැනෙනවා ඔයා නැති අඩුව
ඔයාට මාව ජොකියෙක් වගේ පේන්ඩත් ඇති
මම කරපු කියපු වැඩ දැකලා
මම මොන වැරැද්ද කරත් වෙන අය වගේ ඔයා මට බැන්නේ නෑ
"මෝඩයනේ" කියලා උපේක්ෂා සහගතව බලලා සමාව දෙන්න ඇති
ඔයා කට කොනෙන් හිනා වෙනවා මැවිලා
ඔයා ආදරේ කරපු කැමැත්තෙන් උන්න අනිත් අයට වඩා
මට ඔයාව මතක් වෙනවා
ඔයා පින් කරා වැඩි එකයි මෙච්චර ඉක්මනට යන්න උනේ
අපි කරපු පව් අපි තාම ගෙවනවා
ඔයාගේ පව් ටික ඉවර වෙලා හැමෝම අඩවලා හැන්ගුනා
ඔයා ආදරේ කරපු හැමෝම ඔයාට ආදරේ කරේ
ඔයාගෙන් ලාබ ප්‍රයෝජන ගන්න
එත් ඔයාට ආදරේ බක්තිය දුන්න
මට ඔයා කවදාවත් ආදරේ කරලා නැතුව ඇති
ඔයා නැති දවසේ ඉදන් මගෙන් වෙන්න ඕන හැමදේම මම කරා
a / l වලට මාස 4 වැස්සේ තෙමිගෙන ගිහින්
ඔයාගේ තරං බැරි උනත් පුළුවන් විදිහට පාළුව මැකුවා
ඒවාට මට ලොකු තෑග්ගකුත් හම්බුනා හිත පිරෙන්ඩ
එතකොට තාම දැනුනේ ඔයාගේ අඩුව මහප්පේ
ඔයා උන්න නං "මෝඩයනේ" කියලා කට කොනින් පොඩි හිනාවක් දානවා කින්ඩියට වගේ
ගොඩක් හයියෙන් අඩන්න බෑ ලෝකෙටම කෑ ගහලා
ඔයා නැති අඩුව හදවතට දැනෙනවා 
කොහොමද නිවන් සුව පතන්නේ මහප්පේ
අපි තව කල්ප කාලයක් සංසර චක්කරෙත් වටේ කරකෙනවනේ
මහප්පේ ඔයාට නිවන් සුව මම ප්‍රාර්තනා කරන්නෙ නෑ
මම කියන්නන් මෙහෙම
සියක් යු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් මතු බවයේදී ඔබ ජීවත් වේවා

Tuesday, September 11, 2012

පුංචි කාලේ කියපු කරපු දේවල් එක්ක අවදිඋන තවත් මතකයක් තමා අපේ තාත්තාගේ පව්ලේ ලොකු නැන්දා ,මහප්පා ඊළගට අපේ තාත්තා ලතා නැන්දා , චුටි නැන්දා ඔක්කොම 5යි ඉතින් අපේ චුටි නැන්දගේ වෙඩිම තිබ්බේ මම 3 හෝ 4 ඉන්න කාලේ ඔය කාලේ අපිට sch නිවාඩු පට්ට පට පට පොඩි අයියා,සුනලි අක්කා,මාධව අයියා නදුන් මල්ලි , අමිල මල්ලි ,කසුන් මල්ලි අපේ නංගි නවාංගි ඉතින් අපිට රජ මගුල් sch නිවාඩුවත් එක්ක ඔක්කොම උන් අපේ ගෙදර මොකද ඒ කාලේ හෝටල් වල වෙඩිමක් ගන්නවා කියන්නේ ලොකු කතන්දරයක් ගෙදර වෙඩිමක් ගන්නවා කියන්නේ ඊටත් හපන් කතන්දර පොතක් ඇයි ඉතින් අපි අ කලේ උන්නේ වෙලේම තම සරුංගල් යවනවා කිව්වම

Sunday, August 26, 2012

අම්මා යි තාත්තා යි. මට කොච්චරනම් ආදරෙයි ද












 මට නිකං ඉන්න හැම වෙලාවකම මතක් වෙන දෙයක් තියෙකවා. මගේ පුංචි කාලෙ. ඒ කාලෙ කොච්චරනම් සුන්දර ද? මේ හැම දෙයක් එක්ක ම මතක් වෙන අමතක නොවෙන දේකුත් තියෙනවා. මගෙ අම්මා යි 
තාත්තා යි. මට කොච්චරනම් ආදරෙයි ද කියන එක. ඒ දෙන්නාගෙ ආදරේ ත් එක්ක ලොකු පුතාට පොඩි කාලෙ ගැන ලියන්න හිතුනා.

ඉස්සර තාත්තා වැඩට යන්න හදන කොට මම අඩනවා කියල මට මතකයි අම්මා මාත් එක්ක පාරේ පල්ලෙහාට මාවත් වඩාගෙන යනවා. පාරේ හිටපු ගොඩක් අය මට ගොඩක් ආදරෙයි. මොකද පුංචි කාලෙ මම හරි ලස්සනයි, දැන් වගේ නෙමෙයි. දැන් නම් මොකාද වගේ.. මගේ පුංචි හිතට ඉස්සර ඉතින් ලොකු ලොකු ප්‍රශ්න ආවා. ඒ එකක් තම අපේ අම්මල කවද හරි මැරෙනවානේ කියල මම අපේ අම්මගෙන් අහලා " අම්මේ ඔයාල නැති දවසක මට මොකද වෙන්නේ" කියල අම්මගේ ඇස් දෙකෙන් කදුලු බේරෙනවා, මමත් ඇඩුවා. ඒ රිදුන නිසා නෙමෙයි, අම්මා අඩන නිසා. දවසක් අම්ම එක්ක පන්සල් ගිහින් පහනක පත්තු වෙන තෙල් වට්ටගෙන කනේ දිය පට්ට හිටන් ආවා 

මම ඒ කාලෙ හරිම දගයි ලු. අනේ මම නම් දන්නෙ නෑ අම්මා තමා එහෙම කියන්නෙ.අපේ චුටි නැන්දගේ වෙඩින් අක තිබ්බනේ ඒ කලේ ඉතින් සරුන් ගල් අරිනවා වෙන වැඩක් නැ වෙලේම තම උදේට ගිහිම එන්නේ දවල්ට කන්න 

දවසක් මට උන ගැනිල්ලා මොකද්ද වෙලා තාත්තා මවට් අරන් එලියට පෙනල මාව ඉස්පිතලේ ගිහින් බේරාගෙන තියෙන්නේ ඒත් හිතාගන්න පුලුවං එක දෙයක් තියෙනවා. ඒ වෙලේ තාත්තා පැනපු දුරට වඩා තාත්තා ගෙ හිතෙන් පැනපු ආදරේ කොච්චර ද කියලා.


අනිත් පාර ඉපදුන දවසෙ ඉදන් අද වෙන තුරු වෙන්න ගිය ඇබැද්දි ගැන කියන්නම්.