loku ptha

loku ptha

Thursday, January 24, 2013

ඔයාට පුළුවන්නන් මැරෙන්න කලින් එකම එක පාරක් ආදරේ කියන්න

ඔයාට මම අද කියන්න යන කතාව ඇහුවම ඔය ඇස් විශාල වෙයි මොකද ඔයාගේ මුණ වගේම ඇස් රවුම් හැඩයි හිනා වෙන ඇස් කොහොම මතක තිය ගන්නද ඔයා මගේ ආදරේ කීතු කීතු ඉරලා දාල ගියා මට පේනවා ඔයාට ඔයාගේ එයා එක්ක ඔයාගේ ලෝකේ හදනවා ඔයා හිතනවා ඇති මම නපුරුයි කියලා ඔයාට හිතෙයි ඒත් ඇත්ත ඒක නෙමේ මම තාමත් මග බලනවා ඔය හිනා වෙවී එන්නේ නැති පාර දිහා බලාගෙන සුසුම් හෙලෙනවා මුළු ජීවිතේම හීනයක් කරගෙන ඒ හීනෙ ඇතුලේ තාමත් මම ඔයාව හොයනවා මේක මහා විකාරයක් කියලා දැන් ඔයාට හිතෙයි මුනත් රතු කරන් ඒ කොහොම වෙතත් අයෙත් ඔයාට මව මුණ ගැහෙයි එත් ඔයාට වෙන්නේ මගේ මුණ දිහා බලන් සුසුම් හෙලන්න මොකද මගේ ආදරේ හීනය පාමුල මගේ දෑස් පියවිලා තියෙයි එදාටවත් ඔයාට මගේ ආදරේ තේරුනොත් 

ඔයාව මම මුලින්ම දකින්නේ මගේ ජීවිතේ ඇදන් වැටිලා ජීවත් වෙන එක කුඩු පට්ටම් උන කාලෙක එතකොට මගේ ජීවිතේට අරමුණක් තිබුන් නෑ මොකද්දෝ හේතුවකට මට හිතුනා ඔයාට ආදරේ කරන්න මම එදා පන්ති ඇරිලා යනකොට සුදර්ශන එක්ක ඇත ඉගිල්ලෙන කුරුල්ලෝ දිහා ගාඩර් එකට වෙලා ගොඩක් වෙලා බලාගෙන හිටියා මගේ හිතේ හිටිය කෙල්ලගෙයි ඔයායි සමානද කියලා මම මගේම හිතෙන් ඇහුවා සුදා කිව්වේ "උබට පිස්සු බන්" කියලා

අනිත් උන් ඇවිත් ඔයාගෙයි ඔයාගේ යාලුවන්ගෙයි ඩෙස් බංකු අල්ල ගද්දි මම ඔයා හින්දා ඔයාලට ඩෙස් බංකුවක් අල්ලා ඔයාගේ පිටිපස්සට වෙලා ඔයාට පෙන්නේ නැති වෙන්න ඔයා දිහා බලාගෙන ඉන්නවා එහෙම ඉන්න කොට සර් එකපාරටම මගෙන් අහනවා "මලිත් පුතා plan එක ඇදල ඉවරද??? " කියලා එතකොට තමා මමත් මගේ A 4 එක දිහා බලන්නේ මාර වැඩේ කියන්නේ ඔය දිහා බලන්න ඕනේ හන්දා මම ඒක ඉක්මනට ඇදලා ඉවර කරලා මම ඔව් කියනවා සර් ඇවිත් මගේ plan එක බලලා වැරදි හදනවා

මම හැමදාමත් බලාගෙන ඉන්නවා ඔයාව මට නැවතවතාවක් මුණ ගැහෙන්න මොකද අපේ උපේ කඩයිම හන්ද පන්තිය නතර උන නිසා ඔයාගේ ප්‍රතික්ෂේප කිරීම මගේ හිතේ වේදනාවක් ඇති වුන එක ඔයාට කියන්න ඕනේ එහෙම කිව්වා කියලා ඔයාගේ හිතේ අනුකම්පාවක් ඇති වෙන එකක් නෑ එහෙම උන කියල මගෙත් හිතේ දුකක් ඇති වෙන එකක් නෑ මට මගේ ජීවිතේ ගොඩක් දේවල් මග හැරුන අරමුණක් වෙනුවෙන් ජීවත් වෙනවට වැඩිය ජීවත් වෙන්න ඔය නොදන්නවා උනාට පුරුද්දකට වගේ ඔය ලස්සන හිනාව දකින්න මම හැමදාම පන්ති ආවා එත් හැමදේම හිස් මට ඇහෙන්නේ වේදනාවෙන් මගෙන් හදවත කම්පනය වෙන හඩ විතරයි ඔයාට පුළුවන්නන් මැරෙන්න කලින් එකම එක පාරක් ආදරේ කියන්න මම යනවා

1 comment: