loku ptha

loku ptha

Monday, July 25, 2016

එකෝමත් එක රටක කතාවක් නොවුනත් මේකත් කතාවක්


එකෝමත් එක රටක කතාවක් නොවුනත් මේකත් කතාවක් මේ කතාව මට කිව්වේ මගේ හිතවතෙක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි ගැන කොල්ලට අපි දසුන් කියමු කෙල්ලට රන්දී කියමු. මේ කතාව මතු වෙන්නේ මගේ ෆොනේ එකට ආව මිස් කෝල් එකක් මම ගණන් නොගෙන හිටපු හින්ද ඒ හිතවතා මට කිව්වා "එහෙම කරන්න එපා මචන් සමහර විට මේ කෝල් එක උබට ආයේ එයිද දන්නේ නෑ" මම ඇහුවා "ඇයි උබ එහෙම කියන්නේ" කියලා. අන්න එතකොට තමයි මේ කතාව එයා මට කිව්වේ. 

ඉතින් මන් කතාවට එන්නන්කෝ ඔන්න ඉතින් අපේ කතා නායකයා දසුන් ඉන්නේ එයාට ඉදලා තියනවා. රන්දි කියලා කෙල්ලෙක් ඉතින් මේ දසුන් රන්ධිට ගොඩක් ආදරෙයි. රන්ධිත් දසුන්ට ගොඩක් ආදරෙයි. දෙන්න හිටපු ගමන් රණ්ඩු වෙනවා ආයේ යාලු වෙනවා. අපි වගේම තමයි හරිම ආදරෙන් තමයි. ඉදලා තියෙන්නේ. 

මේ දසුන් ජොබ් එක විදිහට කරලා තියෙන්නේ තමන්ගෙම ව්‍යාපාරයක් හදා ගෙන යන ගමනක්. රන්ධි ජොබ් එක කරලා තියෙන්නේ ලොකු කම්පැනියක හොද පොස්ට් එකක්. ඉතින් මේ දෙන්න ගොඩක් ආදරෙන් ඉදලා තියෙන්නේ දවසක් කෙල්ලගේ office එකේ ලොක්කගේ අම්මා නැති වෙලා හදිස්සියේ යන්න වෙනවා අම්පාරේ වැඩකරන තැන කට්ටිය බස් එකකුත් කතා කරගෙන යනවා අම්පාරේ.

ඒක ඉතින් කොල්ලට කියන්නේ කලින් දවසේ "කපිල සර් ගේ අම්මා නැතිවෙලා කට්ටිය හෙට එහෙ යනවා. " දසුන් ඉතින් "අහ් ඇත්තද අනේ මට නං එන්න වෙන්නේ නැ බබා මම හෙට අලුත් project එක ගැන කතා කරගන්න කියලා යනවා ඔයා ගිහින් එන්න" කියලා රන්දිට කියනවා රන්ධිත් "හරි දසුන් මම එහෙනං හෙට පාන්දරම යනවා එත් මන් ඔයාට කතා කරන්නන්" කියනවා කොහොම හරි දෙන්න යන්නේ ගොඩක් දුර ඒත් දසුන්ගේ හිතට හරි නෑ දසුන් හිටියනං රන්ධිව තනියම යවන්නේ නෑ මොකද රන්ධි හරියට පොඩි එකෙක් වගේ පාර පනින්න දන්නෙත් නෑලු. එත් ඉතින් දසුන්ට කරන්න දෙයක් නැති නිසා දසුන් රන්ධිට යන්න කියනවා.

කොහොම හරි දෙන්නම උදේ ලෑස්තිවෙලා ගමන් දෙක පිට වෙලා. දසුන් ඉතින් ගිය වෙලේ ඉදන් කල්පනාව තිබිලා තියෙන්නේ රන්ධි ගැන නිතරම sms call දි...දී..... බලලා තියෙන්නේ රන්ධි ගිහින්ද මොකද කරන්නේ කියලා. කොච්චර වැඩ තිබ්බත් හැම වෙලේම රන්ධිට කෝල් කර කර දැන් කොහෙද ගියාද අව්ලක් නෑ නේද කියලා. වෙලාවකට රන්ධිටත් මේක මාර වදයක් වෙන්නේ ඇති. ගිය වෙලේ ඉදන් රන්ධිත් නිකන් ඉදලා නැ එක එක වැඩ යාලුවෝ එක්ක කයිය ගහන තරං වැඩක් තියේද ??? ඉතින් ඒ අස්සේ අර යකත් වද දෙනවා. ඕනවට එපාවට රන්ධි sms එකක් කෙටුවත් දසුන් පිස්සා වගේ ගිය වැඩේ කරන්නේ නැතුව රන්ධිටත් වද දෙනවා බැරිම තැන රන්ධි ෆොනේ එක silent කරලා බෑග් එකට දාල හරි හරියට කතාවලු ඇයි ඒ වගේ දවසක කතා කරේ නැත්තන් ආයේ කවදා කතා කරන්නද ??

ඔය අතරේ දසුන් sms 48 කුයි misscall 35 අරගෙන රන්ධිටත් කතා වල රස මිසක් එකේ ගානක් ගිහින් නැ. ඔහොම ඔහොම වෙලාව ගිහින් රන්ධි ෆෝන් එක අරන් බලද්දී දැකලා අර දසුන්ගේ කෙටි පණිවිඩ ටිකයි. මිස් කෝල් ටිකයි රන්ධිත් හිනා වෙලා "අනේ මේ පිස්සට දවසක් මන් නැතුව ඉන්න බැනේ බැරිවෙලාවත් මන් මැරිලා ගියොත් මොනවා වෙයිද දන්නෑ" කියලා හිතින් හිත හිත දසුන්ට කෝල් එකක් අරන් එතකොට එහා පැත්තෙන් කියලා තියෙන්නේ ෆෝන් එක ඔෆ් කියලා. "ඒ මෝඩය පිස්සා" කියලා තමන්ටම කියන ගමන් රන්ධි නැවතත් පෙර පුරුදු වැඩේටම සෙට් වෙලා.

එත් වෙලා තියෙන්නේ ඒක නෙමේ රන්ධිගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා දසුන් කරන්න ගිය වැඩේ නවත්තලා ගෙදර ඇවිත් ඒ එන ගමන් රන්දිට කෙටි පණිවිඩයක් කොටන්න ෆෝන් එක අරන් sms1ක් ගහලා එත් එක යවන්න වෙලා නෑ දක්ෂිණ අධිවේගී මාර්ගේ 87km කනුවේදී දසුන් ආව වාහනේ පාරෙන් පිට පැනලා ආරක්ෂක වැඩේ හැප්පිලා සහනාදාර කාණ්ඩ රෝහලට අරගෙන යනකොට දසුන් මේ ලෝකේ අත ඇරලා අන්තිම ඔක්ෂිජන් ටික අරගෙන කාබන්ඩයොක්සයිඩ් එක්ක දසුන්ගේ ජීවන සුවද මේ වාතයට මුසු කරලා ඉවරයි. 

දසුන්ට මොනවා හිතෙන්න ඇතිද?? කීපාරක් රන්ධිව මතක් වෙන්න ඇතිද?? අම්මා තාත්තා හෙට අනිද්දා කැම්පස් යන්න බලන් ඉන්න මල්ලිව??? ගෙදර ගිය ගමන් කාටත් කලින් දසුන්ව පිළිගන්න හුරතලා ටු ටුව උවත් මතක් වෙන්න ඇති.. මොන තරං දේවල් ඒ හිතේ තියෙන්න ඇතිද ගුලි වෙලා. 
සමහර විට රන්ධිට කෝල් කරේ මොකක් හරි හදිස්සියක්ද දන්නෙත් නැ. ඇත්තටම දසුන්ට මොනවා හිතෙන්න ඇතිද?? රන්දී දන්නෙත් ගෙදර ගිහාම රන්දි ගොඩක් ඇඬුවා. ඇත්ත සමහර විට රන්දි කෝල් ආන්සර් කරානං දසුන් ජීවත්වතුන් අතර ඉන්නත් තිබ්බා රන්දි හිතන්න නැතුව ඇති. මෙහෙම දෙයක් වෙයි කියලා. දසුන් අනතුර වෙලා වේදනාවෙන් කොච්චර වෙලා ඉන්න ඇතිද??? තමන්ගෙ ජීවිතය තව ටිකකින් අවසන් වෙනවා කියලා හිතන්න නැතුව ඇති. 


          ජීවිතය තන අග පිනි බිද වැන්නෙ කියන්නෙ. ඒකයි අපි දන්නැ අපිත් කොයි මොහොතක මෙතනින් යයිද කියලා දසුන් මේ වෙද්දී අපි අතර නැ අපිට පුළුවන්නන් දවසේ පැය24 න් විනාඩි 1440න් තත්පර 86400න් එක විනාඩියක් එක තත්පරයක් එක පැයක් තමන්ගේ අය වෙනුවෙන් කැප කරන්න. සමහර විට ආයේ ජීවිතේට ඒ අවස්ථාව ලැබෙන එකක් නැ.අපි දන්නේ නැ එයාලා මොන අවස්ථාවක ඉන්නවද කියලා. මොහොතක් එයාල වෙනුවෙන් කැපකරන්න දසුන්ට වගේ වෙන්න දෙන්න එපා පොලිසියෙන් වැටිලා තිබුන ෆෝන් එක රන්ධිට දීලා. එකේ අන්තිමට ගහලා තියෙන්නේ. "baba mata oya nathuwa paaluyi free welawaka msg ekak danna dan koheda??"

6 comments:

  1. සින්දුවක රුප රචනයක් මතක් උනා

    ReplyDelete
    Replies
    1. මොකද්ද ඇටමා අයියේ ඒ සිංදුව

      Delete
    2. මොකද්ද ඇටමා අයියේ ඒ සිංදුව

      Delete
  2. පිස්සුවක්නේ . . . ආදරේ කියලා ඕනවට වඩා කෝල් කරලා වද දෙන්නේ මොකෝ

    ReplyDelete
    Replies
    1. සාපේක්ෂව ගත්තා එ්ක හරි ඒත් අද කාලයයි තාලයයි
      වෙනස්ම වෙනස්.

      Delete
    2. සාපේක්ෂව ගත්තා එ්ක හරි ඒත් අද කාලයයි තාලයයි
      වෙනස්ම වෙනස්.

      Delete