Boy - මැණික.දැන් ඔයාට කොහොමද
Girl - අනේ වස්තු. මට අමාරුයි.
Boy - බය වෙන්න එපා රත්තරං.මං කොහොම හරි ඔයාව
සනීප කරනවා පන.
Girl - අනේ මහත්තයෝ. මට මැරෙන්න දෙන්න. මගේ
ඔපරේෂන් එකට වියදම් කරන්න කොහෙන්ද සල්ලි
Boy - මං කොහෙන් හරි හොයන්නම් මැණික.ඔයා බය
වෙන්න එපා.
Girl - හම්... මහත්තයෝ.. සීතලයි මට
Boy- කෝ මගේ පන එන්න.මං ඔයාව තුරුළු කරගන්නම්
ඔයාට සීතල හොද නෑ.
Girl - මගේ පන මට මෙ අණුහුම දාලා යන්න බෑ.මාව
බේරා ගන්න.
Boy - මං ඔයාට මේ ලෝකෙන් යන්න දෙන්නැ පන
අතේ සත පහක් නැතුව ඉන්න ඔහුට තම පෙම්වතියගේ සැත්කමට ලක්ෂ හතලිහක් හොයනන්න අවශ්‍ය විය.
Boy - මචං දිමංක මම චන්දු
Dimnka - අඩෝ චන්දුවා..කොය්නද බං කඩන් පාත් වුනේ
Boy - මට සල්ලි ටිකක් ඕනි මචං .මගේ පන අසනීප
වෙලා .
Dimanka - පන .. ඒ මොක්කද බං අළුත් ජාතියේ එකක්ද
Boy - මචං විහංගනා ..
Dimanka - ආ උඹේ කෙල්ල... හරි හරි දැන් මොක්කද කේස්
එක
Boy - මචං එයාලේ පපුවේ පිලිකාවක් ඒක සනීප කරන්න
පුළුවන් එක ඔපරේෂන් එකකනින් විතරයි
ඒකට ලක්ෂ 40 ක් යනවා මචං
Dimanka - හතලිහක් ? යකෝ මං කොහෙන් දෙන්නද?
දිමංකට call එකක් එයි
Dimanka - hello ..මං යාළුවෙක් එක්ක.මේ වකුගඩු දෙකම
විකිණුවාද.ලක්ෂ හැටක්? මදි බං
Boy - මචං මොකක්ද ඒ වැඩේ මට ඇහුනා.
Dimank - මේ පොඩි බිස්නස් එකක්.
Boy - මචං මගෙත් වකුගඩු දෙකම දෙන්නම් මට ලක්ෂ
40 ක් දියන්
Dimanka - පිස්සුද යකෝ උඹ මං දන්න එකෙක්.අනික පැය
දෙකයි ඉන්න පුළුවන් ඒක නැතුව
Boy - කමක් නෑ මචං.. මට මය පන පරිස්සම් කරගන්න
ඕනි....
Dimanka - හරි මෙතන අත්සන් කරපන් ..මේක වෙන්නේ
උඹේ කැමැත්තට
චන්දු ඩොක්ටර්ට ලක්ෂ 40 දෙයි
Doctor - පුතා.. මේ සල්ලි.....???
Boy - මහත්තයෝ මය මැණිකව සනීප කරන්න ...පිං
ඔපරේෂන් එකෙන් පසුව.. උමයංගනා සිනා මුසුව චන්දුට මෙහෙම කියනවා
Girl - අනේ පන මං බය වුනා.. ඔයාව නැති වෙයි කියලා
මං හරි ආදරෙයි මහත්තයෝ .. පන වගේ..
Boy - මැණික .. මං හරි ආදරෙයි මං නැතත් ඔයා ඉගෙන
ගන්න . ලස්සනට ඉන්න. හැමදාම හිනාවෙන්න.
ඔයා අඩනවාට මං කැමති නෑ
Girl - මේ මොකද මහත්තයෝ..
Boy - නිකම් මය පන .. මං හරි ආදරෙයි එන්න මට තුරුළු
වෙන්න ..
උමයංගනාට අදහා ගත නොහැකි විය චන්දු නිහඩ විය. පසුව මිතුරා ඇයට මේ හැම
විස්තරයක්ම කියනන්ට විය. ඇය අදත් ඔහු වෙනුවෙන් තනියම ජීවිතය ගත කරනවා..
ඇත්තටම ඇය ශේෂ්ඨ චරිතයක්.ඔහු නියම ප්‍රේමවන්තයෙක් ...
හදවත පවා නැවතී පන නුඹ හිංදා
කදුලක් වුනා අතමිට මට හිග හංදා
අන්තිම හුස්ම නුඹ ලග මම විදි හංදා
යන්නම් මැණික නුඹ අද සතුටින් හංදා ...
නුඹ ලග ඉන්න රංකද මට වරම් නැති
නුඹ මා නමට කැපකල පෙම නිමක් නැති
ඉවසා නුඹ අතහැර මම යන්න ඇති
ආයෙත් නුඹව හිමි වන්නනට පතන්ඇති ...
ලස්සන ඔයා හිනහෙන හැටි බලන්නට
පිං මදි වුනා රංකද මේ කුමරු හට
ලන්වි ඉන්න මේ සසරේ බැරි කමට
මුළු වත දන් පිනිස දුන්නා මය පනට ...
කදුලක් වැටේ නුඹ මා ලග නැති හංදා
සතුටක් දැනේ නුඹ ජීවත් වෙන හංදා
හදවත තද කරන් කදුලැලි මම වින්දා
තාමත් මමයි නුඹ පෙම් බැදි රන් හංදා
උපුටා ගැනීමකි
අපේ ජීවිතවල බොහෝ දේ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් සිදු වුණා. යලි යළි ඒ දේ දේවල් කතා කිරීම අනවශ්‍යයි. ජීවිතය පිරෙන්නේ ආදරයෙන්. ඒ නිසා ආදරයෙන් අපි මේ කෙටි ජීවිතයට මුහුණ දෙමු. දවසක මේ සියල්ල අතහැරලා යන්නම යන්න සිදු වෙනවා. බැඳීම් යනු දුකක් මිස සතුටක් නෙමේ.
loku ptha

Monday, March 27, 2017
Sunday, March 5, 2017
ජීවිතය දිහා ආපසු හැරිලා බලමු
අපේ ජීවිත එදිනෙදා තියෙන වැඩ වලින් ගොඩක් කාර්යබහුල වෙනවා තමයි. ඒ කාර්යබහුල වෙන්නේ තමන්ගේ ආදරණියයන් සමග ගතකරන්න තියෙන කාලයත් කැපකරලා. අපි ඒ කැපකරපු කාලේ නැවත අපිට ගන්න බැහැ, ආය එන්නෙත් නැහැ. හීන, කාසි පස්සේ දුවදුව ඉඳලා කවදා හරි මහන්සි වෙලා ආදරණීයයන් ලඟට ආවට නොදැනීම ඔයා වෙනස්වෙලා කියලා ඔයාට තේරේයි. නැත්තං ඔවුන් ඔබගෙන් ඈතට ගිහිං තියෙයි. සමහර විට සදහටම වෙන්නත් පුලුවන්. ජීවිතයේ ලොකු ලොකු සිද්ධීන් තමන්ට මඟහැරුනත් පොඩි සිද්ධියක් හරි සතුටින් සමරන්න තියනවා නම් ඒක වටිනවා. ඒක ජීවිත කාලේ පුරාවටම තියනවා.
අපි දන්නවා මොනවා ඔවුන් ඔබව දාලා යන්නේ නෑ කියලා. ඒත් ඒක හැමදාටම පොදු දෙයක් නෙමෙයි. අපිට ගොඩක් තැන් ගොඩක් දේවල් නොදැනෙනවා වෙන්න පුළුවන්. එත් අපි හොයලා බලලා තියනවද ??? ඔවුන් අපි වෙනුවෙන් මොන තරං කැපකිරීමක් කරලා තියෙනවද කියලා. නිකන් ලාවටවත් හිතිලා තියනවද හිතුවද?? සමහර විට නොසෑහෙන්න වැඩ තියන වෙලාවට මොන තරං අපහසු අවස්ථා වල ඔවුන් ඔබ ලග ඉන්න ඇති. එත් කියන්න නැතුව ඇති. වෙලාවට කන්න බොන්න නැතුව ඇති බඩගින්නේ ඉදන් ඔබ හෝ ඇය ලග ඉන්න ඇති එත් කියන්න නැතුව ඇති. ඔයාට අසනීපයක් හැදුනම මතක් කරලා බලන්න නිදි මරන්න ඇති, ඔයා ලගටම වෙලා ඉන්න ඇති ඔයා ගැන දුක් වෙන්න ඇති. හොදට මතක් කරලා බලන්න. එත් ඔවුන්ට අසනීපයක් වුන වෙලාවට. එත් හොදටම අපි දන්නවා අපිට එහෙම වෙලාවක් තිබ්බේ නෑ කියලා. වෙලාවට වඩා මතක් වුනේ නෑ කියලා අපි දන්නවා. නැත්තන් අපිට උවමනාවක් නොතියෙන්න ඇති. අපි හිතලා තියෙන්නේ අපේ වැඩ ගැන විතරයි. අපි වැඩ කරා කරා සල්ලි හෙව්වා හෙව්වා හීන පස්සේ ගියා. ගියා. ඇතිද නෑ තවත් යන්න යනවා. ඇති වීමක් නෑ හැබැයි දවසක තේරෙන දවසක් එනවා අපි වෙනුවෙන් කැප කිරීම් කරපු අයව මතක් වෙන. දැනෙයි ඔවුන් අපි වෙනුවෙන් කරපු කියපු දේවල් මතක් වෙයි හුස්ම ගන්න වාරයක් වාරයක් පාසා. ඒත්................
Subscribe to:
Posts (Atom)