loku ptha

loku ptha

Tuesday, February 12, 2013

එක පාරක් කතා කරලා මුණ ගැහිලා යන්න එන්න එකම එක පාරක් නැත්තං මේ පිස්සා මැරිලා යයි

මගේ ඇස මටත් හොරෙන් මොනාද හොයමින් ඉන්නවා  මම මොනාද හොයමින් ඉන්නේ මම මටත් වඩා ආදරේ කරපු ඔයාවද??මට හම්බුනා දින පොතක් මම ඒ දින පොතේ පිටු පෙරලුව එකේ මෙන්න මෙහෙම ලියලා  තිබ්බා" මම දන්නේ නෑ ලියන්නේ ඇයි කියලා" දන්නෙම නැති උනත් කදුළු කට ඇස කොනට ඇවිත් තිබ්බා මම මේක කියවනකොට මට මතක් උන ඔයාව හරියට ඔයා හිනා වේගෙන මන් දිහා බලන් දවසක් පන්තියට ආවා මතකද මම එදා ඇදන් ඇවිත් තිබුනේ රතු පාට T එකක් මම තව ටිකක් කියෙව්වා මං මහා පව් කාරයෙක්ද සමනලියක් වගේ තිබ්බා පුංචි හිතට මම දුකක් දුන්නද??? දන්නේ නැ මම කියන්න මං කොහොමද මටම සමාවක් දෙන්නේ ඒ අහිංසක ලෝකය ගොඩනැගිල තිබ්බේ වෙන කෙනෙක් ගාව මම ඒ අහිංසක පුංචි කුරුළු පැටියව මම රිද්දුවද?? දැන් මගේ හිත කැඩිලා ඉරි තලලා හරියට මගේ අත පය පා වැඩ කරන්නේ නැතුව වගේ අනේ එක පාරක් කතා කරලා එකම එක පාරක් නැත්තං මේ පිස්සා මැරිලා යයි මම දින පොත කියවන එක නැවැත්තුවා මම සිහිටපත් කරේ දවසක් ඔයයි මමයි කතා කරේ මතකද එදා ඔයා මට කිව්වා ඒවා මට හිතුනා ආදරේ කරන හැමෝටම එක පාරක් මුනෙන් මුණ මුණ ගැහෙන්න පුළුවන්නන්

 මට මතකයි දවසක් නිප්පා එක්ක ගුවන් පාලම උඩට වෙලා ඈත එන ඔයයි ඔයාගේ යාළුවා දිල්හානියි දිහා බලාගෙන ඉන්නවා එතකොට මට මතක විදිහට නිප්පයි දිල්හානි සැට්  වෙලා වැඩි කාලයක් නැ සමහරවිට ඔයාට ඒ ගැන  පුංචිම මතකයක්වත් නැතුව ඇති එත් අමාරුවෙන් මතක් කරලා බලන්න ආදරේ හිතට දැනුන දවසක් ඔයාටත් මේක ලොකු රහසක් කාටවත් කියන්න එපා කිව්වා මතකද හරි ජොලි නේද දැන් මතක් වෙලා හිනා වෙනවා ඇති  ඔය එක්ක කතා කරන්න chat කරන්න හදපු හැම පාරම මට අමතක වෙනවා කියන්න යන දේ  

අපි හැමෝම අපිට කැමති රුප ගැන කතා කරනවා සමහර විට බෝනික්කෝ වගේ ලස්සන රුප වෙන්න පුළුවන් එහෙමත් නැත්තන් යෝදයෝ වගේ ශක්තිමත් අයගේ වෙන්න පුළුවන් සමහර වෙලාවට  මේවා බොලද වැඩ වගේ පෙනුනට ඇත්තටම කිව්වොත් අපි හැමෝගෙම හිතේ අදුන රුපයක් තියනවා මනුස්ස අපි හැමෝගෙම මම හෙම වෙලේම හොයල බැලුවේ ඔයා මට අකමැති වෙන්න තියන මගේ අඩුව මොකද්ද කියලා 

මම ඔයාට ලිව්මක් ලියනකොට මම ඉස්සර්ලම හිතුවේ මම කොතනින් පටන් ගන්නද කියලා ඒත් මම ලිව්ම ලියන්න පටන් ගත්තා හීන කොච්චර ලස්සන උනත් ඒවා පෙනිලා නොපෙනිලා යන දේදුන්න වගේ හීන ගැන වැඩි බලාපොරොත්තු තියා ගන්න එපා ඒවා බොද වෙලා යනකොට හිතට දුක වැඩි හරියට අද වගේ අද මේක ලියනකොට මට ගොඩක් ඇඩුනා ඔයා දන්නවද ඔයා වෙනුවෙන් අඩපු දවස් කොච්චර තියනවද?? මම room එකේ දොර වහ ගත්තා ලැප්ටොප් එකේ විරහා ගීතයක් දාගෙන එකත් එක්කම තනි උනා  හිතේ දුක නැති හදවත කීරි ගැහුනා ඔයා දිහා බලන හැම පාරම එත් මම මගේ ජීවිතේ ගොඩක් දේවල් ඉගන ගත්තා අහස් මාලිගා කඩන වැටෙන එක ඔයා මට කියලා දුන්නා 

බොහොම කාලෙකට කලින් ඔයාට ලිව්වා නිසදැසක් මම අද කියෙව්වා එත් ඔයා තරම් මගේ හිතේ කා වැදුන  කෙනෙක් තවත් නැ සමහරු ජීවිතේට ඇවිත් නොකියම යනවා තවත් සමහරු ඇවිත් ලොකු ලොකු ආඩි තියලා නොකියම යනවා ඔයාගේ බ්ෆ් පෙන්නලා මගෙන් අහනවා එය මට හොදද කියලා මම මොනවා කියන්නද එල එල කියල හිත හදා ගත්තා 

අයෙමත් අදවසක මුණ ගැහිලා 
එක පාරක් කතා කරලා මුණ ගැහිලා යන්න එන්න  එකම එක පාරක් නැත්තං මේ පිස්සා මැරිලා යයි

No comments:

Post a Comment