loku ptha

loku ptha

Saturday, February 16, 2013

ජීවිතේ සතුටයි කියලා ලං වෙච්ච හැමදෙයක්ම අවසානේ දුකෙන් කෙලවර වුනා කියලා දැනෙනවා

ඔයා මගේ ලග පාත හිටියේ නැතත් මට හිතෙනවා මේ දේ ඔයාට කියන්න ඕනේ කියලා කව්රු ලග හිටියත් සමහර වේලාවට මට දැනෙනවා මම මහා තනි වෙච්ච මිනිහෙක් කියලා ජීවිතේ සතුටයි කියලා ලං වෙච්ච හැමදෙයක්ම අවසානේ  දුකෙන් කෙලවර වුනා කියලා දැනෙනවා 

ඔයාව දකින්න ඔයා දිහා බල බල යාලුවෝ විහිළු කර කර ජීවත් වුනේ කෙටි කාලයක් උනත් සතුටට වැඩිය තිබුනේ දුකක් ඒ ඔයා නිසා ඔයා හිතන්න එපා මේක චෝදනා කරනවා කියලා නැ මේක පැහැදිලි කිරීමක් 

දැන් අපි දෙන්නම තැන් දෙකක හැබැයි  එකම රටක කවදා හරි දවසක අපි දෙන්නා අපි දෙන්නට නොදනිම මැරිලා යාවි එහෙම කිව්වම දුකයි තම එත් නොපෙනන ඇත්තත් එකමනේ ඒ කොහොම උනත් මගේ හිතේ එකම එක හීනයක් තියනවා ඒ තමයි ජීවිතේ කවදා හරි ඔයා පන්තියේ වගේම එකම එක සැරයක් හිනා වෙලා දකින්න තියනවනං 

මම ඔයාව ඉස්සරලම දැක්කේ දෘඩ පන්තියේ ඔයයි දිල්හානි තවත් ඔයාලගේ ඉස්කෝලේ ගැනුලමයෙකුයි පන්තියට ඇවිත් අපි ඉස්සරහම බැංකුවේ හිනා වේවි වැඩි උනා ඔයා නං හිනා වුනේ දත් නොපෙනෙන්ඩ දවසක් මම සුදර්ශනට කිව්වා "අර පොඩි කැල්ල දත් මදින්නේ නැද්ද කොහෙද " කියලා සුදා ගත් කටටම කිව්වා "අනුන්ගේ මගුල් බලන්නේ නැතුව ඔය දුන්න plan එක අදපන්කෝ "කියලා මට හිතුනා නැ මුකුත් නැ 

මම ඔයාව දැක්ක දවසේ ඉදන් ඔයා ගැන හීනයක් මැව්වා අනේ මටත් පිස්සු ඔයාටත් හිතෙයි මම දැක්ක හීන දන්නවනං දවසක් මම දැක්ක ඔයා අපේ ගෙදර එනවා ඇවිත් පිට්ටනියේ සෙල්ලන් කරන කොල්ලෝ ඕන තරං මගෙන්ම ඔයා ගෙදරකට යන address එකක් ඇහුව බැලින්නන් ඒ අපේ ගෙදර address එක මමත් උද ගියා පස්සේ මම ඔයාට පාර කියලා අපේ ගෙදරට යැව්වා ඔයා ඇවිත් තිබුනේ අපේ සියට කියලා ඔයාගේ හදහන බලව ගන්න එක පාරට වින්කියා ඇවිත් අදට පැන්නා මම උඩ  ගිහින් ඇහැරුනා ඒ වගේ තාමත් මම ඔයාව හීනෙන් දකිනවා ඔයාගේ හීනේ මම නැති බවත් දැන දැන තාමත් මම ඔයාව හීනෙන් දකිනවා 

ඔයාගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තිබුනා එකදෙයක් තමා මම ඔයාගෙන් ඉගන ගත්තා ඒ තමයි මොන දේ උනත් මැරෙන්නේ නැතිව ජීවත් වෙන්න 

අහසේ තරු එක වගේ නොව්නත් ඒ හැම තරුවක්ම අපිට එක වගේ පෙනෙන්නේ අපි තරු දිහා බලන ආකාරයට මම දන්නවා එහෙම කියලා ඔයාගේ හිත වෙනස් කරන්න මට බෑ මට හිතනා දේ තමා ඔයාටවත් මටවත් ආයේ කවදාවත් ආදරේ කරන්න ඉඩක් හදලා දීලා ලෝකේ හැටි එහෙම තමා මේ ලෝකේ හමු වීම් වෙන්වීම් වලින් කෙලවර උනත් වෙන්වීම් කවදාවත් හමුවීමකින් කෙලවර වෙලා නැ 

දැන් ඔයා ඇස පියන් හිතනවා ඇති මම ඔයාට කොච්චර ආදරේ කරත් ඒ ආදරේ පිදෙන්න කව්රුත් ඉඩක් හදල දුන්නේ නැ නේද කියලා එක ඇත්ත උනත් දැන් ඒ ගැන දුක් වෙලා වැඩක් නැ අද ඔයයි මායි ඉන්නේ දෙතැනක වෙනසකට තියෙන්නේ මම තාමත් ඔයා ගැන හිත හිත තනිකඩව ඉන්නවා ඔයා ඔයාගේ bf එක්ක අනාගතේ පිබුරු පත් හදනවා පුළුවන්නන් ආයේ එකම එකම පරාක් හිනා වෙලා යන්න එන්න මම යනවා 

No comments:

Post a Comment